"මේකිට අද ලුනු දාලා කිරි එක දෙන්න ඕනේ, හිටපංකෝ" කුශී පිටි හැදී කීයක් ඕනේද?

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net





  
මොඩයෝ නැගිටිනවකෝ

මට බෑ

මොකක්ද අනේ, නැගිටලා මට ටී එකක් හදන් එන්නකෝ

යකෝ ගෑනියේ, ගෑනිනේ මිනිහට බෙඩ් ටී එක හදන් එන්නේ

කෑ ගහන්න එපා මෝඩයෝ දෝනි ඇහැරෙයි.

ආආආආආ මේ වෙන මොකට හරිද නැගිටින්න කිව්වේ මැනික 😂😂😂

පිස්සුද මිනිහෝ, බැදලා අවුරුදු 1ක් උනා තාම කුලප්පුව ගිහින් නෑ😒😕

හා ඉතින් ඕකට කෑ ගහන්න ඕනෙවේ. දෝනිව ඇහෙරෙයි කියලා මට කෑ ගහන්න එපා කියලා දැන් බෙරිහන් දෙනවා

අනේ සුදු මහත්තයෝ ටී එකක් හදන් එනකෝ

ගෑනු ඉන්නේ කුස්සියට, මට බෑ

විකාරද මොඩයෝ දැං අලුත් විදිය කොල්ලා ටී එක තමා හදන්නේ

මට නිදිමතයි

අපෝ ඒ දවස්වලනම් කිව්වේ කොහොමද? මාව ලුනු කරේ තියන් ගේ වටේ යන්නම් කියලා

කොන්ද කඩලා මාව මරාගෙන කන්නද හදන්නේ තෝ?

එහෙනම් කිව්වේ එහෙම?

ඉස්සර කෙට්ටුයි තෝ

ඉතින් මං නොකා ඉද්දි මට කාපං කාපං කියලා අපේ ගෙදරටත් කෝල් කරලා උන්වත් කුලප්පු කරලා මට කැවෙව්වේ තෝම නෙමෙයිද?

කව්ද හිතුවේ මෙච්චර කයි කියල ගෑනියේ

මේ මිනිහෝ මට බඩගිනී, ටී එකක් හදන් එනවකෝ

අයියෝ මගුල, අපේ තාත්තා කිව්වා බදින්න එපා කියලා

අහ් අපේ මාමන්ඩී එහෙම කිව්වාද?

ඔව් අපෙ අම්මත් තෝ වගේම වෙන්න ඇති ඒ කාලේ,

ඔන්න ඕක තමයි සුදු මහත්තයෝ තාත්තලා කියන එක අහන්න ඕනේ කියන්නේ, දැං යන්න පන කිචන් එකට

හිටපංකෝ අද දෙන්න,

අන්න එහෙම යන්නකෝ

මේක යකාගෙ කුස්සියක්නේ මගුල කිරි පිටි එක කෝ ගෑනියේ...........?

අහ් ඒක ඔය සින්ක් එකට දකුනු පැත්තේ ඇති රත්තරන්

මේ ගෑනියේ රත්තරන් රත්තරන් ගගා මගෙන් වැඩ ගන්න එන්න එපා තෝ

අදරේටනේ පන

"මේකිට අද ලුනු දාලා කිරි එක දෙන්න ඕනේ, හිටපංකෝ" කුශී පිටි හැදී කීයක් ඕනේද?

තුනක් තුනක් වස්තුවේ

අහ් හා හාආආආ "දෙන්නම්කෝ මැනිකෙට අද" 😂😂

ගේනවකෝ ඉක්මටට

මෙන්න ගෙනාවා

උම්ම්ම්ම්ම්ම්මහ් හොද කොල්ලා, "ඕඕඕඕඕඕඕක්" මොකක්ද මිනිහෝ මේ?

හික්ස් ඇයි මොකද පන?

තෝ ලුනු දාලා ගෙනාවා නේද ?

පිස්සුද ගෑනියේ?

මට වමනේ යන්න වගේ

හික්ස්

හිනා වෙන්න එන්න එපා මෙතන ලුනු දාලා මගුල

හිනා උනේ නෑ ගෑනියේ , ගියානේ

මට වමනේ යන්න වගේ ගොනේ. ඕඕඕඕක් ඕඕඕඕක්

"හුටා අත්තටම වමනේ කරා නේද" ඉන්න මැනික මං ඔලුවෙන් අල්ල ගන්නකල්

කැරකිල්ල වගේ අයියේ,

හරි හරී, මං අල්ලන් ඉන්නේ වමනේ කරන්නකෝ මැනික

අයියේ මේ බලන්නකෝ

මොකක්ද මැනික?

ලේ අයියේ ?

ලේ ? මොකක්?

ඔව් අයියේ ලේ?

අහ් හරි හරි, දැං ඔලුව තියා ගන්නකෝ කුශී

අනේ අයියේ ඇයි මේ ලේ?

ඉන්නකෝ, තෝ ඉතින් කන්නේ නෑනේ, ගෑස් වැඩි වෙලා වෙන්න ඇති මගුල

ගෑස් වැඩි උනාට ලේ වමනේ යනවෑ අයියේ

හරි හරි ඉන්නකෝ ටිකක් ඔහොම, අපි තව ටිකකින් ඩොක්ටර් හම්බෙන්න යන්කෝ මැනික.

ඔලුව කැරකිල්ල වගේ,

ඉන්නකෝ ඔහොම ටිකක්, තව ටිකකින් යන් අපි ලීසන්ස් එකට

හ්ම්ම්

'වී 15ට පසු'

තාම කැරකිල්ල වගේද කුශී

නෑ අයියේ

එහෙනම් වොශ් දාගෙන එන්නකෝ

ආ ඉන්න, වොශ් රූම් ගිහින් එන්නන්

හ්ම්ම් හ, අහ් මේ කුශීයෝ

ඕඕඕඕඔහ්

දොර ලොක් කරන්න එපා

ඒඒඒඑ ඇයි හොරෙන් බලං ඉන්නද මිනිහෝ?

ඕක දැකලා දැං අවුරුදු 5ක් 6ක් උනානේ බං මගුල

හාහාහා එහෙනම් මොකද ගොනෝ

නෑ උබට ආයේ වමනෙවත් ගියොත් එන්න එපේ ගෑනියේ

අහ් ආදරෙත් තියනවා නේද ටිකක් කොල්ලා කෙල්ලට

මේ ඉක්මනට වරෙන්.

මෝඩයා හාහා

'වී 30ට පසු'

යන්ද මැනික

යන් අයියේ හරී

හොස්පිටල් ගියාට පස්සේ නැවතිලා ටෙස්ට් ගොඩක් කරා, ලය රෝහලට ගියා, එතනින් ලෙඩේ වෙනම පැත්තකට ගියා. දැං ඉන්නේ කුශී අපේක්ෂා රෝහලේ. පෙනහල්ලේ කැන්සර් එකක් කියලා තමයි අන්තිමට රිපෝට් වලින් කිව්වේ. හොස්පිටල් එකේ හිටියේ කුශී එක්ක කුශීගේ නංගිලා දෙන්නයි අපේ නංගියි මාරුවෙන් මාරුවට

හෙල්ලෝ කුශී, හෙල්ලෝ හෙල්ලෝ "පිස්සු මගුලගේ පෝන් එක ඔටෝ එබිලද කොහෙද"

කුශී කෝල් එකක් ගත්තද? අනේ නෑ කොල්ලෝ, මේ මගුලෙන් එබිලා එනවා අනේ, දැං කීපරක් අයියට ආවද?

අහ් හා හා කමක් නෑ, කෑවද බේත් බිව්වද? ඔව් ඉදි ආප්පයක් කාලා බේත් බිව්වා අයියේ. අනේ මට පෝන් එකක් ගෙනත් දෙන්නකෝ

ඒ මොකෝව් පෝන් එකක්

නෑ අයියට කරදරේනේ ඔටෝ රිංග් වෙලා කෝල් එනවනේ,

මටනේ මැට්ටියේ එන්නේ. මොන කරදරයක්ද

ඒත් ඉතින් වැඩ වෙලාවටත් එනවනේ එබිලා

ඔච්චර වැඩ උනත් ඔය කෝල් එකට බිසී නෑනේ කෙල්ලේ

මෝඩයෝ ඒක දන්න හින්දනේ කියන්නේ

කමක් නෑ, අහ් කෝ කෙල්ල?

අම්මත් එක්ක, කරදර කරනව අනේ අම්මට මේකි

හික්ස් කමක් නෑ, අපේ අම්මටනේ මුනුපුරෝ ඕනේ උනේ

පව් මෝඩයෝ අම්මා 😂😂

අපේක්ෂා රෝහලේ කුශීව බාරව හිටිය ඩොක්ටර් කිව්වේ කිශීට තව මාසෙකට වඩා ජීවත් වෙන්න බෑ කියලයි. ඇයව ගෙදර එක්කන් ආවේ අපිද මැරි මැරී. කුශීට අපි කිසිම දෙයක් නොකිව්වට ඇය සියලුම දේ දැනගෙන උන්නේ. හැම වෙලාවෙම විහිලුවක් කරලා මගේ හිත හැදුවා. දෝනීව ලෝයර් කෙනෙක් කරන්න කියලා ඇයගේ බලාපොරොත්තුව මට කිව්වා, "ඉතින් කුශී අපි දෙන්නම මහන්සි වෙලා කරමු දෝනිව ලෝයර් කෙනෙක්" කිව්වහම, මගේ ඔලුව අතගාල "මට තව මාස දෙක තුනකට වඩා ඒකට උදව් වෙන්න බැරි වෙයි කොල්ලෝ" කියලා කිව්වේ නොවැටෙන කදුලු පුරෝගෙන. ඈ ඇස් මට හංගන්න කුශී වෙච්ච මහන්සිය හිංදම ඒ ඇස් දිහා මං බැලුවේ නෑ.

අයියේ අපි පල්ලි යන් අද?

කුශී යන්න ඕනෙනම් යන් අපි

ඔව් කොල්ලෝ, යන්න ඕනේ තව ටික දවසක් යද්දී ඇදෙන් නැගිට ගන්නත් බැරි වෙයි

එහෙම වෙන්නේ නෑ මොඩියේ, අපි ටික ටික සනීප වෙමුකෝ. හැදෙන තරන් ඉක්මට හොද වෙනවෑ

හ්ම්ම් අයියේ අහන්කෝ

ඕඕඕඕඕඔ

පාර්ටියකදිවත් බොන්න එපා අයියේ

හ්ම්ම් මං ඔයාට අසනීප උන දවසේ ඉදලා බොන එක නැවැත්තුවනේ, හොද උනහම බොන්න බැරියේ 😂😂

මෝඩයෝ,

කියන්න මැනික

දෝනිව බලා ගන්න, මට එච්චරයි කියන්න තියෙන්නේ.

ඉතින් අපි නරකට බලා ගන්නවද යෝදියේ?

එහෙම නෑ තමයි, ඒත් තොට ඕව ටික තනියම කර ගන්න වෙනවා

මැනික අහන්න, අපි සනීප වෙනවා ඉක්මනට.

හරි අයියේ, සනීප උනොත් වෙයි. ඒත් මට කියන්න ඕනේ මේවා

මොනවද?

උබ තමයි මේ ලෝකේ ඉන්න හොදම හස්බන්ඩාහ්

අහ් ඒ පාර මේකි බටර් ගාන්නවා

එහෙම නෑ මෝඩයෝ, පලවෙනි කිස් එක දුන්න දවසේ ඉදලා මගේ කැත කුනු අදින්න වුණ දවස වෙනකල් දශමයක්වත් වෙනස් උනේ නැති උබේ ආදරේ ලබන්න තරම් මං කොච්චර පින් කරලා ඇද්ද

දැං උබ කියන්නේ මං එක්තැන් උනානම් තෝ මාව දාලා දෝනිවත් අරන් වෙන මිනිහෙක් එක්ක යනවා කියලද?

අනේ ගොනෝ, තොගේ හොදක් කියද්දිවත් අහගෙන ඉන්නවකිකෝ

නෑ උබ කියන්නේ මගේ අදරේ මැජික් එකක් වගේනෙ, රෙද්ද

හරි හරි කොල්ලෝ

මොනවද දැං හරි

මොකුත් නෑ, මං තොට ආදරෙයි

හික්ස්, හා හා ලැහැස්ති වෙමු පල්ලි යන්න එහෙනම්

අම්මෝ මෙයාගේ ලොකුකම, ආඩම්බරකාරයා මගේ

😂😂😘

අපි දෝනිවත් ලැහැත්ති කරගෙන පල්ලියට ගියා. කුශීගේ හිතේ කවදාවත් නැති තරම් සතුටක් හිතේ. මගේ මූන දිහාමයි බලං හිටියේ. දොනිවත් ගත්තා ඔඩොක්කුවට,

මට කෝල් එකක් ආවා

අයියෝ කුශියෝ මේ මගුල සයිලන් කරන්න බැරි උනානේ,

එලියට ගිහින් කතා කරලා එන්න අයියේ කෝල් එකට, බැටරිත් ලෝව් කිව්වා නේද?

ඔව්, විනාඩියක් ඉන්න එහෙනම්

අයියේ දෝනිටත් එක තැන ඉදලා ඇති වෙලා වගේ රව්මක් දාලා එන්නකෝ එක්කන් ගිහින්

"දෝනිව මට දෙන්න කලින් කුශී කෙල්ලගේ මූන ඉම්බා, මගෙ අතින් තදින් අල්ලලා කිව්වා "කෝල් එක ගන්න ඉක්මනට යන්න රත්තරන්" කියලා.

දෝනී අතින් බැහෙලා එලියට දිව්වා, කුශී මට කිව්වා "දෝනිව අල්ල ගන්න දුවන්න" කියලා.

මං දුවගෙන දොරෙන් එලියට යනකල් කුශී කිව්වා දුවන්න අයියේ කියලා හිනා වෙවී

එක පාරටම මාව වැටුනේ ආපු දෝන්කාර සද්දෙත් එක්ක. විනාඩි ගානක් යනකල් මට හිතා ගන්න බැරි උනා. මිනිස්සු එහෙ මෙහේ දුවනවා, මං දෝනී දෝනී කියලා කෑ ගැහුවා

දෝනි හොයාගෙන යන්න හදද්දි " දෙයිනේ කුශී" මං කුශී කියලා කෑ ගහගෙන ගියා. කෑලි වලට ගැලවිලා ගිය කුශී ගේ ඇග. ඊට ඔස්සේ උන කිසිම දෙයක් මට හරියට මතක නෑ. මං දෝනිව හොයාගත්තා. කුශීගේ අවසාන කටයුතු දවස් දෙක තුනකින් උනා.

සති දෙක හමාරකට පස්සේ මගේ phone එක චාර්ජ් වෙන්න දාලා ඔන් කරා. missed call එකක් තිබුනා. මං තච් කරලා ගත්තා මිස් කෝල් එක මොකක්ද බලන්න. හරියටම 2019/04/21 දා, 8.46ට "kushi" ගෙන් මිස් කෝල් එක. ඔව් ඒ මට පල්ලියෙදී ආපු කෝල් එක. කුශීගේ පෝන් එකෙන් ඔටෝ ඩයල් වෙලා ඇවිත් වෙනදා වගේම.

මං මහ වැරදිකාරයෙක් කියලා හිතෙනවා, එදා කුශීට පෝන් එකක් අරන් දුන්නම් ඔටෝ ඩයල් වෙන්නේ නෑ මගේ නම්බර් එකට. එහෙම උනානම් අපි 3න් දෙනාටම එකට අහුවෙලා මැරෙන්න තිබුනා ඒ බෝම්බෙන්. ඒත් කුශීගේ තිබුනු එකම බලාපොරොත්තු දොනිව ලෝයර් කෙනෙක් කරන එක.

මට ජීවවත් වෙන්නම වෙනවා මගේ කුශියෝ උබේ බලාපොරොත්තු ඉටු කරන්න. ඒත් දෝනිට කිරි එකක් හදන වාරයක් ගානේ උබට ලුනු දාලා හදපු කිරි එක මතක් වෙනවා. කදුලු එක්කම හිනත් යනවා. උබේ සුවද හැම තැනම යෝදියේ.
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI