විසි අටවෙනි කැළැල 28

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " එහෙම දරුවෝ හිටියා නම් මට කොහෙන්ද උඹලා වගේ පොඩි කෙල්ලො එක්ක හුරතල් වෙන්න වෙලාවක්.. "


එය මා බලාපොරොත්තු වූ පිළිතුරක් නොවුණත් මම ඒ පහසේම දෑස් පියා ගත්තෙමි. ගත පෙලූ වේදනාව ඇමතිතුමා උස් පහත් වෙන වේගයට සාපේක්ෂව වැඩි වූවත් මම නිහඬවම දරා ගත්තෙමි. රාගයේ උපරිමය ස්පර්ශ කර පසු ඇමතිතුමා නිරුවතින්ම යහනේ වැතිරුණේ ය. මම වේගයෙන් හුස්ම අල්ලමින් යහනේ දකුණු පැත්තට ඇල වුණෙමි.

මගේ දෑසින් මා වෙනුවෙන්ම ගලා ගිය කදුළක් හිස කෙස් සිඹිමින් කොට්ටය මත පතිත විය. මේ සෑම කැළලක් වෙනුවෙන්ම ඇමතිතුමා මතු දිනෙක පසු තැවෙනු ඇත. ඒ දිනය වෙනුවෙන් මම නොනැවතෙමි.

ඇමතිතුමා තද නින්දකට වැටුණ පසු මම ඇමතිතුමාගේ දුරකතනය අතට ගෙන එහි වූ පටිගත කරන ලද දුරකතන ඇමතුම් සියල්ල මගේ දුරකතනයට හුවමාරු කර ගතෙමි. මේ සටන මා ජය ගත යුතුමය. තවත් විනාශ වන්නට ජීවිතයක් මට නැත. නමුත් ජීවත් වෙන මළකඳක් මෙන් පිළිකුල් ජීවිතයක් මට අවැසි නැත.

එදින ඇමතිතුමා යන්නට ගියේ මාසයකට සෑහෙන පරිදි ආහාර ද්රව්ය අරුල් ලවා ගෙන්වා දීය. අරුල්ගේ දෑස් මා සොයා ආවද මම වුවමනාවෙන්ම ඔහුව මඟ ඇරියෙමි. ඔහුව මගේ දැලේ දිගටම පටලවා තබා ගැනීමට නම් මා ගණන් ඉස්සිය යුතුය. ඔහුට දෙයක් හිමි වූ පසු එහි පෙර පරිදි වටිනාකමක් ඔහුට නැත. සැබැවින්ම මේ සා කටුක අත්දැකීම් සියල්ලකටම පසු මම ඔහුව කියෙව්වෙමි.

ඇමතිතුමා පිටව ගිය පසු මම මිදුලේ වූ බංකුවකින් වාඩි වුණෙමි. යළිත් උණ ගන්නට මෙන් දෙපා මෙන්ම කොන්දද රිදුම් දේ. මා අසනීපයෙන් බව පුන පුනා කීවත් ඇමතිතුමා සුපුරුදු සෙල්ලම පෙර පරිදිම සිදු කළේ ය.

මම කුස්සියට ගොස් අරුල් ගෙනවිත් තිබූ කෙසෙල් ගෙඩි සමඟ බිස්කට් කිහිපයක් කා බෙහෙත් පෙති ටික ගිල දැමුවෙමි. ඉන් පසු නිදිමතක් නොවූ බැවින් මම දුරකතනය අතට ගෙන ඇමතිතුමාගේ දුරකතන සංවාදයන්ට සවන් දුන්නෙමි.

" ඒකිව ලිස්ට් එකෙන් අයින් කරන්න. කාටවත් සැක නොහිතෙන්න වැඩේ කෙරෙන්න ඕනි. සොපිනා කියන්නේ මට හිටපු වටින ගෑණියෙක් තමයි. හැබැයි ඒකි කට ඇරියොත් මමත් විනාශයි. කිව්ව ගාණ එකවුන්ට් එක වැටෙයි.. "

ඇමතිතුමාගේ ගැඹුරු කටහඬ හමුවේ මගේ අතින් දුරකතනය ගිලිහුණි. එසේ නම් ඇමතිතුමාගේ සැලසුම දැනට සිර මැදිරියේ සිටින සොපිනා මරා දැමීමයි.

මම ගැඹුරු හුස්මක් ගත්තෙමි. එතරම් පහසුවෙන් සොපිනා මරා දැමීමට ඇමතිතුමාට හැකි නම් ඔහුට මා තවත් එක් ගැහැණියක් පමණි. මම දුරකතනය අතට ගෙන විහාන්ට ඇමතුමක් ගත්තෙමි.

"මොකද.. ඇමතිතුමා ගියාද..??"

මා කිසිවක් කීමට පෙර ඔහු එසේ කීවේය. මම කෙළ පිඬක් ගිල්ලෙමි. කුමක්දෝ පසු තැවීමක් හිතට පුරා උඩු දුවද්දි මම ඒ හැඟීමට ඉඩක් නොතියාම තවත් තදින් දුරකතනය අල්ලා ගත්තෙමි. ඔහු සමහර විට පෙර දා රාත්රියේ එන්නට ඇත. එසේ නම් ඔහු මමත්, ඇමතුමත් දකින්නට ඇත.

මම කුළුදුල් පෙම්වතියක් නොවේ. මම ඇමතිතුමාගේ එක් අනියම් බිරිඳක් පමණි. මෙසේ පසු තැවෙන්නට, කෝල වන්නට හේතුවක් මට නැත.

" අද රෑ උන් සොපිනා මරනවා.."

" එහෙනම් ඒ කතාවත් අදින් ඉවර වෙයි.. "

" ඊලග වීඩියෝ එක දාන්න හොඳම දවස අද. "

" හරි.. "

ඔහුගේ පිළිතුරත් සමඟම මම ඇමතුම නිමා කළෙමි. මා විහාන් හා තව දුරටත් සමීප නොවිය යුතු බව මට පළමු වරට සිතුණි.

මම තවදුරටත් අහිංසක කෙල්ලෙකු නොවේ. මගේ දෛවය මා පිපෙන්නට පෙරම මා නෙලා දුන්නේ ඇමතිතුමාගේ අන්තඃපුරයටයි. ඉතින් තවත් බැඳීම් යනු මා සිර කරන දම් වැල් මිස අන් කිසිවක් නොවේ.

එදින රාත්රියේ සමාජ මාධ්ය කැළඹුවේ ඇමතිතුමාගේත්, සොපිනාගේත් ආල රැඟුම් පිරි කාමුක වීඩියෝවකි. එහි සොපිනාගේ මුහුණ අපැහැදිලිව තිබුණත් ඇමතිතුමාගේ මුහුණ පැහැදිලිව තිබුණි.

විනාඩි කිහිපයකින් අදාළ වීඩියෝව එකිනෙකා අතර හුවමාරු වෙමින් පැවතුණි. නමුත් පෙර මෙන් කුරිරු සතුටක් මට නොදැනුණි. මම යහනේ පෙරලෙමින් මගේ හිත සංසුන් කර ගැනීමට උත්සහ කළෙමි.

විහාන්ගෙන් ඇමතුම් කිහිපයක් ලැබුණත් මම ඒ කිසිවෙකට පිළිතුරු නොදුන්නෙමි. කුමක්දෝ හේතුවක් නිසා මා උන්නේ ඔහු සමඟත් කෝපයෙනි. නින්ද යන්නේ නැති තැන මම නාන කාමරයට ගොස් උණු වතුරෙන් මුහුණ දොවා ගතෙමි. මගේ දෑස් පවා වෙහෙසකාරීය.

මම යළිත් කාමරයට පැමිණෙන විට කවුරුන් හෝ මා බිත්තියට ඇඳ ගත්තේය. මම පළමු හුස්මෙන්ම ඔහු ඇඳින්නෙමි.

" විහාන්.. "

" එහෙනම් තාමත් මතකයි මාව.. "

ඔහු තවත් මා බිත්තියට තද කරමින් ඇසුවේ ය. ඒ දෑස් වල තියුණු බැල්ම දරා ගත නොහැකි තැන මම ඔහුගෙන් ගැලවෙන්නට දැගලුවෙමි.

" ඇයි මගෙ එක කෝල් එකක්වත් ආන්ස්වර් නොකරේ.. ?"

" මට ඕනි නිසා. මට නිදිමතයි විහාන්.. "

මම ඔහුව තල්ලු කරමින් කීවෙමි. නමුත් ඔහුගේ ග්රහණය දැඩි වූවා මිස අඩු වූයේ නැත.

" මොකද දඟල්න්නේ..? මං අර නාකි ඇමතියාවත්, හොර මිනිහා අරුල්වත් නොවන හින්දද.. ?"

" ඔයා දන්නවා මට ඔය ඔක්කොම පිරිමි එකයි කියලා.. "

මම කෝපයෙන් කීවෙමි. අරුල්ටත්, ඇමතිතුමාටත් ස්පර්ශ කිරීමට නොහැකි වූ මගේ ජීවිතේ යමක් ඔහු ස්පර්ශ කිරීමට සැරසෙන බවක් මට දැනුණත් මම නොදැනෙන මෙන් කීවෙමි.

" එහෙමද.. ?"

ඔහු ඇස් වලින් එසේ අසා එක් අතකින් ඔහු මගේ ගෙල ස්පර්ශ කළේය. ඇමතිතුමාගේ රළු සිප ගැනීම් වල ප්රතිපලයක් ලෙසින් ගෙල තැනින් තැන රතු වී තිබුණි. ඒ එක් තැනක් ඔහු ඇගිලි තුඩු වලින් ස්පර්ශ කළේ ය.

මා ඉහළට ගත් හුස්ම පහළට දමන්නටත් පෙර ඔහු මගේ ගෙල සිප ගත්තේය. දෙපතුලින් හට ගත් කුමක්දෝ හිරිවැටීමකින් මම ඇවිලී ගියෙමි. ඔහුගේ කම්බුලක් මගේ කම්බුල ස්පර්ශ විය. මම දෑස් පියා ගෙන හිස බිත්තියට හේත්තු කර ගතෙමි.

ඔහුගේ එක් අතක් මගේ ඉන වටා යනු දැනුණි. ඒ හුස්ම මගේ කන් පෙත්තක් මත රැදුණි.

" සරීනා.. ඔයාගේ ඇතුළෙ ඉන්න අහිංසක කෙල්ල මරා ගන්න එපා.. "

ඔහුගේ කෙදුරුම් හඬ මගේ හදවතටම ඇසුණි. ඉන් පසු ඔහු මවෙතින් මිදි මා දෙස බැලුවේ ය. තව දුරටත් මා තුළ අහිංසක කෙල්ලෙක් ජීවත් නොවන බව මා ඔහුට කිව යුතු ය. ඈ මියගොස් බොහෝ කලක් බව මා ඔහුට කිව යුතුය.

නමුත් මගේ තොල් පෙති සැලුණා ඇරෙන්නට උගුරින් කිසිදු හඬක් පිට නොවුණි.

ඊලග තප්පරේ ඔහු මගේ හිස මතින් ඔහුගේ දෑත තබා සියුම්ව හිස අත ගෑවේ ය.

" එන්න... "

ඔහු මා රැගෙන ගොස් යහනෙන් හාන්සි කළේය. ඉන්පසු පොරෝනාවද සකසා කාමරයේ ආලෝකයද නිවා ගෙන ඔහු යන්නට ගියේ ය.

______________________________________

සරීනා ඇතුළේ අහිංසක කෙල්ලෙක් ජීවත් වෙනවද..?? එතකොට ඔයා ඇතුළෙක් අහිංසක කෙනෙක් ඉන්නවද..??
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI