හතරවෙනි කැළැල 4

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net



"ඒත් අරුල්.. කවදද මේක ඉවර වෙන්නේ..? නාකියගේ ඇඟ උඩ නැගලම මගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා යයි.."

" ඒකනේ බබා මං ඉන්නේ. හොරෙන් කඩන පළතුරු හරි රසයිනේ.. "

එසේ කියා ඔහු ගෙලේ ගැට ගසා තිබූ ගවුමේ පටිය දෙතොල් වලින්ම ලිහිල් කළේය. මා ඇඳ උන් රත් පැහැ ගවුම දොර පාමුල බිම පතිත විය.

" ඔච්චර සීරියස් වෙන්න එපා කෙල්ලේ. එන්න අපි මේ මොහොත උපරිමයෙන් විඳිමු.. "

ඔහු මා දෑතට ඔසවා ගත්තේ ය. මා කෙතරම් හිත තද කරගෙන උන්නත් අරුල් ඒ සියලු සීමාවන් ඉක්මවමින් මගේ හද රාගයෙන් පුරවයි. ඔහු මා යහනින් තබා ඇඳුම් සියල්ලම උනා දමා යහනට ආවේය. ඔහුගේ පහසින් මෙන්ම මත් පැන් වලින්ද මත් වී සිටි මා දෑස් පියා ගත්තේ තවත් හෝරාවකට පසුව ඔහුගේම නිරුවත් පපුව මත ය.

ඔරලෝසුව කටුව පාන්දර තුන මත නතර වන විට අරුල් මා ඇහැරුවේ ය. සැබැවින්ම මා ඇහැරුවේ ඔහුගේ රළු හාදු ය.

" නැඟිටින්න බබා.. මං යන්නත් ඕනි. "

ඔහු කං පෙත්ත මත මුමුණනවා ඇසුණත් තවමත් මා උන්නේ පලා නොගිය නිදිමතිනි.

" අරුල් තව ටිකක් ඉමුකෝ.. "

" කෝ එන්න.. එහෙනම් එකට නාමු.. "

ඇඳ ඇතිරිලි අතරින් ඔහු මා ඔසවා ගත්තේය. ඉන් පසු වතුර මල යට තවත් හෝරාවක් පමණ රාගයෙන් බර වූ ප්රේමාධික මොහොතක් ගෙවා දමා ඔහු යන්නට ගියේ ය.

ඉතින් දයාබර පාඨකය, මා බොහෝ කාමාධික වනචර ගැහැණියක් ලෙසින් ඔබ දකිනවා ඇත. නමුත් මා හද මත ඇති කැළැල් ඔබ කිසි දිනක නොදකිනවා ඇත.

ඇමතිතුමාගේ අනියම් බිරිඳක් සේම ඇමතිතුමාගේ විශ්වාවන්තම පෞද්ගලික ආරක්ශකයා සමඟද ආලිංගනයේ යෙදෙන ඒ ගැහැණිය මමයි. නමුත් මේ වනචර රාගි හදවත මත මුලින්ම කැළැලක් තැබුවේ අරුල් බව ඔබ දැන ගත යුතුය.

පාන්දර හිරු එළිය යහන මතට වැටෙන තුරුම මම නිරුවතින්ම යහනේ ගුලිව උන්නෙමි. ගතෙහි ඇති විඩාවත්, ඇමතිතුමාගේ අවසරය නොලැබීමත් මත මා උන්නේ බොහෝ කලකිරීමෙනි.

මම යළිත් ඇස් පිටා ගතෙමි. අරුල් මා සමඟ කරනා සෙල්ලම මට විටක බොහෝ අපැහැදිලිය. ඔහු ඇමතිතුමාට හොරෙන් මා සමඟ යහන් ගත වීමට තරම් නිර්භීත වුවත් කවද හෝ දිනක ඇමතිතුමාට මෙය හසු වුවහොත් එයින්ද පහසුවෙන්ම ගැලවෙනු ඇත.

ඔහුගේ හිතේ මා පිළිබඳ තිබූ ආලය දැං මිය ගොස් ඇති බව දැනේ. එය හුදෙක් රාගය මිස අන් කිසිවක් නොවේ. ඔහු යහනේ දක්වන ප්රේමය ඇමතිතුමා ඉදිරියේ දි නැත. එබැවින් තත්වය කෙසේ වුවත් එවැනි මොහොතක ඇමතිතුමාගේ අතින් පර ලොව යන්නට වෙන්නේ මටය.

අරුල් මා පාවිච්චි කරන බව හොඳින් වැටහුණත් මේ ගැහැණු බොළද හිත ඔහුව ප්රතික්ෂේප නොකරන හැටි...?

පෙර දින රාත්රියේ කිසිදු අහරක් නොගත් බව සිහි වූයේ අධික ලෙස කුසගිනි දැනෙන්නට පටන් ගත් නිසාය. මම නිරුවතින්ම යහනින් බැස අල්මාරිය ඇර අත් නැති සැහැල්ලු ගවුමක් තෝරා යහන මතට විසි කලෙමි. අද හවස් වරුවේ හෝ විශ්ව විද්යාලයට යා යුතුය.

මේ සිහින ලොවින් මිදී මට මා දැනෙන්නේ මේ ගෙදරින් පිට ලෝකයේදි පමණි. ඉතින් මා ලද ඒ වරප්රසාදය මා භුක්ති විඳිය යුතුය.

වතුර මල යටදී දැනෙනා සනීපය මීට පැය කිහිපයකට පෙර අරුල් සමඟ වූ ආල රංගනය සිහිපත් කරයි. සැබැවින්ම මිනිසුන් රාගයෙන් මත් වූ විට ආලය අමතකම කොට රාගයෙහිම බැඳෙන හැටි..

ගෙල දෙපසෙත්, ලැම වටා ද අරුල් මැවූ කැටයම් ය. ඇමතිතුමාට මා සිහිපත් වන්නේ තව දින කිහිපයකින් බව දන්නා නිසාම කමක් නැත. එසේ නොමැති නම් මේ සියල්ලම මරණීය සළකුණු වනු ඇත.

එකවරම මට සිහිපත් වූයේ මා අරුල්ගෙන් ලද ප්රථම හාදුවයි. යොවුන් වියේ ඇරඹුමේ සිටි දඟකාර කෙල්ලකු ලෙසින් ඔහුගේ ලද පළමු හාදුව කෙතරම් මිහිරක් එක් කරාද..??

ඒ හිරිමල් හැඟුම් සිහිපත් වන විටදී පවා ගත හිරි වැටෙනු දැනේ.

" එකම එකක් දෙන්නම්.. ඇස් පියා ගන්නකෝ මැණික.."

" අනේ අයියා.. කවුරුහරි දකී. "

"මෙතන ඔයයි, මමයි ඇරෙන්න කවුරුවත් නෑ මැණික.. කෝ මූණ හරවන්න.. "

අරුල්ගේ ප්රේමණීය වදනින් මා මුසපත් වූවා මතකය. ඔහුගේ දෙතොල් මාගේ ලවන් සිප ගනිද්දි මාගේ ගතම හිරි වැටුණා මතක ය. ඒ හැඟීම ඉවසා ගත නොහැකිව මම ලජ්ජාවෙන් බිම බලාගෙනම සිටියෙමි.

" තව එකක් ඕනිද..?"

" අනේ යන්න. ලජ්ජාවේ බෑ .. "

මම ලජ්ජාවෙන් මුහුණ හකුලුවා ගතෙමි. නමුත් හදවතින් ඒ හැඟීම කුළුදුලේම විඳීමින් සිටියෙමි.

"මැණික.. ඔයා රතු වෙලා.. "

ඔහු මගේ කම්බුලක් මිරිකමින් කීවේය. ඒ දෑස් අතර මා මොහොතක් අතරමං වීමි. ඔහු යළිත් මාගේ මුහුණට පහත් වෙමින් සිටියේ ය. එකවරම අපි දෙසට දුව ගෙන ආ නිශා මගේ නම කියමින් කතා කළාය.

" වරෙන් බන් යන්න. උඹ මෙතන ලව් කරනවා.. තව පොඩ්ඩෙන් අපි මැඩම්ගෙන් ගුටි කනවා.. "

මම දෑතින්ම සුදු ගවුම සකසා ගනිමින් ඇය දෙසට දිව ගියෙමි. අඩි කිහිපයක් ගොස් යළිත් හැරී බැලුවෙමි.

ඔහු හාදුවක් පා කර එව්වේය. යළිත් මා විළියෙන් රතු වන්නට ඇත. මම නිශාගේ දෑත අල්ලා ගෙන පරණ ගොඩනැගිලි දෙක මැදින් ඇවිද ප්රධාන ශාලාවට ගියෙමි. අපි නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා නැටුමක් පුරුදු වෙමින් සිටියෙමු.

නම්යශීලී මෙන්ම සමේ පැහැයෙන්ද අනෙක් ළමයින්ට සාපේක්ෂව ඉහළින් සිටි බැවින් අපේ නැටුම් ගුරුවරිය සෑම නර්තනයකම ඉස්සරහින්ම මා තබන්නීය. එබැවින් පාසලින් පසු මෙම නැටුම් පුරුදු කිරීම් වලට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුය.

වෙනදා පාර තොටේදී කාටත් හොරා මා හමුවෙන අරුල් මුණ ගැසීමට නම් මා අමතර පන්ති යා යුතුය. නමුත් දැං මාගේ අරුල් කිසිදු බියක් නොමැතිව පාසලේ තාප්පය පැන මා මුණ ගැසීමට පාසලටම පැමිණෙන්නේ ය. එතරම්ම ඔහු මට ආදරය කරයි.

" කෙහෙල්මල් ආදරේ.. "

ඔහේ අතීතයට දුවනා සිතුවිලි මම වහා වළකා ගතෙමි. හදවත මත ඇති කැළැල් සියුම්ම පිස දැමුවත්, රළු හාදු තැබුවත් එහි වේදනාව බිඳකින් හෝ අඩු නොවේ. අතීතය සිහිපත් වී එකඳු කඳුලක් හෝ දෑසින් වැටුණේ නැත. අරුල් ගැන ගැනිය නොහැකි තරමක කලකිරීමක් හදවත ආක්රමණය කොට ඇත.

දැං ඉතින් ගිය මෝඩකම යළි අද්දවා ගත නොහැක.

දිගු සුසුමක් හෙළා තෙත හිස කෙස් යන්තමින් පිසදා සාලුවක් පමණක් හැඳ මම කාමරයට පැමිණියෙමි. නමුත් කාමරයේ යහන මත හිඳ ගෙන දොර දෙස බලා උන්නේ.....

___________________________________________

එන්න.. කැළැල් සෙමින් පිරිමදිමු..

එක අතකට ගැහැණුන්ගේ ජීවිත වල කැළැල් කොච්චර ඇත්ද..?? කවුරුත්ම නොදැකපු..

 

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI