විසිවෙනි කැළැල 20

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " දැං ඉතින් නිදා ගන්නවා. ඔය වෙරි බහිනකම්.."


සිහිය නැති වූයේ මත් පැන් නිසා නොවන බවත් ඒ සියල්ලටම හේතුව මා අද වැටී තත්වයත්, මට මා ගැන දැනෙන ආත්මානුකම්පාව නිසා බවත් මට ඔහුට කිව යුතු වුණත් මම කිසිවක් නොකිව්වෙමි. නමුත් ඒ වෙනුවට යන්න ගිය ඔහුගේ දෑත පමණක් අල්ලා ගතෙමි.

මේ ලෝකේ, මේ මොහොතේ මා පමණක් තනිව ඇති බවක් මට දැනුණි. යළිත් මගේ ඇස් අග කඳුළක් එකතු විය. නමුත් මට තනිවන්නට අවැසි නැත. තනිකම ඒ තරමට අමු වහකි.

" යන්න එපා විහාන්.. "

මා එසේ කියූ බවත්, ඔහු යහනේ මා අසලින් හාන්සි වූ බවත්, සීතලේ වෙවලමින් උන් මා ඔහුගේ උණුසුමේ ගුලි වූ බවත් මට අපැහැදිලි සිහිනයක් මෙන් මතක තිබුණි.

දරා ගත නොහැකි හිසේ කැක්කුමක් සමඟින් මම දෑස් විවර කළෙමි. තවමත් මා මත් වී ඇතුවාක් මෙනි. බර සුසුමක් හෙළා මම ළය සැහැල්ලු කර ගතෙමි. ඒත් එක්කම මට දැනුනේ මගේ නිරුවත් බඳ හරහා වැටී තිබූ දෑතකි. දෙවියනේ..!! පෙරදා රැයෙහි අරුල් යළිත් පැමිණියාද..?? එසේ නම් විහාන් යන්නට ගියේ කීයටද..?

හදවත පුරා බයක්, තැතිගැන්මක් ඇවිලනු දැනෙද්දී මම හෙමීට අනෙක් ඇලයට හැරුණෙමි.

ආදරණීය පාඨකය.. තව වරක් මා විශ්වාස කරන්න. මගේ බඳ වටා අතක් දමා ගෙන සුව සේ නිදන් උන්නේ විහාන් ය. එසේ නම් සිහියත්, අසිහියත් අතරේ නොවිය යුතු හෝ එසේ වීමට අල්ප මාත්රයක හෝ හැඟීමක්, බලාපොරොත්තුවක් නොතිබූ සියල්ලම සිදුව ඇත.

කිසිදු හැඟීමකින් තොරව පිරිමින් සමඟ යහන් ගත වීම මා වන් ගැහැණියකට නුපුරුදු අත්දැකීමක් දැයි ඔබ සිතනවා විය හැක. නමුත් මා පෙම් කළ සමයේ උන් අරුල් සමඟ ඇරෙන්නට වෙන කිසිදු අවස්තාවක එවැනි ප්රාණවත් හැඟීමක් මේ හිතට දැනී නැත. අනෙක් සියලුම දිනවලදී මා ඒ අවස්ථාව අනුව හැඩ ගැසුණා පමණි. නොඑසේනම් මා ඒ තත්වයට පත් වූවා පමණි.

නමුත් සියල්ල අසිහියෙන් සිදු වන්නට ඇත. මා නිරුවතින් සිටියත් මා දෙස නොබලන ඔහු මත් වී සිටි මා පොළඹවා ගත්තා යැයි සිතීමටවත් නොහැක. ඇතැම් විට යහනේ ආලිංගනයට හුරු වූ මා විසින්ම ඔහුව පොළඹවා ගන්නට ඇත.

කෙසේ වුවත් සියල්ල සිදු වී අවසාන ය. ඔහුගේ පිය වුණු දෑස් දෙස බලා ගෙන මම මොහොතක් කල්පනා කළෙමි. ඔහේ ගලා ගෙන යන මේ නීරස ජීවිතය එක හදවතක් ළඟ නතර විය හැකි නම්..? මටත් නොදැනිම මගේ මුවඟින් බරට සුසුමක් පිට වුණි.

අවසානයේ ඔහු දෑස් ඇරියේ ය. පළමු බැල්මෙන්ම මා මඟ හැර ඔහු යළිත් දෑස් පියා ගත්තේ ය. ඔහුගෙන් සමාව ඉල්ලන්නට හෝ පෙර දා රාත්රිය ගැන හෝ කතා කරන්නට මගේ ආඩම්බර ගැහැණු හිත නොනැමුණි.

මම ඔහු ගණන් නොගෙන පොරෝනාව තුළටම යළිත් ගුලි වුණෙමි. ඔහු කොට්ටය හරස් කොට දමා ඇද මත හිඳ ගත්තේ ය. ඔහුගේ පිට පුරා මෙන්ම උරහිස් වටාද මා විසින් ඇදි නියරටා රත් පැහැයෙන් පෙනෙයි. ලජ්ජාවක් මෙන් හැඟීමක් මගේ හදවතට දැනී නොදැනී ගියේ ය.

" අරකි ලංකාවෙන් ගියේ නෑ. එයාර්පෝට් එකේදිම අල්ලා ගත්තා.. "

පළමුවෙන්ම ඔහු හඬ අවදි කරේ ය. එසේ නම් මා අසිහියෙන් වුවත් කිය යුතු සියල්ලම ඔහුට කියන්නට ඇත. සොපිනාගේ පැන යෑම අසාර්ථක වීම මගේ සැලසුමේ නොතිබුණත් එය විහාන් සම්පුර්ණ කර ඇත.

"අද වීඩියෝ එකෙන් ඇමතියා බෙල්ලටම හිර වෙනවා "

විහාන් මගේ සැලැස්ම ඔහුගේ අතට ගෙන ඇත. මෙය සංකීර්ණ නමුත් ඉතා පැහැදිලි සැලැස්මකි.

" ඔව්. අද හවසට වීඩියෝ එක රිලීස් කරමු. "

ඔහු හිස සලා එකඟ වුණි. තවත් විනාඩි ගණනකින් ඔහු ඇඳෙන් බැස ඇඳුම් හැඳ ගන්නට පටන් ගත්තේ ය. මේ වන මම පියවි තත්වයට පත් වෙමින් උන්නෙමි.

සරීනා හෙවත් මම කිසිවෙකුටත් බිය නැති, කිසිවෙකුත් ගණන් නොගන්නා, පලි ගැනීමටම උපන් ගැහැණියෙකි. එය මේ කැළැල් විසින් නිර්මාණය කරන ලද මමයි.

" ළඟදිම ඇමති පට්ටම් ගැලවෙයි. "

ඔහු මට පිටුපා හැරී බිම වැටි තිබූ කලිසම ඇහිද ගනිමින් කීවේය.

" එතකොට තමයි සෙල්ලම පටන් ගන්නේ.. පහර කාපු සත්තු භයානකයි.. "

මම යහනේ හිඳ ගත්තෙමි. ඔහු මගේ හඬට හැරී බලා යළිත් අහක බලා ගත්තේ ය.

" මට හිතා ගන්න පුළුවන් ඇමතියාවත්, අරුල්වත් තමුසෙව අත අරින්නේ නැත්තේ ඇයි කියලා."

" තමුසේ ඒ තරමටම පිස්සුවක්.. "

ඔහුගේ වචන මම අගය කිරීමක් ලෙසින් බාර ගෙන පෙරලා සිනහවක් පෑවෙමි. සොපිනාගේ නිවසේදි පළමු වරට ඇමතිතුමා සමඟ යහන්ගත වීමට අරුල් මට බල කර අයුරු මට සිහිවුණි. එය ප්රතික්ෂේප කිරිම හේතුවක් කර ගෙන අරුල් කී වතාවක් මට පහර දුන්නාද කියා මට මතක නැත.

එදින මගේ මතකයේ තිබූ එකම කාරණාව ප්රේමය යැයි මා රැවටී තිබුණෙ මහා මිරිඟුවකට බවත්, සිහිනැති වන තුරුම අරුල් මට පහර දුන් බවත්, අවසානයේ ජීවිතය යදිමින් මා ඔහු කී සියල්ලටම එකඟ වූ බවත් පමණි.

කාලය ඉගිල ගොස් කැමැත්තක් හෝ අකැමැත්තක් නැතිවම මම ඇමතිතුමාගේ වූවෙමි. ඔහුගේම බෝනික්කියකු වූවෙමි.

ඒ සියලුම කැළැල් අපායේ ගින්නෙන් දැවෙන්නාක් මෙන් යළි යළිත් වේදනා ගෙන දෙයි. මගේ ආත්මය අවසානයේ මට අහිමි විය. ඇමතිතුමාට හෝ අරුල්ට කිසිදාක මේ හදවතින් සමාවක් නොලැබේ.

" මොකක්ද කරේ..?"

මම බිම වැටී තිබූ ගවුම හැඳ ගනිමින් ඇසුවෙමි. ඔහු කමිසයේ බොත්තම් දමමින් මා දෙස හැරුණේය. අඩක් අවසන් නොකල ප්රශ්නය මම යළිත් ඇසුවෙමි.

"ඇමතියගෙන් පලි ගන්න තරම් ඇමතියා මොකද කරේ..??"

ඔහු මොහොතක් මා දෙස බලා උන්නේය. ඇමතිතුමාගේ පස්සේ පන්නමින් ඔහුගෙ පළි ගන්නට මට පැහැදිලි සහ සාධාරණ හේතුවක් තිබේ. නමුත් ඔහුගේ අරමුණට හේතු වූ කාරණාව මා මින් පෙර අසා නැත. නමුත් ඔහුගේ මුහුණ වෙනස් විය.

මම ඔහුගේ බැල්ම ගණනකට නොගනිමින් හිස කෙස් අතින් සකස් කර ගතෙමි. පිරිමින්ට තමන් ගණන් නොගැනීම දරා ගත නොහැකි බව මම අත්දැකීමෙන් දනිමි.

"ඇමතියා කොච්චර පා### කියන්න මං දන්නවා. හැබැයි අපි කාට කාටත් හේතු තියෙනවා.. "

මම යළිත් කීවෙමි. නමුත් ඔහු දුරකතනය අතට ගෙන එහි වෙලාව බැලුවා විනා කිසිවක් කීවේ නැත. ඔහුගේ හිතුවක්කාරකම ගැන සිහින් කෝපයක් හද තුළ ඇවිලෙමින් තිබුණි.

"දැන ගන්න ඕනිද..?"

මම වචනයෙන් කිසිවක් නොකියා නිහඬවම හිස සැලුවෙමි. තවත් විනාඩි කිහිපයක් කිසිදු හඬක් නොමැතිව ගෙවී ගියේ ය.

" ඒ මගේ තාත්තා.. "

නොසිතූ මොහොතක ඔහු කීවේ ය. මොහොතක් ගල් ගැසී උන් මා පියවි සිහියට පැමිණියේ....

____________________________________________

අපි හැමෝටම හේතු තියෙනවා ළමයි...

මං කොන්දේසි විරහිතව සරීනාට ආදරෙයි.. එතකොට ඔයා.. ?????
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI