තිස් හතරවෙනි කැළැල 34

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 කිහිප වරක් නද දුන් ඇමතුම පිළිතුරක් නොලබාම විසන්ධි විය. හෙට දිනට එළි වන විට මගේ සටනින් අඩක් නිමා විය හැකිය. නමුත් මා උන්නේ විසිරුණු සිතුවිලි රාශියක් මධ්යයේ ය. තවත් විනාඩි ගණනාවකට පසු ඇමතිතුමාගේ රියදුරෙකු පැමිණියේ ය.


මම හිස් හැඟීමකින් නිවසේ දොරත් වසා වාහනයට නැගුණෙමි. මා අත වූයේ මගේ දුරකතනය දැමූ කුඩා අත් බෑගය පමණි. ඇමතිතුමා මට ඇමතුමක් හෝ දේවියැයි මා බලාපොරොත්තු වුවද ඔහු මා ඇමතුවෙ නැත.

සියල්ල සිදු වෙමින් පැවතියද කුමක් හෝ හැඟීමක් මගෙ යටි සිත රිදවමින් ඇත. නමුත් ඒ හැඟීම කුමක්දැයි මට වෙන්ව හඳුනා ගත නොහැකි තරමටම මා උන්නේ කැළඹීමෙනි. මාර්ග තදබදය නිසා මෝටර් රථය නවතා තිබුණි. මගේ දෑස් එකවරම නතර වූයේ හුරුපුරුදු රුවක් වෙතයි.

විහාන්.... ඔහු පාරේ අයිනේ නැවතුමක හිට ගෙන සිටී. ඔහු අසලින්ම රුවැති යුවතියක් සිටී. ඔවුන් දෙදෙනාගේ දෑස් මත සුන්දර සිනහවක් රැඳී තිබුණි. මම වහා අහක බලා ගතෙමි.

හදවත පුරා විදුලියක් මෙන් යමක් එහෙ මෙහෙ යමින් තිබේ. එය සියුම් වේදනා රැසක එකතුවකි. විහාන් පිළිබඳ මගේ හදවතේ ඇති හැඟීම ගැන පළමු වරට මට ලජ්ජාවක් දැනුණි. මට මා සමඟම බොහෝ කෝපයක් දැනුණි. ඔහු තවත් යුවතියක් හා සිටීම දුටු පමණින් හදවත මෙතරම් වේදනාවක් ආරුඪ කර ගත්තේ ඔහු සැබැවින්ම මගේ හදවතට විශේශ වූ බැවිනි.

ගත නිරුවත් වූවාටත් වඩා වේදනාවක් හදවත නිරුවත් වූ විට දැනෙන බව මම අත්විඳමින් සිටිමි. ඔහු පිළිබඳ මෙතරම් සිතුවිලි රැසක් හදවත මධ්යයේ දලුලමින් තිබූ බව මෙතුවක් කලක් මම නොදැන උන්නෙමි.

ඒ සියල්ලම පරයා මට දැනුණේ මා කෙතරම් ආත්මාර්ථකාමි ගැහැණියක්ද යන්නයි. මා යනු දෙවියන් විසින් පිරිමියෙකුට ආදරය කිරීමට හෝ පිරිමියකගෙන් ආදරයක් ලැබීමට තැනූ කෙනෙකු නොවේ. එතරම් ප්රීතිමත් දෛවයක් ඇති බව මගේ යටි හිත හීන මැව්වේ කෙසේද..? මට මා ගැනම ලජ්ජාවක් දැනුණි.

දෑස් මතින් වැටෙන්නට වලි කන කඳුලු බිඳු මම සුසුමකින් ගිල ගතෙමි. ඉතින් ආදරණීය පාඨකය.. විහාන් යනු මා වන් ළඳක් හිමි විය යුතු අයෙකු නොවේ. ඔහු ගැන මටත් හොරා මගේ හිතේ ඇති තණ්හාව මා මරා දැමිය යුතුය. ඒ හැඟීම මා මරා දැමිය යුතු ය.

තවත් මොහොතකින් වාහනය නාගරාජ් ඇමතිතුමාගේ නව මන්දිරය ඉදිරිපස නතර කෙරුණි. මා උන්නේ වේදනාවෙන්ම ගල් වූ හදවතක් සමඟ හැඟීම් දැනීම් නොදැනෙන තරමටම සිතුවිලි හිර කර ගෙනය.

ඇමතිතුමා එනතුරු මම විශාල කාමරයක සුදු පැහැ රෙදි ඇතිරූ යහනාවක් මත වාඩි වී සිවිලිම දෙස බලා ගෙන උන්නෙමි. මගේ කුඩා අත් බෑගය අසල තිබූ මේසයක් මත තිබුණි. එය මත වූ විවිධ වර්ගයේ මත් පැන් බෝතල් විදුලි ආලෝකයට දිලිසෙමින් තිබුණි. එසේ නම් ඇමතිතුමාගේ විනෝද රාත්රියට සියල්ල සූදානම් ය.

මා මෙතරම් අවාසනාවන්ත, කාළකණ්ණි ගැහැණියක් කළ මගේ කුරිරු දෛවයට මම වෛර කරමි. එමෙන්ම මා මෙතරම් පහළට ඇද දැමූ සියලුම මිනිසුන්ටද මම වෛර කරමි. එතැනින් නොනැවතී ඔවුන් සියල්ලන්ම මාගේ වේදනාත්මක ගින්නෙන් දැවී අලු වන තුරුම මම ඔවුන්ට වෛර කරමි. ඒ කිසිදු අයෙකුට මගෙන් සුලුමවත් සමාවක් නම් නොලැබෙනු ඇත.

මගේ සිතුවිලි සියල්ලම සී සී කඩ විසිරවමින් එකවරම කාමරයේ දොර ඇරුණි. වෙනදා දකින සුදු ජාතික ඇඳුමෙන් සැරසී කපටි හිනාවක් ද සමඟන් මා දෙස බලා උන්නේ නාගරාජ් ඇමතිතුමා ය.

" එහෙනම් කෙල්ලේ උඹ ආවා.. "

මා තුළ ඉන්නා නිළි රැජිණ මම ආරුඨ කර ගත්තෙමි. මම සිහින් සිනාවක් දෙතොල් මත ඇද ගත්තෙමි. මළාණික දෙනෙත් මත සරාගි බැල්මක් මවා ගත්තෙමි. එසේ නම් රාත්රී ආලිංගන නර්තනයට සරාගි සරීනා සූදානම් ය.

ඇමතිතුමා යහන පාමුලට ඇවිත් මා දෙස බලා උන්නේය. මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි. ඔහු මගේ නිකටින් ඔසවා මගේ කම්බුල් සියුම්ව ස්පර්ශ කරමින් ඔහුගේ ආරක්ෂකයින්ට සිහින් හඬින් යමක් කීවේය.

මම මොහොතක් දෑස් පියා ගෙන ගැඹුරු හුස්මක් ගත්තෙමි. පළමුව දොරින් ඇතුළු වූයේ පෙර දිනෙක පාරෙදි මා හමුවූ හැඩි දැඩි ආරක්ෂකයාය. ඔහුගේ පසුපසින් තවත් තිදෙනෙකු එකා පසුපස පැමිණියෝය. සැබැවින්ම මා බිය විය යුතුය.

නමුත් ආදරණීය පාඨකයිනි.. මා විශ්වාස කරන්න. මම කිසිදු හැඟීමක් නැත්තෙකු ලෙසින් බලා උන්නෙමි. විහාන් පිළිබඳ හදවතේ වූ හැඟීම් විසින් යන්තම් ප්රාණය අයදිමින් සිටි මගේ හදවත මරා දමා තිබුණි.

" මොකද කෙල්ලේ...? හතර දෙනෙක් මදී වගේද..??"

මම කිසිවක් නොකියා යහනෙන් බැස පළමු මත් පැන් බෝතලය අතට ගත්තෙමි. ඉන් පළමු වීදුරු ඇමතිතුමාගේ දෑතින් තබා බෝතලයේ ඉතිරි මත් පැන් සියල්ලම මගේ නිරුවත් ගෙලත් උරහිස් දෙකත් තෙමී යන අයුරින් හලා ගත්තෙමි. මා ගට්ග දවටා උන් ගවුමත්, මගේ පිරුණු ළැමත් මත් පැන් වලින් තෙමී ගියේ ය.

" පටන් ගනින්... "

ඇමතිතුමාගේ ගැඹුරු හඬ දෙසවන් මත නතර වුණි. ඉන් දිරි ගත් නාදුනන ආරක්ෂකයෙක් මා වෙත පැමිණියේ ය. ඔහුගේ රළු දෑත් මගේ ඉන වටා එතෙද්දී මම දෑස් පියා ගතෙමි.

මුහුණට වැටුණ වතුර බිඳු වල සීතලට මම අපහසුවෙන් දෑස් විවර කළෙමි.

" ඒකිට සිහිය තියෙනවා බන්.. "

කාගේ හෝ හඬක් ඇසෙද්දි ඇහි පිහාටු වලට බරටම මගේ දෑස් යළිත් පියවුණි. වේදනාත්මක කෙඳිරියක්වත් පිට කර ගනු බැරුව මම හදවතින් වැළපුණෙමි. ඉන් පසු තවත් හෝරාවක්ම මා උන්නේ සිහියත් අසිහියත් අතරය. ගත පුරා දැනෙනා වේදනාවන් මා විසින් දරා උන්නා නොවේය. වේදනාවන් විසින් මා දරා උන්නේ ය.

ගතින් අඩක් තවමත් ඇත්තේ හිරි වැටී ගොස් ය. පැලුණු දෙතොල් අතරින් මුවගට ලේ රසයක් දැනුණි. අවසානයේ සියල්ල සංසුන් වූ අතර මා තවමත් ජීවත් වේ.

තවත් මොහොතක් හෝ මේ කාමරයේ රැඳී සිටින්නට නොහැක. ගත කෙතරම් රිදුම් දුන්නත් මම අපහසුවෙන් යහන මත ඉඳ ගත්තෙමි. මගේ නිරුවත් ගත පුරා සෑම තැනකම පාහේ තිබුණේ කැළැල් පමණි. එහි අයිතිකරුවන් යහනේ මතත්, බිමත් වැටී සිටියෝ ය. මම ඒ සෑම දෙනාගේම මුහුණු හොඳින් මතක තබා ගත්තෙමි.

මේ සරීනා පහසුවෙන් කිසිවක් අමතක කරනා ගැහැණියක් නොවේ. ගෙවුණු රාත්රිය වෙනුවෙන් මේ සියල්ලන්ටම පසු තැවෙන්නට සිදු වෙනවා නිසකය.

දිගු හුස්මක් ගෙන මම පිටි අල්ලෙන් දෙතොලග පිස දමා ගත්තෙමි. තොල් අගින් ගැලූ ලේ බිඳු තොල් මතම වියළී ගොසිනි. කෑ ගසා හඬන්නට තරම් වේදනාවක් දැණුනත් එකඳු කඳුලක් නොහෙළා මම යහනෙන් බැස හිට ගත්තෙමි.

ඇවිද ගන්නට පවා නොහැකි තරමට ගත රිදුම් දේ. නමුත් මට අද රෑ මේ සෙවණ යට පහන් කරන්නට නොහැක. බිම වැටී තිබු ගවුම ඇහිද ගෙන එය ගත දවටා ගතෙමි. මගේ කුඩා අත් බෑගයද අතට ගත්තෙමි. ගත රැඳි කැළැල් ගවුමෙන් වසන්නට නොහැක. බිම තිබූ පොරෝනාවක්ද ගෙන එය උරහිස් වටා දා ගත්තෙමි.

ඉන් පසු මම ඇමතිතුමා සමීපයට ඇවිද ආවෙමි. ඔහු හොඳටම මත්ව අඩ නින්දේය. මම කිහිප වරක්ම කතාකොට ඔහුව ඇහැරවා ගතෙමි.

"මං ගෙදර යනවා ඇමතිතුමා.. "

මගේ උගුරින් හඬක් පිට වූවාද නැද්ද මම නොදනිමි. නමුත් ඇමතිතුමා අත වනමින් කුමක්දෝ මිමිණුවේ ය.

මම කකුලක් කොර ගසමින් ඇමති මන්දිරයෙන් එළියට ආවෙමි. මා එනු දුටු රියදුරු මෝටර් රථයේ දොර ඇරියේ ය. සමහර විට වියපත් ඔහු මට අනුකම්පා කරන්නට ඇත. නමුත් අනුකම්පාව අවැසි දුර්වලයින්ට ය. මා දුර්වල ගැහැණියක් නොවේ.

විට විට ඔහු මා දෙස අනුකම්පා දෑසින් බලනු දුටුවත් මම වුවමනාවෙන්ම ඔහු දෙස නොබැලුවෙමි. ඔහු ඇවිත් දොර විවර කර දුන් පසු මම නිහඬවම ගේට්ටුව හැර ගෙන නිවස දෙසට ඇවිද ගෙන ගියෙමි.

අවසානයේ දොර පාමුල වාඩි වී පොරෝනාවට ගුලි වී මම දෑස් පියා ගත්තෙමි.

______________________________

මෙතනින් එහාට සරීනා අඬයි.. හිනාවෙයි.. කියවන අපිව අඬවයි.. ලියවන මාව කම්පනයට පත් කරයි.. හැබැයි ඒ තමයි සරීනා..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI