විසි හත්වන කැළැල 27
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
" විහාන්.. ඔයා තනි වෙලා නෑ.. අපිට පුළුවන් ඇමතියා පොළවටම ඇදලා දාන්න.. "
ඔහු මගේ පිඟාන සෝදා තබා මා ඉදිරියෙන් වතුර වීදුරුවක් තැබුවේ ය.
" මං හිතන් හිටියේ ඔයා ඇමතියගේ සල්ලි වලට වහ වැටිලා ඇමතියා පස්සෙන් වැටිච්ච එකියක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න කල් ගියා.. "
මම අසුනින් නැඟිට ගොස් අත් සෝදා ගතෙමි.
" සමහර වෙලාවට විහාන් අපේ අරමුණු වලට යන්න හුඟක් දේවල් ඉවසන් ඉන්න වෙනවා. සමහර වෙලාවට ඒ අසරණකමට අපිට ඉඩ දෙන්නම වෙනවා. මමත් එහෙමයි.. "
තවත් පැයක් පමණ හිඳ ඔහු යන්නට ගියේ ය. නමුත් ඔහු යන්නට පෙර මා දෙස අනුකම්පා සහගත දෑසින් බලා උන් අයුරු මට කිසිදිනෙක අමතක නොවනු ඇත. මාගේ වර්තමාන තත්ත්වය ඔහු දෑසින් මම දුටුවෙමි. ජීවිතයේ මෙතරම් අසරණ යුවතියක් බවට මා තව දුරටත් පත් විය යුතු ද..??
මම බර සුසුමක් හෙළා යහන මත වැතිරුණෙමි. මේ රන් කූඩුව තුළ මා හිරකාරියක් නොවුණත් තවත් මා වන්ම අහිංසක යුවතියක් හිරකාරියක් වනු ඇත. ඇමතිතුමා මෙන් කෲර හිත් ඇති නොමිනිසුන් මෙලොව රජයනා තෙක් අපි වන් අහිංසක ජීවිත තවත් එක් ගොදුරක් පමණක් වනු ඇත.
ඇමතිතුමාගේම ලේ ඇති විහාන් මෙවන් නිවුණු හිත් ඇත්තෙක් වූයේ කෙසේද..?? සියලු සිතුවිලි මැද්දෙන් විහාන්ගේ මතකය හදවතට එබුණේ ය. දමනය වූ හැඟීම් ඇති ඔහු සැබෑම මිනිසෙකි.
දයාබර පාඨකය.. රෙදි ගලවන සියලුම ගැහැණුන් ඉදිරියේ රත් වන හැඟීම් ඇති පිරිමි කෙසේවත් විශ්වාස නොකළ යුතුය. එසේ නම් මා විහාන් සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවාද..??
ප්රශ්න වලට පිළිතුරු සෙවීම පසෙක තබා මම නින්දට වැටුණෙමි. කවුරුන් හෝ මගේ නිරුවත් යටි පතුල් ස්පර්ශ කරනු දැනී මම ඇස් ඇරියෙමි. පළමුව හිතට ආවේ විහාන්ගේ පැමිණීමයි. නමුත් මගේ දෛවය මට සිතූ පැතූ කිසිවක් ලබා නොදෙන්නේමය.
ඇමතිතුමා පැමිණ තිබුණේ ය. ඔහුගේ රළු ඇඟිලි මගේ යටිපතුල් තදින් මිරිකමින් තිබුණේය. පෙරදිනෙක මා එතරම් අපහසුවෙන් සිටි මොහොතක පෙරළා ඇමතුමක් හෝ නොගෙන මා ගැන සොයා නොබලා මා මැරෙන්නට ඇර බලා සිටීම හේතුවෙන් මා උන්නේ බොහෝ කෝපයිනි.
එහෙයින් මම වහා දෙපා ඇද ගතෙමි. ඔහු එයින් නොසැලී මා පෙරවා ගෙන උන් පොරෝනාව බිමට ඇද දැමුවේය. නමුත් ඒ කෝපයෙන් නොවේය. ඒ කාමුක දෑස් වල පිරී තිබුණේ රාගය ඇරෙන්නට වෙන කිසිවක් නොවේ.
" මොකද මේ තරහින්.. ?"
" මට හොඳටම උණ ඇමතිතුමා.. "
මම තව තවත් දෙපා හකුලවමින් කීවෙමි.
" දැන් හොදයිනේ.. "
" ඇයි මං අච්චර අමාරුවෙන් ඉද්දි කෝල් කරලත් මං දිහා නොබැලුවේ.. ?"
" බෙහෙත් ටිකක්වත් ගන්න බැරුව මං හිටියේ මැරෙන්න වැටිලා. කන්නවත් මුකුත් තිබ්බේ නෑ.. "
කුමක් හෝ හේතුවක් නිසා මම මගේ අසරණකම කියා පෑවෙමි. මගේ කෝපයෙන් හෝ මගේ අසරණ කමින් ඔහුට පලක් නොමැති වුවත් ඔහුගේ රන් කූඩුව කෙතරම් වදකාගාරයක් දැයි ඔහු දැන ගත යුතුය.
" අනේ බන් මේ. මං මේ ප්රශ්න වලින් ඔලුව අවුල් වෙලා ඉන්නවා. දැන් මෙතන උඹත් ප්රශ්නම අහනවා. ඔච්චර අමාරු තිබ්බට උඹ දැන් ඔය හොඳින් ඉන්නේ. ගෑණු කොහොමත් බොරුවට නටනවා."
ඔහු ඉරියව්ව වෙනස් කරමින් යහන මත හිඳ ගත්තේ ය.
" ඒ වුණාට මං හදිසියේ මැරුණා නම්.. ??"
මම බොරු හුරතලයක් මවා ගෙන දුකෙන් මෙන් ඇසුවෙමි.
" මේකිගේ හුරතලේ.. උඹව එහෙම මැරෙන්න අරිනවද මං..?? අනිත් දවසේ හදිසියක් වුණොත් මං ආන්ස්වර් නොකරුවොත් අරුල්ට ගන්න. ඕකා තමයි මං ඇරෙන්න මට ඉන්න එකම විශ්වාසවන්තයා. ඒකා ඕන දෙයක් මං වෙනුවෙන් කරයි.. "
අරුල් පිළිබඳ ඇමතුමාගේ චරිත සහතිකය මම රසවත්ව අසා සිටියෙමි. නමුත් අරුල්ගේ හිතේ ඇමතිතුමා ගැන ඇති ලැදියාව දවසින් දවස ඉරිතලමින් ඇති බව ඇමතිතුමා දන්නේ නැත. නමුත් ඒ සියල්ලම රහසින්ම සිදු වෙමින් පවතී.
තවමත් හරි හැටි සුවයක් ගතට නොදැනුණත් මට මේ අවස්ථාව ප්රතික්ෂේප කළ නොහැක. ඇමතිතුමා එවන්නකට මට කෙසේවත් ඉඩ නොතබයි. මෙතනින් එහා ඉදිරිය සැලසුම් කිරීමට නම් ඇමතිතුමා සමඟ ගැටෙන්නට මට නොහැක. මගේ ගැහැණු මොළය ඉතා වේගයෙන් ඉදිරිය සිතයි.
" මේ මට තාම උණ.. "
මම ඔහුගේ දෑත ගෙන මගේ නළලින් තැබුවෙමි.
"කෝ හරියට බලන්න.. "
ඔහු මා අතින් ඇදගෙන ඔහුගේ තුරුලට ගත්තේ ය. ඔහුගේ ගතින් වහනය වන අතිශය සැර විලවුන් සුවඳ තදින්ම නහයට දැනේ.
" කෝ උණ නෑනේ.. "
එසේ කියමින් ඇමතිතුමා ඔහුගේ දෑත් මගේ ගත පුරා ගෙන ගියේ ය. මම ලජ්ජාවෙන් ඇඹරමින් ඔහුගේ තුරුලේම උන්නෙමි.
" මට උඹ ගාව විතරයි කෙල්ලේ මෙච්චර සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් දේශපාලනෙත් ලේසි නෑ.. "
එකවරම මගේ මනසට විහාන්ගේ රූපය ඇදි මැකී ගියේ ය. සොපිනා වෙනුවෙන් කිසිවක් කර ගත නොහැකි තැන ඇය අත හැර දැම්මේ ය. එසේ නම් විහාන්ගේ අම්මාද ඉතා පහසුවෙන් ඇමතිතුමා අත හරින්නට ඇත. නමුත් විහාන්.. ඔහුගේම ලෙයින් බිහි වුණ එකම පුතු...??
"එහෙනම් ඉතින් ඔය කෙහෙල්මල් දේශපාලන අත අරින්නකෝ. තව පරම්පරා හත අටකටම ඔය ඉතුරු කරපුවා මැදෑ.. "
මම ඇමතිතුමාගේ හිස කෙස් අත ගාමින් කීවෙමි.
" ඇත්තටම ඇයි ඇමතිතුමාගේ ලස්සන නෝනට බබාලා නැත්තේ.. ?? ඇමතිතුමා හරි වයසෙන් බැන්ඳා නම් මටත් වඩා ලොකු දරුවෝ ඉන්න ඕනි.. "
මගේ වදන් අසා ඔහු හයියෙන් සිනා සුණා මිසක පෙරළා යමක් කීවේ නැත. එසේ නම් විහාන් කියූ සෑම වචනයක්ම පාහේ සත්යයක් විය යුතුය. තවත් මොහොතකින් ඔහු මා යහනට පෙරළා ගෙන නොනවත්වා මා සිප ගත්තේය.
" එහෙම දරුවෝ හිටියා නම් මට කොහෙන්ද උඹලා වගේ පොඩි කෙල්ලො එක්ක හුරතල් වෙන්න වෙලාවක්.. "
එය මා බලාපොරොත්තු වූ පිළිතුරක් නොවුණත් මම ඒ පහසේම දෑස් පියා ගත්තෙමි. ගත පෙලූ වේදනාව ඇමතිතුමා උස් පහත් වෙන වේගයට සාපේක්ෂව වැඩි වූවත් මම නිහඬවම දරා ගත්තෙමි. රාගයේ උපරිමය ස්පර්ශ කර පසු ඇමතිතුමා නිරුවතින්ම යහනේ වැතිරුණේ ය. මම වේගයෙන් හුස්ම අල්ලමින් යහනේ දකුණු පැත්තට ඇල වුණෙමි.
මගේ දෑසින් මා වෙනුවෙන්ම ගලා ගිය කදුළක් හිස කෙස් සිඹිමින් කොට්ටය මත පතිත විය. මේ සෑම කැළලක් වෙනුවෙන්ම ඇමතිතුමා මතු දිනෙක පසු තැවෙනු ඇත. ඒ දිනය වෙනුවෙන් මම නොනැවතෙමි.
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.