" ඇමතියා දැං කාත් කවුරුවත් නැතුව අසරණ වෙන හැටි අපි බලමු.. "
මම එසේ කියා සරලව කතාව නිමා කළෙමි. ඉතින් ඔහු යන්නට ගියේ ය. තවත් සැලැස්මක් ඔහු හා එක්ව ක්රියාත්මක කිරීම්ට තරම් ඔහු විශ්වාස කර හැකි අයෙකු බව ඔහු පෙන්වා අවසානය.
නමුත් මම ඔහුට සත්ය නොකීවෙමි. මගේ අතීතයේ ගඳ ගහන සමහර පරිච්ඡේද කිසිවෙකුටත් කිව නොහැකි තරමේ කැළැල් මිස කාලයට සුවපත් කළ හැකි තුවාල නොවේය.
නාගරාජ් යනු මා සමඟ යහන් ගත වූ අයෙක් නොවේ. නමුත් ඔහු පිනවීමට එකවරකට ඔහු ඉදිරියේ පිරිමින් කීප දෙනෙක්ගේම මනදොල පිනවන්නට මට සිදු විය. ඔහුගේ අසාමාන්ය ලිංගික ආශාව තෘප්තිමත් කිරීමට පිරිමින් කිහිප දෙනෙකුට ඔවුන් කැමති සියල්ලම මා ලවා කර ගැනීමට ඔහුට ඕනෑය. වහළියක් මෙන් මා ඔහුට අවනත විය යුතුය. ලිංගික බෝනික්කෙකු ලෙසින් ඔහුගේ සියලු ඕනෑඑපාකම් තෘප්තිමත් කර මා හඬා වැටුණ රාත්රීන් බොහෝය.
ගතෙහි වූ කැළැල් පිරිමදිමින් මම පාන්දර යාමයේ නින්දට වැටුණෙමි. මා ඇහැරෙන විට උදෑසන එකොළහ පසු වී තිබුණි. ගතට යම් විඩාවක් දැනුණත් මා සැබැවින්ම උන්නේ සතුටිනි. මේ දැනෙනා නිදහස මා ප්රබෝධමත් කරයි. මම යළිත් යහනේ ගුලි වුණෙමි.
දින කිහිපයක් ගෙවී ගියේ විදුලි වේගයනි. මගේ පිළිකුල් අතීතය පිලිබඳ කෙතරම් නොසිතා ඉන්නට තැත් කරත් ඇතැම් රාත්රීන් වල ඒ මතක මා අවදියෙන් තබන්නට සමත් විය.
පහසුවෙන් අමතක වෙන, පහසුවෙන් අමතක කළ හැකි දෛවයක් මට නැත. මෙතරම් දුර මා නිරුවත් දෙපා තබමින් ඇවිද ආ මාවත එතරම්ම බිහිසුණු ය. ඒ කැළැල් එතරම්ම වේදනාකාරීය.
සියල්ලටම හොරෙන් විහාන්ට පමණක් පණිවිඩයක් තබා මම ගමේ ගියෙමි. නමුත් අම්මා මුණ ගැසීම හෝ අම්මාගේ සෙවැණැල්ලවත් නොවැටෙන්නම මම පරිස්සම් වුණෙමි.
මට අවැසිව තිබුණේ අප්පච්චිගේ සොහොන මත දෙදණ තබා මුහුණ වසා ගෙන හදවතේ ඇති සියලු වේදනා අවසන් වන තුරු හැඬීමේ බොළඳ ආසාවක් පමණි. සැබැවින්ම මම හෙම්බත් වන තුරුම හැඬුවෙමි.
නමුත් මගේ හදෙහි වූ කැළැල් එක දශමයකින් හෝ අඩු වූයේ නැත. ඒ වේදනාව තවමත් එසේය.
සමහර කුරිරු මිනිසුන් අපෙන් සමු ගෙන ගියද, වෙන් වුවද, අවසානයේ ඔවුන් මිය ගියද, ඔවුන් හදවතේ තබා ගිය කැළැල් නොනැසී පවතී. එවැනි විස සහිත මිනිසුන් තමාගේ ආදරණීයන් කර ගැනීමේ බරපතළ තත්වය එයයි. ඔවුන් අපේ ජීවිත මත ඇති කරන කැළැල කිසිදා සුව නොවේ.
මම යළිත් නිවසට පැමිණෙන තෙක්ම මා උන්නේ මගේ ඊළඟ දඩයම හිතින් සැලසුම් කරමිනි. තවත් දින තුනකින් ඇමතිතුමා ලංකාවට පැමිණේ. ඔහු එන විට මා ඔහු පිළි ගන්නට කුමක් හෝ යමක් සැලසුම් කර යුතුය. ඒ සියල්ල කළ යුත්තේ කිසිවෙකුටත් සැක නොහිතෙන පරිදිය.
එදින රාත්රිය පුරාම මම ඇමතිතුමාගේ ඇමතුම් සියල්ලෙහිම රෙකෝඩ්ස් යළිත් ඇසුවෙමි. කෙසේ හෝ කොණක් අල්ලා ගත යුතුය. නමුත් කිසිදු අවස්ථාවකින් තොරවම රැය පහන් විය.
දේශනයක් නිම වී මම බස් නැවතුමට ආවෙමි. දන්නා හඳුනන රූපයක් පාරේ අනෙක් පසෙන් ඇවිද ගියාය. හදවත මධ්යයේ අකුණක් කෙටුවේය. සැගවෙන්නට හෝ එකවරම අතුරුදහන් වන්නට මට බලයක් තිබුණි නම් කියා සිතුණි.
ඈ මා දැක මා සමඟින් සිනාසුණාය. හදවත ඇතුළේ කැකෑරෙන වෛරය පිට කර ගන්නට බැරුව මම දෙතොල් මත ලස්සන හසරැල්ලක් ඇඳ ගත්තෙමි. ඇතුළතින් මා වේදනාවෙන් උන්නත්, කෝපයෙන් උන්නත් මුහුණේ සියලු හැඟීම් පාලනය කර ගන්නට හැකිවීම දෙවියන් මට දුන් තිළිණයයි.
නොමැති නම් මේසාවූ කටුක අත්දැකීම් ගොන්නක් අවසානයේ එය මා ලබා ගත් පන්නරයයි.
ඈ මා දැක පාර මාරු වී මා අසලට ඇවිද ආවා ය. ඇගේ අත තිබුණේ නවතම විලාසිතාවක් අනුව නිර්මාණය වූ මිලාධික අත් බෑගයකි. එමෙන්ම ඇගේ දෙතොල් රත් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. එය ඇගේ වයසට කිසි ලෙසකින්ම ගැළපෙන්නක් නොවේ. රැළි වැටුණ සම වසන්නට පවුඩර් තට්ටු වලට නොහැකි වී ඇත.
තඹ පැහැයෙන් වර්ණ ගන්වා ඇති ඇගේ කෙස් අතර සුදු පැහැ හිස කෙස් අතරින් පතර පෙනේ. ඇගේ ගෙල මත පවුම් එකාමාරක රන් මාලයක් තිබුණි. එමෙන්ම ඇය පැළැද උන්නේ දිලිසෙන ඔරලෝසුවකි.
තප්පර කිහිපයකින් මම ඇයව සම්පුර්ණයෙන්ම නිරීක්ෂණය කළෙමි. අවසානයට මා ඈ දුටු දවසත් අදත් අතර වෙනස් වී ඇති එකම දෙය නම් ඇගේ වියපත් පෙනුම සැඟවීමට උලන ලද පවුඩර් තට්ටු වල ඝණකම වැඩිවීම පමණි.
" ආව්ව්ව්ව්.. දැං කෙල්ලගේ ලස්සන.. "
ඇය පළමුවෙන් මගේ කම්බුලක් අල්ලමින් ඇසුවය. ඇගේ දෑස් වල වූයේ උතුරා ගලනා ඊර්ෂ්යාවයි.
" අනේ මොන ලස්සනක්ද අක්කා.. මං මේ ටිකේම නිදි මැරුවා.. "
මම ඇයට පිළිතුරු දුන්නේ හිස කෙස් අතින් හදමිණි.
" ඇමතුමත් ලංකාවේ නැති එකේ නිදි මැරුවේ මොකටද කෙල්ලේ..?? හොරෙන් හොරෙන්වත් ස්පෙයර් වීල් එකක් රන් කරනවද..??"
පිරිමි සංහතියම ගැන කලකිරී පලි ගැනීම පමණක් අරමුණු කර ගත් මා තවත් පිරිමියෙන් යහනට ගනීද..?
" අක්කා මොනවා කියනවද මන්දා. මේ ටිකේ කැම්පස් එකේ වැඩ වැඩී අක්කා. රිසර්ච් එක කරනවනේ.. "
" ඔව් ඔව්.. උඹ ඇඳ උඩ මොන සෙල්ලම දැම්මත් විභාග ටික නම් ගොඩ දාගත්තානේ.. "
" ඔන්න අක්කා නම් ලස්සන වෙලා. මේ කොණ්ඩෙටත් අලුත් පාටක් දාලා.. මොකෝ වෙන්නේ ඉතින්..?"
මමද ප්රශ්න වටය ආරම්භ කළෙමි. ලද අවස්ථාවෙන් උපරිම ප්රයෝජනයට ගත යුතුය.
" එහෙම තමයි බන්. තරුණ කාලේ වැඩිකල් නෑනේ. ඉන්න ටිකේ මොන බයිලය ගහලා හරි සතුටින්, සැපෙන් ඉන්න ඕනි.. අපි මොකද උඹලා වගේ ඉටි රූප නෙවෙයිනේ. කාලා ඇදලා ඉන්න එක තමයි ජීවිතේ.. "
ඈ කියාගෙන කියාගෙන ගියාය. ඇගේ දෑස් වල කලු ඉංගිරියාව වචනයෙන් වචනයට නැටවෙන අයුරු මම බලා උන්නෙමි.
" කොහෙද ඉතින් උඹලා එන්නේ නෑනේ අපිව බලල යන්නවත්.. මං අලුත් ගෙයක් ගත්තා. ගෙයක් නෙවෙයි ඉතින්. දන්නවනේ ඉතින් බිස්නස් තමයි. උඹ ඉතින් මං නොකිව්වට දන්නවාත් ඇති. ඇමතිතුමා තමයි මුල්ම කස්ටමර්. එදා නම් ඇමතිතුමා පොඩි එවුන් එක්ක සෑහෙන්න විනෝද වුණා.. "
මහ හිරිකිත හිනාවක් සමඟින් ඈ කීවාය. ඒ සියල්ලම දෙසවන් වලට වැටෙන්නට දී මම හිතින් තවත් සැලැස්මක් සකස් කරමින් සිටියෙමි.
" එන්න නම් ඕනි අක්කා ඒ පැත්තේ. මට පේන්නේ දැං අක්කා අල්ලා ගන්නේ පොඩි කෙල්ලෝ වගේ.. "
" ආයේ මොකට කියනවද නංගි ඒ ගැන. මට ඉතින් නංගිවත් අහු වුණේ පොඩි කෙල්ල කාලෙනේ.. "
ඇතුන් ලවා වත් ආපසු අද්දා ගන්නට බැරි මගේ අතීතයේ වූ වේදනාත්මක පසුතැවීමක් ස්පර්ශ කරමින් ඈ කීවාය. තවත් මොහොතකින් ඈ මට අත වනා කිසිදු හැඩයක් නැති ගමනකින් යන්නට ගියා ය.
සොපිනා යනු හතළිස්විය ඉක්මවූ තවමත් තමන් තරුණ කෙල්ලෙකු යැයි සිතා සිටිනා ගැහැණියකි. ඈ නමින් සොපිනා වුවත් ධනපතියන් සහ මැති ඇමතිවරු අතර ඇය ජනප්රිය සෝ ස්පා යන අන්වර්ථ නාමයෙනි. නෑකමට ඈ අරුල්ගේ නැන්දාය. මා දන්නා තරමින් අරුල්ට නෑයෙක් කියා හිටියේ ඈ පමණි.
අරුල්ගේ අම්මා, තාත්තා ගැන මා නොදැන හිටියත් අරුල් මට නැන්දා ගැන බොහෝ දේ කීවේය. නමුත් ඒ සියල්ලම මහා බොරුවක් බැව් මා දැන ගත්තේ අරුන් නැන්දාට මාව බලන්න අවශ්ය බව කියා මා නැන්දගේ නිවසට ගෙන්නා ගත් දිනයි.
ඒ දිනය දක්වාම කෙල්ලෙකු ලෙස...
____________________________________________________
අවසාන නිගමනය.. කාගෙ කාගෙත් ජීවිත වල අඳුරු මතක අඩු වැඩි වශයෙන් තියෙනවා..
දොළොස්වෙනි කැළැල 12
Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
Labels:
novel
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.