ඉතින් දයාබර පාඨකයිනි, විශ්ව විද්යාල වරම් පවා හිමි කර ගත් මා ඔහු වැනි රස්තියාදුකාරයෙක් වූත්, සාමාන්ය පෙළ හෝ සමත් නැති මිනිසෙකුට අසු වූයේ කෙසේදැයි ප්රශ්න නොකරන්න. යොවුන් වියේ සිටි බොළද කෙල්ලෙකුට ගෙදරින් ලැබිය යුතු ආදරය, අවධානය, රැකවරණය නොලැබෙන විට ඇය, ඇයට ආදරය දැනෙනා තැන අන් කිසිදු සාධකයක් ගැන තැකීමක් නොකරම ආදරය වැළැඳ ගනී.
ඉතින් මමත් ඒ කුලකයේම දෑස් අන්ධ වූ බොළද පෙම්වතියක් වූවෙමි. නමුත් ආදරණීය පාඨකය, ප්රේමය නමින් පැමිණෙන අපායේ දඩයම් බල්ලන් සමඟින් ප්රේමයෙන් නොබැඳෙන්න. ඔවුන් ඔබව මුලා කොට ඔබව අපායේ දොරකඩ අභියසටම රැගෙන යන තුරු ඔබ කිසිවක් නොදැන සිටිනු ඇත.
රැය පහන් වීමට පෙර මම යහනට ගොස් නිරුවතින්ම ඇමතිතුමාගේ තරබාරු සිරුරට ගෑවෙන නොගෑවෙන අන්දමින් නිදා ගත්තෙමි.
පහුවදා පහන් වූයේ බොහෝ සාමකාමි දිනයක් ලෙසිනි. ඇමතිතුමා හිත සතුටින් යන්නට ගියේ ය. අරුල් ද මා වෙත හිනාවකින් සංග්රහ කොට ඇසක් ඉඟි මරා යන්නට ගියේ ය.
අදත්, හෙටත්, නොව මතුවටත් මගේ ජීවිතේ සමඟින් ඔවුන් හැකි තරම් විනෝද වනු ඇත. හදවතින් මා කෙතරම් වේදනා ලැබුවද ඔවුන් කිසිදාක එය තැකීමක් නොකරනු ඇත.
නමුත් මේ කැළැල් දුන් රිදුම් දිනෙක ඔවුන් දැන ගත යුතුය. එතරම්ම ඔවුන් විඳවිය යුතු ය.
මම සුදු වතින් ඇඳ පැලැද හිස කෙස් පවා පිළිවෙළකට ගොතා ගෙන නිවසින් පිට වුණෙමි. පාරට ගොස් ත්රීරෝද රථයකට අත දමා එයට නැගුණෙමි.
පිටතින් සුළං හමාවිත් පිළිවෙළකට බැඳ තිබූ මගේ කෙස් අවුස්සයි. මා කෙතරම් සතුටින් ජිවත් වීමට උත්සහ කරත් මගේ ආත්මය සිදුරු කල කැළැල් කිසි දිනක මා අත් නොහරිනු ඇත. මම කේන්තියෙන් කෙහෙරැලි කණ පිටුපස රඳවා ගතෙමි.
තවත් විනාඩි ගණනකට පසු මා උන්නේ මල් කඩයකින් මල් මිළදී ගනිමිණි. නෙළුම්, මානෙල් මෙන්ම පිච්ච මලින් පිරි පන් වට්ටි දෝත දරා ගෙන මල් වන් ගැහැණු දරුවන් හිනහෙයි. ඒ සිනහවට යටි කෙතරම් සෝචනීය කතා ඇත්දැයි දන්නේ වැව් දිය පමණි.
මට අහේතුකවම සුදු නෙලුම කෝ සොරබොර වැවේ ගීතය සිහිවුණි. නිවීසැනසිල්ලේ ආපසු හැරී බැලුවහොත් කාගේ කාගෙත් ජීවිත වල කිසිවෙකුටත් නොකියනා වේදනාත්මක කතා කෙතරම් ඇත්ද..?
මම පිච්ච මල් වට්ටියක් මිළදී ගතෙමි. එයින් වහනය වෙන පිච්ච මල් සුවඳ මගේ ආත්මය නිවා දැමුවේය. මීට වසර ගණනාවකට පෙර පුංචි කෙල්ලක ලෙසින් පිච්ච මල් නෙලා ගෙන තාත්තගේ අතේ එල්ලී ගෙන පන්සල් ගිය සොඳුරු අතීතයක් මටත් තිබුණි.
නමුත් මා අද අනියම් බිරිඳකි.
බර සුසුමක් හෙළා මම පිච්ච මලක මල් පෙත්තක් අත ගෑවෙමි. තවත් මොහොතකින් මම බුදු රජාණන් වහන්සේගේ පිළිරුව ඉදිරියේ දොහොත් මුදුන් දී වැද ගෙන සිටියෙමි. මහා කන්දක් සේ හදවතේ එකතු වූ දුක් ගින්දර නිවි නිවී යනු දැනුණි.
පංච සීලයේ සිල් පද කීයක් නම් මා සුරකිනවා දැයි මා දන්නේ නැත. නමුත් දොහොත් මුදුන් දී හිතේ හැටියට මම බුදුන් වැන්දෙමි. පහන් වැට අද්දරට ගොස් තෙල් බෝතලය ගෙන මැටි පහනකට දමා පහන් තිරයක් දැමුවෙමි.
මට පිටු පසින් ඇවිද ආ අයෙක් මට සමාන්තරව පහන් වැට අද්දරට පැමිණියේ ය. ඔහු මා තිරයක් දැමූ පහන දැල්වෙමින් තිබූ පහනක් ගෙන දැල්වූයේ ය.
" තීරණය ස්ථිරද.. ? "
ඔහු මවෙතින් විමසුවේය.
" ඔව්.. "
මගේ මුවින් වචනය ගිලිහී තවත් මොහොතකට පසු මම ඔහු දෙස බැලුවෙමි. එදා නොදුටු අමුතු කඩවසම් මුහුණකින් ඔහු මා දෙස බලා සිටියේ ය.
ඔව්. ලොව සියල්ලටම රහසින් ඔහු හමු වීමට මා තෝරා ගත්තේ පන්සලයි. ඔහුව මගේ නිවසට කැඳවීමට තරම් මම මෝඩ නොවුණෙමි. කොයි මොහොතක ඇමති කඩා පනීදැයි දන්නේ ඇමතියාත්, අරුලුත් පමණි.
ඉතින් කිසිවෙකුටත් සැකයක් නොහිතෙන තැනක හදවත පවා සැනසෙන තැනක මට ඔහුව මුණ ගැසෙන්නට අවශ්ය විය.
තවත් හෝරාවකින් මම පන්සලින් පිටව ආවෙමි. ගෙදරින් ආවටත් වඩා හදවත බොහෝ සෙයින් නිසල වී ඇත. කිසිවෙකුගෙන් පලි ගැනීම යනු කුසලයක් නොවේ. නමුත් ඔවුන්ගේ කර්මයට මට වග කිය නොහැක. මා කරන්නේ කර්මය වේගවත් කිරීම පමණි.
තවත් සති දෙකක් පුරුදු පරිදි මම දේශණ සඳහා සහභාගි වුණෙමි. ඒ අතර තුර කාලයේ ඇමතිතුමා දෙවරක් මා මුණ ගැහීමට පැමිණියේ ය. අරුල් සියල්ලන්ගේම ඇස් වසා රැය දෙකක් මා තුරුලේ ගත කරේ ය. වෙනත් වචනයෙක් කිවහොත් මම හොඳින් කැපෙනා රන් පිහියකින් කිරි කමින් සිටියෙමි.
ඇමතිතුමා හෙට පාන්දර විදෙස් සංචාරයක් සඳහා මෙරටින් පිට වන බව මට කීවේ පෙරේදා ය. එසේ නම් අපේ ඊළඟ සැලසුම අද රැය ගෙවෙන්නට ප්රථම ක්රියාත්මක විය යුතුය.
මම බලාපොරොත්තුවෙන් සිටි පුවත ලැබෙන තුරු මම මඟ බලමින් උන්නෙමි. රාත්රී එකොළහ පසුවන තුරුත් විහාන්ගෙන් අදාළ ඇමතුම පැමිණීයේ නැත.
හරියටම රාත්රී එකොළහ පසු වී විනාඩි විසි එකක් ගෙවෙන තැන මගේ නිවසේ සීනුව නාද විය. විහාන් කිසි දෙනෙක සීනුව නාද නොකරයි. ඇරත් ඔහුට පෙර සිටම මේ නිවසට නොපැමිනෙන ලෙස අනතුරු අඟවා තිබුණි.
මා ඇද උන් රාත්රී නිදන ඇඳුම සකස් කර ගනිමින් මම සාලයට ගියෙමි. මරණය ගැන පවා හදවතේ බියක් නැත්තේය. නමුත් දිනපතා මිය යමින් හුස්ම ගන්නට මම බියවීමි.
දෙවරක් නොසිතාම මම දොරෙහි අඟුල කැරකුවෙමි.
දොරකඩ උන්නේ අරුල් ය. මා හුස්මක් ගැනීමටත් පෙර ඔහු මා ඔහු වෙතට ඇද ගෙන ඔහුගේ දෙතොල් මගේ කම්බුලක් මත තැබුවේය. මා ඉහළට ගත් හුස්ම පහළට හෙලුවේ ඊටත් පසුවය.
" අරුල්.. "
"ඉක්මනට ලෑස්තු වෙනවා.. "
ඔහු සරාගි බැල්මක් මගේ ළැම වෙතට හෙළමින් කීවේය. කුමක් සිදු වන්නට නියමිතද නොදැන මම ඇතුළාන්තයෙන් කලබල වෙමින්ද පිටතින් සන්සුන් වීමටද උත්සහ දරමින් සිටියෙමි.
" කොහේ යන්නද..?"
" තමුසේ එක්ක පැනලා යන්න මට පිස්සු කියලා හිතුවද..? ඇමතිතුමා එක්කන් එන්න කිව්වේ.. "
" මාව පන්න ගෙන නෙවෙයිද මෙච්චර දුරක් එක්කන් ආවේ..?? "
" අනේ උඹ බබා.. මෙච්චර කල් ඔය හිටියේ රැජිණ වගේ. උඹට මුකුත් අඩු වුණේ නෑනේ. ඉක්මනටම එනවා යන්න. "
ඔහු තරහින් කීවේය. මම ඔහුව ගණන් නොගෙන කාමරයට ඇවිද ආවෙමි. හදවත බොහෝ නොසන්සුන් ය. මා සැලසුම් කර සියල්ලම වතුරේ යාවිද ??
" මතක ඇතුව පාස්පෝට් එක ගන්නවා.."
ඔහු මා පසුපසින් ඇවිද කාමරයටම ආවේය. කිසිදු සැකයක් ඇති නොවන අයුරින් මම සංසුන්ව බෑගයක් ගෙන උඩින් පල්ලෙන් ඇදුම් නවා දමා ගත්තෙමි.
" ඔච්චර ඇදුම් ඕනත් නෑ. එහේ ඉතින් මෙහේ වගේ නෙවෙයිනේ. ඔහොම හිටියත් ගාණක් නෑ.. "
ඔහු මගේ යහනට පැන මට සරදමට මෙන් කීවේය. මමද ඔහුගේ සිනහවට එක් වෙමින් ගවුම් අතරින් කලු පැහැ දිගු ගවුමක් ඇද ගතෙමි.
"ඇමතියට පරක්කු නැත්නම් මටත් තිබ්බා උදව්වක් දෙන්න.. "
ඔහු මා කැඩපත ඉදිරියේ දි පිටුපසින් පැමිණ මා තද කොට වැළැඳ ගත්තේ ය. ඔහුගේ රලු හුස්ම මගේ ගෙලේ වදියි. ඔහු වශී බන්දකයෙක් මෙන් මා වසඟ කර ගනි.
තවත් මොහොතකින් මා උන්නේ ඔහු සමඟ වෑන් එක තුළයි. අපේ ගමනාන්තය වූ ගුවන් තොටුපොළ වෙත කෙමින් කෙමින් ළං වෙයි. නමුත් මා සැලසුම් කර පරිදි තවමත් කිසිවක් සිදු වූයේ නැත.
එකවරම...
නව වෙනි කැළැල 9
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.