දාහත්වෙනි කැළැල 17

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 " ඒත් මට බෑ.. "


ඔහු ඇරයුම් කරන්නේ කුමටදැයි මට දැනුණත් මම දිගටම ගණන් ඉස්සුවෙමි. ඒ ඇරත් ඇමතිතුමාගේම බංගලාවේ අරුල් සමඟ රමණයේ යෙදෙන්නට මට කිසිදු වුවමනාවක් නොතිබුණි. මෙහේ කැමරා සවි කර ඇත්තේ කොහේදැයි කියා හෝ මම නොදැනිමි.

එබැවින් අවධානමක් ගෙන අනතුරේ වැටෙන්නට තරම් මම මෝඩ නොවෙමි. ඇමතිතුමා යහනේ වැතිර අසිහියෙන් මෙන් කමිසය ගලවා දැම්මේ ය. සොපිනාද නිරුවත් වෙමින් මා දෙස බැලුවාය. එවලෙහිම අරුල් කාමරය තුළට පැමිණ මගේ අතින් ඇද ගෙන මා එළියට රැගෙන ආවේය.

මම ඔහුගෙන් ගැලවෙන්නට දැගලුවෙමි. නමුත් ඔහු මා බලෙන්ම රැගෙන පහළ මාලයට පැමිණියේ ය.

" අත අරිනවා අරුල්.. "

"මෙන්න මෙහේ එනවා.. "

මගේ දැඩි අකැමැත්තද නොසලකමින් ඔහු මා සැටියට තල්ලු කර දැමුවේය. ඉහළට එසවුණ ගවුමද යළි සකස් නොකරම පුළුටු මුහුණනින් මම අසුන් ගත්තෙමි.

" මොකද අද ඇඹරෙන්නේ..?"

"මේ කොහේ කැමරා තියෙද කියලවත් දන්නේ නෑ. මට ඕනි නෑ ඇමතිතුමාට අහු වෙන්න. "

ඔහු කට කොණකින් හිනා වෙමින් මත් පැන් බෝතලයෙන් වීදුරුවක් පුරවා ගත්තේ ය. ඔහුගේ දෙතොල් මත රාගි හැඟීම් එකින් එක මතු වෙන අයුරු මම බලා සිටියෙමි. ඒ ඇරත් අරුල් යනු සෑම අතින්ම කඩවසම් පිරිමියෙකි. ඒ දෙනෙත් මෙන්ම හොඳින් නඩත්තු කරනා සිරුරද ගැහැණු හිත හොලවන්නට සමත් වෙන බව නොරහසකි.

" මෙහේ කැමරා නෑ.. ඇමතියා මේ බංගලාව ගත්තෙම හොර වැඩ වලට.. "

ඔහු උජාරුවෙන් කියමින් ඇද වුන් ශර්ට් එකේ උඩ බොත්තම ගැලෙව්වේය. අවස්ථාව අනුව වෙනස් වෙන රාගි ප්රේමයක් මට අවැසි නැත. යටි කය පමණක් පිනවිය හැක පිරිමියෙකු තව දුරටත් මට අවශ්ය නැත.

ඒ කෙසේ වෙතත් මට ඔහුගේ මනදොල පිනවීමට සිදු වන බව පැහැදිලිය. ඔහු තවත් වීදුරුවක් මුවට ළං කර ගනිමින් මා අසලින් අසුන් ගත්තේ ය.

" කේන්ති ගියාම හරි ලස්සනයිනේ.."

ඔහු දබර ඇඟිල්ලෙන් මගේ යටි තොල පිරිමැද්දේය. ඒ ස්පර්ශය මගේ නිදා වුන් ආශාවන් ඇහැරවන්නට සමත් විය. නමුත් සිහියෙන් ඔහුගේ ප්රියම්භිකාව වන්නට තරම් හැඟීමක් මට නොතිබූ බව මට විශ්වාසය.

මම ඉදිරියෙන් වූ මත් පැන් බෝතලය ගෙන මමත් බොන්නට පටන් ගතෙමි. අරුල් මගේ පිටුපසින් පැමිණ මා වැළැඳ ගනිමින් මගේ මගේ ගෙල සිප ගත්තේය. ඔහු මගේ ගවුමේ කර පහත් කොට උරහිස දක්වාම හාදු තැවරුවේය. ඉන් පසු ඔහුගේ අත තිබූ වීදුරුවෙන් මත් පැන් මගේ උරහිසට වත් කරේය.

ඒ මොහොතේ මගේ ගත පුරා විදුලියක් විහිදී ගියේය. සැබැවින්ම අරුල් මගේ හැඟීම් පුබුදවන අයුරු හොඳින්ම දැන සිටියේය. ඔහුගේ ස්පර්ශය පවා එතරම්ම සරාගීය. ඉන් පසු ඔහු පහත් වී මගේ උරහිස දෙතොලින් තෙත් කරමින් විසිරී ගිය මත් පැන් උරා බිව්වේය.

තව දුරටත් සිහියෙන් සිටිය නොහැකි තැන මම මත්පැන් උගුරු කිහිපයක්ම පානය කර සිටියෙමි. අවසානයේ අරුල්ගේ නොනවත්වා සිප ගැනීම්, රාගි ස්පර්ශයන් මා වසඟ කර ගත්තේ ය. ඒ මත් බවින්ම මම ඔහුගේ පැත්තට හැරුණෙමි.

තවත් මොහොතකින් ඔහුත්, මමත් එකිනෙකාට පරාද නොවෙමින් එකිනෙකාගේ දෙතොල් සිප ගත්තෙමු. ඔහුගේ රලු දෑත් මගේ බඳ වටා එතමින් මා තව තවත් ඔහු වෙතම ඇද ගත්තේ ය.

විනාඩි කිහිපයකට පසු අපි දෙදෙනාම වේගයෙන් හුස්ම ගනිමින් එකිනෙකා දෙස බලා සිටියෙමු.

" මට තමුසෙව ඇමතියාට දීලා අත පිහිද ගන්න ලෝභයි.. "

" ඔය යස අගේට අත පිහිද ගත්තේ.."

මම ඇසක් ඉඟි මරමින් කීවෙමි. ඔහු යළිත් මා වෙත ඇවිත් මගේ දෙතොල් වලට බර වූයේ ය. නමුත් මෙවර ඔහුගේ රළු හාදු මගේ දෙතොල මත මැවූයේ ලේ රසයකි. මගේ වාග් ප්රහාරයට ඔහු ප්රතිප්රහාර එල්ල කරේ එලෙසෙනි.

ඊළඟ තප්පරේ ඔහු සිටියේ මගේ ගවුම බාගෙට ගලවමින් මගේ ළැම සිපගනිමිනි. පුරුදු පරිදි ඔහුගේ ප්රේමාදර වදන් මගේ සවන් පුරවද්දී මම දෑස් පියා ගත්තේ දැනෙනා සියලුම හැඟීම් වලට ඉඩ දෙමිනි.

විටක සිබිමින්, විටක මිරිකමින්, විටක පිරි මදිමින් ඔහු මා සනසවමින් උන්නේ ය. ඇමතිතුමාගේම බංගලාවේ මැද සාලයේ ඔහුගේම විශ්වාසවත්ත ආරක්ශකයා සමඟින් මම විනෝද වෙමින් උන්නෙමි. එය කෙතරම් අවධානම් සහගත වුවත් ඒ හැඟීමම උපරිම ආශ්වාදයක් ගෙන ආවේය.

" මං ගොඩක් ආදරෙයි සරීනා.."

සුර ලොවක් මැද පා වෙමින් උන් මා එකවරම පොළවට කඩා වැටුණි. මම දෑස් හැර බැලුවෙමි. මගේ ළැම මත රටා මවමින් ඔහු මුමුණයි.

මීට වසර ගණනකට පෙර මා රවටා දැමූ, මා සන්තකයේ තිබූ එකම වස්තුව වූ මගේ ජීවිතය විනාශ කර දැමූ එකම වචන පේළිය එදා ස්වරයෙන්ම ඔහු අදත් මුමුණයි. එදා ළාබල බොළද කෙල්ලෙකු වූ මා ඔහුගේ මුවින් අසන්නට රිසි වූ එම වදන අද ඔහුගේම මුවින් ඇසෙද්දී මගේ හදවත කෙතරම් ඇවිලුවාද..??

කැළැල් වලින්ම හෙම්බත් වූ මේ ගැහැණු හිතට ඒ වචන පේළිය දැනුනේ කම්බුල් පහරකටවත් වඩා සැරටය. ඒ සරදම දරා ගත නොහැකිව මගේ ඇස් අගට කදුළක් මෝදු විය.

" මොකක්ද ඔයා කිව්වේ.. ??"

මම වෙවලන ස්වරයෙන් ඔහුගෙන් ඇසුවෙමි.

" මම ඔයාට ආදරෙයි මැණික.. "

ඔහු පෙරටත් වඩා සරාගි ලෙස ඒ වචන කිහිපය මිමිණුවේය. ගැහැණු අපි මේ වචනය කිහිපය ඉදිරියේ වරක් නොව සිය වරක් වුවද රැවටේ. තවත් මට ඉවසිය නොහැක. මුළු ඇඟේම දිරි ගෙන මම ඔහුව මගෙන් ඈත් කරමින් සැටියටම තල්ලු කරෙමි.

" මොකක්ද වෙලා තියෙන්නේ..?"

" මට මුකුත් වෙලා නෑ අරුල්. දැං ඇති. "

" අනේ මේ රඟ පාන්නේ නැතුව එනවා. "

අරුල් යළිත් මා වැළැඳ ගත්තේ ය. මගේ මත්බව සැබැවින්ම අතුරුදහන්ව තිබුණි. සිහියෙන් වුවත් මා අසිහියෙනි. මම ඔහුව යළිත් තල්ලු කළෙමි. සමබරතාවය ගිලිහී ගිය අරුල් බිමට වැටුණි. නමුත් ආදරණීය පාඨකය.. මට බියක් දැනුනේ නැත. අරුල්ගේ කෝපයේ සීමාවන් ගැන දැන් උන් මට එක බිඳුවක බියක් දැනුනේ නැත. මාව විශ්වාස කරන්න. මා උන්නේ යක්ශණියක් ආවේශ වූවක් මෙන් ආවේගයකිනි.

" මොකක්ද ගෑණියේ වෙලා තියෙන්නේ..?"

අරුල් කෑ ගසමින් නැඟිට්ටේය. ඔහු උත්සාහ කරේ මගේ කම්බුලකට පහරක් එල්ල කිරීමටයි. නමුත් ඒ සියල්ලටම ප්රථම මගේ හදවත ආක්රමණය කළ යක්ශණිය ක්රියාත්මක වූවාය.

" මට මුකුත් වෙලා නෑ මිනිහෝ. හැබැයි මං තමුසෙට කියලා තියෙනවා තමුසෙට ඕන නම් මාත් එක්ක නිදා ගන්න පුළුවන්. හැබැයි බොරුවට ආදරෙයි කිය කිය නැලවෙන්න බෑ.. "

මම මහ හඬින් කෑ ගසමින් දබර ඇඟිල්ල ඔහු වෙතම එල්ල කරමින් නැඟී සිටියෙමි. මගේ ඇස් වලින් ගිනි පුපුරු පිට වෙන්නාක් මෙන් දැනුණි. මම දෙපයින් හිටගෙන ඔහු දෙසම බලා සිටියේ බිඳුවකින් හෝ අඩු නොවුණ ආවේගයකිනි.

අරුල්.. ඔහු උන්නේ කිසිවක් සිතා ගත නොහැකිව මා දෙස බලා ගෙනය. මෙතරම් ආවේගයක් මා තුළ ඇති බව ඔහු කිසිදෙනෙක විශ්වාස නොකරන්නට ඇත. මා රවාගෙනම සිටියදී ඔහු පළමුව සැටියට කඩා වැටුණි. දෑතින් හිස කෙස් අදිමින් ඔහු බිම බලා ගෙන මොනවාදෝ මුමුණනු ඇසුණි.

දෙවනුව මම සැටියට වැටුණෙමි. මුළු බංගලාව පුරා ඇසුණේ මගේත්, ඔහුගේත් හුස්ම වැටෙන හඬ පමණි. ඇස් අගින් ගිලිහුණ මුත් කම්බුල් සිප නොගත් කඳුලු නිසාවෙන් මගේ නහයද බර වී ඇත. පනින්න නොහැකිව හිර වුණු ඉකිබිඳුමක් මගේ උගුර සිර කර ඇත.

ඔහු මේසය මත තිබූ වීදුරුව ගෙන එක උගුරට සියල්ල පානය කළේය. තවත් සිහියෙන් සිටින්නට නොහැකි තැන මමත් මත් පැන් බෝතලය ගෙන ඉතිරිව තිබූ සියල්ලම පානය කළෙමි. ඉන් පසු මම දෙතොල් පිස දමා ගෙන අවුල්ව ගිය ගවුමත්, හිසකෙසුත් සකසා ගත්තෙමි.

"සරීනා..

____________________________________________________________

ඔයා අරුල් නම් දැං මට මොකක්ද කියන්නේ..??

ඇත්ත. හැම ගෑණියෙක් ඇතුළෙම, හැම මිනිහෙක් ඇතුළෙම යක්ශණියක් ඉන්නවා..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI