අවසානයේ සාලයේ සැටිය මතදීම අපේ යුද්දය ඇරඹුණි. අරුල්ගේ මනසින් ඇමතිතුමා අමතක වූයේ කොයි මොහොතින් දැයි ඔහුම නොදන්නේ ය. උස් පහත් වන කෙදිරිලි හඬකින් ඔහුගේ සවන් පිරී යන්නට ඇත.
හෝරා දෙකක් තුළ ඔහුත්, මමත් කිහිප වරක්ම එකතු වූයෙමි. ඔහු වරක් යන්නට සැරසුනද මම එය වළක්වාලමින් ඔහුව යළිත් ප්රාණවත් කරමින් ඔහු මගේ මායා දැලේම රඳවා ගත්තෙමි.
අවසානයේ ඔහු යන්නට ගියේ පාන්දර උදා වූ පසුවය. නැතහොත් මා ඔහු නිදහස් කරේ පාන්දර යාමයේ ය.
ඔහු පිටව ගිය පසු මම ප්රීතිමත් බැල්මකින් දොර වසා දැමුවෙමි.
" ලයිව් ශෝ එක නියමෙට තිබුණා.. "
කාමරයේ දොරට හේත්තු වී අහක බලාගෙන ඔහු කීවේය. විහාන්ගේ මේ ආගමනය මම කිසිසේත්ම අපේක්ෂා නොකලෙමි. නමුත් මම පුදුමය සඟවා ගෙන තියුණු බැල්මක් හෙළා සුපුරුදු ගමනින් සැටිය වෙත ඇව්ද ආවෙමි.
" එහෙනම් රේට් කරන්න.. "
ඔහුගේ බැල්ම පුදුමයක් බවට පත් විය. මම නිරුවතින්ම පහත් වී මගෙ කලු පැහැ ගවුම ගෙන ගතට දමා ගත්තෙමි.
" තරු පහක්ම දෙන්න පුළුවන් ද..??"
මම පහත් වී මගේ අනෙක් යට ඇඳුම්ද අහුලා ගනිමින් ඇසුවෙමි. තවමත් ඔහු මා දෙස නොබලයි. මම ඇවිද ගෙන ඔහු අසලටම ගොස් ඔහුගේ අනෙක් පසින් හිට ගතෙමි.
" තාපසතුමාට දැං බලන්න පුළුවන්.. "
මම උපහාසයෙන් කීවෙමි. එවර ඔහු මා වෙත හෙලුවේ නොරිස්සුම් සහගත බැල්මකි.
" තමුසේ නම් මහ ලැජ්ජ නැති ගෑණියෙක්.. "
ඔහු මගේ මූණටම යලිත් කීවේය. නමුත් දයාබර පාඨකය, ඒ වදන් මගේ හදවත යන්තමින් හෝ රිදවූයේ නැත. ඒ කටුක සත්ය මගේ ජීවිතයේ අස්සක්, මුල්ලක් නෑරම පිළිකාවක් මෙන් කා වැදී ඇති බව මම හොඳින්ම දනිමි.
කටුක වූවත්, බොහෝ වේදනාවක් වුවත් සත්ය, සත්ය ලෙසින්ම බාර ගත් විට යතාර්ථය ඔබ සිතනා තරම් වේදනාවක් නොවිය හැක. ඉතින් මම මුවගට හිනාවක් නගා ගත්තෙමි.
" තමුසේ ඒක නොදැනද මේ පාන්දර මාව හොයන් ආවේ.. ??"
" මං ආවේ තමුසෙගේ ෆෝන් එක වැඩ නොකරපු නිසා. මෙතන දැලි පිහියෙන් කිරි කන්නේ තමුසෙනේ.."
මම හිතාමතාම මා ඔහු සමඟ ගනුදෙනු කරන දුරකතනය දමා ගියෙමි. ඒ යම් මොහොතක ඇමතිතුමාට හෝ අරුල්ට මා පිළිබඳ ඉව වැටුණොත් ඉන් කිසිදු බලපෑමක් ඔහුට නොවිය යුතුය යන චේතනාවෙනි. අරුල් මා පසුපසින්ම සිටි බැවින් මා ඇමතිතුමා සමඟ විදේශ ගත වන බව මට පණිවිඩයක් තබන්නට නොහැකි විය.
ගත වූ කාලය පුරා මගෙන් පිළිතුරක් හෝ පණිවිඩයක් නොලැබුන තැන ඔහු මා හොයා එන්නට ඇත. හදවතේ කොණක වීදුරු කෑල්ලකින් හූරනවා මෙන් වේදනාවක් දැනුණි.
මා වටා ඉන්නා සියල්ලම මා තලා පෙළා දමා හෝ මවෙතින් වින්දනය ලබා ගත්තා මිසක මා පිළිබඳ තැකීමක් නොකළෝය. අඩුම මගේ ආරක්ශාව ගැන හෝ බිඳුවකටවත් සැලකිලිමත් නොවූයෝය.
අවසානයට මගේ ආරක්ශාව ගැන වද වූ යමෙක් වේ නම් ඒ මගේ අප්පච්චි මිස අන් කිසිවෙක් නොවේ. අකාලයේ මා හැර දමා ගිය අප්පච්චි සිහි වී හදවත රිදුම් දුන්නද එකඳු හැඟීමක්වත් පිටතට එන්නට නොදී මම සිනාසුණෙමි. ඔව්.. මහ හඬින් සිනාසුණෙමි.
" ඒ කිරි හරි රසයි විහාන්... "
මම කාමරයට ගොස් යහන මතින් හාන්සි වුණෙමි. හදවත මත අදින ලද සෑම කැළැලක් වෙනුවෙන්ම මේ සරීනා ආත්මය උකසට තබා හෝ පලි ගන්නට අධිශ්ඨාන කර ගෙන ඇත.
" මොකද වුණේ..?"
" නාගරාජ් ඉවරයි. තමුසෙගේ ගිනි කෙළි ඉවර වෙද්දී ගමේ මිනිස්සු ඒ යකාගේ ගෙදරටත් ගිනි තියලා.. "
" එතකොට ඇමතියා.. ?"
" ඒකා අදම රට පනී. "
මම බොහෝ තෘප්තිමත් හිනහවකින් මුව සරසා ගතෙමි. මෙවර අපේ සැලැස්ම වූයේ කෙලින්ම ඇමතිතුමාට පහර දීම නොව දේශපාලන ලෝකයේ ඇමතිතුමාගේ ගජ මිතුරා වූත්, ගුරුවරයා වූත් නාගරාජ් සෙල්වම් ඇමතිතුමාට පහර දීමයි.
එකම මට්ටමේ තිරිසන් ගතිගුණ ඇති අඹ මිතුරන් කෙටවීම කෙතරම් ආශ්වාදජනකද..? මම ඒ හැඟීම අංශුවක් ගාණේම වින්දෙමි.
" කොහොමද ෆොටෝ ටික ලීක් කරේ..?"
" ඒවට මං ගාව ප්ලෑන් තියෙනවා. "
පසුගිය දිනෙක නගර සභාව ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයකට නාදුනන මැර පිරිසක් විසින් පහර දී විරෝධතාකරුවන් දෙදෙනෙකු මිය ගියහ. තවත් කිහිප දෙනෙකු තවමත් රෝහලේය. තත්වය එසේ තිබියදි පොලිසිය තවමත් පහර දුන් මැරයින් සොයමින් මං මුලාවී කාලය කා දමයි.
නමුත් පෙර දිනෙක නාගරාජ්, ඇමතිතුමා සමග දුරකතයෙන් කතා කරන ලද හඬ පටයක් මා සතු වූයේ ය. ඉතිරි මුදල් ලබා ගැනීමට ඔවුන් නාගරාජ් යළි හමුවන දවස මම කල් තියා දැන ගත්තෙමි. එහි ප්රතිඵලයක් ලෙසින් මම විහාන් ලවා ඒ සියල්ල ජායාරූප ගත් කළෙමි.
අවසානයේ ඇමතිතුමා රටින් පිටව යාමට මොහොතක් තියා සියල්ල සමාජ මාධ්යන්හි පළ කළෙමි. මේ සියල්ල පිටුපස තමා සිටින බව නාගරාජ් පැවසූවේ ඇමතිතුමාට පමණි. නාගරාජ් එය ඇමතිතුමාට පුන පුනාම කීවේය. .
ඉතින් සියල්ල හෙළි වූ පසු ඇමතිතුමා යනු නාගරාජ් නැමැති සතුරාගේ ගොදුරක් වනු ඇත. ඇමතියා සති කිහිපයකට යළි ලංකාවට නොඑනු ඇත. ඔහු නිර්මාණ කර ගත් පෙර ගජ මිතුරකු වූත්, දැං තියුණු සතුරෙකු වූත් නාගරාජ් ඔහු එනතුරු මග බලා සිටිනු ඇත.
"ඇයි තමුසේ නාගරාජ්වම අල්ල ගත්තේ..? "
මා ජයග්රහනය විඳමින් සිටියදි ඔහු මගේ සිතුවිලි වලට බාදා කරමින් ඇසුවේය.
" හැම ජරා වැඩේටම උදව් කරන හොදම යාලුවා තමන්ගේ ප්රධාන හතුරා වෙන එක වෙනමම ආතල් එකක්.. ඔය ඇමතිතුමා දේශපාලනයට ඇදලා අරන් මෙච්චර කලක් ගුරුහරුකම් දුන්නේ නාගරාජ්.. "
" ඇමතියා දැං කාත් කවුරුවත් නැතුව අසරණ වෙන හැටි අපි බලමු.. "
මම එසේ කියා සරලව කතාව නිමා කළෙමි. ඉතින් ඔහු යන්නට ගියේ ය. තවත් සැලැස්මක් ඔහු හා එක්ව ක්රියාත්මක කිරීම්ට තරම් ඔහු විශ්වාස කර හැකි අයෙකු බව ඔහු පෙන්වා අවසානය.
නමුත් මම ඔහුට සත්ය නොකීවෙමි. මගේ අතීතයේ ගඳ ගහන සමහර පරිච්ඡේද කිසිවෙකුටත් කිව නොහැකි තරමේ කැළැල් මිස කාලයට සුවපත් කළ හැකි තුවාල නොවේය.
නාගරාජ් යනු මා සමඟ යහන් ගත වූ අයෙක් නොවේ. නමුත් ඔහු පිනවීමට එකවරකට ඔහු ඉදිරියේ පිරිමින් කීප දෙනෙක්ගේම මනදොල පිනවන්නට මට සිදු විය. ඔහුගේ අසාමාන්ය ලිංගික ආශාව තෘප්තිමත් කිරීමට පිරිමින් කිහිප දෙනෙකුට ඔවුන් කැමති සියල්ලම මා ලවා කර ගැනීමට ඔහුට ඕනෑය. වහළියක් මෙන් මා ඔහුට අවනත විය යුතුය. ලිංගික බෝනික්කෙකු ලෙසින් ඔහුගේ සියලු ඕනෑඑපාකම් තෘප්තිමත් කර මා හඬා වැටුණ රාත්රීන් බොහෝය.
ගතෙහි වූ කැළැල් පිරිමදිමින් මම පාන්දර යාමයේ නින්දට වැටුණෙමි.
_____________________________________________
ආදරය නාමෙන් අපායට පැනපු ගෑණු කොච්චර මේ ලෝකේ ඉන්නවද..????
අදහසක් ලියන්න අමතක කරන්න එපා..
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.