විසිදෙවන කැළැල 22

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 විහාන් ඇමතිතුමාගේ පුතා බව යළිත් සිහි වුණි. එය කොහෙල්ල ගුලියක් මෙන් හදවතේ කොණක රැඳී ඇත. මා දන්නා තරමින් ඇමතිතුමාගේ ධනවත් තරුණ බිරිඳ හැරෙන්නට වෙනත් බිරිඳක් සිටියේ නැත. ගැහැණු යන විෂයෙහි ඇමතිතුමා උපරිම ලකුණු ලබා ගෙන ඇති බැවින් එය විශ්වාස කළ නොහැකිය.


ඒ සියල්ලටම වඩා ඔහු ඒ සියල්ල කීවේ බොහෝ විශ්වාසයිනි. ඔහුගේ වයසත් සමඟ සංසන්දනය කරන විට මට සිතුණේ ඔහුගේ උපත ඇමතිතුමාගේ දේශපාලන ගමනට පෙර සිදු වූවක් බවයි.

එසේ නම් ඇමතිතුමා දේශපාලනයට එන විටත් විවාහකයෙක්ද..? ඔහුගේ ලෙයින් ජාතක වුණ දරුවෙක් සිටීද..? ඒ සියල්ලම අවසානයේ මට මා ගැනම දැනුණේ මහා කලකිරීමකි.

පියත්, පුතත් යන දෙදෙනා සමඟම මම යහන් ගත වූයෙමි. සිහියෙන්, අසිහියෙන්, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මම දෙදෙනා සමඟම සංවාසයේ යෙදුණෙමි. සැබැවින්ම මම කවුද..? තවත් එක අභිසරු ලියක් නොවෙද..?

දීප්තිමත් අනාගතයක් හිමි වන්නට තිබූ මම අද නිමක් නැති කලකිරීම් සහ රිදවුම් වලින් හෙම්බත්ව සිටිමි. මා මේ තැනට ඇද දැමූ බොළඳ වියේ ඇති වූ ප්රේමය නම් හැඟීමට මම වෛර කරමි.

ආදරණීය පාඨකය... තම ප්රේමවන්තයා යනු සත්ය ප්රේමයේ ප්රතිමූර්තිය ලෙසින් විශ්වාස නොකරන්න. විශේෂයෙන්ම කුණාටු සමයේ ඔබ වෙලා ගන්නා ප්රේමය දොහොත් මුදුන් තබා විශ්වාස නොකරන්න. මේ සා වූ ලතැවුල් රැසක් හිමි, සමාජයේ පහළම අඩියේ සැලකුම් ලබමින් තම යෞවන කාලය ගැන පසු තැවෙන මා දෙස බලන්න. මේ හදවතේ ඇති කැළැල් සුලුවෙන් නොසලකන්න.

එදින රාත්රියේ අරුල්ගෙන් ඇමතුමක් පැමිණියද මම එයට ප්රතිචාර නොදැක්වූවෙමි. ඔහුට අවැසි මා යහන වෙත පෙරළා ගන්නට පමණි. එයින් එහාට ගැහැණු හිත් ලබන්නට කැමති, විඳින්නට කැමති බොහෝ හැඟීම් ඇති බව ඔහු නොදනී.

රැයේ මැදියම ගෙවෙද්දී විහාන් කෙටි පණිවිඩයක් එවා තිබුණි.

" වීඩියෝ එක රිලීස් කරන්නම්"

ඔව්. එය අපේ සැලසුමේ අවසන් අදියරයි. දැනටමත් රටේම ජනතාව අතර රැල්ලක් ලෙසින් සොපිනාගේ වික්රමය ජනගතව ඇත. එමෙන්ම සොපිනා නිදහස් වූයේ කෙසේදැයි සමාජ මාධ්ය මෙන්ම දේශපාලන වේදිකා වල පවා කතා බහට ලක්වේ.

මේ සියල්ල පිටුපස දේශපාලන හස්තයක් ඇති බව රටේම ජනතාව දන්නා නමුත් ඒ කවුදැයි තවමත් මමත් විහානුත් ඇරෙන්න කිසිවක් නොදනී. ඇමතිතුමා පවා මේ සම්බන්ධයෙන් නොයෙක් කතන්දර වේදිකා උඩ කියා ඇති බව මා දුටුවේ සවස ප්රවෘත්ති විකාශයනි.

" හරි.. "

මම ඔහුට එසේ පිළිතුරු යවා හිත සතුටින් කොට්ටයක් බදා ගතෙමි. එම වීඩීයෝව උණු කැවුම් ලෙසින් සමාජ මාධ්යන්හි ප්රචාරණය වනු ඇත. එමඟින් ඇමතිතුමාට සිදු වන හානිය සුළුපටු නොවේ.

එමෙන්ම සොපිනා නිදහස් කර ගැනීම සඳහා අදාළ රජයේ ආයතනයේ ප්රධානියා සහ ඇමතිතුමා අතර වූ රහසිගත හමුවීම කවුරු දනී ද..?? හෙට පාන්දර හිරු එළිය වැටෙද්දී එය නොදන්නා කෙනෙකු මේ ලංකාවේ නොසිටුනු ඇත.

මට ඇති එකම වේදනාව අපිට හඬ පටයක් ලබා දුන් තරුණියගේ පසුපසින් ඇමති බල්ලන් ඉව ඇල්ලීමයි. ඇය බොහොම නිවුණු ගතිගුණ ඇති අහිංසක යුවතියකි. නමුත් ඇයත් මා වාගේම සොපිනාගේ දැලට හසු වී අවසානයේ සොපිනාගේ ගණුදෙනුකරුවන්ගේ ප්රියතම සෙල්ලම් බඩුව බවට පත් වූවාය.

මගේ මතකය නිවැරදි නම් තවමත් ඇයට අවුරුදු විසි එකක්වත් නැත. නමුත් ඇය යහනට පෙරළා ගත් ගණන ඊටත් දස ගුණයකින් වැඩි මිසක අඩු නැත. එමෙන්ම ඇය සොපිනාගේ කැදැල්ලෙන් පැන යන්නට වරක් දෙවරක් නොව කිහිප වරක් උත්සහ කළාය. නමුත් අවසානයේ ඇය තව තවත් හිර වූවා ඇරෙන්නට ඇය ලද නිදහසක් නැත.

තවත් අහිංසක තරුණියන් කී දෙනෙක් මේ ප්රේම උගුලේ හසු වී සොපිනාගේ ගැටයට හිර වූවාදැයි දන්නේ දෙවියන් පමණි.

රාත්රී නින්ද මා වෙත ආවේ පාන්දර යාමයේ ය. කිහිප වරක්ම ඇමතියාගේ වීඩීයෝව නරඹා මම දේශන සඳහා යාමට සූදානම් වුණෙමි.

මුළු මුහුණු පොත පුරාම ඇත්තේ ඇමතිතුමාට ගැසූ මඩ හා ඔහු විවේචනය කරමින් ලියූ ලිපි මෙන්ම ඇමතිතුමාගේ විරුධවාදීන්ගේ මත පමණි. ඒ අතර නාගරාජ් ඇමතිතුමාද මෙවර කෙලින්ම අදහස් ප්රකාශ කර ඇත. දේශණය ආරම්භ වන තුරුම මම ඒ එකින් එකට සියල්ල කියෙව්වෙමි සියල්ලම නරඹුවෙමි.

ආදරණීය පාඨකය.. මා තවත් උන්මන්තකය ස්ත්රියක් ලෙසින් නොසලකන්න. ළමයෙකු බොහෝ මහන්සි වී රෑ පුරා නොනිදා පාඩම් කර ලියන ලද විභාගයක් ඉහළින්ම සමත් වූ විට එය නැවත නැවතත් සිහිකරමින් ඔහු අහිංසක සතුටක් ලබයි. එලෙසින්ම මමද මෙය විඳිමින් සිටිමි.

ඇමතිතුමාගෙන් හෝ අරුල්ගෙන් කිසිදු පණිවිඩයක් ලැබුණේ නැත. ඔවුන්ගේ පැත්තෙන් කුමක් සිදුවනවා දැයි දැන ගන්නට මගක් නොවීය. නමුත් දඩයමේ උච්චතම අවස්ථාවට පැමිණ ගොදුර අත් හරින්නට නොහැක.

මම ඇමතිතුමාට දුරකතන ඇමතුමක් ගත්තද එය තිබුණේ විසන්ධි කොටය. පෙරදා රාත්රියේ අරුල්ගේ ඇමතුම හිතා මතාම මඟ හැරිය බැවින් යළි ඔහු ඇමතිය නොහැක.

සියලු කල්පනා වලින් මා මිදුණේ අහසින් බර වැස්සක් කඩා වැටුණ විටයි. මගේ වෙලාවට බෑගය තුළ කුඩයක් තිබුණි. වැස්සෙන් බේරීම සඳහා බස් නැවතුම් පොළට දුවමින් ආ මගේ බැච් එකේ කොල්ලෙකු මගේ කුඩය යට අනාරාධිතවම පැමිණියේ ය.

ඇමතිතුමාගේ ප්රශ්නත් සමඟ මම විශ්ව විද්යාලයේ කිසිදු මිතුරෙකු සමීපව ආශ්රය කරේ නැත. එබැවින් මට සම්බන්ධතා තිබුණේ ම නැත. ඔහු උරහිස් පිසමින් මා දෙස බලා හිනහුණි.

" දෙන්න පොත් ටික.."

බාගෙට තෙමී තිබූ ඔහුගේ පොත් මම ඉල්ලුවෙමි.

" නෑ.. නෑ.. මං හෝල්ට් එකට යන්නම්. සිසිලි එතන.. "

එසේ කියමින් ඔහු කුඩයෙන් මිදී බස් නැවතුම්පොළ තුළට දිව්වේය. නමුත් ඊළඟ තප්පරේ සිදු වූයේ මා කිසිසේත්ම අපේක්ෂා නොකළ යමකි.

බස් නැවතුම්පොළට දිව ගිය ඔහු එකවරම පාරට විසි විය. සියල්ලන්ම භීතියෙන් බලා සිටියදි වැස්සට තෙමෙමින් අරුල් මතු වුණේය. සිතන්නටවත් ඉඩක් නොදී ඔහු අර තරුණයාට පා පහරක් එල්ල කළේය. කෙට්ටු සිරුරක් තිබූ ඔහු විසි වී බිමට වැටුණි. එතනින් නොනැවතී අරුල් ඔහුට කම්බුල් පහරවල් කීපයක් එල්ල කරේ ය.

අරුල් යනු කවුදැයි දන්නා බැවින් සියල්ලන්ම ප්රේක්ෂකයන් වූවා මිසක කිසිවෙකුත් මේ අතරට පැමිණියේ නැත. ඔහුගේ මුහුණින් ගැලූ රුධිරය වැහි දිය සමඟ මුසුව ගියේ ය. අරුල්ගේ කෝපාන්විත මුහුණ, රත් පැහැ දෑස් මෙන්ම නහර පිම්බූ දෑත්ද සියල්ලන්ම බිය ගන්වන්නට ඇත.

නමුත් අරුල්ගේ මේ හදිසි කෝපය පිටුපස කොහේ කොණක මා සිටින බව දැනුණ හෙයින් මට ගල් පිළිමයක් මෙන් බලා සිටින්නට නොහැක.

ඒ සියල්ලම පරදා අරුල් වෙනුවෙන් හදවතේ උපන්නේ නිමා නොවන කෝපයකි. ඔහු මේ ලෙසින් පිස්සෙකු මෙන් හැසිරීම මට කිසි ලෙසකින් දරා ගත නොහැක. තවත් පමා වුවහොත් අර අහිංසක තරුණයා මරන්නට පවා අරුල් පසුබට නොවනු ඇත.

මම කුඩයත් අතහැර වැස්සේ තෙමෙමින් ඔවුන් අතරට දිව්වෙමි. මම අරුල්ගේ බාහුවෙන් ඇද ඔහුව ඈත් කිරීමට තැත් කළෙමි. නමුත් ඔහු වැනි මැරයකු වළක්වන්නට මා වැනි තරුණියකට හැකියාවක් නැත.

" නවත්තනවා අරුල්.. ඒ මනුස්සයා අත අරිනවා.. "

මම ඔහුගේ අතක එල්ලී මහ හඬින් කෑ ගැසුවෙමි. වැස්සේ හඬ සමඟ මගේ හඬ යටපත් වන්නට ඇත. ඔහු මා ගණනකටවත් නොගෙන අර තරුණයාට තවත් පහරක් එල්ල කළේය.

" තමුසෙට පිස්සු හැදිලද මිනිහෝ..??"

මම ආවේගයෙන්ම ඔහුව තල්ලු කළෙමි. ඔහුගේ අතින් අර තරුණයාගේ කමිසය අත හැරුණි. ඊළඟ තප්පරේ මා දෙස මොහොතක් කෝපයෙන් බලා හිඳ ඔහු යන්නට ගියේ ය.

එවලෙහිම වටපිට උන් සියල්ලන්ම අපිට ළං වූ අතර කෙනෙක් ඔහුව ත්රීරෝද රථයකට නංවා ගෙන රෝහල වෙත ගෙන ගියේ ය. ඔහුගේ පෙම්වතිය වන සිසිලි අඬමින් මා දෙස බලා උන්නාය. ඇය බෙහෙවින් බියට පත්ව ඇත.

තවත් මොහොතක් හෝ එතන රැඳී සිටීමට නොහැකිව මම...
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI