කෙහෙල්මල් ආදරේ.. "
ඔහේ අතීතයට දුවනා සිතුවිලි මම වහා වළකා ගතෙමි. හදවත මත ඇති කැළැල් සියුම්ම පිස දැමුවත්, රළු හාදු තැබුවත් එහි වේදනාව බිඳකින් හෝ අඩු නොවේ. අතීතය සිහිපත් වී එකඳු කඳුලක් හෝ දෑසින් වැටුණේ නැත. අරුල් ගැන ගැනිය නොහැකි තරමක කලකිරීමක් හදවත ආක්රමණය කොට ඇත.
දැං ඉතින් ගිය මෝඩකම යළි අද්දවා ගත නොහැක.
දිගු සුසුමක් හෙළා තෙත හිස කෙස් යන්තමින් පිසදා සාලුවක් පමණක් හැඳ මම කාමරයට පැමිණියෙමි. නමුත් කාමරයේ යහන මත හිඳ ගෙන දොර දෙස බලා උන්නේ නාදුනන පිරිමි රුවකි.
හදවත තිගැස්සෙනු දැනුණත් එය මුහුණනින් නොපෙන්වීමට තරම් මම දක්ශ වීමි. ඔහු සරදම් දෑසින් මා දෙස බලා උන්නේ ය. නැත. ඔහුගේ දෑස් වැටී තිබුණේ මගේ මුහුණ මත මිස යන්තම් සාලුවකින් පමණක් වැසුණ මගේ නිරුවත් සිරුර මත නොවේ ය.
මම ඔහුව ගණන් නොගෙන සෙමින් කාමරයට ඇවිද ආවෙමි. අනවසරයෙන් නිවසට ඇතුලු වීම මෙන්ම මගේ නිදන කාමරයේ යහන මත හිඳ ගැනීමට තරම් මේ නාදුනන්නා නිර්භීත වී ඇත.
මා යහන මත දමා ගිය මගේ ගවුමද වැසෙන පරිදි ඔහු ජායාරූප රාශියක් අතුරා තිබුණි. ලොකු අවධානයකින් ඒ දෙස නොබලන බව මුහුණනින් පෙන්වමින් මා ඒ සියල්ලම එක බැල්මකින් උකහා ගත්තෙමි.
එහි වූයේ මා විශ්ව විද්යාලයේ සිටින, මා ඇමතිතුමා සමඟ සිටින මෙන්ම මමත්,අරුල් දෙදෙනාමද ඒ ජායාරූපය වල සිටී. එසේ නම් ඔහුගේ පැමිණීම එක රැයක ප්රතිඵලයක් නොවේ.
" පුදුමද..?"
ඔහු නොසලකා හරිනා මගේ දැඩි නිහඬතාවය බිඳමින් ඔහු ඇසීය.
" එච්චරම නෑ.. "
එසේ කියමින් චායාරූපය යහනටම වැටෙන පරිදි මම ගවුම අතට ගත්තෙමි.
" මිස්. සරීනා විමලසේකර. ....................... විශ්ව විද්යාලයේ අවසන් වසරේ උපාධි අපේක්ශිකාවක්. ගම මීගමුව. ඉගෙන ගත්තේ මීගමුවේ ................ විද්යාලයේ. වයස අවුරුදු විසිපහයි. .. මම හරිනේ.. "
සැබැවින්ම මා පුදුමයට පත් විය යුතු වුවත් මාගේ නිවසට හොරෙන්ම පැන සැප පහසුවට මගේම යහනේ අසුන් ගෙන ඉන්නා මිනිසාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය යුතු බව මම ඊළඟ තප්පරේ තේරුම් ගතෙමි.
" ඉතින්.. "
මම කිසිදු හැගීමක් නොපෙන්වා ඔහු දෙස නොබලාම ඇසුවෙමි.
" මම තමුසෙගේ හැමදේම දන්නවා. යන්නේ කොහෙද ඉන්නේ කොහෙද.. ඉන්නේ කාත් එක්කද කියලත්.. පේනවනේ.. මං ගාව තමුසෙගේ ෆොටෝ ඇල්බම් එකක්ම තියෙනවා.."
" ඉතින්.. "
එවර මම ගවුම ශිපර් එක ඇර යළිත් යහන මතටම දැමුවෙමි. මගේ අහංකාර හැසිරීම නන්නාඳුනන අමුත්තා කෝප ගන්වන අයුරු සැබැවින්ම මම රස විඳිමින් සිටියෙමි.
ඔහු කෝපාන්විත දෑසින් මා දෙස බලා ඉන්නා අයුරු මම හොරහින් බැලුවෙමි. ඉන් පසු සාලුව ගලවා එය යහනට විසි කළෙමි. මගේ නිරුවත් ගතෙහි ඕනෑ තරම් චායාරූප ගත කර ගෙන ඇති මිනිසා ඉදිරියේ නිරුවත් වීමට මා කෝල වීමට හෝ ලැජ්ජාවෙන් ඇඹරීමට හේතුවක් නැත.
ඔහු කේන්තියෙන් යමක් මුමුණා අහක බලා ගත්තේ ය. එය මගේ මුව මත හසරැල්ලක් ඇදීමට ප්රමාණවත් වුණි.
මම හෙමින් සීරුවේ ගවුම හැඳ ගතෙමි. ඉන් පසු කැඩපත ඉදිරියේ දෙපැත්තට හැරී කැඩපතින් පෙනෙනා මගේම රුවෙහි හැඩ බැලුවෙමි. එයින් නොනැවතී අහක බලන් සිටිනා නන්නාඳුනන අමුත්තාව සියුම්ව නිරීක්ෂණය කළෙමි.
ඔහු නපුරු පෙනුමක් ඇති හීන්දෑරි කොල්ලෙකි. වයස අවුරුදු තිහට අඩු විය යුතුය. උපරිම වයස අවුරුදු විසි අටක් වන්නට ඇත. අකීකරු ලෙස තැනින් තැන වැවී ඇති රැවුල් කොට ඔහු හිතුවක්කාරයෙක් බව පෙන්වයි. ඔහු රෑ දහවල් දෙකෙහිම මා පස්සේම වැටී මා නිරීක්ෂණය කර ඇතුවා වන්නට ඇත. එතරම්ම ඔහුගේ දෑස් වටා කළු පැහැ ගැන්වී ඇත.
මම සද්ද නගමින් කැඩපත ඉදිරියේ වාඩි වුණෙමි.
" තමුසේ නම් මහ ලැජ්ජ නැති ගෑණියෙක්.. "
" ඉතින්..??"
" ඉතින් කියන්නේ..?? ඇත්තටම තමුසෙට ලැජ්ජාවක් නැද්ද..?? ගැණියෙක් නේද.. ??"
එවර නම් මම අතට ගත් ක්රීම් බෝතලය සමඟින් ඔහු දෙස හැරුනෙමි.
" තමුසේ ඒක නොදැන ආවා නෙවෙයිනේ.. "
ඔහු කුමක් හෝ තනිවම මුමුණමින් යහනේ වූ ජායාරූප බිම විසිරෙන අයුරින් පහරක් ගැසුවේ ය.
" තමුසේට මොකක්ද ඕනි.. කෙලින්ම කාරණාවට එනවා.. කොහෙවත් ඉන්න ගෑණුන්ගේ ලැජ්ජාව හොයන්නේ නැතුව.. "
මම කැඩපත දෙසට හැරී අතට ක්රීම් ස්වල්පයක් ගෙන කම්බුල් දෙකෙහි ගා ගතෙමි. ඔහු තවමත් නිහඬය. මගෙන් මෙවන් ප්රතිචාරයක් ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන්නට ඇත.
ලද අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට සැරසෙන පිරිමින්ගෙන් පමණටත් වඩා පදම් වී ඇති මා ලෙහෙසියෙන් නම්මගත නොහැක. එතරම්ම අප්රසන්න අත්දැකීම් මගේ ජීවිතේ ඕනෑ තරමක් ඇත.
" තමුසේ මං කියන දේ කරන්න ඕනි.. එහෙම නැත්නම්..?"
" ඔව් නැත්නම්.. "
ඔහු වාක්ය අවසන් කිරීමටත් ප්රථම මම නැගී සිටියෙමි. ඔහුගේ නිර්භීතකම, හිතුවක්කාරකම මෙන්ම ඔහුගේ මාන්නයද මා ඉදිරියේ දිය වී යන අයුරු බලමින් මම කුරිරු සතුටක් ලබමින් සිටියෙමි. ඔහු තව තවත් කෝප ගැන්වීමට මට සිත් විය.
" නැත්නම් ඉතින්.. මොකද කරන්නේ තමුසේ මට.. ?"
මම අඩියක් ඉදිරියට ඇවිත් නිය ආලේපන දෙස බලමින් ඇසුවෙමි. ඔහු යහනින් නැඟිට්ටේ කෝපයෙනි.
" තමුසෙගේ හැම මඟුලෙම ෆොටෝස් මං ගාව තියෙනවා. ඒ හැමදේම සෝශල් මීඩීයා වල තියෙයි.. "
" තමුසේ ඇමතියත් එක්ක ඉන්න ඒවා.. එතකොට උගේ බොඩිගාඩ් එක්ක ඉන්න ඒවා. ඒ හැමදේම ලස්සනට මං ගාව රෙකෝඩ් වෙලා තියෙනවා.."
පිරිමි හැමදාමත් කරේ ගැහැණු අපිව තලා පෙලා දමා ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීමය. හදවතේ ඇති තිගැස්ම සඟවා ගෙන මම එක බිඳකුදු කලබල නොවී තෙත හිස කෙස් සෙමින් පිරිමැද්දෙමි.
" ඉතින්... "
" එච්චර ද.. ?"
" තව මොනාද තමුසෙට කරන්න පුළුවන්..?"
මම කිසිම තෙතමනයක් නොමැති ලෙසින් ඔහුගෙන් විමසුවෙමි. ඒ නාදුනන ඇස් යළිත් පුදුමයෙන් පිරෙද්දි මම සිනාවක් මුවගට නගා ගත්තෙමි.
" තමුසෙට එච්චරයි නම් කරන්න පුළුවන් ඒක කරනවා ඉතින්. තමුසේ හිතුවද ඇමතියායි උගේ බොඩිගාඩ් එක්කයි විතරයි මං නිදා ගත්තේ කියලා. එහෙනම් තමුසෙට වැරදිලා.. "
" තමුසේ ඕවා ඕන තැනක දා ගන්නවා. අනික් ගෑණුන්ට නැති දෙයක් මට තියෙනවා නම් විතරක්. තමුසෙට ඕනි නම් ප්රැක්ටිකලි චෙක් කරන්නත් පුළුවන්. මොකද කියන්නේ..??"
මම ඔහුව යහනට තල්ලු කර කීවෙමි. ඔහුගේ දෑස් පුදුමයෙන්, කේන්තියෙන් මෙන්ම ආවේගයෙන්ද පිරී යනු මම පැහැදිලිවම දුටුවෙමි.
" හැබැයි මේක මතක තියා ගන්නවා.. මේ සරීනාට තර්ජනය කරන්න තමුසෙට බෑ.. මං ඔය තර්ජන වලට බයත් නෑ.. "
මම ඔහුගේ මුහුණට ඇඟිල්ලක් දිගු කරමින් හඬ බර කොට කීවෙමි. පිටතින් පෙනෙනා තරම් මා සුකුමාල බොළඳ කෙල්ලක නොවන බව ඔහු වටහා ගන්නට ඇත. සැබැවින්ම සමස්ත පිරිමි වර්ගයා සමඟම මට ඇති කලකිරිම මම ඔහුගේ පිටින් යවමින් සිටියෙමි.
" දැං ඉතින් ආපු විදියටම යනවා. ගිහින් පුළුවන් දෙයක් කරනවා.. "
එසේ කියා මම යළිත් කැඩපත ඉදිරියට ගොස් ක්රීම් බෝතලයක් අතට ගෙන ක්රීම් ආලේප කරන්නට පටන් ගතෙමි. ඔහු හිට ගෙනත් ඇසි පිය නොසලා මා දෙස බලා උන්නේ ය.
" ඔය ලස්සන ෆොටෝ ටික තියලා යනවා. "
මම යළිත් ඔහු දෙස නොබලාම කීවෙමි. ඔහුගේ බලාපොරොත්තු කඩ වුණ දෑස් මගේ හද තුළ කුරිරු සතුටක් ඇති කළේය.
අවසානයේ ඔහු හැරී යන්නට ගියේ ය.
" මේකත් අහගන්නවා... "

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.