විසි එක්වෙනි කැළැල 21

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 "ඇමතියා කොච්චර පා### කියන්න මං දන්නවා. හැබැයි අපි කාට කාටත් හේතු තියෙනවා.. "


මම යළිත් කීවෙමි. නමුත් ඔහු දුරකතනය අතට ගෙන එහි වෙලාව බැලුවා විනා කිසිවක් කීවේ නැත. ඔහුගේ හිතුවක්කාරකම ගැන සිහින් කෝපයක් හද තුළ ඇවිලෙමින් තිබුණි.

"දැන ගන්න ඕනිද..?"

මම වචනයෙන් කිසිවක් නොකියා නිහඬවම හිස සැලුවෙමි. තවත් විනාඩි කිහිපයක් කිසිදු හඬක් නොමැතිව ගෙවී ගියේ ය.

" ඒ මගේ තාත්තා.. "

නොසිතූ මොහොතක ඔහු කීවේ ය. මොහොතක් ගල් ගැසී උන් මා පියවි සිහියට පැමිණියේ තවත් තප්පර ගාණකට පසුවය. හදවතේ ඇති වන කිසිදු හැඟීමක් මුහුණින් නොපෙන්වා සිටීමේ හැකියාවට යළි යළිත් දෙවියන්ට පිං දෙමින් මම යහනේ කොණකින් වාඩි වුණෙමි.

ඔහු කාමරයේ මැදට ඇවිද විත් හිස මඳක් කසා මා දෙස බැලුවේ ය. කිසිදු හැඟීම්කින් තොරව මම ඔහු දෙස බලා උන්නෙමි.

" මම තමයි ඇමතිතුමාගේ එකම පුතා.. "

ඔහු යළිත් කීවේ ය. කුමක් හෝ හේතුවකට මට ඔහු රිදවීමට සිත් විය. මෙතුවක් කලක් සැබැවින්ම ඔහු කාගේ කවුදැයි මා ඔහුගෙන් ඇසුවේ නැත. එමෙන්ම ඇමතිතුමා සමඟ මේ තරම් සමීප බැඳීමක් ඇති බවක් ඔහු කීවේ ද නැත. සැබැවින්ම මා උන්නේ කෝපයිනි. ඔහු රිදවීමේ ක්ශනික ආශාවකිනි.

" විශ්වාස ද එකම පුතා කියලා.. ඇමතිතුමාට අන්තඃපුරයක්ම ඉන්නවනේ. අනික මමත් තාම රේස් එකේ ඉන්නවනේ.. "

මගේ මුවින් පිට වූ වචනයක් පසාම ඔහුගේ මුහුණේ සිදුවන වෙනස්වීම් දැක මම හදවතින් කුරිරු සතුටක් ලැබුවෙමි.

" ඒ යකා පොත්ත රතු හැම ගෑණියෙක් එක්කම ලැග්ගට පැටව් හදා ගන්න දෙන්න තරම් මෝඩ නෑ.. "

ඔහුට රිදුන ප්රමාණය වටහා ගන්නට ඒ වචන පමණක් මට ප්රමාණවත් ය. සැබැවින්ම එය එසේමය. ඇමතිතුමා කිසිදු ගැහැණියකට ඔහු නමින් දරුවෙකු කුස දරන්නට ඉඩ නොදුන්නේ ය.

මම කකුලක් පිට කකුලක් දමා ගෙන සුව පහසුවෙන් වාඩි වුණෙමි.

" එහෙනම් ඇයි එකම පුතාට මෙච්චර රිදිලා..?"

රිදී නොතිබුණේ කාටදැයි මට අසන්නට තිබුණි. නමුත් මම ඇසුවේ ඔහු තවත් රිදවන්නටය.

ඔහු මා දෙස තියුණු බැල්මක් හෙළා ආපිට හැරුණේය. ඔහුගේ කතාව නොකියා ඔහු යන්නට සැරසෙනවාද..?

" ඔය යනවද..?"

" අම්බලන්වල නවතින්න බෑනේ.."

ඔහු ඉතාමත් වැරෙන් ආපස්සට පහරක් එල්ල කරේ ය. ඔහුගේ වචන වල ඇති බර නිසාම ඒවා නැවතුණේ යටි හිතේ ගැඹුරේම තැම්පත් වී ය. සැබැවින්ම ඔහුගේ වචන මගේ හදවත රිදවූ බව මා පිළිගත යුතු ය. නමුත් එය ඔහු දැන ගත යුතු නැත. ඇස් අගට කදුලක් මෝදු වනු දැනුණත් මම එකදු ඇහිපිල්ලමක්වත් නොගසා මුවගට හසරැල්ලක් නගා ගතෙමි.

" ඔව්.. ඔයාට ඕන වෙලාවක යන්න පුළුවන්. හැබැයි ඔයා ආපු කාරණාව කියලා.. "

ඔහු දොරෙහි අඟුල අරිමින් මා දෙස බැලුවේ ය.

" අර අපිට වොයිස්කට් එක දීපු කෙල්ලගේ ගෙදරට ඊයේ දවල් පැනලා. "

" ඇමතියා මේක පිටිපස්සෙ ඉන්න එවුන් හොයනවා. තමුසෙත් පරිස්සම් වෙනවා. "

ඔහු එසේ කියා මා යමක් කියන්නටත් ප්රථම යන්නට ගියේ ය. මට කියන්නට තිබුණේ මට අලුතින් නැති කරන්නට යමක් ඇමතියාට නැති බවයි. ඔහු මගේ ජීවිතයේ සාරය උරා බී මා රොඩ්ඩක් කර නැත. මගේ ආත්මය පුරාවට ගණනය කළ නොහැකි තරම් කැළැල් ඇති කරේ ඇමතිතුමා සහ අරුල් ය.

විහාන් නිවැරදිය. ඔහු කී පරිදි මම තවත් එක් අම්බලමක් මිස සදාතනික නවාතැනක් නොවේ. අම්බලමක් යනු මොහොතක නැවතී විවේක ගන්නා තැනක් මිස එහි එන කිසිවෙකුත් නවතින්නේ නැත.

ඒ කටුක සත්ය මගේ හදවත පාරද්දි මහා පාළුවකින් මගේ හිත පිරී ගියේ ය. සදාතනික ප්රේමයක් කිසිදිනෙක මා සතු නොවනු ඇත. මා තවත් එක ආදරය අහිමි ගැහැණියක් පමණි.

මම යළිත් යහනට වැටී දෑස් පියා ගතෙමි.

මම මඟ බලා ගෙන සිටියත් ඇමතිතුමා මා ඇමතුවේ නැත. පෙර දින රාත්රියේ එකවරම මා අතුරුදහන් වීම ඔහුට ගැටළුවක් නොවුණ හැටි. මගේ ආරක්ශාව පිළිබඳ එක අංශුවකවත් වටිනාකමක් ඔහුට නැත.

විහාන් ඇමතිතුමාගේ පුතා බව යළිත් සිහි වුණි. එය කොහෙල්ල ගුලියක් මෙන් හදවතේ කොණක රැඳී ඇත. මා දන්නා තරමින් ඇමතිතුමාගේ ධනවත් තරුණ බිරිඳ හැරෙන්නට වෙනත් බිරිඳක් සිටියේ නැත. ගැහැණු යන විෂයෙහි ඇමතිතුමා උපරිම ලකුණු ලබා ගෙන ඇති බැවින් එය විශ්වාස කළ නොහැකිය.

ඒ සියල්ලටම වඩා ඔහු ඒ සියල්ල කීවේ බොහෝ විශ්වාසයිනි. ඔහුගේ වයසත් සමඟ සංසන්දනය කරන විට මට සිතුණේ ඔහුගේ උපත ඇමතිතුමාගේ දේශපාලන ගමනට පෙර සිදු වූවක් බවයි.

එසේ නම් ඇමතිතුමා දේශපාලනයට එන විටත් විවාහකයෙක්ද..? ඔහුගේ ලෙයින් ජාතක වුණ දරුවෙක් සිටීද..? ඒ සියල්ලම අවසානයේ මට මා ගැනම දැනුණේ මහා කලකිරීමකි.

පියත්, පුතත් යන දෙදෙනා සමඟම මම යහන් ගත වූයෙමි. සිහියෙන්, අසිහියෙන්, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මම දෙදෙනා සමඟම සංවාසයේ යෙදුණෙමි. සැබැවින්ම මම කවුද..? තවත් එක අභිසරු ලියක් නොවෙද..?
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI