විසිතුන්වෙනි කැළැල 23

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " නවත්තනවා අරුල්.. ඒ මනුස්සයා අත අරිනවා.. "


මම ඔහුගේ අතක එල්ලී මහ හඬින් කෑ ගැසුවෙමි. වැස්සේ හඬ සමඟ මගේ හඬ යටපත් වන්නට ඇත. ඔහු මා ගණනකටවත් නොගෙන අර තරුණයාට තවත් පහරක් එල්ල කළේය.

" තමුසෙට පිස්සු හැදිලද මිනිහෝ..??"

මම ආවේගයෙන්ම ඔහුව තල්ලු කළෙමි. ඔහුගේ අතින් අර තරුණයාගේ කමිසය අත හැරුණි. ඊළඟ තප්පරේ මා දෙස මොහොතක් කෝපයෙන් බලා හිඳ ඔහු යන්නට ගියේ ය.

එවලෙහිම වටපිට උන් සියල්ලන්ම අපිට ළං වූ අතර කෙනෙක් ඔහුව ත්රීරෝද රථයකට නංවා ගෙන රෝහල වෙත ගෙන ගියේ ය. ඔහුගේ පෙම්වතිය වන සිසිලි අඬමින් මා දෙස බලා උන්නාය. ඇය බෙහෙවින් බියට පත්ව ඇත.

තවත් මොහොතක් හෝ එතන රැඳී සිටීමට නොහැකිව මම වැස්සේම ඉදිරියට ඇවිද ආවෙමි. හදවත තුළ කැකෑරෙන වෛරය, ආවේගය, කේන්තිය මගේ ගෙල සිර කරන්නට උත්සාහ කරනු දැනේ. අරුල් තිරිසනෙක් බව දැන උන්නත් මෙවැනි හේතුවක් නැති ආවේගශීලි හැසිරීමක් මා බලාපොරොත්තු වූයේ නැත.

සිහි එලවා ගත හැකි පළමු තප්පරේම මම වටපිට බැලුවෙමි. වැස්සට යා ගත නොහැකිව පාරේ අයින්වල සහ කඩපිල්වල උන් සෑම දෙනාගෙම ඇස් තිබුණේ මා වෙතය. සමහරු මෙම සිදුවීම වීඩීයෝ කරන්නට ඇත. එය සිහි වීමෙන් අරුල් සමඟ ඇති කේන්තිය තවත් වර්ධය විය.

මා පසු කර ගිය පළවෙනි ත්ර්රීරෝධ රථයට අත දමා මම එයට නැගුනෙමි. කේන්තියට හෝ පිට කර ගත නොහැකි ආවේගයට හෝ වැස්සේ සීතලට මා ඇතුළතින් ගැහේ. මම බෑගයේ පටිය තදින් මිරිකා ගතෙමි. නමුත් මගේ ඇඟිලි තුඩු පවා වෙව්ලනු දැනේ.

අරුල් ඒ අහිංසකයාට බිම දාගෙන ගහන්නට ඇත්තේ ඔහු මා සමග කතා කර නිසාද..? නැත්නම් තප්පර ගණනකට ඔහු මගේ කුඩය යටට පැමිණ නිසාද..? අරුල් මේ රඟ පාන්නට හදන්නේ කේන්ති ගිය පෙම්වතාගේ වීර චරිතය නම් මා දැනටම මේ චිත්රපටයේ තිරපිටපත කියවා ඇති බව ඔහු නොදන්නවා විය හැක.

ඒ සියල්ලම පසෙකලා ඔහු මා නිමිත්ත කරගෙන අහිංසකයින්ට පහර දීම කිසිලෙසකින්වත් මට ඉවසිය නොහැක. විශ්ව විද්යාලය තුළ මා කැපී පෙනෙන, බොහෝ මිතුරන් සිටින අයෙකු නොවුණත් කිසිදු හිත් රිදීමකින් තොරව මම ආසෙවෙන් වැඩ කටයුතු කළෙමි. නමුත් අද පටන් ඒ සියල්ලම වෙනස් වනු ඇත.

මම වතුර බේරී බේරි වුවද දොර හැරගෙන සාලයට ගියෙමි. අරුල් කවද වෙනතුරු මෙලෙසින් මා හිර කරන්නට උත්සාහ කරයිද..?? මේ උගුලින් ගැලවෙන දිනයක් හිතා ගත නොහැකිව මම සැටියට කඩන් වැටුණෙමි.

තවත් මොහොතකින් මහ හඬින් දොර ඇරෙනු හඬ ඇසී මම හිස එසෙව්වෙමි. අරුල් දොර ළඟ හිට ගෙන සිටියේ ය. ඒ ඇස් වල කේන්තිය එක බිඳකින්වත් අඩු වී නැත. නැති ප්රශ්න ගොන්නක් ඇති කර පසුත් ඔහු මෙහි ආවේ මට රිදුණ තරම බලන්නද..?? සැබැවින්ම මම බිඳී ගියෙමි. නමුත් ඔහුගේ දෑස් අභියස තවමත් මා ශක්තිමත් ගැහැණියක් ලෙසින් මගේ පෞරුෂත්වය නඩත්තු කළ යුතු ය.

මම ඔහු දෙස රවා කාමරයට යන්නට අසුනින් නැඟිටුනෙමි. ඔහුව ගණන් නොගැනීම තරම් ඔහු රිදවන වෙන යමක් නොමැති තරම් ය.

" සරීනා.. ඔහොම ඉන්නවා.. "

ඔහුගේ කටුක ස්වරය මගේ නිවස පුරාම පැතුරුණි. මම නැවතුණත් ඔහු දෙස නොබැලුවෙමි. එතරම්ම කේන්තියක් ඔහු වෙනුවෙන් මගේ හදවතේ තවමත් ඉතිරිව ඇත.

" අර කොල්ලාගේ හයිය අරන්නේ තමුසේ මට අච්චර ගණන් ඉස්සුවේ.."

" හිතන්න එපා මගේ ඇස් වලින් බේරිලා එක එක්කෙනාගේ හයිය අරන් මගෙන් ගැලවෙන්න.. "

අරුල්ගේ රළු වචන ඔහු කෙතරම් දුශ්ඨ, ආත්මාර්ථකාමී මිනිහෙක්ද යන්න පෙන්වන අයුරු මම ඇතුළතින් සංසුන් වෙමින් අසා සිටියෙමි. ඔහුගේ මුවින් පිටවෙන වචනයක් වචනයක් පාසාම ඔහුගේ ගෙලෙහි නහර ඉලිප්පේ. මා අහිමි වීම ඔහුට එතරම් වේදනාවක්ද..?? ඔහු සමඟ යහන් ගත වීම මා විසින් ප්රතික්ෂේප කිරීම ඔහුට එතරම්ම රිදුණාද..?

" මොකද තමුසේ හිනා වෙන්නේ..? ඇමතිතුමා තමුසෙට කැම්පස් යන්න දුන්නේ ඉස්සහරටත් තමුසේ අපි ගාව තියා ගන්න. ඔහොම නැටුවොත් තමුසෙට ඔක්කොම දමලා ගහලා ගෙදර ඉන්න වේවී.. "

අරුල් මගේ ජීවිතේට ආවාට පසු හැබෑ වූ එකම සිහිනය නම් මා විශ්ව විද්යාල වරම් ලැබීම පමණි.ඒ වෙනුවෙන් අරුල් කළ මලඉලව්වක් නැත. ඇමතිතුමා ඉදිරියේ දණින් වැටෙමින් දහසක් පොරොන්දු වෙමින් අවසර ලබා ගත්තේ මා ය. ඔහු කරේ හැඟීම් විරහිත දෑසින් මගේ කඳුලු දෙස බලා සිටීම පමණි.

" තමුසෙට නම් පිස්සු හැදිලා අරුල්..?"

" මොකක්ද ගෑණියේ තමුසේ කියන්නේ.. ?"

ඔහු වහා ඉදිරියට පැන මගේ ගෙලින් අල්ලා ගත්තේය. තව දුරටත් මම ඔහුගේ ගොදුරක් විය යුතු නැත. ඒ ඇසිල්ලේම මම ඔහුගේ මුහුණ සූරමින් පස්සට පැන්නෙමි. ඔහු වේදනාවෙන් කම්බුලක් පිරිමදිමින් මා දෙස මාරාවේශයෙන් බැලුවේ ය.

" තමුසේ අර බිම දා ගෙන ගැහුවේ අපේ බැච් එකේ හිටපු අහිංසක කොල්ලෙක්ට. ඌ මාත් එක්ක මේ අවුරුදු ගාණට වචන දහයක් කතා කරලා නැතුව ඇති. ඒකා මගෙ කුඩේ යටට ආවේ වැස්සට මුවා වෙන්න මිසක මගෙත් එක්ක මගුලක් කරන්න නෙවෙයි.. "

" අනික මං තමුසෙට බෑ කිව්ව හේතුව පැහැදිලිව කිව්වා. එක එකා ලොකු කර ගෙන මං තමුසෙට බෑ කියනවා නම් මට එහෙම කියන්න තිබ්බ මං ඇමතිතුමා එක නිදි වැදිච්ච පළවෙනි දවසෙමයි. "

" තමුසේ ඔලුවේ තියෙන කුණු කන්දල් වලට අහිංසක මිනිස්සු පලි නෑ අරුල්. බලනවා තමුසෙගේ හැටි. පිස්සෙක් වගේ. කොහොමත් තමුසේට මාව ඕනි ලව් කර කර නැලවෙන්න නෙවෙයිනේ. අතේ පයේ හිරි ඇර ගන්න පාරක් දෙකක් ගහන්නයි, කොහේ හරි මුල්ලකට පෙරළා ගන්නයි විතරනේ. "

හදවතේ පිරී තිබූ ආවේගය කෙමෙන් කෙමෙන් අඩු වී යනු අයුරු දැනුණි. මගේ වචන රත් වූ ලෝදිය මෙන් ඔහුට දැනෙන්නට ඇත. ඔහුගේ මුහුණේ වූ කෝපාන්විත බව මඳක් අඩු විය. එය මගේ අවස්තාවයි.

මා අරුල්ට රිදවිය යුතුය. ඔහුගේ ජීවිතය එපා වන තුරුම මා ඔහුට රිදවිය යුතු ය. ඔහු මගේ හදවතේ ඇති කළ සෑම කැළලකටම ඔහු වේදානාවෙන් මිරිකිය යුතුය. නමුත් මේ පිටපතේ ඔහු තවමත් මට අවශය චරිතයකි. මගේ සැලැස්මේ ඔහුටම වෙන් වූ ප්රධාන සිදුවීම් කිහිපයක්ම ඇත. එබැවින් අවසානය තෙක්ම ඔහු සිටිය යුත්තේ මගේ දැලේ පැටලීය. එබැවින් මම ඇතුළාන්තයෙන්ම සංසුන් වෙමින් ඔහු වෙත අඩියක් තැබුවෙමි.

" ඔයා දන්නවා අරුල්.. මං ඔයාට ආදරේ කරා. ගොඩක් ආදරේ කරා. ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැති තරම් මං ඔයාට ආදරේ කරා."

" ඒත් අන්තිමට මට වුණේ ඔයාගෙයි, අර ඇමතියගෙයි දෙන්නගෙම හොර ගෑණි වෙන්න.. ඔයා හිතනවද තාමත් මට ඔයාට ආදරේ කරන්න පුළුවන් කියලා.. "

මම තවත් අඩියක් පෙරට තබා ඔහුගේ කම්බුලක් මත අත තැබුවෙමි. ගැහැණු මායම් වලට දිය නොවන පිරිමි හදවතක් තිබේද..??

" ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු සරීනා වෙන්න මට ආපහු බැරි වෙයි. ඒ සරීනා මගෙන් හොයන්න එපා අරුල්.. "

" අපි සතුටින් ඉමු අරුල්.. "

අවසන් වදන් කිහිපය මම ඇහෙන නෑහෙන හඬින් මිමිණුවෙමි. ඔහුගේ කෝපය නිවී අවසන් ය. ඔහුට සොපිනා ඇරෙන්නට මෙලොව කිසිවෙකුත් නැත. මම ඔහුගේ පසෙකින් සිටීම ඔහුට සහනයක් වනු ඇත. ඔහු මොහොතකට හෝ එසේ සිතනවා නම් එය මගේ සැලැස්මයි.

ඔහු කිසිවක් නොකියා මගේ...

_______________________________________________

ගැහැණු මායම් වලින් ගැලවෙන්න කාටද ඇත්තටම පුළුවන් වුණේ...???
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI