තිස්එක්වෙනි කැළැල 31

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

" හරි එහෙනම්. මට කෝල් එකක් දීපන්. "

" මං යන්නම් ඇමතිතුමා.. "

මම සුපුරුදු සිනහවෙන්ම ඇමතිතුමාගෙන් සමු ගත්තෙමි. මා මෝටර් රථයෙන් බහින්නට පෙර ඇමතිතුමා යළිත් මා තද කරමින් වැළැද ගත්තේ ය. සැර සුවඳ විලවුන් මගේ ගත පුරා දැනෙද්දි මම මෝටර් රථයෙන් බැස පසුපස නොබලාම ඇවිද ආවෙමි.

පෙරට තබනා අඩියක් අඩියක් ගාණේම මගේ ගත දහඩියෙන් නැහැවෙනු දැනෙයි. පපුව පැලෙන්නට තරම් දිගු හුස්මවල් රාශියකට පසු මම අත දමා පාරේ ගිය ත්රීරෝද රථයක් නවතාගෙන එයට නැගුනෙමි.

දෙවියනේ...!!! යළිත් මා නාගරාජ් ඇමතිතුමාගේ ගොදුරක් විය යුතුද..?? ඒ ගැන සිතන විටදී පවා මගේ හද ගැස්ම වේගවත් වෙයි. ඒ දරා ගත නොහැකි වේදනාවන් යළිත් සිහිපත් වේ. මම ඇස් පියා ගෙන සංසුන් වන්නට උත්සාහ කළෙමි. නමුත් අසාර්ථක උත්සහයන් කිහිපයකට පසු මම තීරණයක් ගෙන දෑස් ඇරියෙමි.

ගේට්ටුව ඉදිරියෙන් බැස මම යතුර අතට ගත්තෙමි. නමුත් මගේ අතැඟිලි පවා වෙව්ලනු දැනුණි. කිසිදු වරදක් නොකරත් මා පසුපස හඹා එන මගේ දෛවය කෙතරම් අසාධාරණද..??

යහන මතට කඩා වැටී මම දිගූ හුස්මක් ගත්තෙමි. එය කෙතරම් වේදනාවක්ද..?? මම කැමැත්තෙන් යහන්ගත වූයේ අරුල් සමඟ පමණි. ඒ උත්තරීතර යැයි කියනා ප්රේමයේ නාමයෙනි. එදා පටන් අද දක්වාම මා මේ සියල්ලම සඳහා පෙළඹවා ගත්තේ අරුල් ය. නැතිනම් ඇමතිතුමාය.

මා කරේ වහළියක් මෙන් ඔවුන් සතුටු කිරීම මිස මගේ සතුට උරගා බැලීම නොවේ. එදා බොළඳ කෙල්ලකගේ සිට අද මේ යහන මත සිටිනා අනියම් බිරිඳ දක්වාම සිදු වූ සියල්ලම මගේ අවාසනාවයි. අප්පච්චීගේ විශ්වාස කඩ කිරීම වෙනුවෙන් මා ලද දඬුවමයි. නමුත් යළිත් නාගරාජ් ළඟට යෑම කෙතරම් ඛේදවාචකයක්ද..??

මම වහා යහනින් නැඟිට ඇමතිතුමාගේ දුරකතනයට ඇමතුමක් ගත්තෙමි. මා නාගරාජ්ගේ මනදොල පිනවීම සඳහා මීට වසර කිහිපයකට පෙර ඔහු වෙත ගෙන ගොස් බාර දුන්නේ ඇමතුමාය. පසුදින පාන්දර යළිත් කිසිදු දිනයක මා නාගරාජ් වෙත නොයවන බව පවසමින් මට පොරොන්දු වූයේ ඇමතිතුමාය. සැබැවින්ම මේ සියල්ලම ඇමතිතුමා ඇති කළ ප්රශ්න මිස මා ඇති කර ඒවා නොවේය.

පළමුවර ඇමතුමට කිසිවෙකුත් සම්බන්ද නොවූ හෙයින් මම යළි යළිත් ඇමතුවෙමි. නාගරාජ් යනු වෙනස්ම කාමුක ආශාවක් ඇති මිනිසෙකි. ඔහුට අවැසි ගැහැණුන් සමඟ ආලිංගනයේ යෙදීම නොවේ. ඔහු කැමති පිරිමින් සමඟ බොහෝ විට පිරිමින් දෙදෙනකු හෝ කිහිපයක් සමඟ එකී ගැහැණිය රිදවුම් ලැබිය යුතුය. ඇය වේදනා විඳිය යුතු ය. ඇය උස් හඬින් කෑ ගැසිය යුතු ය. අවසානයේ ඔහු තෘප්තිමත් විය යුතු ය.

මම සුසුමක් හෙළා සිව් වෙනි වරටත් ඇමතිතුමාගේ අංකයට ඇමතුමක් ගත්තෙමි.

" ඇමතිතුමාට දැන් කතා කරන්න බෑ. ඔය කෝල් කරන එක නවත්තන්වා සරීනා.. "

අවසානයේ මගේ දෙසවන් වලට ඇසුණේ අරුල්ගේ කෝපාන්විත හඬය. ඔහුගේ කෝපයට බිය යුතු මොහොතක මා නැත.

" අනේ මේ අරුල්. ඔය ෆෝන් එක දෙනවා ඇමතුමාට.. "

ඔහුටත් වඩා දැඩි හඬකින් මම කෑ ගැසුවෙමි. ඔහු කිසිවක් කීවේ නැත. නමුත් තප්පර කිහිපයකින් ඇමතිතුමාගේ හඬ ඇසුණි.

" සරීනා.. "

මම කෙටි හුස්මක් ගෙන එක් සැණකින් මගේ කෝපය යටපත් කර ගත්තෙමි.

" අනේ ඇමතිතුමා... "

මම එසේ කොඳුරමින් හඬන්නට පටන් ගතෙමි. සැබැවින්ම මා හඬනවාද නැතිනම් මා තුළ වූ අග්රගන්ය නිළිය චරිතයට ආරූඪ වනවාදැයි නොදැන මම හයියෙන් ඉකි ගැසුවෙමි.

" මොකද වුණේ සරීනා.. "

ඇමතිතුමාගේ කලබලකාරී ස්වරය ඇසෙද්දි මගේ කඳුලු ගැන මටම ආඩම්බරයක් දැනුණි.

" මං එද්දි මට...මට නාගරාජ් හම්බුණා.. "

ඇමතිතුමා මොහොතකට නිහඬ වූයේ කියන්නට යමක් සිතා ගත නොහැකිව විය යුතු ය. නමුත් මම ඔහුට ඇසෙන්නට දිගටම හැඬුවෙමි.

" ඌ මොකද කිව්වේ..??"

"ඇමතිතුමා ගැනත් ඇහුවා.. "

මම හැඬුම් අතරින් කීවෙමි. මෙතැන් පටන් සිදුවන සියල්ලම මා කෙසේ හෝ දරා ගත යුතුය. අවසානයේ මා බිල්ලට දී ගජ මිතුරන් එක මේසයක වාඩි වීමට නම් ඉඩක් නොතැබිය යුතු ය.

" මොනවාද ඇහුවේ....?"

"අනේ ඇමතිතුමා.. "

මම කිසිවක් නොකියා මහ හඬින් හැඬුවෙමි. ඔහු කුමක් හෝ කියා අරුල්ට කෑ ගසන හඬත් නාගරාජ්ට බනින අයුරුත් මට ඇසුණි. නමුත් මම කිසිවක් නොකියා හඬමින් උන්නෙමි.

" මං ගෙදර එන්නම් සරීනා.. ආවම කතා කරමු.."

අවසානයේ මා බලාපොරොත්තු වූ වචන කිහිපය ඇමතිතුමාගේ මුවින් පිට වුණි. තත්වයේ බැරෑරුම් බවත්, මගේ රංගනයේ තාත්වික් බවත් රැක ගැනීමටත් නම් ඔහු මෙහි පැමිණිය යුතු ය.

තවත් බොහෝ දේ හිතින් සැලසුම් කරමින් මම ඇමතිතුමාගේ වාහනයේ හඬ ඇසෙන තුරුම යහනට වී උන්නෙමි. හිස කෙස් අවුල් කරගෙන මම යහනේ වාඩි වී දොර දෙස බලා උන්නෙමි.

" මොකද වුණේ සරීනා..??"

එසේ අසමින් ඔහු කාමරය තුළට ආවේය. මම කිසිදු පිළිතුරක් නොදී අඩියට දෙකට දිව ගොස් ඔහුව වැළැඳ ගත්තෙමි.

" සරීනා.. "

" මට හුඟක් බය හිතෙනවා ඇමතිතුමා.. "

ඔහු මාව යහනෙන් වාඩි කළේය. ඒත් සමඟම අරුල් පැමිණ දොර ළඟ හිට ගත්තේ ය. එසේ නම් ඇමතිතුමා සිදූ සියල්ලම මඟ අරිමින් කොහේ හෝ කොතනක අසනීපයෙන් බව පවසා සැඟව ඉන්නට ඇත. එවිට කිසිවෙකුටත් පිළිතුරු දීමට අවශ්ය නැත.

" අරුල් ගිහින් කූල් වතුර එක්ක් අරන් එනවා.."

ඔහු අරුල්ව පිටත් කර හැරියේ ය. මම කඳුලු පිසදමින් හිස එසෙව්වෙමි. කිසිදු ආයාසයකින් තොරවම ඇස් කෙවෙනි කඳුලින් පිරේ. ඇමතිතුමා රලු දෑතින් මගේ කම්බුල් පිස දැම්මේ ය.

"මටත් ටිකක් සනීප නෑ. ඒත් මං මේ දුවන් ආවේ අරූගේ හැටි දන්න නිසාමයි. කෝ දැන් ඇඬිල්ල නවත්ත ගන්නකෝ.. "

කලාතුරකින් ඇමතිතුමාගේ හඬින් ඇසෙනා ළයාන්විත වචන මගේ සවන් තෙමෙමින් තිබුණි. නමුත් ඒ කිසිදු වචනයකින් නිවිය නොහැකි තරම් මගේ හදවත මත විශාල ගින්නක් බුර බුරා නැගෙයි.

අරුල් සීතල වතුර වීදුරුවක් ගෙනත් දුන්නේ ය. එය එක හුස්මටම මම පානය කළෙමි.

" ඔච්චර බය වෙන්න තරම් අරූ මොකද කිව්වේ..??"

අරුල් මාත් ඇමතිතුමාත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේය. මම නහය උඩට අදිමින් පිටි අල්ලෙන් දෑස් පිස දමා ගත්තෙමි.

" මං පාර මාරු වෙද්දී මාව හරස් කරලා නවත්ත ගත්තා. ඇමතිතුමාගේ ගාඩ් ඇවිත් මගෙන් ඇහුවා තමුන් සරීනා නේද කියලා.. "

" මාව සීතල වෙලා ගියා. මේ වෙන දේවල් එක්ක ඇමතුමාත් ලෙඩ වෙලා ඉන්නවා කිව්වම. මං නිකම් අසරණ වෙලා වගේනේ.. "

" මොකක්ද උගේ නම..?"

" මං දන්නේ නෑ. ඌ මට කිව්වේ ඇතුළේ ඇමතිතුමා මට කතා කරනවා කියලා. ළං වෙලා බලද්දී නාගරාජ්.. "

" ඌ එහෙනම් ප්ලෑන් කරලා එන්න ඇත්තේ. මං මුල ඉඳලම කිව්වා ඕකා තමයි මේ හැමදේම පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඕකා ඇරෙන්න වෙන කවුද අපේ ඔක්කොම රහස් දන්නේ.. "

අරුල් කේන්තියෙන් ඇවිලෙමින් කීවේය. නමුත් ඇමතිතුමා කිසිවක්ම නොකියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් උන්නේ ය්.

" නාගරාජ් ඇමතිතුමා ගැනත් ඇහුවා. ඇමතිතුමා දැන් කොහෙද..? මොකද කරන්නේ..? එයාට වළ කැපුවා නේද කියලා.. "

" මං මුකුත් කිව්වේ නෑ. මුකුත්ම කියා ගන්න බැරි තරම් මං බය වෙලා හිටියේ ඇමතිතුමා. මං හිතුවේ දැන් නැත්නම් දැන් මාව මරලා දායි කියලා. "

" ඒකත් ඇත්ත. ඇමතිතුමාට රිද්දන්න ඕකා දැන් ඕන දෙයක් කරයි.. "

මගේ කතාවේ අඩු වැඩිය අරුල් එකතු කරේය. මම හිස වනමින් සියල්ලම අනුමත කළෙමි.

" මට කිව්වා ඇමතිතුමාට කියන්න කියලා හෙට අනිද්දම ඇවිත් එයාව හම්බෙන්න කියලා.."

" ඒ මොකටද..?"

එවර නම් ඇමතිතුමා හඬ අවදි කරේය. ඔහු මේ ප්රශ්නයේදි අනුගමනය කරනා නිහඬ පිළිවෙත මට හිස රදයක් වෙමින් පවතී.

" මං දන්නේ නෑ ඇමතිතුමා. ඒත් ඊට කලින් එයාට මාව මුණ ගැහෙන්න ඕනි කිව්වා. හෙට හවසට. "

" අනේ ඇමතිතුමා.. මාව නම් යවන්න එපා. මං කිව්වේ ඇමතිතුමාගෙන් අහලා කියන්නම් කියලා. "

මම බොහොම බැගෑපත් ස්වරයෙන් කීවෙමි. ඇමතිතුමා කල්පනා කරන අතරතුර අරුල් කාමරය පුරා ඇවිදමින් නොඉවසිලි බව පෙන්නුවේ ය.

" ඌට මාව හම්බෙන්න ඕනි පරණ යාලුකම අලුත් කර ගන්න නම් මට ඌව හම්බෙන්න වෙනවා."

"එතකොට මම..??"

________________________________________

සරීනා කියන්නේ සුනාමියක් වගේ.. නවත්තන්න බෑ.. අපි බලමු..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI