දහතුන්වෙනි කැළැල 13

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 


" ආයේ මොකට කියනවද නංගි ඒ ගැන. මට ඉතින් නංගිවත් අහු වුණේ පොඩි කෙල්ල කාලෙනේ.. "

ඇතුන් ලවා වත් ආපසු අද්දා ගන්නට බැරි මගේ අතීතයේ වූ වේදනාත්මක පසුතැවීමක් ස්පර්ශ කරමින් ඈ කීවාය. තවත් මොහොතකින් ඈ මට අත වනා කිසිදු හැඩයක් නැති ගමනකින් යන්නට ගියා ය.

සොපිනා යනු හතළිස්විය ඉක්මවූ තවමත් තමන් තරුණ කෙල්ලෙකු යැයි සිතා සිටිනා ගැහැණියකි. ඈ නමින් සොපිනා වුවත් ධනපතියන් සහ මැති ඇමතිවරු අතර ඇය ජනප්රිය සෝ ස්පා යන අන්වර්ථ නාමයෙනි. නෑකමට ඈ අරුල්ගේ නැන්දාය. මා දන්නා තරමින් අරුල්ට නෑයෙක් කියා හිටියේ ඈ පමණි.

අරුල්ගේ අම්මා, තාත්තා ගැන මා නොදැන හිටියත් අරුල් මට නැන්දා ගැන බොහෝ දේ කීවේය. නමුත් ඒ සියල්ලම මහා බොරුවක් බැව් මා දැන ගත්තේ අරුන් නැන්දාට මාව බලන්න අවශ්ය බව කියා මා නැන්දගේ නිවසට ගෙන්නා ගත් දිනයි.

ඒ දිනය දක්වාම කෙල්ලෙකු ලෙසින් මා රැක ගත් මගේ වටිනාකම මවෙතින් ගිලිහුන අයුරු මා අදටත් කල්පනා කරන්නේ බොහෝ වේදනාවෙනි. සැබැවින්ම ප්රේමයෙන් මෙන්ම රාගයෙන්ද අන්ධ වූ මා එය ඔහුට පුද කරා කිවහොත් වඩා නිවැරදිය. ප්රේමයේ උච්චතම අවස්තාවට මා ගෙනවිත් ඔහු මා අත හැරියේය. ඉතින් අවුරුදු දහ අටක පොඩි කෙල්ලෙකු වූ මම ඒ හැඟීමට ලොල් වී ඔහුට හිතේ හැටියට මා රස විඳින්නට ඉඩ දුන්නෙමි.

අවසානයේ මට මා අහිමි විය. සියල්ල නිමා වූ පසු මා පසුතැමින් හැඬූ හැටිත්, අප්පච්චීට මුහුණ දීමට නොහැකිව මා අරුල්ගේ පපුව බදා ගෙන හැඬූ හැටිත් මට සිනමා පටයක මෙන් මැවී පෙනුණි.

එදින අරුල් මා සැනසුවේය. තව තවත් ආදරබර වචන කියමින් මගේ රිදුන හිත හැදුවේය. ඉතින් මම ඔහුගේ තුරුලේ සැනසුනෙමි.

" දැං මගේ මැණික මගෙමයි.. "

ඔහු මගේ හිස් මුදුන දැඩිව සිප ගනිමින් මිමිණූ වදන එයයි. ඔහු මා රැවටූ බව මා දැන ගත් විට ඒ කිසිවක් මට විශ්වාස කරන්නට නොහැකි වූයේ ඔහු පුන පුනා මා ඉදිරියේ මවා පෑ මේ ආදරය නිසාමය.

ලෙඩෙකු සේ මැලවුණු වතින් ගෙදර ගිය විට අප්පච්චි කිහිප වරක්ම කාමරයට එබී මගෙන් අසනීපෙන් දැයි විමසුවේය. එදින ජීවිතේ පළවෙනි වරට මම අප්පච්චිට බොරු කීවෙමි. මගේ මහමෙරක් තරම් වූ ප්රේමය නිමිති කර ගෙන මෙලොව මට සැබෑවටම ආදරය කර එකම පිරිමියාට බොරු කිව්වෙමි.

අප්පච්චි මිය යන තෙක්ම මගේ ජීවිතය අඳුරු කළ මේ කටුක සත්ය දැන සිටියේ නැත. ඔහුගේ මතකයේ මා උන්නේ ඔහුගේ අහිංසක දියණිය ලෙසයි.

අරුල් දෙවෙනි වරටත් මා ඔහුගේ නැන්දා මුණ ගැසීමට එක්කන් ගියේ ය. එදින මා පළමු වරට සොපිනා මුණ ගැසුනෙමි. ඇගේ උකුසු ඇස් මගේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වාම නිරීක්ෂණය කළාය.

නමුත් මම..?? අරුල්ගේ නැන්දා අපි අතර ඇති සම්බන්ධයට අකැමැති වේ යැයි සිතා මම උන්නේ අරුල්ගේ පිටුපසට වී ඒ අත තදින් අල්ලා ගෙන නමුත් බියේ ගැහෙමිණි. අපේ සම්බන්ධයට සොපිනාගේ කැමැත්ත ලැබේවායි මම දන්නා සියලු දෙවිවරුන්ට සිතින් කන්නලව් කළෙමි.

අහෝ යොවුන් කෙල්ලෙකුගේ දෛවය...!!! සොපිනාගේ කැමැත්ත ලැබීම අපි සැමරුවේ ඒ ගෙදරම සුව පහසු කාමරයක යහන මතයි. එදින අරුල් මා සිප ගත්තේ කොටියෙකු තමන්ගේ ගොදුර අවුස්සමින් දඩයම ගිලීමට පෙර එහි සතුට සමරන ලෙසයි.

ඉතින් දයාබර පාඨකය.. ගැහණියක ප්රේමයෙන් මෙන්ම රාගයෙන් අවුස්සා තැබීමෙන් පසු ඇයට ඇය අහිමි වන අතර ඇය ඇගේ ජීවිතය ඇගේ ආදරණීය පිරිමියාගේ දෑත මත තබයි. යොවුන් වියේ නැවුම් හැඟීම් විඳමින් උන් මා කෙසේ ඒ හැඟීම් පරදවන්නද..?

මම සුසුමක් හෙළා ගෙදර දොර ඇර සාලයේ වූ සැටියට බර වුණෙමි. මා මෙන්ම තවත් අහිංසක කෙල්ලන් කී දෙනෙකු සොපිනාගේ උගුලට හසු වන්නට ඇත්ද..? ප්රේමය නාමයෙන් තමන්ගේ සියල්ලම පවරන, හිස අත ගා කියනා බොළද ආදර බස් වලට රැවටෙන කෙල්ලන් කීයක් අද තමන්ගේ ජීවිතය තමන්ට අහිමි කර ගෙන ඇත්ද..??

සොපිනා බොහෝ කපටි ගැහැණියකි. එමෙන්ම ඇයට උදව් කරන්නට, ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නට මේ ලක්දෙරණේ ඕනෑ තරම් බලවතුන් ඇත. ඒ නිසා ඇය අදටත් ඇගේ ව්යාපාර ඉතා ඉහළින් කර ගෙන යයි.

මගේ ඊළඟ දඩයම සොපිනා විය යුතුමය. එවැනි බලයක් හිමි කාන්තාවක් සමාජය ඉදිරියේ නිරුවත් කිරීම බොහෝ විනෝදයක් වනු ඇත. එමෙන්ම එය අරුල්ට මෙන්ම ඇමතිතුමාටද සෘජුවම රිදෙනු ඇත.

මම දුරකතනය අතට ගෙන විහාන්ට පණිවිඩයක් තැබුවෙමි. ඉතිරිය ඔහු බලා ගනු ඇත.

ඇමතිතුමාගේ ඇමතුමක් ලැබෙන තුරු දවස් කීපයක් සුපුරුදු නිහඬ බවෙන්ම ගෙවී ගියේ ය. හෙට රාත්රී ගුවන් යානයෙන් ඔහු ලංකාවට පැමිණෙන බවත් ඊට පසු දින පාර්ලිමේන්තුවට ගොස් මා හමුවීමට පැමිණෙන බවත් ඔහු කීවේය.

මම අනෙක් පසට විහාන්ට ඇමතුමක් ගතෙමි. දැනටමත් ඔහු අවශ්ය සියලුම තොරතුරු, වීඩියෝ දර්ශන මෙන්ම ජායාරූපද සකස් කර ගෙන සිටී. දඩයමට සූදානම් ය. මෙතැන් පටන් සිදුවන සියල්ලම විනෝදජනක ක්රීඩාවක් වනු ඇත.

විහාන් සොයා ගත් තොරතුරු වලට අනුව ඇමතිතුමා පැමිණෙන්නේ අද රාත්රී දහයට පැමිණෙන ගුවන් යානයේය. සැලසුම් කර පරිදි රාත්රී අට පසු වන විටම සමාජ මාධ්යන්හි ප්රධානතම මාතෘකාව බවට සෝ ස්පා පත්ව ඇත.

නම් ගම් සහිතව විහාන් විසින් ලියන ලද වාර්තාවන්ද බොහෝ දෙනෙකු විසින් ශෙයාර් කර ඇත. සමාජ මාධ්ය යනු නිහඬ රැල්ලක් ඇති කර හැකි නමුත් ප්රබල ලෙසින් සමාජයට බලපෑම් කර හැකි මෙවලමකි.

සොපිනාගේ චායාරූප මෙන්ම ඇය විසින් සේවාව සැපයූ ලංකාවේ ප්රබල දේශපාලකයින් දෙදෙනෙක් සහ ප්රකට ව්යාපාරිකයෙක්ගේද චායාරූපය ඒ අතර විය. අවුරුදු පහළොව ඉක්මවූ කුඩා ගැහැණු ළමයින් යොදවා ඉහළ ගෙවීමක් කළ හැකි සුපිරි පන්තිය වෙනුවෙන් ඇයගේ සේවාව නැතිනම් ඇය විසින් කරන ලද සමාජ විනාශය සියල්ල එකින් එක හෙළි වෙමින් ඇත.

රාත්රී එකොළහ වන විට ඇය අත්තඩංගුවට ගත් බවත් ඊට පැය බාගයකට පසු ඇමතිතුමා ලංකාවට පැමිණි බවත් මම මුහුණුපොතින්ම දැන ගතෙමි. තවමත් සතුටු වීමට වේලසන වැඩිය.

මේ ආරංචිය කණ වැකුන පසු ඇමතිතුමාගේත්, අරුල්ගෙත් ක්රියකලාපය කෙබඳු වේද..?? ඒ සියල්ල හිතේ මවා ගනිමින් මම යහන මත ගුලි වුණෙමි.

මේ සියල්ල අවසානයේ මට සැප නින්දක් ලැබේ නම් මම ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවෙමි. මට වැරදුන ලෙසුන් තවත් යුවතියක් වරද්ද ගන්නවා දකින්නට මට ඇවැසි නොවේ.

රාත්රී එකට පමණ මට අරුල්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඔහුගේ හිතාදර නැන්දාට මේ සිදු වූ දේ ඔහු කෙසේ දරා ගන්නවා ඇත්ද..? සැබැවින්ම එය විමසා සතුටු වීමට තරම් කෲර හිතක් මට තිබුණි.

" ඔයා ලංකාවට ආවද අරුල්.. ??"

මම ඇමතුමට සම්බන්ධ වෙමින් පළවෙනි ප්රශ්නය ඇසුවෙමි. ඔහුගෙන් පිළිතුරක් නොලැබුණත් ඔහු වේගයෙන් හුස්ම ගන්නා හඬ ඇසුණි.

" අරුල්.. මොකද වෙන්නේ..??"

" නැන්දා සීඅයිඩී අරන් ගිහින්.. "

" ඇමතිතුමා ආවේ නැද්ද අරුල්..? බය වෙන්න එපා ඇමතිතුමා නැන්දව එළියට ගනී.. "

" එහෙම ගන්න තිබුණා..

________________________________________________

මේක හීන ලෝක වල ජීවත් වෙන බොළද කෙල්ලෙක් ගැන නෙවෙයි... සැබෑ ලෝකයේ කැළැල් මතින් ජීවත් වෙන කෙල්ලෙක් ගැන කතාවක්..

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI