ආදරෙයි සපූ මැණික මේ හැම වචනෙකටම ...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරෙයි සපූ මැණික මේ හැම වචනෙකටම .......🌹🌹🌹🌹🌹🌹
🌺___💚___🌺___💚___🌺___💚___🌺___💚
මං ඈට ළං වී අතකිනුත් ඒ මුහුණ ඔසවා බැලීමී....... ඒ සුදවන් ගෙල හරහා ඇඳුණු සියුම් දුඹුරු රේඛාවකි........ මුහුණ පහත් කරන් උන් විට නොපෙනුණු ඒ කැපුම් රේඛාව ඈ හඬමින්ම අතැඟිලි වලින් පෙන්වී ය.......
" ම්... මොකද උනේ.....
ක්..කවුද මේක ක්..කරේ......"
එතෙක් වෙලා , කෝපයෙන් දෝංකාර නැඟුණු මගේ කටහඬද වෙවුලී ය........ ඈව නිහඬ කිරීමට ඔවුන් කපා ඇත්තේ ඇගේ ගෙල ය...... කිසිත් නොකියා ඇය කරේ දිගින් දිගටම හුස්ම අල්ලමින් හැඬීම ය..... වරින් වර ගැස්සෙන්නේ ඒ අහිංසක මුහුණ ය...... හැමදාමත් වගේ මා කර ඇත්තේ අදද ඈ රිදවීම ය.......
ඒ හීල්ලුම එදා වාගේම ය.......හුස්මට විරාම නැති ය..... ඉතින් ඈ නවතන්නට මට අන් මඟකුත් නැති ය......මං ඈව ළඟට ඇද ළයතුරේ සිරකර ගත්තෙමි....... ඇගේ හිස දෝතින්ම බදාගෙන , ඒ හිස් මුදුනට හාදු තබමින් මමද ඈ සමඟින් අසිහියෙන් මෙන් කඳුළු සැලුවෙමි.......
ඇයද අල්ලා ගත් හුස්ම අත් හරින්නට , නොහැකි කමින් මගේ කමිසයද දසන් වලින් ඇල්ලී ය....... පණපිටින් ඇගේ උගුරු දණ්ඩ ඔවුන් කපා දමද්දී , ඒ වේදනාව ඈ කෙසේ දරා ගත්තාදැයි මට අනුමාන කරගන්නටවත් නොහැකි ය......
වසා තිබුණු දොර කැඩී , පාරමීත් ලිහිණිත් , අම්මාත් ඇතුළට කඩා පැන්නත් , මං ඇයව ඈත් නොකළෙමි....... ඇයද නොනැවතී හඬුවා ය....... මමද පිස්සෙක් සේ හැඬීමි...... අප දෙදෙනා දිහා ඔවුන් තිදෙනා බලා උන්නේ මුවත් අයාගෙන ය .......
" උ..උන්...
න්..නිදූ..ගෙ..
බ්..බෙල්ල ක..ප..ල.. පාරී......"
ඈ වෙනුවෙන් හදවත ගැඹුර කලත්තමින් ආ වේදනාව මගේ හඬද බින්ඳේ ය....... තිදෙනාම අතින් මුවත් වසාගත්තේ දෑස් වල කඳුළු පුරවාගෙන ය ....... තව දුරටත් ඒ වේදනාව ඔවුන් ඉදිරියේ විඳවීමට නොහැකි තැන , මං ඇයව අත් හැර කාමරයෙන් එළියට විත් , බිත්තියේ හිස ගසා ගත්තෙමි......
පාරමී හරි ය.... වසර තුනකට පෙර මං ඇයව පැහැර නොගත්තේනම් , මේ වෙද්දිත් ඇගේ ආදරණීයන් තවමත් ජීවතුන් අතර ය..... ඒ කටකාරකම තවමත් එහෙමම ය...... කුමන ප්රතිකාර කරත් , කපා දැමූ ස්වරාලයකින් , ආය කිසි දිනෙක ඈ හඬක් නොනඟනු ඇති ය....
ඒ තරම් හිංසාවක් ඈ කෙසේ දරාගත්තාදැයි සිහි කරද්දී , මං පිට පිටම හදවතින් දැවුණේ සියදහස් ගුණයකින් ඇවිලෙමින් ය........ මිනිත්තු කීපයකට පසු පාරමී අතක් තැබුවේ මගේ උරහිසක ය..... ඉන්පසු ඔහු මා හරවා වැළඳගත්තේ ය.......
" සොරි මචං ......
මං උඹව කලින් වැරදියට හිතුවා......
ඒත් උඹ ඒ විදිහට නංගිව බයකරේ ඇත්ත දැනගන්න කියන එක ,
මට මීටර් උනේ පරක්කු වෙලා....."
ඒ ඉතින් ඔහු දැනගත්තු දේ ය..... ඔහු දන්නවානම් ඈව පැහැරගත්තේ මා වග, ඒ මරා දැමුවේ මගේ දෙමාපියන් වග තත්වය මීට වඩා භයානක ය.......මේ තරම් මගේ පිරිමි කඳුළු ඇවිස්සුණේ වසර තුනකට පෙරදී ය...... ඒ දෙමාපියන් අහිමි වීමේ වේදනාවටම ය..... අද හේතුව අග්රා ය...... ඒ ඇගේ අහිමිවීම් සියල්ලටම වගකිව යුත්තා මා බැව් දැනුණු නිසා ය...
මා මේ තරම් සංවේදී මිනිසෙකු බව මේ මොහොත වෙනතුරු මමද නොදැන උන්නෙමි........ පාරමීට ඇත්ත කීමට බැරි ය.... ඔහුත් හා එක්වම කෝලා සොයා අවශ්ය දඬුවම් දිය යුතුය ..... ඔහුගේ මරණය මා අතින්ම විය යුතු ය....... නැත......
මරණය වැනි සාධාරණ දඬුවමක් ඔහුට ඕනා නැති ය.... ඇල් උගුල්ලවා, පපු කැවුතු ගලවා , අත්පා හතර සිඳ දැම්මත් හිතට මදි ය....... දිවිතුරා විඳවීමට දණ්ඩනයක් දීම වටිනේ ය......... අතකින් මං මුහුණ පිසගත්තේ තීරණයක් අරගෙන ය ......
" සොරි මචං ...ම්...මං .."
" මොකුත් කියන්න ඕන්නෑ මචං ....
මං දන්නව උඹ ගැන ...."
කියන්නට ආ දේ කියන්නට නොදී , පාරමී මගේ පිටට සුහද ලෙස තට්ටු දැම්මේ එසේ කියමින් ය.......ඉඳින් මං නිහඬ වීමි...... මේ මොහොතේ මං උන්නේ ඇතුළාන්තයෙන් ඇවිලෙමිනි.....
මට අග්රා බලන්නට ඕනෑ ය ........ ඒ කඳුළු පිසින්නට ඔනෑ ය..... ඇගෙන් සමාව ඉල්ලන්නටත් ඕනෑ ය.......තවද එදා ඈ සියැසින් දුටුවා කියන මගේ දෙමාපියන්ගේ මරණය ගැන දැනගන්නත් ඕනෑ ය........ එහෙත් සොහොයුරු පෙම ඉදිරියේ මං අසරණ ය.....
තවත් සතියක්ම ගෙවුනේ , අග්රා හා සන්නිවේදනය කිරීමට පහසු ලෙස , තොල් පමණක් සෙලවෙද්දී , වචන තේරුම් ගැනීම අධ්යනය කිරීමට මගේ කාලයෙන් වැඩි ප්රමාණයක් යොදවමින් ය.....
හඬක් පිට නොවුනත් ඈ සාමාන්ය ලෙස දෙතොල් මැතුරුම සිදු කරන නිසා , උත්සාහ කළොත් ඈ කියනා දේවල් අහුලා ගැනීම අපහසු නැති ය..... අන්තර්ජාලය හරහා ඒ සඳහා උපකාරි වෙන වීඩියෝ පට කීපයක්ම අධ්යනය කරමින් මං ඒ සම්බන්ධව වැඩි අවබෝධයක් ලබා ගත්තෙමි .....
පාරමී ඈ හා කතා කරද්දී වුවත් සමහර දේවල් ඇය සටහන් කර දෙන්නේ , ඔහුට ඇගේ මැතුලුම තේරුම් ගත නොහැකි නිසා ය....
පාරමීත් මාත් , ඩී කේ අල්මේදා , කොළොම්බස් , හෙවත් කෝලා පිළිබඳව තොරතුරු සෙව්වේ රැයක් දවාලක් නැතුවමය...... කොතෙකුත් ඔහු පිළිබඳ තොරතුරු ලැබුණත් , ඔහුගේ සේයාරුවක් සොයාගන්නට අපි දෙදෙනාම අපොහොසත් ය......
එක එක පාත්තයන් ඉදිරියට දමා ඒ නරියා ඉන්නේ සැඟවෙලා ය..... ඔහුට ජීවිතයේ ලද දරුණුම වේදනාව විඳවීමට වෙන්නේ මාතින් ය..... මං වෛරයෙන් සිතීමි.....
පෙරපාසල් ගුරුවරියක් වූ ලිහිණි , උදේ වරුවේ වැඩට යද්දි , නිවසේ උන්නේ අග්රාත් අම්මාත් පමණක් ය..... එහෙම දිනෙක , පාරමීත් කාර්යබහුල දිනයක , මට ඇමතුමක් ආවේ නන්නාඳුනන අංකයකින් ය.......
" හෙලෝ....
මේ මිස්ට චත්ර ද..........???"
නාඳුනන අංකය දිගේ ගලාන ආ කාන්තා හඬ ආවේ එලෙසින් ය......
" චත්ර තමයි ,
කවුද මේ .....???"
මං ඇසීමි.....
" මිස්ට චත්ර , ගර්ල් කෙනෙක් ඇවිත් අපේ හොස්පිටල් එකට ලේඩි කෙනෙක් ඇඩ්මිට් කරා , දීපිකා කියලා.......
ලිහිණි , පාරමී , චත්ර .....
මේ නම්බර්ස් තුනෙන් වැඩ කරේ ඔයාගෙ නම්බර් එක විතරයි .......
කවුරු හරි ආවොත් හොඳයි....
මොකද මේ ගර්ල්ට කතා කරන්නත් බැරි නිසා , දැනුම් තේරුම් ඇති කෙනෙක් මෙතන ඉන්න වෙයි....."
නාඳුනන කටහඬ දුන් විස්තරය මං අසා උන්නේ පුදුමයෙන් ය...... දන්නා තරමින් අම්මාට ඉහෙන් බහින රෝගයක්වත් තිබුණේ නැති ය....
" මොකද්ද හොස්පිටල් එක....???"
" රේන්බෝ හොස්පිටල් ....."
" මං එන්නම් ...
තෑන්ක්ස් ෆෝ ද ඉන්ෆොමේෂන් ....."
එසේ කියා මං දුරකථනය තැබීමි ...... ඉන් පසු දිගින් දිගටම පාරමීට ගත්තත් ඔහු ෆෝනය ඉස්සුවේ නැති ය..... ලිහිණි පෙරපාසල් කාලය තුළ කොහොමත් දුරකථනය ක්රියාත්මක කරන්නේම නැති ය..... එ නිසා තවත් ප්රමාද නොවී , මං එවෙලේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්රෝග්රෑමය වෙනෙකෙකුගේ කරේ ගසා , රෝහල වෙත ඉගිලීමි.......
මං යද්දී , අග්රා පුටුවකට වී හැඬූ කඳුළෙන් ය...... ඒ ඉතින් ඈ දන්නා එකම වැඩේ ය.....
" එක්ස්කියුස් මී මිස්.....
දැන් ටිකකට කලින් ඇඩ්මිට් කරපු මිසිස් දීපිකා සෙනෙවිරත්න ගැන දැනගන්න පුළුවන්ද .... "
ඈව නොතකාම මං ඇසුවේ පිළිගැනීමේ කවුන්ටරයේ උන් යුවතියගෙන් ය......
" මා..යි... ගෝඩ්...
චත්ර අයියා.....
අනේ ඔයා ටීවී එකේ දකිනවට වඩා මාර ලස්සනයි අනේ....
මං දෙපාරක් විතර ඔයාගෙ චාට් ශෝ එකට කතා කරලත් තියෙනවා.....
මතකද ම්...:"
" ඉන්ෆොමේෂන් ප්ලීස්......"
කේන්තිය ආයාසයෙන් දරාගෙන මං කීවේ දත්මිටි කාගෙන ය....... මගේ රැවුල ගිනිගෙන ඇති විට ඈ එන්නේ සුරුට්ටුව පත්තු කර ගැනීම ය...... මගේ රෞද්ර බැල්මට ඇගේ කියවිල්ල ඉබේටම නතර වෙද්දී ,
" ස්...සොරි මිස්ට චත්ර ...
එමේජන්සි කෙයා යුනිට් එකේ ඉන්නෙ එයා .....
ඔයාට ගිහින් බලන්න පුළුවන් .....
ඒත් ඇතුළට යන්න බෑ....
තාම ඩොක්ටර්ස්ල චෙක් කරනවා...."
යනුවෙන් ඈ තොරතුරු ලබා දුන්නේ , සීඝ්රගාමි දුම්රියක් සේ ය...... ඉතින් මට හිත යටින් හිනා ය..... තරුණියන් බිය වැද්දීමට මට තාමත් පුළුවන..... ස්ථීරය.....ඇය මිතුරියන් හා කියනු ඇතිය.....
' ආපෝ අර චත්ර චුට්ටක්වත් මීක් නැහැ අනේ.... පුදුම ආඩම්බර නපුරු මිනිහෙක්..... ටීවී එකේ විතරයි පැණි හලාගෙන කතා කරන්නෙ.......'
' අර චත්ර මාර හොඳයි අනේ.....
අද හොස්පිටල් එකට ආවා....
මාත් එක්ක ගොඩක් වෙලා කතා කරා.....
අනේ එයා ශෝයි අනේ.....'
ඔය දෙකෙන් එකක් නිසැකවම කියනු ඇති ය...
'' තෑන්ක්ස්....."
ඈට සිනාසී ස්තූති කර මං එතැනින් ඉවතට යද්දී , ඈද බයාදු හිනාවක් මුහුණට එකතු කරගන්නවා මං දිටීමි.... මං ගිහින් සිට ගත්තේ අග්රා ඉදිරියේ ය ......ඈ මාව දකින්නේ දැන් ය... ...ඈ හිස එසෙව්වේ කලබලයෙන් ය ......
මා දුටු විගස යකෙක් දැක්කා සේ හුනස්නෙන් නැඟිටින්නට ගිය පාර , ආපහු පුටුවටම ඇදගෙන වැටුණේ බැලන්ස් නැතිව ය....... හිනා එන්නට ආවත් මං ඉවසා උන්නේ , අම්මා හින්දා ය...... ඈ ඇතුළට වී ජීවිතය හා සටනක ය...... මගෙම මව් නොවුනද ඈ අපේ අම්මා ය.... ඉතින් දරුවෙකු හැටියට මට මේ මොහොතේ සිනාසීමට නොහැකි ය .....
" මොකද අඬන්නෙ....???"
මං නොරිස්සුමෙන් ඇසීමි...... තාමත් යහතින් ඉන්නා අම්මා වෙනුවෙන් මෙලෙස කඳුළු වැගිරීම මටනම් විකාරයක් ය...... ඈ ඉතින් දිනන්නේම අඬලා ය......
" අම්මා..."
ඇය ඉකි ගසමින් තොල් මතුළා ය...... මං බර සුසුමක් හෙලීමි.....
" අඬන්න තරම් දෙයක් අම්මට උනේ නෑනෙ.... අඬන්නැතුව ඉන්නවා.....
හොඳට ඉන්න මනුස්සයා මැරිච්ච ගාණට අඬන්නෙ....."
මං හඬ බාලකොට සැරෙන් කීමි ..... ඇය මා දෙස බැලුවේ දෑස් ජිල් බෝල කරගෙන ය .... කඳුළු ඉවර ය..... මං සිත යටින් සිනාසීමි.....
" අම්මට මොකද උනේ.....???"
මං ඇසුවේ කරුණාවෙන් ය..... ඒ දෑස් වලට ආයෙමත් කඳුළු උනන්නී ය...... මං බර සුසුමක් අතෑරියේ තරවටු බැල්මක් එක්කමය.... ඇසිල්ලකින් ඈ කලබලයෙන් දෑස් පිසදා ගත්තේ , මගේ තරවටු බැල්ම නිසාවෙන් විය හැකි ය.....
" උදේ ටීවී බල බල හිටියා....."
ඇය මතුළා ය ......මං හිස වැනීමි....
" ඔයා..."
" හ්ම්ම්..."
" හිටපු..."
" හ්ම්ම්..."
" අර.."
" කියන්න බබා ඔයා කියනේව මට තේරෙනවා..."
මට නොතේරෙන බව සිතා හෝ ඇය වචනයෙන් වචනයට තොල් මතුළද්දී , මං කීවේ ඈ දුරකථනය ගෙන යමක් සටහන් කිරීමට පොර කනවා පෙනුණු නිසා ය...
" ඔයා හිටපු ප්රෝග්රෑම් එකක රිපීට් ශෝ එකක් ගියා....
රටක් දන්න නමක්......
ඩී කේ අල්මේදා ඇවිත් හිටපු.....
ඔයා එදා පෙන්නපු ෆොටෝ එක...."
" ඉතින්..."
මං ඇසුවේ හදීසියෙනි......
" ඒක දැකල අම්මා ,පපුව අල්ලගෙන දැඟලුවා.....
හුස්ම ගන්න බැරුව වගේ....
මං ...."
" හරි ඇති....''
මා ඈව නතර කළෙමි......

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI