අටවෙනි කැළැල 8

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 



" අනේ අරුල්... "

ඔහුගේ සරදම් වචන නෑසුණා සේ මම හුරතල් වුණෙමි.

" මුලින් අරුන්ව යවලා ඉමු. කිචන් එකේ කෑම ඇති. බෙදලා ගන්න. "

අරුල් යළිත් මා සිප ගෙන සාලයට ගියේ ය. ඉතින් මේ රැය මාගේ ය. සැලසුම් කර පරිදි සියල්ලම සිදු වේ නම් මේ කැළැල් ඇති කර වේදනාව මට මොහොතකට අමතක කළ හැක.

මම නිදි පෙත්තක් කඩා එය ගවුමේ වාටියේ සඟවා ගෙන කෑම මේසයට ගියෙමි. අරුල් නිසකයෙන්ම මට ඔහුට කවන්නට කියනු ඇත. එබැවින් එය කෑමට මිශ්ර කළ නොහැක.

සාලයේ තවත් මත් පැන් බෝතලයක් ඉතුරුව තිබුණි. එය ගෙනැවිත් වීදුරුවකට ටිකක් දමා අඩියේ ඉතුරුව තිබූ මත් පැන් සමඟ නිදි පෙති ස්වල්පයක් සමඟ මිශ්ර කර, සියල්ලම කිසිදු සැකයක් ඇති නොවන පරිදි සකස් කළෙමි.

දෑත සෝදන විට අරුල්ගේ අඬි හඬ ඇසුණද මම නෑසුණා සේ ගලා යන වතුරට දෑත් අල්ලමින් සිටියෙමි. ඔහු පිටුපසින් පැමිණ බඳ වටා අත් යවමින් මා තුරුල් කර ගත්තේ ය. ඔහුගේ උණුසුම් හාදුවක් ගෙල පාමුලින් දැනුණත් මගේ හදවත පෙර මෙන් ප්රේමයෙන් මුසපත් කරන්නට එය කිසිසේත් ප්රමාණවත් නොවේ.

" හරිම සුවඳයි... "

අරුල්ගේ රැවුල් කොට ගෙල මත වැදී සියුම් කිතියත් ගත පුරා ගලා යයි.

" ඇමතිතුමාගේ සුවඳ.. "

මම එසේ කියමින් ඔහුගෙන් ඈත් වී කෑම මේසයට ගියෙමි. ඔහුගේ ප්රතිචාරය කුමක් දැයි මම දැන උන්නෙමි. අරුල්ට ඔහුව ගණන් නොගැනීම තරම් රිදෙන යමක් නැත.

ඇතැම් විට අපිට පුද්ගලයින් ආකර්ශනය කර ගන්නට ඔවුන්ගේ සිතැඟියාවන් හා සම වෙන්නටම අවශ්ය නැත. ඒවාට විරුද්ධ වීමද ප්රමාණවත් ය.

" සරීනා.. "

ඔහු යළිත් පිටුපසින් පැමිණ පෙරටත් වඩා සියුම් ලෙසින් මා වැළැඳගත්තේ ය.

" බඩගිනියි.. මට කවන්න.. "

ඔහු පොඩි එකෙකු මෙන් ඉල්ලා සිටිමින් පුටුවෙන් වාඩි විය. එය මා පෙර සිටම සිතා සිටි පියවරයි. මා උමතුවෙන් මෙන් ඔහුට ප්රේම කරනා සමයේත් මගේ බත් එක ඔහුට කැවූ අයුරු මම සිහිපත් කළෙමි.

එදවස ඔහු මා ඉදිරියේ මැවූ ආලය වෙනුවට අද අප අතර ඇත්තේ රාගි බැඳීමක් පමණි.

" ඇමතිතුමාට අච්චර කේන්ති ගියේ අර ගෑණි එක්ක හිටපු ෆොටෝ ෆේස්බුක් දැම්මා කියලද..?"

මම ඔහුට බත් කවමින් ඇසුවෙමි. කෙසේ හෝ මේ ප්රශ්නයට අදාළ කරුණු සියල්ලම මා දැන ගත යුතුය.

" තමුසෙට ඉරිසියාවනේ.. "

" අපෝ හරි වැඩේ.. "

මම ගස්සාගෙන ඉවත බලා ගතෙමි. ඉරිසියාවක් ඇති වීමට තරම්වත් අප අතර බැඳීමක් නැත. කොටින්ම මා යනු ඇමතිතුමාගේ අනියම් බිරින්දෑවරු අතර තවත් එක් බිරිඳක් පමණි.

" කවුරුවත් ඇමතියාට මීට කලින් ඔහොම චැලෙන්ජ් කරලා නෑ. ඔය පත්තරකාරයෝ, මීඩීයා කාරයෝ එහෙම හරි බයයි ඇමතියා එක්ක පැටලෙන්න. හිතා ගන්න බැරි මූ කොහොමද මෙච්චර ගාඩ්ස්ලා ඉද්දි ඔය තරම් පැහැදිලිව ෆොටෝ ගත්තේ කියන එක.."

" ඔය යකා හින්දා අපිත් නෝණ්ඩි වුණා. ඇමතියා කෑ ගැහුවේ හරියට අපේ එකෙක් ඕවා එළියට දැම්මා වගේ.. ඕකව අහු වුණොත් හම ගහනවා.. "

" එතකොට ඇමතිතුමා කිව්වේ ඕක කරපු එකා හොයා ගන්නවා කියලා. "

මම තවත් බත් කටක් අනා ඔහුට කැව්වෙමි.

" ඔත්තුවක් හම්බුණා පත්තරේක වැඩ කරන ඩයල් එකක් ගැන. ඒත් ශුවර් නෑ. සමහර විට මේ ගේම් එක විපක්ශේ රිටර්න් එකක්ද දන්නේ නෑ.. "

එසේ නම් මෙය දේශපාලන ආරවුලක් නම් මේ කිසිදෙයකට මා පැටලිය යුතු නොවේ. අද විපක්ෂයේ හිඳ ගෙන කෑ ගසනා මන්ත්රී හෙට ඇමති කෙනෙක් ලෙස දිවුරුම් දිය හැක. සැබෑ හතුරෝත්, මිතුරෝත් නැති ඔය මඩගොහොරුවේ ලගින්නට මට වුවමනාවක් නැත.

නමුත් විහාන්ගේ දෑස් මත තිබූ පලි ගැනීමේ උමතුව මට සිහි වුණි. මා ඒ පලිගැනීම විශ්වාස කර යුතුය.

" එතකොට තත්වය බරපතළ ද..?"

" බලමු.. මූ මේක මෙතනින් ඉවර නොවුණොත්.."

ඔහු එසේ කියමින් මත්පැන් බෝතලයෙන් උගුරක් බී දුරකතනය සාක්කුවේ දමා ගෙන කෑම මේසයෙන් නැගිට්ටේ ය.

මමද ඉක්මනින් අත සෝදා ගෙන ඔහු පසුපසින් අනෙක් කාමරයට ගියෙමි. මා යනවිටත් ඔහු කමිසය ගලවා දමා යහන මත වැතිර මා එනතුරු බලා සිටියේ ය.

මම තෙත් හිස කෙස් උරහිසෙන් පහළට වැටෙන්නට දමා කාමුක බැල්මක් හෙළමින් ඔහු සමීපයට ගියෙමි.

" උඹ දවසින් දවස ලස්සන වෙනවා සරීනා.. "

" අපරාදේ මට තිබුනේ මේ ලස්සන බෝනික්කිව මිස් ශ්රී ලංකා යවන්න. "

ඔහුගේ රාගි දෙනෙත් නතර වී තිබුණේ අඩක් නිරාවරණය වී තිබුණු මගේ ළැම මතයි. මම තවත් කෝල වෙමින් ඔහුගේ නිරුවත් ගත පුරා දෑස් යැව්වෙමි. මුල් වරට මේ විසල් පපුවේ මා උණුසුමට ගුලි වූ අන්දම සේයා පටලයක් මෙන් මා මනසේ ඇදුණි.

අතීතය නිවැරදි නම් සරීනා වන මා අරුල් දෙස සිහිනයකින්වත් හෝ නොබැලිය යුතුය. ඔහුගේ හුස්මක් හෝ නොවදින තරමට මා ඔහුගේ ඈතට පැන දිවිය යුතුය. නැත. නමුත් මගේ දෛවය එතරම් සරල වූයේ නැත.

හදවත පෙලෙනා වෛරී හැඟීම් මුලුමනින්ම මම අමතක වූ ලෙසින් ඔහුගේ කම්බුලකට හාදුවක් තැබුවෙමි. ඒ වන විටත් ඔහුගේ ඇඟිලි තුඩු මා ගත ස්පර්ශ කරන්නට පටන් ගෙන තිබුණි.

" අරුල්... ඉස්සරහට මොනවද වෙන්නේ අපිට.. ??"

" ඉස්සරහට නෙවෙයි. දැං මොකද වෙන්නේ මැණික..?"

ඔහු මගේ කන් පෙති මතට මුමුණා මා යහනට පෙරළා ගත්තේ ය. එතැන් පටන් විටක උස් හඬිනුත් විටක පහත් ස්වරයකිනුත් කාමරය පුරා මගේ කෙදිරිලි හඬ ඇසෙන්නට ඇත.

හෝරා එකාහමාරකට පසු ඔහු තද නින්දක බව තහවුරු කර ගත් පසු මම යහනින් බැස්සෙමි.

ආදරබර වචන වලින්, බොරු වර්ණනා වලින් තව දුරටත් මා රවටන්නට නොහැකි බව ඔහු තේරුම් ගන්නා විට බොහෝ පමා වනු ඇත. මා තුළ වූ බොළඳ කෙල්ල මිය ගියේ ඔහුගේම දෙපා පාමුලය.

තවත් මොහොතක් හෝ පමා නොවී මම ඔහුගේ දුරකතන ගෙන ඔහුගේම ඇඟිලි සලකුණ තබා එය විවර කර ගත්තෙමි. මට අවශ්ය සියලු තොරතුරු සහ සාක්ශි මගේ පරිඝනකයට කොපි කර ගත්තෙමි. එමෙන්ම දුරකතනයේ කෝල් රෙකෝඩිං දමා එය ඔහුට පහසුවෙන් සොයා ගත නොහැකි ගොනුවක සේව් වන ලෙස සකස් කළෙමි.

අරුල් සහ ඇමතිතුමා යනු කෙතරම් භයානක පුද්ගලයින් වුවද නව තාක්ශණය පිළිබඳ ලොකූ දැනුමක් නැත. අරුල් යනු සාමාන්ය පෙළ ලියා වැඩ දෙකක් පමණක් සමත් වූ අයෙකි. එය මා දැන ගත්තේ බොහෝ පමා වීය.

ඉතින් දයාබර පාඨකයිනි, විශ්ව විද්යාල වරම් පවා හිමි කර ගත් මා ඔහු වැනි රස්තියාදුකාරයෙක් වූත්, සාමාන්ය පෙළ හෝ සමත් නැති මිනිසෙකුට අසු වූයේ කෙසේදැයි ප්රශ්න නොකරන්න. යොවුන් වියේ සිටි බොළද කෙල්ලෙකුට ගෙදරින් ලැබිය යුතු ආදරය, අවධානය, රැකවරණය නොලැබෙන විට ඇය, ඇයට ආදරය දැනෙනා තැන අන් කිසිදු සාධකයක් ගැන නොසිතාම ආදරය වැළැඳ ගනී.

ඉතින් මමත් කුලකයේම දෑස් අන්ධ වූ බොළද පෙම්වතියක් වූවෙමි. නමුත් ආදරණීය පාඨකය, ප්රේමය නමින් පැමිණෙන අපායේ දඩයම් බල්ලන් සමඟින් ප්රේමයෙන් නොබැඳෙන්න. ඔවුන් ඔබව මුලා කොට ඔබව අපායේ දොරකඩ අභියසටම රැගෙන යන තුරු ඔබ කිසිවක් නොදැන සිටිනු ඇත.

රැය පහන් වීමට පෙර මම යහනට ගොස් නිරුවතින් ඇමතිතුමාගේ තරබාරු සිරුරට ගෑවෙන නොගෑවෙන අන්දමින් නිදා ගත්තෙමි.

පහුවදා පහන් වූයේ බොහෝ සාමකාමි දිනයක් ලෙසිනි. ඇමතිතුමා හිත සතුටින් යන්නට ගියේ ය. අරුල් ද මා වෙත හිනාවකින් සංග්රහ කොට ඇසක් ඉඟි මරා යන්නට ගියේ ය.

______________________________________________________________________________________

ආදරෙයි පැලෙන්න 



"යොවුන් වියේ සිටි බොළද කෙල්ලෙකුට ගෙදරින් ලැබිය යුතු ආදරය, අවධානය, රැකවරණය නොලැබෙන විට ඇය, ඇයට ආදරය දැනෙනා තැන අන් කිසිදු සාධකයක් ගැන නොසිතාම ආදරය වැළැඳ ගනී."

මේක ඇත්තක්..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI