දාහතරවෙනි කැළැල 14

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 

රාත්රී එකට පමණ මට අරුල්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඔහුගේ හිතාදර නැන්දාට මේ සිදු වූ දේ ඔහු කෙසේ දරා ගන්නවා ඇත්ද..? සැබැවින්ම එය විමසා සතුටු වීමට තරම් කෲර හිතක් මට තිබුණි.

" ඔයා ලංකාවට ආවද අරුල්.. ??"

මම ඇමතුමට සම්බන්ධ වෙමින් පළවෙනි ප්රශ්නය ඇසුවෙමි. ඔහුගෙන් පිළිතුරක් නොලැබුණත් ඔහු වේගයෙන් හුස්ම ගන්නා හඬ ඇසුණි.

" අරුල්.. මොකද වෙන්නේ..??"

" නැන්දා සීඅයිඩී අරන් ගිහින්.. "

" ඇමතිතුමා ආවේ නැද්ද අරුල්..? බය වෙන්න එපා ඇමතිතුමා නැන්දව එළියට ගනී.. "

" එහෙම ගන්න තිබුණා.. ඇමතිතුමාත් මේ වෙලාවේ හිර වෙලා ඉන්නේ.. "

මට අවැසි වූයේ ඇවිලෙන ගින්නේ ප්රමාණය හරියටම දැන ගන්නයි. අරුල් එසේ කීවද ඒ කටහඩ බොහෝ සෙයින් චංචලය. ඉතින් ඒ පමණක් මට ප්රමාණවත් ය.

" මොකක්ද අරුල් ඒ කතාවේ තේරුම..?? ඇමතිතුමා ඔය කොයි ලොක්කත් අඳුරනවා. හැම තැනකම ඉන්නේ ඇමතිතුමාගේ මිනිස්සු. කෙලින්ම මූණ දාන්න බැරි වුණත් ඇමතිතුමා කාටහරි කියලා නැන්දව එළියට අරන් දෙයි. "

" ඇමතිතුමා දන්නවනේ ඒ ඔයාගේ නැන්දා කියලා. ඒ ඇරත් ඉතින් ඇමතිතුමාට නැන්දව නොසලකා හරින්න බෑනේ. ඔය කොයි වෙලෙත් නැන්දා වර්ණනා කරන්නේ.."

අරුල් නිහඬව අසා සිටියා ඇරෙන්න කිසිවක් කීවේ නැත. ඒ නිහඬබව යනු අරුල් මගේ වචන ඔස්සේ කල්පනා කරන බව දන්නා බැවින් මම යළිත් කතා කරන්නට පටන් ගතෙමි.

" ඇමතිතුමා එක්ක කතා කරන්න අරුල්. අනික ඔයා ඇමතිතුමාගේ දකුණු අත වගේනේ. මේ වගේ වෙලවක ඇමතිතුමා කොහොමවත් පස්ස ගහන්නේ නැති වෙයි. සීඅයිඩී එක ඇතුළෙත් ඇමතිතුමාගේ මිනිස්සු ඇතිනේ.. "

" නැන්දාව එහෙම ඇතුළේ තියන්න බෑනේ අරුල්. සාක්ශි තියෙනවද උන්ට..?? නැන්දව නොදන්න මිනිහෙක් ඔය ලොකු පුටුවල නෑනේ. මට හිතෙන්නේ ප්රශ්න කරන්න නැන්දව අරන් යන්න ඇති. අරහෙ මෙහේ හිර ගෙවල්වල වගේ ගහලා ප්රශ්න අහන්නේ නැතුව ඇති නේද.. ??"

දිගින් දිගටම නිහඬව හිටියා ඇරෙන්න අරුල් වෙන වචනයකුදු නොකීවේ ය. ඒ අවස්තාවෙන් ප්රයෝජන ගනිමින් මම අරුල්ගේ මනසට විශ පොවමින් උන්නෙමි. සමහර පිරිමින් කෙතරම් දාර්ශනික කතා කීවද ඔවුන් කියවිය හැකි ගැහැණුන්ට පහසුවෙන්ම විශ පොවන්නට හැකිය.

අරුල් කෙතරම් මගේ ජීවිතය විනාශ කරත් ඔහුගේ හිතේ මා කෙරේ අත්හල නොහැකි බැඳීමක් තිබේ. මා දන්නා තරමින් ඔහු මා ඇරෙන්නට තවත් බොහෝ කෙල්ලන් මේ අපායට ඇද දමා තිබේ. නමුත් ඒ සියලු කෙල්ලන් නැන්දාගේ නරකාදියට ගෙනවිත් දැම්මා ඇරෙන්නට මා සමඟ මෙන් යළි යළිත් සම්බන්ධතා පැවැත්වූයේ නැත.

නමුත් මට අරුල් යනු මගේ ආත්මය සිදුරු කරමින් කිසිදා සුව කළ නොහැකි කැළැල් තැබූ එක් පුද්ගලයෙක් පමණි.

" බලමු.. ඇමතිතුමා මොනවා හරි කරයි.. "

බොහෝ වෙලාවකට පසු අරුල් කීවේය. නමුත් මට ඒ මදිය. ගැහැණු යනු පහසුවෙන් තෘප්තිමත් වන ජාතියක් නොවේ. මා වැනි රිදී, පැලී, මිය ගිය ගැහැණුන් ඒ පමණින්වත් සෑහීමකට පත් නොවේ.

" මං ගිහින් නැන්දා ගැන හොයන්නද.. ඒ මගෙත් නැන්දා වගේනේ.. "

" නෑ නෑ.. ඔයා මේවට ගෑවෙන්න එපා."

" කමක් නෑ අරුල්. හැබැයි හිතන්න එපා ඔයා තනි වෙලා කියලා. කවුරු නැතත් ඔයාට මං ඉන්නවා.. "

මම බොහොම ළයාන්විත හඬකින් මිමිණුවෙමි. ඕනෑම රළු හදවතක් සිනිදු කරන්නට හැකි මායම් ගැහැණු ළඟ තිබේ. නමුත් ඒවා නිසි වේලාවට භාවිත කළ යුතුය.

" බලමු. මං තියන්නම්. ඇමතිතුමා එනවා.. "

ඔහු එසේ කියා ඇමතුම නිමා කළේ ය. මම සැබැවින්ම සතුටින් යහන මත ගුලි වුණෙමි.

ඉතින් දයාබර පාඨකය, නපුරු, කුරිරු හදවතක් ඇති ගැහැණියක් ලෙස සලකා මා දෙස නොබලන්න. මගේ ආත්මය සිදුරු කර මගේ රුධිරය උරා බී මා ඝාතනය කරවුන් දෙස මෙත් සිතින් බලන්නට තරම් මම අහිංසක ගැහැණියක් නොවෙමි.

මේ කැළැල් වල ඇති රිදුම් දන්නේ මාය. ඒ වේදනාව පතුලේ ගිලී සෑම රාත්රියකම මියදෙන්නේ මාය.

මේසාවූ වේදනාවන්, කැළැල් සියල්ලක්ම මා දරුණු ගැහැණියක් කළ බව පමණක් සැබෑය.

එදා රාත්රියේ මම සුව සේ නිදා ගතෙමි. මා බිය ගන්වන නපුරු සිහින මා සොයා ආවේ නැත.

" වීඩියෝ ටික දාන්නද..?"

උදෑසන දහයට පමණ විහාන් කෙටි පණිවිඩයක් මගින් විමසුවේ ය. නමුත් ඒ තුරුම්පුව දැමීමට තවමත් කාලය එළඹ නැති බැවින් මම ඔහුට කිසිවක් නොකරන ලෙස දැන්වුවෙමි.

සැබැවින්ම ඇමතිතුමා තවම කිසිදු ක්රියාමාර්ගයක් සොපිනා නිදහස් කර ගැනීම වෙනුවෙන් කළේ නැත. ඇමතිතුමා මෙවර නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් පැත්තකට වී සිටීම මට අදහා ගත නොහැකිය.

මම තවත් පැය කිහිපයක් බලා හිඳ අරුල්ට ඇමතුමක් ගත්තෙමි. එවර ඔහු මගේ ඇමතුම විසන්ධි කරේය. තවත් විනාඩි කිහිපයක් ඇතුළත් ඔහු පෙරළා ඇමතුමක් ගන්නා බව දන්නා හෙයින් මම සූදානම් වී බලා සිටියෙමි.

" අරුල්.. නැන්දා නිදහස් වුණාද..??"

මම ඇමතුමට සම්බන්ධ වුණ සැණින් හුරතල් ලෙස ඇසුවෙමි.

" නෑ.. ඒත් අද හවස් වෙද්දී නැන්දව නිදහස් කරයි. "

" මං කිව්වනේ ඇමතිතුමා නිකම් ඉන්නේ නෑ කියලා.. "

" ඔව්. ඇමතිතුමා සීඅයිඩී එකේ ලොක්කෙක් උදේ හම්බුණා. ඌට ඕනි කිව්ව ගාණ තුන වෙද්දී එකවුන්ට් එකට දානවා. එතකොට කේස් එක ඉවරයි. සාක්ශිත් නෑ.. "

බොහොම සරලව අරුල් සියල්ල පැහැදිලි කරේ ය. පිංවත් භූමියක් ලෙසින් හඳුන්වන ලංකාව ගැන මා උන්නේ බොහෝ අනුකම්පාවෙනි. මෙතරම් අහිංසක පොඩි ගැහැණු දරුවන් බිලි ගන්නා යක්ශණියන් සාක්ශි සමඟින් නීතිය ඉදිරියට ගෙනාවත් ඔවුන් නිදහස් වී යන අපූරුව.

" ඒකනේ. මිනිස්සුන්ට ඕවා ඉක්මනටම අමතක වෙනවා අරුල්. "

" හරි හරි මං තියන්නම්.."

අරුල් ඇමතුම නිමා කර සැණින් මම විහාන් ඇමතුවෙමි. මේ සියල්ලම මේ ආකාරයෙන්ම සිදු වන බව මම පෙර සිටම දැන උන්නෙමි. එසේම මා ඒ සඳහාද කළ යුතු දෑ පෙර සිටම සැලසුම් කළෙමි.

" විහාන්.. තුනාමාර වෙද්දී අර වීඩියෝ ටික දාන්න.. "

" ඒ කියන්නේ ඒ ගෑණි නිදහස් වෙනවා.. "

" බලය තියෙනවා නම් මොනාද කරන්න බැරි. අච්චර දෙයක් කරපු ඒ #### ගෑණිත් කිසි අවුලක් නැතුව නිදහස් වෙනවා නම්..?"

විහාන් තවත් බොහෝ දේ කියමින් බැන්නත් මම ඒ කිසිවෙකුට සවන් නොදෙන්නෙමි. මට රට වෙනස් කරන්නට නොහැක. මට මිනිස්සුන්ද වෙනස් කරන්නට නොහැක. නමුත් මට දරුවෙක් සිටියා නම් මම ඒ දරුවා මිනිසෙකු ලෙසින් උස් මහත් කරමි.

නමුත් මෙවන් තිරිසන් වැඩ කරනා එක් අයෙක් හෝ මේ සමාජයෙන් අතු ගා දැමීමට උත්සාහ කිරීම පිළිබඳ මම අවංකවම සතුටු වෙමි. මා සාර්ථක වුවත්, නැතත් අද මා සමාජයේ වැටී ඉන්නා තැන ගැන මගේ මනසට ඇති හීනමානය බිඳුවකින් හෝ අඩු නොවුණත් මම සැබැවින්ම උත්සාහ කරමි.

" විහාන්.. හරියට තුනාහාමාර වෙද්දි.. "

මම එපමණක් පමණක් කියා ඇමතුම නිමා කළෙමි.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI