තුන්වෙනි කැළැල 3

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 



ඔහු මට බනිමින් වේගයෙන් දොර වසා දැම්මේය. මම තව තවත් යහනෙහි ගුලි වූවෙමි. මට අවැසි වූයේ තාත්තාගේ දානය දීම සඳහා පමණක් ගමට ගොස් එන්නටය. නමුත් ඇමතිතුමා එක දිනයකට හෝ මා හිර කර තබා සිටිනා කූඩුව අරින්නට කැමති නැත.

කෙතරම් අසරණද මම.. ? මම කම්බුල් පිහිද ගත්තෙමි. සාලෙයේ ඇමතිතුමා, අරුල් සමඟ මට කුණුහර්පෙන් බනිනු ඇසේ. ඔහු යළිත් මා සොයා එන්නේ හොඳටම මත් වූ පසුවය. එවිට ඔහුගේ ක්රියාකලාපය ගැන මම හොඳින්ම දනිමි.

සැබැවින්ම මම පෙර අත්බවයක කරන ලද අකුසලයක් මෙලොවදී ගෙවමින් සිටිමි. මේ ආත්මයේ නම් ඇමතිතුමාගේ අනියම් බිරිඳක වීම හැරෙන්නට කිසිදු පවක් මා කළ නැත. කරන්නට මගේ තාත්තා මට ඉඩක් දුන්නේද නැත.

නමුත් මා අද ජීවත් වෙන්නේ රත්තරන් පිහිතුඩක් ගෙල මත තබාගෙනය. තවත් මොහොතකින් නිවසේ ප්රධාන දොර ඇරෙන හඬ ඇසුණි. මා හැඳ වුන් ගවුම හදමින් මම සාලයට ගියෙමි.

" ගෙදර පොඩි හදිසියක්.."

එපමණක් කියා ඇමතිතුමා යන්නට ගියේ ය. මුලු හවස් වරුවේම මා සැලසුම් කර සියල්ලම එසේ බොඳව ගියේ ය.

අඩුම ඇමතිතුමා පරිස්සමින් ඉන්න කියාවත් කීවේ නැත. ඔහුට මාගේ පරිස්සමක් වැඩක් නැති බව මම වටහා ගෙන සිටියෙමි. නමුත් මමත් මිනිස් ප්රාණියක ලෙස යම් යම් සහනශීලි මිනිස් ගුණධර්ම තවමත් බලාපොරොත්තු වේ.

දොරද අගුලු ලා මම සාලයට පැමිණියෙමි. නොසංසිඳුන රාගී හැඟීම්ද, අවසරයක් නොලැබුණ ඉල්ලීම්ද, ඇමතිතුමාගෙන් ලද ශාරිරික හිංසාද සමඟින් මම බොහෝ සෙයින් කලකිරිමට පත්ව සිටියෙමි. ගෙල මෙන්ම කම්බුල්ද රිදුම් දේ.

අඩියේ උගුරු දෙක, තුනක් පමණක් ඇති මත් පැන් බෝතලයක් සාලයේ ඉතිරිව තිබුණි. මීට පෙර මා ඇමතිතුමා සමඟ සාද වලදි මත් පැන් පානය කොට ඇත. ඒ පුරුද්දට මම බෝතලය කටට ගෙන සියල්ලම බී අහවර කළෙමි.

යන්තම් මත් බවක් දැනුණත් මගේ කලකිරුණු ස්වභාවය බිඳුවකින් හෝ අඩු වූයේ නැත. මම එතනම හිඳ බොහෝ වේලාවක් කල්පනා කළෙමි.

වර්තමානයේ මගේ ජීවිතය අපායක් නම් අතීතයේ මම එය කැමැත්තෙන් වැළැඳ ගත්තෙමි. දැං ඉතින් කරන්නට දෙයක් නැත. ඇමතිතුමාට මා අවැසි වූ විට මගේ ගතින් ඔහු සනසවනවා ඇරෙන්නට කිසිවක් නැත.

තවත් මොහොතකින් යළින් දොරේ සීනුව නාද විය. රාත්රී එකොළහ පසුව මිනිත්තු විස්සක් ගෙවී ගොස් ය. ඇමතිතුමා ගෙදර ගිය පසු ආයේ ගෙදරින් එළියට බහින්නට ඔහුගේ සුචරිතවත් බිරිඳ කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බව මම හොඳින්ම දනිමි.

එසේ නම්.. කිසිවක් නොසිතා මම දොර විවර කළෙමි. දොරකඩ උළුවස්සට වැලමිටක් තබා මා දෙස බලා උන්නේ අරුල් ය. ඔහු පසුපසින් ඇමතිතුමා නැත.

" කෝ.. අයින් වෙනවා.. "

මම දොර අඩක් වසා දැමුවෙමි.

" මොකද.. ? ඇමතියා අද ආයේ එන්නේ නෑ.. "

ඔහු යළිත් කීවේ ය. මම තවත් දොර වසා දැමුවෙමි. අරුල්ගේ සරාගි දෑස් මගේ පිරුණු ළැම හරහා යන බව දැනී මම දොර සම්පුර්ණයෙන්ම වසා දමන්නට උත්සාහ කළෙමි. නමුත් මා පමා වූවා වැඩිය. අරුල් දොර හරස් කොට ඔහුගේ කකුල් තබා ගෙන ය.

" මට තමුසෙව ඕනි.. "

මා ඇමතිතුමාට අයිති බව දැන දැනත් ඔහු කිසිදු බියකින් තොරව එසේ කීවේය. මගේ ගත පුරා උණුසුම් හැඟීමක් ගලා යනු දැනුණත් මම ඇසිල්ලකින් එය යටපත් කර ගතෙමි.

" අරුල්.. ඔයා දැං යන්න.. "

" දැං තමුසේ නාකි ඇමතියාට විතරද අල්ලන්නේ.. ?"

" අරුල් ඇති. දැං යන්න.. "

"මාව පුළුවන් තරම් අවුස්සලා දැං තමුසේ මට යන්න කියනවද.. ?"

" ඇමතිතුමා දැන ගත්තොත් තමුසෙව මරලා දායි අරුල්.."

" එතකොට තමුසේ ඇමතියට කියනවද මම ඇවිත් තමුසෙට #### කියලා.. "

රාගයෙන් මත් වූ ඒ ඇස් දිලිසේ. මා සිතුවා නිවැරදි ය. අරුල් තවමත් ඇමතිතුමාට බය නැත. නමුත් අරුල්ට යළිත් අවස්ථාවක් දෙන්නට මගේ හිත නොනැමේ.

" දෙයියන්ගේ නාමෙන් යන්න අරුල්... "

" උඹ මට කියලා #### නෑ වගෙනේ කලින්. උඹ ගෑණියෙක් වුණෙත් මගේ අතින්. එහාට පලයන්.. "

අරුල් එපමණක් කියා දොර තල්ලු කරගෙන ඇතුළට පැමිණියේය. මට හිතන්නවත් ඉඩක් නොදී අරුල් මා දොරටම තල්ලු කර බලෙන්ම මගේ දෙතොල් සිප ගත්තේ ය.

ඔහුගේ ස්පර්ශය තව දුරටත් දරා ගත නොහැකි තැන මම ඔහුගේ පපුවට දෑත් තබා තල්ලු කළෙමි.

" තමුසේ මොන හයියකින්ද ආයේ මාව කිස් කරන්න හිතුවේ අරුල්.. "

මම හයියෙන් කෑ ගැසුවෙමි. මගේ ගැහැණු ආත්මය හයියෙන් කෑ ගැසුවේ ය.

" මට ඕනි නම් මං උඹව කිස් කරනවා. මට ඕන නම් මං ඕන දෙයක් කරනවා. තමුසේ ඒක හොඳටම දන්නවා.. "

අරුල් මෙවර මට සෙලවිය නොහැකි ලෙසින් මගේ නිකටින් අල්ලා ගෙන මගේ ප්රතික්ෂේප කිරීම්ද නොසලකා මා සිප ගත්තේ ය. මා කෙතරම් දෑත් වලින් ඔහුව ඈත් කිරීමට උත්සාහ කරත් ඔහුගේ පෘෂ්ඨිමත් ශරීරය සමඟින් හැප්පෙන්නට මට නොහැකි විය.

විටක රළු ලෙසින්ද, විටක මුදු ලෙසින්ද ඔහුගේ සිප ගැනීම මාගේ නොසංසිඳුන රාගි හැඟීම් පුබුදුවාලන බවක් මට දැනුණි. තවත් ඔහුගේ පහසින් පලා යාම පලක් නැත. එබැවින් අවසානයේ මම ඔහුට අවනත වීමි.

මම ඔහුගේ ගෙල දිගෙ ඇඟිලිතුඩු යවමින් ඔහුව තවත් මා වෙතට ළං කර ගත්තෙමි. පළවෙනි දින තරම්ම නැවුම් බවක් ඒ හාදුව තුළ තිබුණි. ඔහුගේ රලු ඇඟිලි නිරාවරණය වී තිබූ මගේ පිට දිගේ පහළටම ගියේ ය.

ඒ සමඟම ඔහු මාගේ දෙතොල් මුදා හැරියේ ය. ඔහු ඊළඟට මගේ ගෙල දිගේ මා අවුලමින් නිමක් නැති හාදු තැවරුවේ ය. එක වරම ඔහු මාගේ කං පෙත්තක් හැපුවේය. මම කෙඳිරි ගාමින් ඔහුගෙන් ඉවත් වන්නට සැරසුණෙමි.

නමුත් ඊට පෙර ඔහු මා අනිත් පැත්ත හරවා මගේ නිරුවත් පිට මතින් හාදු තැබුවේ ය. අකුණු සැරක් මගේ ගත දිගේම ගමන් කරනවා මෙන් දැනුණි. ඔහු දෑතින් මගේ ළැම මිරිකමින් මගේ කං පෙත්තක් දත් වලින් අල්ලා ගත්තේ ය. මම සියුම් කෙඳිරියක් සමඟින් ඔහුගේ නම මිමිණුවෙමි.

" අරුල්.."

" ඇමතිතුමා සෑහෙන්න වැඩ ගන්නවා වගේනේ.. "

" ඔයානේ මාව ඒ නාකියට තල්ලු කරේ.. "

" එහෙම නොවුණා නම් තමුසෙට අද මේ සැප සම්පත් නෑනේ.. "

" සැප තමයි. ඒ මිනිහා කොයි වෙලේක හරි මාව මරනවා අරුල්.. "

" ඒ ඉතින් තමුසෙට පාඩුවේ ඉන්න බැරි නිසානේ. බොරුවට ඒ නාකියගේ ප්රෙශෙර් වැඩි කරනවා. දැංවත් පාඩුවේ ඉන්නවා. ඉල්ලන්න ඕනි නම් දියමන්ති මාලයක් මුද්දක් ඉල්ලනවා. නැත්නම් රට සවාරියක් ඉල්ලනවා. කොච්චර දේවල් තියෙද ගෑණියෙක් හැට හතර මායම් දාලා ඉල්ලන්න පුළුවන්."

අරුල් බොහොම සරලව මේ සියල්ල දකින අයුරු මගේ කේන්තිය තවත් අවුලයි.

"ඒත් අරුල්.. කවදද මේක ඉවර වෙන්නේ..? නාකියගේ ඇඟ උඩ නැගලම මගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා යයි.."

" ඒකනේ බබා මං ඉන්නේ. හොරෙන් කඩන පළතුරු හරි රසයිනේ.. "

එසේ කියා ඔහු ගෙලේ ගැට ගසා තිබූ ගවුමේ පටිය දෙතොල් වලින්ම ලිහිල් කළේය. මා ඇඳ උන් රත් පැහැ ගවුම දොර පාමුල බිම පතිත විය.

" ඔච්චර සීරියස් වෙන්න එපා කෙල්ලේ. එන්න අපි මේ මොහොත උපරිමයෙන් විඳිමු.. "

ඔහු මා දෑතට ඔසවා ගත්තේ ය. මා කෙතරම් හිත තද කරගෙන උන්නත් අරුල් ඒ සියලු සීමාවන් ඉක්මවමින් මගේ හද රාගයෙන් පුරවයි. ඔහු මා යහනින් තබා ඇඳුම් සියල්ලම උනා දමා යහනට ආවේය. ඔහුගේ පහසින් මෙන්ම මත් පැන් වලින්ද මත් වී සිටි මා දෑස් පියා ගත්තේ තවත් හෝරාවකට පසුව ඔහුගේම නිරුවත් පපුව මත ය.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI