පළවෙනි කැළැල 1

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

 



" ඇමතිතුමා නවය එද්දී එනවා කිව්වා.. "

ඇමතුමට සම්බන්ධ වූ වහාම ඉතා කර්කෂ හඬකින් මට පිළිතුරු ලැබුණි. අරුල් කවදත් එසේ ය. අවශ්ය පණිවිඩය පමණක් කියා පිළිතුරක් නොඅසාම ඇමතුම විසන්ධි කරයි.

එක අතකට ඔහු කියන්නේ ඇමතිතුමාගේ පණිවිඩ මිස ඔහුගේ ඒවා නොවේය. ඉතින් ඇමතිතුමා පැයක් දණ ගහගෙන ඉන්න යැයි කීවහොත් මුලු පැයම දණ ගසා ගෙන ඉන්නට වුවත් සූදානම් මා වැන්න උන්ගෙන් පෙරළා පිළිතුරක් බලාපොරොත්තු වීම මහා මෝඩකමකි.

මම ළය පිරෙන්නට ගැඹුරු හුස්මක් ගතෙමි. එසේ නම් ස්වේත වර්ණ ජීවිතයෙන් මිදී මගේ අඳුරු ජීවිතයට මා එළඹිය යුතුය.

පුස්තකාලයෙන් එළියට ඇවිත් කොරිඩෝව දිගේ මම තනිව ඇවිද ආවෙමි. අහේතුකවම මට නිරේශ් සිහි විය. මේ බොළඳ ගැහැණු හිත ප්රේමයෙන් ආතුර කර අඳුරේ සැඟව ගිය මගේ නිරේශ්.

අල්ලන්නට බැරි අහසක සුළඟිල්ලෙන් රටා මැවීමට හීන මැවූ මගේ මෝඩකමට යළිත් වරක් සාප කරමින් අතේ වූ සීආර් පොත් දෙක මම තවත් ළයට තුරුලු කර ගත්තෙමි.

හරියටම සවස හය වන විට මම මුහුණට, අත්, පා සියල්ලන්ටම අවැසි සියලුම රූපලාවණ්යය සත්කාර නිමා වී එළියට පැමිණියෙමි. මනාව සකස් කරනා ලද නියපොතු මත ගැල් වූ රතු පැහැය දිස්න දෙමින් මා දෙස බලා සිටියි.

ළඟම වූ සුපිරි වෙළෙඳ සැලෙන් අවශ්ය කරනා සියලුම දේ රැගෙන මම ත්රීවීලර් රථයකට ගොඩ වුණෙමි. හිතට මහා වෙහෙසක් දැනෙයි. ගතට දැනෙනා වෙහෙස මෙන් නොව හදවතට වෙහෙස දැනෙනා විට සැබෑ සිහිය අපෙන් දුරස් වෙයි.

මම හැකි ඉක්මනින් ඔහු කන්නට ප්රියතම රාත්රී ආහාර වේලක් සකස් කෙරුවෙමි. රතු හාලේ බතට, චිකන් කලුවට උයා, සැර පොල් සම්බලක් සමඟ, උකුවට අල හොද්දක් සෑදුවෙමි. ලොකු ලොකු හොටෙල් කීයකින් කෑවත් ඇමතිතුමාගේ ප්රියතම මෙනුව එය බව මම අත්දැකීමෙන්ම දනිමි.

ඉන් පසු ඇද උන් ගවොම ගලවා දමා මම නිරුවතින්ම නාන කාමරයට ගියෙමි. කැඩපත බලා උන්නේ මා එනකම් ය. මොහොතක් මම මගේ නිරුවත් ගතේ හැඩ රස වින්දෙමි.

දිගු හීනි ඇස් දෙකත්, පිරුණු කම්බුල් සහ දිගු ඇහි පිහාටු නොවේ නම් මගේ වෙන ලස්සනක් නැත. නමුත් ඇමතිතුමාට අනුව මා සුර අඟනකි. ඔහුගේ පරිවාර අනියම් බිරින්දෑවරු අතරින් වඩාත් කාමුක බැල්මක් ඇත්තේ මටයි.

මම මගේ පිරුණු අගපසග සෙමින් ස්පර්ශ කළෙමි. මුළු ගතෙහිම රෝම ඉවත් කර ඇති බැවින් මගේ සම සිනිඳුය. මල් පෙත්තක් මෙන් මෘදු ය. මම දෑස් පියාගෙන මගේ ගත පිරිමැද්දෙමි.

තවත් මොහොතකින් මම දෑස් විවර කළෙමි. කැඩපතෙන් පෙනෙනා මගේම රූපය මට සරදමට සිනා සෙනු මම හිස් හැඟීමකින් බලා උන්නෙමි.

සීතල ජල ධාරා මගේ නිරුවත් ගත දිගේ සෙමින් ගලා යයි. මගේ හදවත තවමත් කිළිටු ය. මිල අධික ආලේපන වලට ස්පර්ශ කරන්නට බැරි මගේ හදවත එතරම්ම අපිරිසිදුය.

තවත් මොහොතකින් මම අල්මාරියෙන් රතු පැහැති දිගු ගවුම අතට ගත්තෙමි. මෙය ඇමතිතුමා ගෙන එන ලද්දේ මේ මස මුල ඔහු ඉතාලියට ගිය විටයි. මේ සමඟම නවීන විලාසිතාවන්ට අනුව නිම වූ මිල අධික ඇඳුම් බොහොමයක් අරුල් ගිය සතියේ දිනෙක ගෙදර දොර ඉදිරියෙන් තබා ගොස් තිබුණි.

හීනි පටි සහිත ඒ ගවුම මගේ ගතට අමුතු කාමුකබවක් එක් කර තිබුණි. එය ළැමෙන් අඩක්ද, සම්පුර්ණ පිටද නිරාවරණය වන පරිදි නිමවා ඇත. එමෙන්ම එය කලවා දිගේ දණහිසට අඟල් අටක් වන තුරුම කැපුමක් ඇත.

කැඩපත ඉදිරියේ අසුන් ගෙන ලා රත් පැහැයත්, කළු පැහැයක් මිශ්ර කරමින් මම දෙතොල් ආලේපන තවරා ගතෙමි. සැබැවින්ම මම කැඩපත ඉදිරියේ සරාගි යුවතියක්ව උන්නෙමි.

සියල්ල සූදානම් ව තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියේ ය. නවය පසු වී පැය කටුව ගෙවී ගියේ ය. මම ආහාර යළිත් රත් කෙරුවෙමි. ඔහු නිවුණු ආහාර කන්නට කොහෙත්ම අකැමැති ය.

පැය කටුව දහය පසු කර ගෙන විනාඩි දහයක් ඉක්මවූ තැන ඔහු ආවේය. වාහන හඬ ඇසී මම යළිත් තොල් ආලෙපන ගල්වා මුහුණට සිනාවක් මවා ගෙන දොර ඇරියෙමි.

මුලින්ම මගේ දෑසට හසු වූයේ අරුල් ය. ඉන්පසු ඇමතිතුමා ය.

" මේ ඉන්නේ මගේ ගිනි කිරිල්ලී.."

ඇමතිතුමා මාව තද කරගෙන බදා ගත්තේය. මගේ පිරුණු ළැම ඔහුගේ පපුවේ හිරවන තුරුම ඔහු මා වැළැඳ ගත්තේ ය.

" එන්නකෝ ඇතුළට.. "

මම පුරුදු පරිදි ඇමතිතුමාගේ අතින් අල්ලගෙන කෙලින්ම ගියේ කෑම මේසය වෙතයි. අරුල් අප පසුපසින් ඇවිද ඇවිත් ආලින්දයේ වූ සැටියෙන් අසුන් ගත්තේ ය. එය ඔහුට නුපුරුදු නොවේ.

අදත් ඇමතිතුමා පැමිණ තිබුණේ ඔහුගේ ආරක්ශකයින් සියල්ලම මඟ හැර ඔහුගේ සදාකාලික විශ්වාසවන්තයා වූ අරුල් සමඟ පමණි. එය කොහෙත්ම ආරක්ශිත නොමැති වුවත් ඔහුට සතියකට පාරක් හෝ මගේ පහස නොවිඳ සිටින්නට බැරිය.

" ඇමතිතුමා ආසම විදියට ඉව්වා.. "

මං එසේ කියමින් ඇමතිතුමාගේ පිඟානට බත් බෙදුවෙමි.

අසේල ධනවංශ යනු දේශපාලනයේ ඉතා කපටි පිළිවෙතක් අනුගමනය කරන සමාජයේ නිතර කතා මවන ඇමතිකෙනෙකි. ඒ සියල්ලටම වඩා ඔහු මහා යක්ශයෙකු වැනි මිනිසෙක් බව මම අත්දැකීමෙන්ම දැන සිටියෙමි. ඔහු සමඟ කටයුතු කිරීම පහසු නොවේ. ඒ නිසා සෑම විටම ඔහුගේ කේන්තිය නිවා දමා ඔහුව රාගයෙන් ඇවිලීමට මම උත්සාහ කරමි.

ඔහුට බීමට වතුර වීදුරුවද ළඟින් තබා කකුලක් පිට කකුලක් දමා මම ඔහු අසලින් වාඩි වුණෙමි.

" මොකද පහුගිය දවස් වල කළේ.. ??"

ඇමතිතුමා මගේ අතක් මිරිකමින් ඇසීය.

" හිටියා ඉතින්.. "

" මේකි තවත් ලස්සන වෙලාද කොහෙද..? "

ඔහු දකුණතින් කන ගමන් වමතින් මගේ නිරාවරණ වී තිබූ කකුල මිරිකුවේ ය. මම ටිකක් ඇඹරී සරාගි බැල්මක් ඔහු වෙත හෙලුවෙමි.

කෑම මේසයේ අප ඉන්නා තැන සාලයේ ඉන්නා අරුල්ට හොඳින් පෙනේ. ඇතැම් අවස්ථා වල ඇමතිතුමා ඔහුට පෙනෙන්නට මා අවුස්සයි. නැතිනම් මා ඔහුට පෙනෙන්නට ඇවිස්සෙයි.

ඇමතිතුමා බෝතලයක් කඩා ගෙන වීදුරුවක් පුරවා ගත්තේ මා උකුලට ගෙන ය. ඔහු මත් වතුරෙන් මත් වෙන්නට පෙර ඔහුගේ දෙතොල් මත හාදුවක් තබා මම ඔහුව මත් කලෙමි.

" මේකි දැං හැදිලා ඉවරයි වගේ.. "

ඇමතිතුමා වීදුරුවම එකපාරටම කටේ හළා ගෙන මගේ ගෙලෙන් අල්ලා ගෙන තොල් සිප ගත්තේය. ඔහු මත් වෙන්නට පෙර ඔහුට අවැසි දේ මා දිය යුතුය. ඔහු මත් වූ විට ඔහුගේ හැසිරීම බොහෝ සෙයින් දරදඩු වන බව මම හොඳින්ම දැන සිටියෙමි.

" ඇදට යමුකෝ.. "

මම ඇමතිතුමාගේ කණට කර මිමිණුවෙමි. කොහොමත් අරුල්ගේ තියුණු දෙනෙත් අප දෙසම යොමු වී ඇතුවාට කිසිම සැකයක් නැත.

" එහෙනම් කොල්ලෝ උඹ ටිකක් බිපන්. මං මේකිව බීලා එන්නම්.. "

ඇමතිතුමා එසේ කියමින් මගේ ගෙල සිපගත්තේ ය. ඉන්පසු මාගේ ඉන වටේ අත දමා ගෙන කාමරය වෙත ගොස් දොර වසා දැම්මේ ය.

__________________________________________________

මේක හදිසියේ ලියන්නවත්, හදිසියේ කියවන්නවත් පුළුවන් කතාවක් නෙවෙයි..

අපි හැමෝගෙම ජීවිත වල කැළැල් තියෙනවා. සමහර කැළැල් අපේ ආත්මය ස්පර්ශ කරලා ඉවරයි.. ඒත්. .. ඒත් මොකක්ද...???

අපි කියවමු..

මං ලියන්නේ එකිනෙකාට වෙනස් කතා. ඉතින් මේක කොහොමත් ලොකු වෙනසක් තියෙන කතාවක්..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI