හතළිස්වෙනි කැළැල 40
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
මා ඔහුට කළ වරදක් නැත. මා කළ එකම දෙය නම් ඔහුව මේ කාළකණ්ණි පළි ගැනීමෙන් නිදහස් කිරීම පමණි. නමුත්...? දෑස් අග තෙත්ව යනු දැණුනත් මම තදින් දෑස් පියා ගත්තෙමි.
එක දිගට නාද වෙන දුරකතනයට අත යවමින් මම දෙනෙත් ඇරියෙමි. කාමරයම එළිය වැටී ඇත. දුරකතන තිරයෙහි වූයෙ අරුල්ගේ අංකයයි. මම වහාම ඇමතුමට සම්බන්ද වූවෙමි.
" අරුල්.. "
"වට්සැප් ෆොටෝ වගයක් දැම්මා. ඔක්කොම ඉන්නවා ද බලනවා. "
ඔහු එපමණක් කියා ඇමතුම නිමා කළේය. මම යහනෙහි වාඩි වෙමින් අරුල් එවූ චායාරූප එකින් එක බැලුවෙමි. එහි වූයේ එදා රාත්රියේ මා හප කරමින් මා නොමරා මරමින් මගේ සාරය උරා ගත් නාගරාජ් ඇමතිතුමාගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුගේ චායාරූපය ඒ අතර විය.
ඒ සියල්ලන්ම පණ ඇත්තවුන් නොවේ. එකින් එක එකින් එක චායාරූප ඔස්සේ මම ඇඟිලි තුඩු ගෙනිච්චෙමි. ඊලග තප්පරේ දුරකතනය යහනටම විසි කොට දෑතින්ම මම හිස කෙස බදා ගත්තෙමි. ඒ කුරිරු රැය සිහිපත් වන විට දැනුදු මගේ හිස මාරාන්තික වේදනාවකින් පෙලේ.
විටක මා හුස්ම ගැනීමට නොහැකිව සිහියත් අසිහියත් අතර ජීවිතය ඉල්ලා දෙවියන් සිහිපත් කර අයුරුත්, වේදනාව ඉවසා ගත නොහැකිව මා මරණයම ප්රාර්ථනා කර අයුරුත් තවමත් මට අමතක කළ නොහැක.
ඒ කාළකණ්ණි මුහුණු මම යළිත් සිහිපත් කළෙමි. අරුල් එවූ චායාරූප අතර දෙදෙනෙක් නැත. එක දිගට නාද වෙන දුරකතනය මම යළිත් අතට ගත්තෙමි.
"දෙන්නෙක් නෑ. "
මම එපමණක් කියා ඇමතුම නිමා කළෙමි.
කිසිදු වරදක් නොකළ වුන් තලා පෙළා දමමින්, ඔවුන්ගේ සැනසීම හූරා කමින්, ඔවුන්ගේ ආත්මය මත නොමැකෙනා වේදනාත්මක කැළැල් තබනා එවුන් වන්දි ගෙවිය යුතුය.
මම ලොකු හුස්මක් ගෙන යහනින් බැස්සෙමි. යටි කයෙන් දැනෙනා වේදනාව තරමකට අඩුව තිබුණත් මට හරි හැටි ඇවිදිමට නොහැක. මා හැකි ඉක්මනින් සුව විය යුතුය. මගේ ගමනේ ඊලග පියවර කරා එළඹිය යුතු ය.
කිසිදු කලබලයකින් තොරව මම සිරියා රැගෙන ආ ඉඳි ආප්ප හා අල හොඳි කුස පිරෙනා තුරු කෑවෙමි. ඉන් පසු ඇය වතුර උණු කර මා නෑව්වාය. මගේ තෙත කොණ්ඩය වියළමින් නොනවත්වා ඇමති ගුණ ගායනාව සිදු කළාය.
මම ඒ සියල්ලම ඉවසමින් ඊයේ රාත්රියේ කුමක් සිදු වූ වාදැයි සිතමින් සිටියෙමි. ඇමති ආරක්ශකයින්ගේ ප්රාණය නිරුද්ධ මළ සිරුරු දුටුවද නාගරාජ් ඒ අතර සිටියේ නැත. මගේ සැලසුම මා සැලසුම් කර අයුරින් සාර්ථක වීමට නම් දෙපාර්ශවයටම හානි සිදු විය යුතුයි. ඔව්..
නාගරාජ් යනු ලංකාවේ වර්තමාන දේශපාලනයේ ඉහළින්ම සිටිනා බලවත් අත්තකි. ඔහුට පහර දීම කාටවත් පහසු නැත. යුද්ධයෙන් ජය ලැබූවෝ නැත. දෙපාර්ශවයටම හානි සිදුවේ. ජීවිත අහිමි වීම් සිදු වේ. අවසානයේ පණ බේරාගත්තවුන් ජය ලබති.
උදේ දහය පමණ වන විට විශේශ පුවත් ලැබෙමින් තිබුණි. මම හෙමින් ඇවිද ගෙන ගොස් රූපවාහිනිය ඉදිරියේ අසුන් ගතෙමි.
පළමුවෙන්ම රටම කැළඹු පුවත වූයේ පෙර දින රාත්රියේ නාගරාජ් ඇමතිතුමාට අයත් නිවසකට මැර කණ්ඩායමක් පහර දී ඇති බවයි. එයින් ඇමති ආරක්ශකයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මුහුණු පොතේ ඒ නිවසේ වීඩියෝ පටයක් හුවමාරු වෙමින් තිබුණි.
ඒ පෙරදා රාත්රියක මා පිටව ආ සුවිසාල මන්දිරයයි. හිත පුරා ඉහිරුණ ප්රීතිය මම කකුලක් පිට කකුලක් දමා ගෙන හිත් සේ වින්ඳෙමි.
තවත් මොහොතකින් සංසරණය වූ විශේශ පුවත වූයේ නාගරාජ් ඇමතිතුමාගේ නිවසට පහර දුන් පුවතයි. එමෙන්ම නාගරාජ් ඇමතිතුමා පිළිබඳ කිසිම තොරතුරක් කිසිම මාධ්යයක පළ නොවුණි. මම විවිධ නාලිකා මාරු කරමින් නැවත නැවතත් එකම ප්රවෘත්තියම නැරඹුවෙමි.
එයින් නොනැවතී මුහුණු පොතින්ද එම සිද්ධියට අදාළ වීඩියෝ හා චායාරූප නරඹමින් මම ඒ සතුට කුරිරු ලෙස වින්දෙමි.
නමුත් ඇමති නාගරාජ්ට වූයේ කුමක්ද පිළිබඳ තවමත් ආරංචියක් නැත. මම ඇමතිතුමාගේ දුරකතනයට ඇමතුමක් ගත්තෙමි. ඒ වන විටත් එය තිබුණේ ක්රියා විරහිත වීය. කුතුහලය සහ බලා හිඳීම අවසන් වූ තැන මම අරුල්ට ඇමතුමක් ගත්තෙමි. නමුත් ඔහුගේ දුරකතනයද තිබුණේ ක්රියා විරහිත කොටය.
කුමක් නමුත් මා නොදන්නා යමක් සිදු වෙමින් පවතින බව මට ඉවෙන් මෙන් දැනුණි. නමුත් හරි හැටි තොරතුරක් නොමැතිව මේ සතුට විඳීම ප්රමාණවත් නැත.
තවත් පැයකින් පමණ සියලු මාධ්ය කළඹවමින් කලු ඇද ගත් පිරිසක් මත් පැන් පානය කරමින් සිටි පිරිසක් මැදට පැන කඩු වලින් ඔවුන් කපා කොටා ඝාතනය කරනා වීඩියෝවක් සමාජ මාධ්ය හරහා සංසරණය වෙන්නට පටන් ගත්තේය. මම ඒ වීඩියෝව කිහිප වතාවක්ම බැලුවෙමි.
ඒ ස්ථානය මම හොඳින් හඳුනා ගත්තෙමි. එමෙන්ම මම වීඩීයෝව නැවත නැවත නවතමින් ඒ මුහුණු හඳුනා ගන්නට උත්සහ කළෙමි. ඇමතිතුමාගේ මැර ආරක්ෂකයින්ගේ වේදනාත්මක මුහුණු මෙන්ම මරණාසන්න මොහොත මම උමතුවෙන් මෙන් නැරඹුවෙමි.
තවත් විනාඩි කිහිපයකින් දෙවන වීඩීයෝවද සමාජ මාධ්යට මුදා හැර තිබුණි. එහි වූයේ කලු හැඳ ගත් පිරිස අතර සිටි යමෙක් ඒ එක් එක් මළ මිනිය අසලට ගොස් ඔවුන්ගේ මුහුණු තම දුරකතනයෙන් චායාරූප ගත කර ගන්නා ආකාරයයි. ඒ දේහ ලක්ශන වලින් මෙන්ම ඒ චායාරූප මට ලැබුණ බැවින් ඒ ඉන්නේ අරුල් බව මට සහතිකය.
එසේ නම් මෙය වීඩීයෝ ගත කරේ කවුද..??
මගේ මනසට ආවේ එක් නමක් පමණි. විහාන් පලිගැනීමේ වියරුව අත් හැර දමා නොමැත. කාටත් රහසේ ඔහු ඇමතිතුමා හා අරුල්ගේ පසුපසින් යන්නට ඇත.
තත්ත්වය තව තවත් උණුසුම් කරමින් නාගරාජ්ගේ නිවසේ තිබී නීත්යානුකූල නොවන තුවක්කු සහ වෙඬි බෙහෙත් පොලීසිය සොයා ගෙන තිබුණි. ඒ සියල්ලෙහිම වීඩීයෝ දර්ශන මාධ්ය නාලිකා විසින් ප්රචාරය කළේය.
මම දෑස් වසා ගතෙමි. මට මැවි මැවී පෙනුනේ මා පිඩාවට පත් කරමින් වින්දනයක් ලැබූ ඒ පව්කාරයින්ගේ වේදනාත්මක මුහුණු ය. ඔවුන්ගේ මරණය සිහිපත් කරමින් මම සැබෑම සතුටක් වින්දෙමි. මගේ වියළි මුහුණ මත සිනහවක් ඇදෙන්නට ඇත.
තවත් මොහොතකින් මම මහ හඬින් සිනාසුණෙමි. හදවත තුළ හිර කර තබා ගෙන උන් විශාල බරකින් අඩක් නිදහස්ව යන අයුරු මම සිත් සේ වින්දෙමි. පෙර දිනක රාත්රියේ මා දරා ගත් මේ සා වූ වේදනාවන්හි ප්රතිපල මම සැබැවින්ම විඳමින් සිටියෙමි.
" නෝනා.. නෝනා.. "
මම දෑස් හැරියේ සිරියාගේ හඬටයි. උමතුවෙන් මෙන් සිනාසෙන මා දෙස ඈ බලා උන්නේ බියපත් දෑසෙනි.
" නෝනා.. "
" මං පිස්සුවෙන් කියලද හිතුවේ නැන්දා.. ??"
ඇය හිස සැලුවා ය.
" නැන්දා.. අර බල්ලු බළල්ලු වගේ මැරිලා ඉන්නේ කවුද කියලා දන්නවද..?? උන් තමයි මට මෙච්චරට වද දුන්නේ.. උන් සේරම මාව නොමරා මැරුවා. මට දස වද දුන්නා.. "
"අන්තිමේ උන්ට විඳවන්න වුණා.."
මම ගොරෝද හඬකින් කිව්වෙමි. ඇය මා දන්නේ නැත. මා දරා පරිමාණය ඈ දන්නේ නැත. සිරියා හෙමින් මා වෙත පැමිණ මගේ හිස අත ගෑවා ය. ඇගේ හිත මා වෙනුවෙන් උණු වූවාද නැතිනම් මා යම්කිසි මානසික ආබාධයකින් පෙළෙනවා යැයි සිතා මා සන්සුන් කරන්නට එසේ කරාදැයි මා දන්නේ නැත.
නමුත් මගේ දෑසින් සැනසිලිදායක කදුලක් ගිලිහුණි.
" අපේ ඇමතිතුමා ද නෝනා ඔය ඔක්කොම කරලා තියෙන්නේ..??"
මම හිස සෙලෙව්වෙමි. කළු ඇද ගත් පිරිස අතර ඇමතිතුමා නොසිටියද ඒ සියල්ලම ඇමතිතුමාගේ සැලසුම් බව මම දැන උන්නෙමි. අරුල් ඒ සියල්ලම ක්රියාත්මක කළේය.
" මං කිව්වේ.. ඇමතිතුමා නෝනාට ආදරෙයි.. "
දෙන්නට දිග පිළිතුරක් තිබුණද ඇහැට දකිනා දෙයින් මිනිසුන්ගේ දිග පළල මනිනා අහිංසක ගැහැණියකට මා කිසිවක් කිව යුතු නැත.
නමුත් ඇමතිතුමාට වූයේ කුමක්ද..? නාගරාජ් කොහෙද..?? ඒ ප්රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට නම් අරුල් හෝ ඇමතිතුමා මගේ ඇමතුමට සම්බන්ද විය යුතු ය.
තවත් මොහොතකින් කවුරුන් හෝ ගේට්ටුවට ගසනා හඬ ඇසුණි. මම සිරියාගේ මුහුණ දෙස බලා දොර ගාවට ගියෙමි. ඒත් සමඟම මගේ දුරකතනය නාද වුණි. ඊලග තප්පරේ ගේට්ටුවට ගැසීමද නතර වුණි.
" හෙලෝ.. මැඩම්.."
" කවුද මේ..??"
" මැඩම් අපි ............ කුරියර් එකෙන්. මැඩම්ට පාර්සලයක් තියෙනවා. මං ඇඩ්රරස් එකට ඇවිත් ඉන්නේ.."
" හරි.. "
මම දුරකතන ඇමතුම නිමා කර යළිත් ගේට්ටුව දෙස බැලුවෙමි. කුරියර් මාර්ගයෙන් ලැබෙන්නට මා කිසිවක් ඇණවුම් කළේ නැත.
" කුරියර් එකකින් කිව්වා.. "
සිරියා මා දෙස බලා ගේට්ටුව දෙසට ගියා ය..
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.