" මේකි දැං හැදිලා ඉවරයි වගේ.. "
ඇමතිතුමා වීදුරුවම එකපාරටම කටේ හළා ගෙන මගේ ගෙලෙන් අල්ලා ගෙන තොල් සිප ගත්තේය. ඔහු මත් වෙන්නට පෙර ඔහුට අවැසි දේ මා දිය යුතුය. ඔහු මත් වූ විට ඔහුගේ හැසිරීම බොහෝ සෙයින් දරදඩු වන බව මම හොඳින්ම දැන සිටියෙමි.
" ඇදට යමුකෝ.. "
මම ඇමතිතුමාගේ කණට කර මිමිණුවෙමි. කොහොමත් අරුල්ගේ තියුණු දෙනෙත් අප දෙසම යොමු වී ඇතුවාට කිසිම සැකයක් නැත.
" එහෙනම් කොල්ලෝ උඹ ටිකක් බිපන්. මං මේකිව බීලා එන්නම්.. "
ඇමතිතුමා එසේ කියමින් මගේ ගෙල සිපගත්තේ ය. ඉන්පසු මාගේ ඉන වටේ අත දමා ගෙන කාමරය වෙත ගොස් දොර වසා දැම්මේ ය.
එතැන් පටන් ඇරඹුණේ නොනවතින හාදු වර්ශාවකි. විටෙක මා සනසමින්, විටක මා රිදවමින් ඇමතිතුමාගේ දෙතොල් පිළිවළින් මගේ දෙතොල්, කම්බුල්, ගෙල මෙන්ම අඩක් නිරාවරණය වී තිබූ ළැමද තෙත් කළේ ය.
ඔහු මෙන්ම මමද රාගි ගින්නේ ඇවිලෙමින් සිටියෙමු. ඊළඟ තප්පරේ ඔහු ඇදවුන් ශර්ටය උනා දමා මා යහනට විසි කළේය. ඉන් පසුව ආරම්භ වන්නේ කුමන ජවනිකාවද යන්න මා හොඳින්ම දනී.
නමුත් සියල්ලටම ප්රථම මා ඔහු එකඟ කර ගත යුතු කාරණාවක් තිබේ. මේ සියල්ලම මා නොපිරිහෙලා සූදානම් කරේ කිසිදු කැළැලකින් තොරව ඇමතිතුමා මේ මොහොතට ගෙන ඒමටයි. මට සිතන්නටවත් ඉඩක් නොදී ඔහු මගේ පාදයේ යටිපතුල් සිප ගන්නට පටන් ගෙන ඇත.
මා ඇද වුන් ගවුම දැනටම දණහිසටත් ඉහළින් නතර වී ඇත. ඇමතිතුමාගේ ස්පර්ශය මගේ දෙපා දිගේ ඉහළට ඇදේ. ඔහුගේ දිව මගේ රාග ගින්න තව තවත් අවුළුවයි.
නමුත් මගේ මොළය සියළු හැඟීම් දැනීම් පසෙකලා මට අනතුරු අඟවයි. ඔව්.. මා ඇමතිතුමා එකඟ කර ගත යුතුය. ඔහුගෙන් අවසර ලබා ගත යුතුය.
ඔහුගේ රළු අතැඟිලි මගේ යටි කය ස්පර්ශ කරද්දී මම කෙඳිරිලි හඬකින් ඔහු නවතාලිමි. ඉන්පසු බලෙන්ම ඇමතිතුමාගේ හිස මාවෙත ළං කර ගත්තෙමි.
" ඇමතිතුමා.. "
" පොඩි ඉල්ලීමක් තියෙනවා.. "
මම තොතොල් හඬකින් කීවෙමි.
" උඹ වෙනුවෙන් නොකර දෙයක් තීද බන්.. මේකිගේ හුරතලේ.. "
එසේ කියමින් ඔහු මාගේ කං පෙත්තක් සිප ගත්තේ ය. මම සියුම් කෙඳිරියක් සමඟ ඔහුගේ කම්බුල් ස්පර්ශ කළෙමි.
" මට එක දවසකට ගමේ ගිහින් එන්න දෙනවද.. ?"
සුපුරුදු හුරතල් ස්වරයෙන්ම මම ඔහුගෙන් ඇසුවෙමි. මෙතෙක් වෙලා ඔහුගේ ඇස් වල තිබූ කාමුකබව එක් සැණකින් අතුරුදහන් විය.
" මොකක්ද උඹ කිව්වේ.. ?"
ඔහු මා අතහැර දමා යහනේ කෙලින් විය. මෙය ඇසීමෙන් ඔහු එතරම් කෝප ගනිවී යැයි මා කිසිලෙසකින් බලාපොරොත්තු වූවක් නොවේ. නමුත්..
" තා.. තාත්තගේ දානේ.. "
" මගේ යකා අවුස්ස ගන්න එපා වේ####"
" මං තොට සිංහලෙන් කියලා තියෙනවා ආයේ ගමක් ගැන කතා කරන්න එපා කියලා.. "
ඇමතිතුමාගේ උස් හඬට මමද යහනේ වාඩි වුණෙමි. මට අවැසි වූයේ එකම එක දවසකට ගමේ යාමට පමණි.
" අනේ ඇමතිතුමා.. "
මම අඬන්න ඔන්න මෙන්න හඬකින් කීවෙමි. ඔහුගේ ඇස් වලින් කෝපයේ ගිනි දැල් පිට වේ. නමුත් මා කුමක් කරන්නද..?? ඔහුගේ දෙපා මුල වැඳ වැටී හෝ මා අවසර ලබා ගත යුතුය.
" දැං මොකක්ද උඹ කියන්නේ.. ? කියපන්.."
" අනේ ඇමතිතුමා.. ලබන මාසේ දහය තාත්තගේ දානේ. මං.. මං.. උදේ ගිහින් හවස එන්නම්.. අනේ ඇමතිතුමා.. මට.. "
මට වාක්ය අවසන් කිරීමට ඉඩක් නොතබාම ඇමතිතුමා මගේ කම්බුලකට පහරක් ගැසුවේය.
" තෝ උදේ ගිහින් හවස එන්න වේ# කමේ යනවා කියලා හිතුවද..? ආයේ මගේ කං දෙකට ඇහෙන්න ගමක් ගැන කිව්වොත් මං තෝව මරලා දානවා.. "
" උඹේ මහ ගෑණි කරේ වටේම මිනිස්සුන්ට රෙද්ද උස්සපු එක. ඒක දැන ගත්තම තොගේ මහ එකා බෙල්ල වැල දා ගත්තා. දැං තෝ ගමේ යන්න අහන්නේ ඒ පො## දානේ දෙන්නද.."
ඇමතිතුමා මට කෙතරම් අපහාස කරත්, මගේ අම්මට අපහාස කරත් ඒ සියල්ලම බොරුවක් නොවන බැවින් කොතරම් කටුක වුවත් මට අසා සිටිය හැක. නමුත් මගේ තාත්තා එසේ නොවේ. මෙලොව මා දුටු එකම මිනිස් ගතිගුණ ඇති පිරිමියා ඔහුය.
" අනේ ඇමතිතුමා.. මං අවුරුදු පහකින් ගමේ ගිහින් නෑ. මේ පාර විතරක් මට යන්න දෙන්න.. "
මම දෑත් එක් කොට ඔහුගෙන් ඉල්ලුවෙමි. පහුගිය දින කිහිපයේම සිහිනයෙන් මා දුටුවේ තාත්තගේ රුවයි. ඉතින් පසුගිය වසර පහේදී මෙන් නොව මෙවර මට ගමේ යන්නටම ඕන විය.
ඇමතිතුමා යහනින් බැස්සේය. මමද හඬ හඬාම ඔහු දෙස බලා සිටියෙමි.
නමුත් එකවරම ආවේශ වූ කොටියෙකු මෙන් ඔහු මා යහනට පෙරළා ගෙන මගේ ගෙල තද කළේය. කේන්තියෙන් රත් පැහැ වූ දෑස තව තවත් මා බියට පත් කළේය.
" අනෙහ්හ්හ්.. ඇමතිතුමා.. "
" තොට මාව පේන්නේ මොකෙක් වගේද කියපන් වේ#. තොට මං දෙයක් කිව්වම තර්ක කරන්නේ.. උඹට ගමේ තියා කොහෙටවත් යන්න බෑ මගෙන් අවසරයක් නැතුව. තේරුණාද උඹට.. "
මා තුළ වූ ශක්තිමත් ගැහැණු ආත්මය පළා යමින් තිබේ. අපහසුවෙන් හුස්ම අල්ලමින් මම අතට අසු වෙන මායිමේ තිබූ කණ්ණාඩි මේසය වූ සියල්ලම බිම වැටෙන තුරු දැඟලුවෙමි. ඇමතිතුමාගේ ග්රහණය බිඳුවකුදු අඩු නොවිණි.
" තෝ මගේ විතරයි. ඒ කාළකණ්ණි ගමට යන්න තියෙන වුවමනාව මොකක්ද..? කියපන්. අර පො##ගේ පිටින් දාලා ගමේ දුවන්න හදන්නේ.. මං තෝව මරනවා.."
හුස්ම හිර වෙමින් යද්දී මගේ දෑසින් කඳුලු බිඳු එක පෙළට වැටුණි. සාලයේ සිටිනා අරුල්ට මේ සියල්ලම ඇහෙනවා නොඅනුමානය. නමුත් මගේ ජීවිතය වෙනුවෙන් ඔහු නොඑන්නේය. අවසානයේ මා බේරා ගැනීමට මෙලොව කිසිවෙකුත් නැත.
" ආයේ තෝ ඔය කෙහෙල්මලක් කිව්වොත් තෝව මං පෙති ගහලා ගමට යවන්නේ. පරට්ට වේ##.."
ඇමතිතුමා මවෙතින් ඉවත් විය. මම අපහසුවෙන් දිගු හුස්ම ගනිමින් යහනේ ගුලි වුණෙමි. හදවත තවමත් වේගයෙන් ගැහේ. තව මොහොතක් හෝ පමා වූවා නම් ඇමතිතුමා ඉවත් වෙන්නේ මාගේ මළකඳ උඩින් ය.
" ශික්.. මේ බැ## මගේ මූඩ් එකම කෑවා. පාර්ලිමේන්තුවට ගියාම එතනිනුත් ඔලුව කනවා ගෙදර ගියාම ඒ වේ##ත් ඔලුව කනවා, දැං මේ පර##ත් පටන් අරන්.. "
ඔහු මට බනිමින් වේගයෙන් දොර වසා දැම්මේය. මම තව තවත් යහනෙහි ගුලි වූවෙමි. මට අවැසි වූයේ තාත්තාගේ දානය දීම සඳහා පමණක් ගමට ගොස් එන්නටය. නමුත් ඇමතිතුමා එක දිනයකට හෝ මා හිර කර තබා සිටිනා කූඩුව අරින්නට කැමති නැත.
කෙතරම් අසරණද මම.. ? මම කම්බුල් පිහිද ගත්තෙමි. සාලෙයේ ඇමතිතුමා, අරුල් සමඟ මට කුණුහර්පෙන් බනිනු ඇසේ. ඔහු යළිත් මා සොයා එන්නේ හොඳටම මත් වූ පසුවය. එවිට ඔහුගේ ක්රියාකලාපය ගැන මම හොඳින්ම දනිමි.
සැබැවින්ම මම පෙර අත්බවයක කරන ලද අකුසලයක් මෙලොවදී ගෙවමින් සිටිමි. මේ ආත්මයේ නම් ඇමතිතුමාගේ අනියම් බිරිඳක වීම හැරෙන්නට කිසිදු පවක් මා කළ නැත. කරන්නට මගේ තාත්තා මට ඉඩක් දුන්නේද නැත.
නමුත් මා අද ජීවත් වෙන්නේ රත්තරන් පිහිතුඩක් ගෙල මත තබාගෙනය. තවත් මොහොතකින් නිවසේ ප්රධාන දොර ඇරෙන හඬ ඇසුණි. මා හැඳ වුන් ගවුම හදමින් මම සාලයට ගියෙමි.
" ගෙදර පොඩි හදිසියක්.."
එපමණක් කියා..
___________________________________________________
කතාව ගැන මොකද හිතන්නේ..?? ඊයේ කතාව කියවපු හිතවතියක් ඉන්බොක්ස් ඇවිත් මට කිව්වා මාධවී ඔහොම කතාවක් ලියන්න රිස්ක් එකක් ගන්න එපා. ගොඩක් අය ඔය කියවන්න කැමති නෑ කියලා. 18+ සීන් එහෙම තියෙද්දි නිකම්ම ඔයාට ලේබල් වදීවි කියලා.
ඉතින් ඇය කිව්වේ ඇත්ත. කතාව කියවලා තියෙන්නේ හැටක් විතර. මට මතකයි දහදාහකට ආසන්නව කියවපු තනි යහන ලිව්වේ මං. ඒත් කාලය වෙනස් වෙලා. ඇත්තටම මට ඕනි එක එක මාන වලට යන්න. සමාජයේ හැම තත්වයක්ම ස්පර්ශ කරන්න. මං ඒ රිස්ක් එක ගන්නවා.
මේ කාලවකවානුවේ මාව සතුටු කරන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් ලිවීම.. ඉතින් කියවන අන්තිමයා වෙනකම් මං ලියනවා.
දන්නවද.. ? මගේ බිදුණ හදවත පුරාම තියෙන්නේ කැළැල් විතරයි.. ඉතින් එන්න කියවන්න..
ආදරෙයි පැලෙන්න
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.