" මට එහෙම තරහා වෙන්න බෑනේ කෙල්ලේ. මට මේ දවස් වල ටිකක් කරදරයි. "
" ආ.. කරදර වුණාම තමයි මාව මතක් වෙන්නේ..??"
දුක්කිත මුහුණක් මවා පාමින් හුරතල් ලෙසින් මම ඇසුවෙමි. සමහරු මේවා ගෑණු මායම් ලෙසින් හදුන්වයි. නමුත් ගෑණු මායම් යනු ගැහැණුන් සතුව ඇති ප්රහාරාත්මක අවි ආයුධයි.
" ඉතින් මොකද වුණේ..?"
" මොකෙක්ද බල්ලෙක් මගේ ෆොටෝ වගයක් දාලා. ලොක්කා කතා කරලා සද්දයක් දැම්මා.. "
" අද හෙටම මං ඕකව අල්ල ගන්නවා.. "
එසේ නම් ඇමති දඩ බල්ලන් දැනටමත් ක්රියාත්මක වී ඇත. මා බිය විය යුතු ද..? මගේ ගැහැණු මොළය ඉතා ඉක්මනින් සැලසුම් සකස් කරමින් සිටියි. රැවුලත් බේරා ගත යුතුය. කැඳත් බේරා ගත යුතු ය.
" ඔච්චර කේන්ති ගන්න එපා අනේ.. "
මම හොරහින් අරුල් දෙස බලමින් කීවෙමි. ඇමතිතුමාගේ ප්රධාන දඩබල්ලා අරුල් බව මම දැන උන්නෙමි. එසේ නම් මා ඔහුවද මා අසලින් තබා ගත යුතුය.
"මං වොශ් එකක් දාන් එන්නම් ඇමතිතුමා.. "
" අරුල් අපිට කෑම මොනවා හරි ඕඩර් කරන්නකෝ.. "
මම ඇමතිතුමාගේ කම්බුලකට හාදුවක් දී අරුල්ට ඇසක් ඉඟි මරමින් නැඟිට්ටෙමි. බිම දමා තිබූ මගේ බෑගයද රැගෙන මම කාමරයට ගියෙමි.
මා කෙසේ හෝ මගේ අරමුණට ළඟා විය යුතුය. ඔවුන් සියල්ලන් එක්ව මගේ හදවත මත තැබූ කැළැල් පැසවමින් වේදන දෙයි. ඉතින් තව දුරටත් යහන මත රාගය විසුරවන අංගනාවක් නොවී මා වෙනුවෙන් නැඟී සිටින ගැහැණියක් විය යුතුය.
මම කැඩපත ඉදිරියේ හිටගෙන ගත රැඳි ගවුම ගලවා දැමුවෙමි. එකවරම බෝතලයක් අතැතිව කාමරයට පැමිණියේ ඇමතිතුමාය. සැබැවින්ම මා ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වූවෙමි.
" මේ ඉන්නේ මගේ ලස්සන කෙල්ල.. "
කාමුක බැල්මකින් මගේ අඩනිරුවත් ගත රස විඳිමින් ඔහු කීවේ ය. ඔහු කණ්ණාඩි මේසය මතින් බෝතලය තබා තදින් මා වැළැඳ ගත්තේ ය.
" අනේ ඇමතිතුමා.. මං ගාව දාඩිය අනේ.. වොශ් එකක් දාගෙන එනකම් ඉන්නකෝ.. "
මම එසේ කියමින් තවත් ඔහුගේ ගතේ වෙලුණෙමි.
" අනේ බන්.. මීට වඩා දාඩිය මැද්දේ අහවල් කාරිය මං කරලා තියෙනවා. රෝස බෝනික්කි වගේ උඹව මෙහෙම පෙනෙද්දි කොහොමද මං ඉන්නේ.. ?"
එසේ කියමින් ඔහු මා ඇඳ වුන් තිසර පට ගලවා දැමී ය. එසේ ආරම්භ වූ අංගනය තවත් පැය බාගයක් දක්වාම ඇදුණි. අවසානයේ හතිලමින් ඇමතිතුමා යහන මත වැතිරුණේ ය.
" උඹ නම් සැප උල්පතක්.. "
මම ඔහුගේ වචන නෑසුණා සේ නිරුවතින්ම යහනින් බැස්සෙමි. ගත වූ පැය බාගය තුළ දිවිය ලෝකය පෙනෙන මානයේ මා උන්නත් අද රෑ කෙසේ විය යුතුදැයි මම සැලසුම් කළෙමි.
මම ඇමතිතුමාට නොපෙනෙන පරිදි කණ්නාඩි මේසයේ ලාච්චුවක තිබූ නිදි පෙත්තක් අතට ගෙන එය මත් පැන් සමඟ මිශ්ර කළෙමි. දශමයක හෝ අවධානමක් ගැනීමට තරම් මා මෝඩ ගැහැණියක නොවේ.
මත් පැන් බෝතලය අතට ගෙන එයින් උගුරු කිහිපයක් පානය කරනා අයුරින් මම බෝතලය එසෙව්වෙමි.
" මෙහෙට දීපන්.. "
" අනේ තව උගුරයි.. "
ඇමතිතුමා මත් පැන් බෝතලය ඉල්ලූවත් මම සරාගි ඉරියව්වක් පාමින් කීවෙමි.
ඔහු මවෙතින් බෝතලය ඇද ගෙන එක හුස්මට උගුරු කිහිපයක් බීවේ ය. මම යළිත් ඔහුට තුරුලු වී ඔහුගේ පපුව මත ඇඟිලි තුඩු වලින් පිරිමැද්දෙමි.
" මයෙඅම්මා.. උඹ හරි ලස්සනයි... "
ඔහු එසේ කියමින් මත්පැන් මගේ කම්බුල් වල හලමින් මා සිප ගත්තේය. තවත් මොහොතකින් මුමුණ මුමුණා උන් ඔහු නින්දට වැටුණි.
එසේ නම් දැං මා ක්රියාත්මක විය යුතුය. මුලින්ම නාන කාමරයට ගොස් මත් පැන ගන්ධය නැති වෙන තුරුම නෑවෙමි. ඉන් පසු තෙත් හිස කෙස් සාලුවකින් දවටා ගෙන නිරුවතින්ම කාමරයට පැමිණියෙමි.
ඇමතිතුමා තද නින්දකට වැටී ඇත. හෙට පාන්දර වන තුරුම ඔහු යළි අවදි නොවන බව මම අත්දැකීමෙන්ම දනිමි. මම අල්මාරිය හැර අත් රහිත රෝස පාට සැහැල්ලු නිදන ගවුමක් තෝරා ගතෙමි.
මම තෙත කොණ්ඩය යන්තම් පිහිදා ගෙන ගවුම ඇඳ ගතෙමි. කණ්ණාඩි මේසය මත වූ ක්රීම් බෝතල් එකින් එක ගෙන මම යන්තමින් තවරා ගතෙමි.
ඉන් පසු මම ඇමතිතුමාගේ නිරුවත් ගත පොරෝනයකින් වසා කාමරයෙන් එළියට පැමිණියෙමි.
සැටියේ වාඩි වී අරුල් දුරකතන ඇමතුමකය. එළියේ උන් ආරක්ශකයින් තවමත් සිටියි. මම තවත් ළැම පෙනෙනා අයුරින් ගවුම සකස් කර ගෙන අරුල්ගේ ගතේ ගෑවී නොගෑවෙන ලෙසින් වාඩි වුණෙමි.
" උඹලට හෙට විතරයි දෙන්නේ. ඒ බල්ලව මට ගෙනත් දියන්... "
අරුල් එසේ කීවේ මා දෙස පුදුමය මිශ්ර බැල්මක් හෙලමින් ය. එයින් දිරි ගෙන මම ඔහුගේ රැවුල් කොට අතරින් ඇඟිලි තුඩු ගෙනිච්චෙමි.
ඔහු ඉක්මනින් ඇමතුම නිමා කර මා දෙසත් කාමරය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය.
" ඇයි.. ?"
මම නෝක්කාඩු ස්වරයක් මවමින් ඇසුවෙමි.
" කෝ ඇමතිතුමා..?"
" හොදටම නිදි... "
ඔහු මා විශ්වාස නොකරන ලෙසින් නැගී සිටියේ ය. ඉන් පසු ඔහු කාමරය දක්වාම ඇවිද ගියේ ය. ඉන් පසු කාමරයට එබී යළිත් මා දෙස බැලුවේ ය.
" බෝතලේම ඉවර කරා ඉතින්.. "
මම හිස් වූ බෝතලයත් පෙන්වමින් යළිත් නෝක්කාඩු ස්වරයෙන් කීවෙමි. සැබැවින්ම අරුල් මෙතරම් ඇමතිතුමාට පක්ශපාති ඇයිදැයි මට තවම නොතේරේ. එය පක්ශපාති බවෙන් එහාට ගිය විශාල හිතවත්කමකි. එසේම ඔහු ඇමතිතුමාට කිසිදු බියක් නැත.
" අරුල්... "
මම ඔහුගේ ශක්තිමත් බාහුවක වෙළුණෙමි. ඉතින් මේ සරීනා යනු රාගයේ දෙව්දුවයි. මගේ මායම් දැලේ අරුල්ව පටලවා ගැනීම ඉතා පහසුය.
ඔහුගේ අනිත් අත මගේ පිට දිගේ දඟ කරද්දී ඇමතිතුමා ඉදිරියේම ඔහු මා සිප ගත්තේ ය. මගේ තොල් පෙති රිදෙන තුරුම ඔහු මා සිප ගත්තේ ය.
" අපි එහා කාමරේට යමු.. "
ඔහු මගේ දෙතොල් මුදාහල සැණින් මම මිමිණුවෙමි.
" මොකෝ ඇමතිතුමා ඉස්සරහ ලැජ්ජද...?"
" අනේ අරුල්... "
ඔහුගේ සරදම් වචන නෑසුණා සේ මම හුරතල් වුණෙමි.
" මුලින් අරුන්ව යවලා ඉමු. කිචන් එකේ කෑම ඇති. බෙදලා ගන්න. "
අරුල් යළිත් මා සිප ගෙන සාලයට ගියේ ය. ඉතින් මේ රැය මාගේ ය. සැලසුම් කර පරිදි සියල්ලම සිදු වේ නම් මේ කැළැල් ඇති කර වේදනාව මට මොහොතකට අමතක කළ හැක.
මම නිදි පෙත්තක් කඩා එය ගවුමේ වාටියේ සඟවා ගෙන කෑම මේසයට ගියෙමි. අරුල් නිසකයෙන්ම මට ඔහුට කවන්නට කියනු ඇත. එබැවින් එය කෑමට මිශ්ර කළ නොහැක.
හත්වෙනි කැළැල 7
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.