තිස්පස්වෙනි කැළැල 35
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
"මං ගෙදර යනවා ඇමතිතුමා.. "
මගේ උගුරින් හඬක් පිට වූවාද නැද්ද මම නොදනිමි. නමුත් ඇමතිතුමා අත වනමින් කුමක්දෝ මිමිණුවේ ය.
මම කකුලක් කොර ගසමින් ඇමති මන්දිරයෙන් එළියට ආවෙමි. මා එනු දුටු රියදුරු මෝටර් රථයේ දොර ඇරියේ ය. සමහර විට වියපත් ඔහු මට අනුකම්පා කරන්නට ඇත. නමුත් අනුකම්පාව අවැසි දුර්වලයින්ට ය. මා දුර්වල ගැහැණියක් නොවේ.
විටින් විට ඔහු මා දෙස අනුකම්පා දෑසින් බලනු දුටුවත් මම වුවමනාවෙන්ම ඔහු දෙස නොබැලුවෙමි. ඔහු ඇවිත් දොර විවර කර දුන් පසු මම නිහඬවම ගේට්ටුව හැර ගෙන නිවස දෙසට ඇවිද ගෙන ගියෙමි.
අවසානයේ දොර පාමුල වාඩි වී පොරෝනාවට ගුලි වී මම දෑස් පියා ගත්තෙමි. හදවත දිය වී ලෝදිය මෙන් වැගිරෙන තරම් වේදනාවක් මගේ අභ්යන්තරයෙන් දැනේ. මගේ ආත්මය දැවී ඒ ගින්නෙන් මා මියෙනවා නම් කියා එක මොහොතකට මට සිතුණි.
නමුත් මේ සා දුක් කන්දක් මා තරණය කරේ මරණයේ දෙව්දුව තුරුලු කර ගන්නට නොවේ. මගේ ආත්මය පුරා කැළැල් ඇති කළ සියලුම පාපතරයන් ඒ කැළැල් වලින්ම දැවී අලුව යන අයුරු දැකීමටය. මම ගැඹුරු හුස්මක් ගතෙමි. ඉන් පසු අඳුරු අහස දෙස බලා මම මහ හඬින් සිනා සුණෙමි.
විටෙක ඇස් වලින් ගලන කඳුලු කම්බුල් මත පවන් සැලුවාය. මුවගින් ගිලිහෙන සුසුමන් හිනාවට විවේකයක් ගෙනාවාය. සැබැවින්ම මම උමතු ගැහැණියක් මෙන් අඬ අඬ සිනාසුණෙමි.
මේ රැය පහන් වෙද්දී ඇමතිතුමාලගේ ජීවිත කතා වෙනස් වෙන අයුරු සිහි කරමින් මම සිනා සුණෙමි. ඉවසා ගත නොහැකි වේදනාවන් ගත පුරා දැනෙද්දි මම හැඬුවෙමි. මාරයාගේ කටින් ප්රාණය පමණක් හෝ රැක ගෙන ගැලවී ආ ප්රීතියට මම සිනාසුණෙමි. ඒ සඳහා මා මගේ ශරීරය කැප කරන්නට වූ බව සිතමින් මම හැඬුවෙමි.
අවසානයේ සරීනා නම් මා උමතුවෙන් මෙන් දොර පඩිය මත හිඳ ගෙන අඬමින් සිනාසුණෙමි.
" සරීනා.. "
දොර විවර වනු ඇසුණත් මම ඔහේ කඳුලු සලමින් උන්නෙමි. විහාන් මා අසලින් හිඳ ගනු දැනුණත් මම එකදු ඉරියව්වක් හෝ වෙනස් නොවී උන්නෙමි.
" ඇයි මේ.. ?? ඔයා හොඳින් නේද..??"
විහාන්ගේ හඬ මට සිහිපත් කරේ ඔහුත්, ඔහුගේ රුවැති යුවතියත් එකම සිනාවක් බෙදා ගෙන උන් මොහොතයි. එබැවින් මම පිලි අල්ලෙන් කම්බුල් පිස දමා ගත්තෙමි.
අඩ අඳුරේ ඔහු මා දෙස බලා උන්නේය. නමුත් ඔහුට මගේ මුහුණ පෙන්නෙන්නේ නැත.
" සරීනා.. "
ඔහු යළිත් මගේ නම මුමුණමින් නැඟිට විත් මගේ මුහුණට එබුණේ ය.
" දෙයියනේ සරීනා.. !!"
ඔහු මගේ මුහුණ දකින්නට ඇත. ඔහු එතරම් කැළඹීමට පත් වන්නට තරම් මගේ සුන්දර මුහුණ අසුන්දර වී ඇතුවා වන්නට ඇත. ඔහුගේ ඇඟිලි තුඩු මගේ කම්බුලේ ස්පර්ශ වුණි. මා එවෙලෙහිම ඔහුගේ දෑත ගසා දැමුවෙමි.
" මාව අල්ලන්න එපා.. "
මගේ උගුරින් ගොරෝද හඬක් පිටවුණි. ඒ මගේ කට හඬමදැයි මට විශ්වාස නැත. එය එතරම්ම අමිරිහිය. නමුත් ඔහු යළිත් මගේ කම්බුල් ස්පර්ශ කරමින් මගේ මුහුණ දෝතට ගත්තේ ය.
" මාව අල්ලන්න එපා.. "
මා පෙරටත් වඩා උස් හඬින් කියමින් ඔහුගේ දෑත් ගසා දැමුවෙමි. මට ඔහුගේ අනුකම්පාව එක මොහොතකට හෝ අවැසි නැත.
" මොකක්ද තමුසෙට වෙලා තියෙන්නේ.. මට පෙන්නන්නම බැරි තමුසෙගෙ ඔය මාන්නේ.. "
එසේ කියමින් ඔහු මට පිටුපා අඩි කිහිපයක් ඇවිද ගියේ ය. ඔහු බොහෝ කෝපයෙන් විය යුතුය. නමුත් මෙතන යමෙක් කෝප ගත යුතු නම් ඒ මාය. මගේ කාළකණ්ණි දෛවය ගැන මා තරම් කෝප විය යුතු යමෙක් තවත් නැත.
ඇරත් මගේ මුහුණ ඔහුව මෙතරම් කැළඹීමට පත් කරා නම් මා පොරෝනාවෙන් වසා ඉන්නා මගේ ගත දුටු විට ඔහු කෙතරම් කෝපයෙන් ඇවිලෙයිද..??
" ඔය ෆෝන් එක දෙන්න.. "
බිම තිබූ මගේ අත් බෑගය පෙන්වමින් මම ඔහුට කීවෙමි. ඔහු කෝපයෙන්ම මා වෙත හැරී මගේ දුරකතනය මට දුන්නේ ය.
" තමුසේ ඔය ගෙයක් හින්දද ඔච්චර නැහුණේ..?"
ඔහුගේ වදන් නෑසුණා සේ මම ඇමතිතුමාගේ අංකයට ඇමතුමක් ගත්තෙමි. වරක් දෙවරක් නාද වෙද්දිම ඔහු ඇමතුමට සම්බන්ධ විය.
" සරීනා.. "
" ඔයා කොහෙද කෙල්ලේ ඉන්නේ.. ? කරදරයක් නෑනේ.."
ඇමතිතුමාගේ කට හඬ අනුව මම හඬන්නට පටන් ගතෙමි. ඉකි ගසමින් නොනවත්වා විනාඩි කිහිපයක්ම මම හැඬුවෙමි.
" සරීනා.. ඔයා හොඳින් නේද.. ?"
" අනේ ඇමතිතුමා... "
මම කෙඳිරි ගෑවෙමි. සැබැවින්ම එය රඟපෑමක් වුවත් මා උන්නේ එතරම්ම වේදනාවෙනි.
"කොහෙද ඉන්නේ සරීනා.. මං මේ දැන් එනවා.. "
" මං ගෙදර ආවා.. "
ඉතින් එපමණකි. ඇමතිතුමා ඇමතුම විසන්ධි කරේය. එසේ නම් ඔහු පැමිණේ.
"මට නම් තමුසෙව තේරෙන්නේ නෑ සරීනා. ඔය මූණත් සුදුමැලි වෙලා. උන් ඔයාව නොමරා මරලා සරීනා. ඒත් තමුසේ තාමත් රඟ පානවා."
විහාන් එසේ කියමින් ගේ ඇතුළට ගියේ ය. එසේ නම් ඔහු අඳුරු සෙවණැලි තුළ සැඟව යන්නට සැරසේ.
" ආයේ එන්න එපා විහාන්.. "
ඔහුට ඇහෙන නෑහෙන ගාණට මම මිමිණුවෙමි. එය ඔහුට ඇසෙන්නට ඇත. ඔහු එතනම නැවතී මා දෙස බැලුව්වෙ ය
" මෙතන ඉඳන් මට තනියෙන් පුළුවන්.. "
"තමුසෙට පිස්සු. "
මම අහක බලා ගත්තෙමි. මට නැතත් ඔහුට මේ පලිගැනීනෙන් පිට ඔහුගේම කියා ජීවිතයක් තිබිය යුතුය. ඔහුගේ හදවත නොසංසිඳෙනා ප්රේමයෙන් ඉතිරිය යුතුය. ඔහුගේ හදවතේ ඇති කටුක වෛරය සුළඟට ගසා ගෙන යා යුතුය.
අවසානයේ ඔහු අඳුරේම අතුරුදන් විය. මම දියවී වැටෙනා හදවත බොහෝ ආයාසයෙන් දරා ගත්තෙමි.
අත් හරිනා සියල්ලටම පසුවත්, කැප කරනා සියලු වටිනාකම් වලට පසුවත් මා සැලසුමේම සිටිය යුතුය. මම ගැඹුරු හුස්මක් ගෙන එක දිගට පහරවල් කීපයක් හිස දොර උළුවස්සේ ගසා ගතෙමි. හදවත මත මඳක් හෝ හැඟීම් උණුසුම් කළ ඔහුට සමුදීමේ වේදනාව නළල පැලි ගැලූ ලෙයත් සමඟ මුහු වන්නට ඇත.
මම මොහොතකට සැනසුණෙමි. ගැහැණු යනු කප්පරක් දුක් නිහඬව දරා ගත හැකි ජීවීන් ය. නමුත් එහි අවසානයක් තිබිය යුතුමය.
තවත් විනාඩි ගණනාවකට පසු ඇමතිතුමාගේ වාහනය මිදුල මත නතර වූයේය. මම යළිත් පොරෝනාව තුළට ගුලි වී මහ හඬින් හැඬුවෙමි. ඇමතිතුමා මා ළැඟට ඇවිද විත් මා වැළැඳ ගත්තේය.
" මොකද සරීනා වුණේ.. ? ඔයාව ගැහෙනවා.. "
" අනේ.. ඇමති..තුමා..මාව මරලා දාන්න ඇමතිතුමා.. මට දරන් ඉන්න බෑ දෙයියනේ.. "
මම කෙඳිරි ගාමින් කීවෙමි. ඇමතිතුමාගේ පිටුපසින් අරුල් පැමිණ හිට ගන්නා අයුරු මම ඇස් කොණකින් දුටුවෙමි.
" සරීනා.. "
" මං දිහා බලන්න ඇමතිතුමා.. ඌ මාව නොමරා මැරුවා.. "
මම උරහිස් වටා දමා ගෙන උන් පොරෝනාව ගලවා දැමුවෙමි. කහ අලෝකයට දිලිසෙන මගේ සම මත ඇති රතු, නිල් කැළැල් ඔහු හොදින් දකින්නට ඇත. එමෙන්ම ලේ ගලනා මගේ නළලත්, ලේ වියළී ඇති මගේ දෙතොලත් මත ඔහුගේ දෑස් දුවන අයුරු මම බලා උන්නෙමි.
" ඌ මොනවාද කිව්වේ..?"
ඔහු මගේ මුහුණට එබෙමින් ඇසුවේ ය. නමුත් මම කිසිවක් නොකියා හයියෙන් හැඬුවෙමි.
"මොනාද ඒ බල්ලා කිව්වේ. කියන්න සරීනා..."
ඔහු මගේ උරහිස් අල්ලමින්..
______________________________
ඇත්තටම නාගරාජ් සරීනාට මොකද කිව්වේ..??? ඇත්තමයි සරීනා එයාගේ සැලසුමේ තාමත් ජීවත් වෙනවා.
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.