හතළිස් එක්වෙනි කැළැල 41

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 තවත් මොහොතකින් කවුරුන් හෝ ගේට්ටුවට ගසනා හඬ ඇසුණි. මම සිරියාගේ මුහුණ දෙස බලා දොර ගාවට ගියෙමි. ඒත් සමඟම මගේ දුරකතනය නාද වුණි. ඊලග තප්පරේ ගේට්ටුවට ගැසීමද නතර වුණි.


" හෙලෝ.. මැඩම්.."

" කවුද මේ..??"

" මැඩම් අපි ............ කුරියර් එකෙන්. මැඩම්ට පාර්සලයක් තියෙනවා. මං ඇඩ්රරස් එකට ඇවිත් ඉන්නේ.."

" හරි.. "

මම දුරකතන ඇමතුම නිමා කර යළිත් ගේට්ටුව දෙස බැලුවෙමි. කුරියර් මාර්ගයෙන් ලැබෙන්නට මා කිසිවක් ඇණවුම් කළේ නැත.

" කුරියර් එකකින් කිව්වා.. "

සිරියා මා දෙස බලා ගේට්ටුව දෙසට ගියා ය. නමුත් ඊලග තප්පරේ මසිත සැකයකින් වෙලා ගත්තේ ය. ඇමතිතුමා හැරෙන්නට මේ නිවසේ ලිපිනය සහ මා මෙහි පදිංචි බව අන් කිසිවෙකුත් දන්නේ නැත. විහාන් එය සොයා ගත්තත් කෑම ඇණවුම් කිරීම පවා ඇමතිතුමා තහනම් කර ඇති බව දන්නා පසුබිමක ඔහු කිසිවක් නිවසට නොඑවනා බව මම දනිමි.

එසේ නම්..?? මා සිතන්නටත් කලියෙන් සිරියා ගේට්ටුව ඇරියා ය. මට ඇමතුම ලබා දුන් තරුණයා සිරියා අතට කුමක් හෝ ලබා දෙනවාත් සිරියා අත්සන් කරනා අයුරුත් මම දොර ළඟ සිට ගෙන බලා සිටියෙමි.

තවත් විනාඩියකින් ඔහු ආ මෝටර් බයිසිකලයෙන්ම යන්නට ගියේ ය. කිසිදු අනතුරක් සිදු නොවී එය සැබෑ වශයෙන්ම කුරියර් පාර්සලයක් බව දැන ගැනීම හදවත මත තිබූ ලොකූ බයක් සැහැල්ලු කළේය.

ඒත් සමඟම සිරියා පැමිණ මා වෙත පාර්සලය දිගු කළාය. සැබැවින්ම එය ලොකු ප්රමාණයේ ලියුම් කවරයකි. මම එය එවා තැබූ ලිපිනය කියෙව්වෙමි.

ලංකාවේ ප්රසිද්ධ නීතිඥවරයෙකුගේ නමත්, ලිපිනයත් මම දෙවන තුන්වන වරටත් කියෙව්වෙමි. එසේ නම් ඇමතිතුමා මම යළි යළිත් සිහිපත් කිරීමට පෙර ඔහු ඔහුගේ පොරොන්දුව ඉටු කර ඇත.

මම සුවපහසු අසුනක හිඳගෙන ලියුම් කවරය විවර කොට අදාළ ලිපි ලේඛන පිටතට ගත්තෙමි. එදා ඇමතිතුමා මට පොරොන්දු වුණත් ඔහුගේ එතරම් වටිනා නිවහන මා වෙත මෙතරම් පහසුවෙන් පවරාවි යැයි මම සහතික කොට හිතා නොසිටියෙමි.

ඇමතිතුමා යනු එතරම්ම කපටියෙකි. පොරොන්දු ඉටු කිරීම ඔහුගේ ක්රමය නොවේ. ඒ සියල්ලම පසෙකලා ඔහුගේම නිවහන මා වෙත පවරා දීම සැබැවින්ම මා මවිතයට පත් කළේය.

ඇමතිතුමාගේ තීරණය පරිදි මා නාගරාජ් වෙත ගියද මගේ ඉල්ලීම වූයේ මෙයයි. ඇමතිතුමා දිවි ගෙවන අති සුපිරි මන්දිරය මා වෙත පවරා ගැනීමයි. මගේ අරමුණු ඉටු කර ගැනීමට මම මාරයා සමීපයට වුවද යෑමට පසුබට නොවෙමි.

අවසානයේ ඇමතිතුමා පොරොන්දුව ඉටු කර ඇත. මම ලියකියවිලි එකින් එක පරීක්ෂා කළෙමි. අහම්බෙන් මෙන් මට විහාන්ගේ හැඟීම් විරහිත දෑස් සිහිපත් විය. ඔහු මට මේ ගැන කියමින් දොස් නැගූ අයුරු මතක් විය.

සැබැවින්ම මට අවැසි වූයේ මේ ඇමති මන්දිරය මා වෙත පවරා ගැනීම නොවන බව ඔහු තේරුම් නොගත්තේ ය. විහාන් සිහිපත් වී හදවත පුරා අඳුරු වළාකුළු එබිකම් කරද්දී මම සියලුම ලියවිලි ලියුම් කවරය තුළටම දමා එය ගෙන ගොස් මගේ අල්මාරිය තුළට පරිස්සමෙන් දැමුවෙමි.

සිදු වූ කිසිවක් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිව පැය කිහිපයක් ගෙවී ගියේ ය. එමෙන්ම ඇමතිතුමාගේ මෙන්ම අරුල්ගෙද දුරකතන තිබුණේ ක්රියා විරහිත කොටය. මා උන්නේ කුතුහලයෙන් දැවෙමිණි.

සිදු වූයේ කුමක්දැයි නොදැන මෙසේ බලා සිටින්නට සිදු වීම කෙතරම් ඛේදජනකද..?? මම දවල්ට බත් කටවල් දෙක තුනකට වඩා නොකෑවෙමි. එතරම්ම මා උන්නේ නොඉවසිල්ලෙනි.

සවස් යාමය වන විට නාදුනන මළ සිරුරක් වෙරළට ගසා ගෙන ආ බව විශේෂ පුවත් හරහා ප්රචාරය විය. සැබැවින්ම ඒ මළ සිරුරු නොවන බවත් කිහිප දෙනෙකුගේ සිරුරුවල කොටස් බව මුහුණු පොතේ පළ වූ වීඩියෝවක් ස්ථිර කරේ ය.

එසේ නම් අරුල් නාගරාජ් ඇමතිතුමාගේ අනෙක් ආරක්ෂකයින්වද අල්ලා ගන්නට ඇත. ඔහුගේ කෝපය ගැන දන්නා මා ඊලග ප්රවෘත්තිය වෙනුවෙන් මඟ බැලුවෙමි. මා රිදවූ ආරක්ෂකයින්ට එසේ දඬුවම් ලැබුණි නම් ඒ සියල්ලම මෙහෙය වූ නාගරාජ්ට ලැබූ මරණය දැන ගැනීමට මට තිබුනේ ඉවසා ගත නොහැකි කුතුහලයකි.

නමුත් රාත්රිය උදා වන තුරු මට කිසිදු තොරතුරක් නොලැබුණි. ඉකුත් දවස පුරා සිදු වූ ඝාතන රැල්ලේ ප්රතිපලයක් ලෙසින් මුළු ලංකාවම කැළඹී ඇත. එමෙන්ම ලංකාවේ වත්මන් දේශපාලනයේ ඉහළින්ම වැජඹෙන ඇමතිවරයෙකුගේ අතුරුදන් වීම සියල්ලන්ගේම හිත් බියෙන් පුරවන්නට සමත් වී ඇත.

රාත්රී එකොළහට පමණ මුහුණු පොතේ නාදුනන අයෙක් මට එක්තරා වීඩියෝවක් එවා තිබුණි. එහි දර්ශන අඳුරු මුත් ආරම්භයේදි අපැහැදිලි, නමුත් කිසිවෙක් වේදනාවෙන් කෑ ගසනා හඬක් පසුබිමෙන් ඇසුණි.

විනාඩියයි තප්පර හයකට පමණ පසු මම ඒ හඬ හඳුනා ගතෙමි. ඒ අන් කිසිවෙකුත් නොව නාගරාජ් ඇමතිතුමාය. තවත් තප්පර ගණනකට පසු වීඩියෝ නිමා වුවත් නාගරාජ් ප්රතිපල විඳමින් ඉන්නා බව මම දනිමි.

මම නාදුන්නාට කිසිදු පණිවිඩයක් හෝ කිසිදු ප්රතිචාරයක් නොයැව්වෙමි. ඒ විහාන් බව මම හොඳින්ම දැන උන්නත් මම කිසිත් නොදන්නා ලෙස උන්නෙමි.

අරුල්ගේ දුරකතනයට මම යළිත් ඇමතුම් කිහිපයක්ම ගත්තෙමි. මධ්යම රාත්රිය පසු වී විනාඩි කිහිපයක් ගෙවුණ තැන ඔහුගෙන් ඇමතුමක් ලැබුණි.

" අරුල්.. මොකද වෙන්නේ..?? කෝ ඇමතිතුමා.."
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI