මොහොතකට හෝ පමා නොවී මම පඩිපෙළ බැස ගේට්ටුව තෙක්ම ඇවිද ආවෙමි. යළිත් දුරකතනය නාද වනු ඇසී මම දුරකතනය අතට ගත්තෙමි. ඇමතුම පැමිණ තිබුණේ අරුල්ගෙනි.
මේ මොහොතේ අරුල් කුමට කතා කරනවාදැයි සිතමින් මම මොහොතක් බලා සිටියෙමි. මේ ඇමතුමේ කොණක විහාන්ගේ සම්බන්ධයක් ඇත්දැයි මම යළිත් සිතුවෙමි. එසේ නම් සියල්ල ඔවුන්ට හසුවීද..?? මේ තරම් ඉක්මනින් ඇමතිතුමාට මා අල්ලා ගත හැකි අයුරින් මා සෙල්ලම් කරේ නැත.
එසේ හසු වුවත් මා ඇමතිතුමාටවත්, අරුල්ටවත් බිය විය යුතු නැත. තවත් කිසිවක් නොසිතා මම ඇමතුමට සම්බන්ධ වුණෙමි.
" ඉක්මනටම ඇවිත් වාහනේට නගිනවා. "
එපමණක් පමණක් පැවසූ ඔහු ඇමතුම විසන්ධි කරේ ය. සිදු වන කිසිවක් සිතා ගත නොහැකිව මම වටපිට බැලුවෙමි. ඇමතුමාගේ වාහනය පාර එහා පැත්තේ නවතා තිබුණි. කුමක් සිදු වන්නට යනවාද..?
මම යළිත් දුරකතන දෙසත් ඇමතුමාගේ වාහනය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමි. සියල්ල අත හැර පැන යනවා නම් පැන යන්නට මට තවමත් අවස්ථාව තිබේ. නමුත් මා කාගෙන් පැන ගියත් මගේ ආත්මය සිදුරු කෙරූ කැළැල් මා අත හැර යන්නේ නැත.
මම දිගු හුස්මක් ගෙන පාර මාරු වීමට සිටිය මිනිසුන් අතරට එක් වීමි. මම ඉදිරිය බලා ගෙනම බෑගය තුළට අත දමා කුඩා දුරකතනය ක්රියා විරහිත කළෙමි. තවමත් හසුව ඇත්තේ මා පමණක් නම් විහාන් මේ කෝණකටවත් ගෑවිය යුතු නැත.
මම සිනහවකින් මුව සරසා ගෙන වාහනය අසලට ගියත් රියදුරු අසුනේ උන් අරුල් මා ගණනකටවත් නොගෙන ඉදිරිය බලා උන්නේ ය. පිටුපස අසුනේ තවත් අයෙක් අසුන් ගෙන උන්නත් ඇමතිතුමා පෙනෙන්නට හිටියේ නැත.
" ඉක්මනටම නගින්න. "
අරුල් විධානයක් දුන්නේ ය. තත්වය කිසිසේත්ම බරපතළ නොමැති බව වටහා ගත් මම සැහැල්ලු සිතින් වාහනයේ ඉදිරිපස අසුනට බර වුණෙමි.
විහාන්ගේ පණිවිඩයත්, ඇමතිතුමාගේ කැඳවීමත් අතර කිසිදු සබදතාවක් නැති විය යුතුය. එසේ නොමැති නම් අරුල් මෙතරම් නිහඬව සිටින්නේ නැත. ඒ ඇරත් ඔහුත්, මමත් පමණක් තනී වූ අවස්ථාවන්හිදි ඇරෙන්නට ඔහු මා ඉදිරියේ හැසිරෙන්නේ සුපුරුදු දරදඬු ස්වභාවයෙන්මෙනි.
මම පිටුපස උන් අමුත්තා ඇස්වලින් නිරීක්ෂණය කළෙමි. මගේ ඇස් නිවැරදි නම් මොහු රජයේ ඉහළ නිලධාරියෙකි. ඔහුගේ දෑස් මගේ ගත පුරා දුවනා බැව දැනී මම තවත් පහසුවෙන් හිඳ ගත්තෙමි. දැක බලා සැනසෙන්නන්ට ඉඩ දිය යුතුය.
තවත් මොහොතකින් අපි උන්නේ ඇමතිතුමා මේ මෑතකදි මිලදී ගත් සුවිශාල බංගලාවක් ඉදිරියේය. මේ සියල්ලම අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් ඉපයූ මුදල් මිස ඇමතිතුමා ඉපයූ ධනය නොවේ. එදා වේල සරි කර ගන්නට නොහැකිව ලත වෙනා මිනිසුන්ගෙන් හොරකම් කර ගත් ධනය මිස ඇමතිතුමා ඉපයූ ධනය නොවේ.
දයාබර පාඨකය, ඇමතිතුමාගේ තුරුල්ලේ මා සැප විඳින සෑම රුපියලම අහිංසක මිනිස්සුන්ගේ මුදල් වුවත් ඇමතිතුමා මාගේ ආත්මය සූරා කෑ බව දන්නේ කී දෙනාද..? එය මා සාධරණීකරණය නොකරත් මගේ අතිශය ඛේදනීය ඉරණම එයයි.
මම සියල්ලන්ටම පිටුපසින් බංගලාව තුළට ගියෙමි. නිල් කැටේට දිලිසෙන නාන තටාකය මෙන්ම අලංකාරව නඩත්තු කර ඇති උද්යානයද පසු කරමින් මම අරුල් පිටුපසින් පියවර තැබුවෙමි. මා ඔහුගෙන් බලාපොරොත්තු නොවුණද ඔහු එකවරක් හෝ මා දෙස නොබැලුව බව මට සහතිකය. අවස්ථාවට පමණක්, තම කාර්යය කර ගැනීමට පමණක් ප්රේමය පානා පිරිමින් ගැන මට ඇත්තේ කිසිදා නිමා නොවන අපුලකි.
දිලිසෙන ටයිල් ඇල්ලූ සාලයේ මැද අසුන් ගෙන උන්නේ ඇමතිතුමා ය. ඔහු ළඟින්ම අසුන් ගෙන ඒ තරබාරු සිරුරට තුරුල් වී උන්නේ සොපිනා ය. ඈ හිස ඔසවා මා දෙස බැලුවේ ඈ කෙතරම් ඇමතිතුමාට සමීපද යන්න පෙන්වීමට මෙනි.
ඇගේ බැල්මට මා රිදවිය හැකි නම්..?? මම ඇයටත් සිනහවකින් සංග්රහ කොට ඇමතිතුමා අසලින්ම වාඩි වුණෙමි.
" මොකද වුණේ අක්කා..?"
" දන්නේ නැද්ද නංගි. ඔය මොකෙක් හරි වැඩේ දීලා.. "
" මට හිතෙන්නෙම ඕක අරූගේ වැඩක්.. "
ඇමතිතුමා මගේ උරහිස් වටා අතක් තබනා ගමන් කීවේය. මෙතෙක් වෙලා සොපිනාගේ ගත සුරතල් කර ඇමතිතුමාගේ දෑත දැං සොයන්නේ මගේ පහසයි.
" කවුද සොපිනා අක්කට ගේම දෙන්න ඉන්නේ..?"
මා ඇසුවේ උකුලේ වූ බෑගය බිමින් තබමිනි. එහි වූ කුඩා දුරකතනය නිසා මා පරිස්සම් විය් යුතුය.
" නාගරාජ් තමයි. ඕකා තාම හිතන් ඉන්නේ මං ඌට ගේම දුන්නා කියලා. ඒකට ඕනි දැං මට රිටන් එක දෙන්න.. "
" ඉතින් ඒකට ඇයි සොපිනා අක්කව අල්ල ගත්තේ.. ?"
" ඒක තමයි හිතා ගන්න බැරි. හැබැයි ඇමතිතුමා.. මේ උගේ වැඩක් නම් ඉස්සරහට අපිට ඌ ගැනත් බලා ගන්න වෙයි. "
අරුල් කීවේ ඉතා බරපතළ ලෙස මුහුණ හදා ගෙනය. ඔහුගේ ඇහිබැමි පවා හැකිලී ඇත. මගේ සැලැස්ම පරිදි සියල්ලම සිදු වන බැවින් මා උන්නේ හදවතින් ප්රීති වෙමින් නමුත් ඒ කිසිදු හැඟීමක් මුහුණින් නොපෙන්වමිනි. එතනින් එහාට කතාව ඇදී ගියේ ය.
සොපියා හෙට රාත්රියේ ලංකාවෙන් යාමට නියමිත අතර ඒ සඳහා සියල්ල සකස් කිරීමට අර නිළධාරියා පැමිණ ඇත. එසේ නම් සියල්ල සිදු වෙමින් පවතින වාතාවරණයකදී ඇය රටින් පැන යයි. මා විදින ලද හීය තවමත් මුවාට වැදි නැති හෙයින් මම නිහඬවම බලා සිටියෙමි.
තවත් පැය කිහිපයකින් සාලයේ ඉතුරු වූයේ මමත්, ඇමතිතුමාත්, අරුල් සහ සොපිනාත් පමණි. රාත්රී ආහරය පවා ප්රතික්ෂේප කරමින් ඇමතිතුමා මත්පැන් බෝතලයක් කැඩුවේය. මමද වීදුරුවකට මත්පැන් පුරවා ගෙන සුවපහසු ලෙස අසුන් ගතෙමි.
සොපිනා ඇමතිතුමා ඉදිරියේ මා හා තරඟ කරන්නට මෙන් තව තවත් සරාගි ලෙස හැසිරෙන්නීය. හුරතල් ලෙස කතා කරමින් ඇමතිතුමාගේ ගතේ වෙලෙන්නටම උත්සාහ කරයි. එමෙන්ම ඇගේ සෑම වචනයක් අවසානයේම ඈ ඇස් නටවා මා දෙස බලයි.
සියල්ලම මත්පැන් පානය කරත් මගේ උකුසු නෙතට අසු වූයේ අරුල් බොරුවට වීදුරුව අතේ තබා ගෙන කතා කරන බවයි. ඔහු වීදුරුවෙන් උගුරු තුනකට වඩා පානය නොකෙරූ බව මට සහතික ය.
නීරස කතා බහ දිගින් දිගටම ඇදී ගියේ ය. අවසානයේ ඇමතිතුමා කාමරයට යන්නට නැඟිට්ටේය. ඇවිද ගන්න බැරි තරම් ඔහු බීමත්ව සිටි බැවින් මමත්, සොපිනාත් ඔහුව දෙපැත්තෙන් වත්තම් කරගෙන පඩිපෙළ නැග්ගෙමු. අප පිටුපසින් අරුල් ඇවිද ආවත් ඔහු ඇමතිතුමා කාමරයට රැගෙන යාමට උත්සාහ කරේ නැත.
" නාගරාජ්.. උබ හිතන් ඉන්නේ මට රිදුණා කියලද..? උඹට වැරදිලා. මේ ඉන්නේ සොපිනා මං ගාව. ඒකි මගේ එකී.. ඒකිට මුකුත් කරන්න මං ඉඩ තියන්නේ නෑ.. "
" මං ඉන්නවනේ මගේ දෙයියෝ එක්ක.. "
සොපිනා ඔහුට පිළිතුරු බඳිමින් කාමරය තුළට ඇමතිතුමා රැගෙන ගියාය. මමත් ඔහු සමඟම යන්නට උත්සාහ කරත් අරුම් මා නැවත්තුවේ ය.
" මෙහෙ එනවා.. "
" මට බෑ.. "
" නැන්දා ඉන්නවනේ.."
" ඒත් මට බෑ.. "
ඔහු ඇරයුම් කරන්නේ කුමටදැයි මට දැනුණත් මම දිගටම ගණන් ඉස්සුවෙමි. ඒ ඇරත් ඇමතිතුමාගේම බංගලාවේ අරුල් සමඟ රමණයේ යෙදෙන්නට මට කිසිදු වුවමනාවක් නොතිබුණි. මෙහේ කැමරා සවි කර ඇත්තේ කොහේදැයි කියා හෝ මම නොදැනිමි.
එබැවින් අවධානමක් ගෙන අනතුරේ වැටෙන්නට තරම් මම මෝඩ නොවෙමි. ඇමතිතුමා යහනේ වැතිර අසිහියෙන් මෙන් කමිසය ගලවා දැම්මේ ය. සොපිනාද නිරුවත් වෙමින් මා දෙස බැලුවාය. එවලෙහිම අරුල් කාමරය තුළට පැමිණ මගේ අතින් ඇද ගෙන මා එළියට රැගෙන ආවේය.
මම ඔහුගෙන් ගැලවෙන්නට දැගලුවෙමි. නමුත් ඔහු මා බලෙන්ම රැගෙන පහළ මාලයට පැමිණියේ ය.
" අත අරිනවා අරුල්.. "
_________________________________________
ඇත්තටම කැළැල් කියන්නේ මොනවටද..??
ගිය බදාදා මගේ කතාව කියවන එක්තරා අක්කා කෙනෙක් මට එයාගේ ජීවිත කතාව කිව්වා. ඇත්තටම මං සෑහෙන්න කම්පනයට පත් වුණා.. ගැහැණු කොයි තරම් ඉවසනවද..???
සමහර වෙලාවට මිනිස්සුන්ට ඕනි හිත සැනසෙන එක වචනයක්...

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.