හයවෙනි කැළැල 6

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 


" දැං ඉතින් ආපු විදියටම යනවා. ගිහින් පුළුවන් දෙයක් කරනවා.. "


එසේ කියා මම යළිත් කැඩපත ඉදිරියට ගොස් ක්රීම් බෝතලයක් අතට ගෙන ක්රීම් ආලේප කරන්නට පටන් ගතෙමි. ඔහු හිට ගෙනත් ඇසි පිය නොසලා මා දෙස බලා උන්නේ ය.

" ඔය ලස්සන ෆොටෝ ටික තියලා යනවා. "

මම යළිත් ඔහු දෙස නොබලාම කීවෙමි. ඔහුගේ බලාපොරොත්තු කඩ වුණ දෑස් මගේ හද තුළ කුරිරු සතුටක් ඇති කළේය.

අවසානයේ ඔහු හැරී යන්නට ගියේ ය.

" මේකත් අහගන්නවා... "

" ගෑණුන්ගේ හෙළුව අල්ලන් තර්ජනය කරලා තමන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගන්න හදන පිරිමි, පිරිමි විදියට පේන්නේ නෑ. තමුසෙට ඇමතියගෙන් පලි ගන්න ඕනි නම් පිරිමියෙක් විදියට පලි ගන්නවා. නැතුව නංගි මල්ලි ටයිප් එකට පලි අර ගෙන කිසි සතුටක් නෑ.. "

ඔහු නැවතුණේ ය. සැබැවින්ම මගේ වාග් ප්රහාරය හමුවේ ඔහු නැවතුණේ ය. මගේ නිරුවත් ගත දිහා නොබැලුව ඔහු මට තර්ජනය කොට මා සමඟ යහන් ගත වීමට නොඉල්ලන බව මම පැහැදිලිව දැන සිටියෙමි. එසේ නම් ඔහුට අවැසි මා හරහා ඇමතියාගෙන් පලි ගැනීමට ය.

" තමුසෙට ඕනි පලි ගන්නද..?"

ඔහු උළුවස්සට අතක් තබා මගෙන් විමසුවේ ය. ඒ දෑස් මත අධිශ්ඨානශීලි බව පැහැදිලිව දක්නට තිබුණි. පිරිමින්ගේ වචන මත කිසිසේත්ම විශ්වාසය නොතබන මම ඔහුගේ දෑසින් පෙනෙනා හදවතේ අරමුණ විශ්වාස කළෙමි.

" ඔව්.. "

ඔව්.. සැබැවින්ම මා පලි ගත යුතුය. මගේ හදවත මත, මගේ ආත්මය මත පිලිකුළ්, අප්රසන්න මෙන්ම කිසිදා නොමැකෙන කැළැල් තැබූ සියලු දෙනාගෙන්ම මා පලි ගත යුතුය. කිසිදු අනුකම්පාවක් නොදක්වාම මට ඒ සෑම දෙනාගෙන්ම පලි ගැනීමට අවැසි ය.

සරීනා යනු ආදරය අභියස බොළද කෙල්ලක ලෙසින් තම ආත්මය පිරිමි ඉදිරියේ නිරුවත් කළ ගැහැණියක් නොවන බව මා මටම පසක් කළ යුතුය. වසර ගණනක් තිස්සේම, නොනිදා පහන් කළ රැය සිය ගණනක් මුළුල්ලේ මා හදවතින් සැලසුම් කර මගේ පළි ගැනීම මා ආරම්භ කළ යුතුය.

" මට පලි ගන්න ඕන.. "

ඔහු ආපසු හැරී මා වෙත ඇවිත් සාක්කුවෙන් කුඩා සටහන් පොතක් ගෙන යමක් ලිව්වේ ය. අවසානයේ මාගේ දෑස් මත තියුණු බැල්මක් තබා මා වෙත එය දිගු කළේ ය. මම එය වහා ඩැහැ ගත්තෙමි.

විහාන් ධීරසේකර

එය ඔහුගේ නම විය යුතුය. නමට යටින් දුරකතන අංකයක් ලිය තිබුණි. නමුත් මා යළිත් හිස ඔසවද්දි ඔහු අතුරුදහන්ව තිබුණි.

ඉතින් එසේ නම් ඔහු යන්නට ඇත. මම දුරකතන අංකය සිහි තබා ගෙන ඒ කොළය කෑලි කෑලි වලට ඉරා දැමුවෙමි. ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක් මට අවැසි නැත.

මම යහන මත වාඩි වී එහි වූ චායාරූප එකින් එක අතට ගෙන බැලුවෙමි. ඇමතිතුමාගේ තරබාරු නමුත් ශක්තිමත් ශරීරය යටට වී මා සුර සැප විඳිනා අයුරු පවා කැමරා කාචයට හසුව ඇත. මගේ දෙතොල් අග සරදම් සිනහවක් නැගුණි.

සැබැවින්ම මම කාමුක ස්ත්රියක් වෙමි. මගේ මුලු ශරිරයම රාගයෙන් උතුරා ගලා යයි. නමුත් මගේ ගතේ හැඩ බැලූ කිසිවෙකුත් මේ හදවතට එබුණේ නැත. ඉතින් හැමදාමත් මා කාම දේනුවක් මිස හදවතක් ඇති ගැහැණියක් නොවේ.

අරුල්ගෙත්, මගෙත් චායාරූප සියල්ලම මම ගිනි තැබුවෙමි. අරුල් මගේ ජීවිතය ප්රේමයෙන් ගිනි තැබූ ලෙසටම මම ඔහුගේ රුව ගිනිබත් කළෙමි. නමුත් ඔහු හා බැඳි ආදරය, වෛරයේ ගිනි සිලුවෙන් දවාහලු කරන්නට මට නොහැක විය.

දින කිහිපයක් ගෙවුණි. මා උන්නේ යටි සිතෙන් දැවෙමිණි. මා සිතනා පතනා අයුරින් මගේ සිතැඟියාවන් ඉටු කර ගැනීමට නොහැකිව මම සැබෑ ලෙසම කලකිරීමට පත්ව සිටිමි.

මුහුණට හමුවෙන සරසවි මිතුරන් පවා නොරිස්සන තරමට මගේ හදවතේ පීඩනය වැඩිව තිබේ. මා මෙතරම් රිදවූ, මා මෙතරම් පීඩනයට පත් කළ සියල්ලන්ගෙන්ම පලි ගැනීමට මට අවස්ථාවක් ලැබී තිබියදි පවා තවමත් මා ඔහේ සිටින්නේ මන්දැයි මටම නොතේරුණි.

දිනක් සමාජ මාධ්යයන්හි සැරිසරන විට මා දුටුවේ ඇමතිතුමාගෙත් බොඳ කරන ලද කාන්තාවකගේත් චායාරූප කිහිපයකි. එය විවිධ සමූහයන්හි මෙන්ම විවිධ පුද්ගලයින් පවා හුවමාරු කර ගනිමින් තිබුණි. ඔව්... ඇමතිතුමාගේ ඇදිවත ගැලවෙමින් තිබුණි. නැත. ඔහු ඇමතිතුමාගේ ඇදිවත ගලවමින් තිබුණි.

මිය ගිය තාත්තා සිහි කරමින් පෙර වසරවලදී මෙන්ම අනාථ නිවාසයකට යම් මුදලක් පරිත්යාග කර සැනසෙන්නට මට සිදු විය. හිතේ හැටියට දානයක් පූජා කොට තාත්තාට පිං අනුමෝදන් කරන්නට පවා වරම් නැති අවාසනාවන්ත කෙල්ලක මෙන් මට දැනුණි.

මම බස් රථයේ ජනේලය අද්දර වාඩි වී සිටියෙමි. මා වෙනුවෙන් මම යමක් කළ යුතුය. මේ අවසනාවන්ත දෛවය ගැලවෙන්නට මට නොහැකි වුවත් මා මේ තත්වයට ඇද දැමූ නරුමයන්ට කර්මය ළඟා කර දෙන්නට මට හැකිය.

මම දුරකතන අලෙවි කරනා තැනකින් කුඩා දුරකතනයක් මිලදී ගතෙමි. එමෙන්ම අලුත් සිම් පතක්ද මිලදී ගත්තෙමි. ඒ සියල්ලම රැගෙන මම නිවසට ගියෙමි. නමුත් මා පැමිණෙන විටත් ගේට්ටුවට විවරව තිබුණි.

ඇමතිතුමාගේ වාහනය ගේ ඉදිරිපස නවතා තිබුණ අතර ඇමති ආරක්ශකයින් දෙදෙනෙක් දොර ළඟ සිටියෝය. එසේ නම් ඇමතිතුමා පැමිණ ඇත. කිසිවක් නොදන්වා මෙසේ පැමිණීම සැබැවින්ම ප්රශ්නාර්ථයකි.

මම කෙළ පිඬක් ගිල්ලෙමි. විහාන් සම්බන්ධයෙන් ඇමතිතුමා මා සැක කරනවාද...? නමුත් මා තවමත් කිසිවක් කළේ නැත. නමුත් මගේ හොර හිත නිසා මා උන්නේ බියෙනි. තවද අද මා මිළදී ගත් කුඩා ජංගම දුරකතන සිහි වී තවත් හදවත බියේ ගැහුණි.

කිසිම තැනක ඇමතිතුමාට සැක හිතෙන්නට හේතුවක් නැත. මම දිගු හුස්ම කිහිපයක් ගෙන ළය සංසුන් කර ගතෙමි. කොහොමත් හදවත ගිනි ජාලාවක් මධ්යයේ ඇවිලෙමින් තිබුණද කිසිවක් නොවූ ලෙසින් මුහුණෙන් පෙන්වන්නට තරම් කුරිරු හැකියාවක් මට තිබුණි.

ඇමතිතුමා සැටියේ වාඩි වී සිටි අතර හිස් මත් පැන් වීදුරුවකුත් අඩක් අවසන් කරන ලද මත්පැන් බෝතලයකුත් මේසය මත තිබුණි. එමෙන්ම අරුල් ඔහුගේ දකුණු පසින් හිටගෙන කුමක් හෝ යමක් පැහැදිලි කරමින් සිටියේ ය. ඔවුන්ගේ කතාව මා දුටුවනම අවසන් විය.

" ඇමතිතුමා.. "

" කොහෙද ගෑණියේ ෆෝන් එක. උඹට කෝල් කීයක් ගත්තද.. ?"

ඇමතිතුමාගේ ස්වරය බරපතළය. ඔහු පදමට මත් වී ඇත.

" ඒක සයිලන්ට් කරලා ඇත්තේ. ඇමතිතුමා කොහොමද ඇතුළට ආවේ.."

" මේවා මං අරන් දීපුවනේ බන්. මට එන්න බැරිද.. ?"

එසේ අසමින් ඔහු කකුලක් පිට තබා ගත්තේ ය. මම බෑගය සැටිය අද්දර බිමින් තබා ඇමතිතුමා අසලින්ම ඉඳ ගත්තෙමි.

" මං හිතුවා එදා ගියපු විදියට මාව අමතක වෙලා ඇති කියලා.. "

මම ඇමතිතුමාගේ ගතට තවත් ළං වෙමින් ඇසුවෙමි. ඔහුගෙන් වහනය වෙන මත්පැන් ගඳ නොතකා මම ඒ මුහුණ මත මගේ ඇඟිලිතුඩු ගෙනිච්චෙමි.

" මට එහෙම තරහා වෙන්න බෑනේ කෙල්ලේ. මට මේ දවස් වල ටිකක් කරදරයි. "

" ආ.. කරදර වුණාම තමයි මාව මතක් වෙන්නේ..??"

දුක්කිත මුහුණක් මවා පාමින් හුරතල් ලෙසින් මම ඇසුවෙමි. සමහරු මේවා ගෑණු මායම් ලෙසින් හදුන්වයි. නමුත් ගෑණු මායම් යනු ගැහැණුන් සතුව ඇති ප්රහාරාත්මක අවි ආයුධයි.

" ඉතින් මොකද වුණේ..?"

" මොකෙක්ද බල්ලෙක් මගේ ෆොටෝ වගයක් දාලා. ලොක්කා කතා කරලා සද්දයක් දැම්මා.. "

" අද හෙටම මං ඕකව අල්ල ගන්නවා.. "

_________
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI