''ඇරපිය යකෝ දොර උඹ දොර වහගෙන හොර මිනිහව හන්ගනවද? ...''

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
''ඇරපිය යකෝ දොර උඹ දොර වහගෙන හොර මිනිහව හන්ගනවද? ...''

ඒ වෙන කවුරුත් නෙමෙයි.මේ සදුනිගේ husban.අවුරුදු හයක් ආදරේ කරලා කසාද බැන්දත් .බැදලා මාස 2,3 යනකොට පවන් වෙනස් වෙන්න ගත්තේ සදුනිට හිතා ගන්න බැරිවිදිහට ඒ වෙනසට හේතුව තවත් ගෑණීයෙක් කියලා සදුනී දැනගෙන හිටියත් කවදාවත් පහන්ගෙන් ඇහුවේ නෑ..මැණික ,රත්තරන්,පන කියපු කටින් දැන් නිතරම කියවෙන්නේ බැ##,පරට්ටී වගේ වචන.දැන්නම් සදුනිට ඒවා හොදට පුරුදුයි.

''අනේ මහත්තයො කෑ ගහන්න එපා අහලපහල මිනිස්සු මොනා නොකියයිද........"සදුනි දොර අරින ගමන් පවන්ගේ අතේ එල්ලිලා කිව්වේ කදුළු හල හල.

"අල්ලන්න එපා බැල්ලි මාව.බලපිය අද උඹේ මුසල මුණ දැකලා එලියට බැහැල ගියත් හරි කැදත් නෑ.5000 පරාද වුනා.අර පහල කඩේ ලලීය තමා ඕක්කොම සල්ලි ගත්තේ .ඌටත් මම දෙකක් ඇනලා අවේ කාලකන්නි හැත්ත තු නොදකින්.. ....."

එහෙම කිය කියා පහන් ගියේ කුස්සියට.සද්දේට කෑම වලන් වල පියන් ඇර ඇර පහන් කෑගැහුවේ වෙරි මතින්.ඒ එක්කම හට්ටි වලන් පොලේ ගහපු පහන් හයියේන් අඩි තිය තියා ආවේ සදුනි ලගට.

"අනේ මහත්තයා උයන්න තිබුනේ එච්චරයි.මහත්තයා බඩුගෙනාවේ නෑනේ.ඔය ටිකත් මම හොයා ගත්තේ අහල පහලින්...අනේ මහත්තයො මට ගහන්නනම් එපා මගේ බඩේ........."සදුනි කියන්න හදපුදේ සම්පුර්න නොකරම බිමට වැටුනේ පහන්ගෙන් බඩට වැදුන පා පහරත් එක්කම.
නැගිටින්නවත් පනක් නැතිව සදුනී විලාප තිබ්බේ උදරයෙන් නැගුන වේදනාවත් එක්කමයි.සදුනිගේ කෑගැහිල්ල තුට්ටුවකටවත් මායිම් නොකර පහන් ගෙදරින් එලියට බැහැල ගියේ ගෙදර බඩු මුට්ටු පොලවේ ගහලා.සදුනිටත් කුණුහර්පෙන් බැන බැන.
සදුනි කොච්චර වේලා ඇඩුවද කියන්න සදුනි දන්නෑ.වැටිච්ච තැන එහෙම්මම වකුටු වෙලා සදුනි ඇඩුවේ බඩත් තද කරගෙන.

"අනේ මගේ රත්තරන් අම්මව දාල යන්න එපා පන අම්මා අයෙමත් තනිවේ......" එහෙම කිය කියා සදුනි හොදටම ඇඩුවා.

පහුවදා සදුනි ඇහැරුනේ ඇගට දැනුන සීතලත් එක්කයි.ඇය යාත්තමින් ඇස් ඇරලා බලනකොට දැක්කේ සාලේ දොර ඇරලා දාල කියලා.සදුනි හිමිට බඩත් අල්ලගෙන නැගිටින්න ගත්තේ අමාරුවෙන්.ඒ එක්කම සදුනි දැක්ක දෙයින් ආයෙත් ඉකි ගගහා ඇඩුවේ දුකට.බිම තිබුන ලේ අතේ ගාගෙන ඇඩුවේ තමන්ගේ 3 වන දරුවත් පහන්ගේ වැරද්දෙන් තමාට අහිමිවුන නිසා.

"කවුද බං මේ උදේම මුසල කමට අඩන්නේ....."
එහෙම කියකියා පහන් ආවේ කාමරේ ඉදන් සරමත් ගැට ගගහා.....

ඒ කියන්නේ ඊයේ රෑම පහන් ගෙදර ඇවිල්ලා...ඒ එක්කම සදුනි නැගිට්ටේ පහන්ට ඊයේ රෑ උනදේ කියන්න.මොකද ඊයේ එයා බීල හිටිය නිසා . එහෙම කියලා ඒ පපුවට තුරුල් වේලා අඩන්න.

සදුනි පහන් ලගට යන්න හදනකොටම පහන් එතනින් යන්න ගියේ හිතා මතාමයි.ඉස්සරහට ගත්තු අඩිය ආයේත් සදුනි පස්සට ගත්තේ හිත කෑලි කෑලිවලට කැඩිල යද්දී.
පැය බාගයක් විතර අඩලා අඩලා අමාරුවෙන් උනත් ගේ අස්කරන්න ගත්තු සදුනිගේ ඇස් ගෙඩි ලොකුවෙලා ගියේ.සදුනිගේයි පහන්ගෙයි කාමරය යද්දී. ඒ කාමරේ ඇද උඩ හිටියේ තවත් ගෑණියෙක්.සදුනි ඇද ගාවට ගියපු ගමන් කලේ එ ගෑණීගේ කොන්ඩෙන් අැදලා අරන් බිමට ඇදලා දාල කම්මුලට ගහපු එක.
ඒ එක්කම වගේ ඒ ගෑණීගේ කෑගැහිල්ලට පහන් කාමරේට ආවේ දුවගෙන වගේ.

"මේ බලන්න පහන් මේ ගෑණී අපි දෙන්නගේ ඇදේ........."

"චටාස්......"
පහන් ගැහුවේ සදුනිට.

"මමයි ගෙනාවේ මෙයාව.....උබට කොහෙන් ආපු අයිතියකටද මේයාට අත ස්සුවේ......"

"අයිතිය අයිතිය .......අයිතිය මම උබේ බිරිද....."

"බිරිද බිරිද උබ නමට.....දරුවෙක්වත් හදා ගන්න බැරි කාල කන්නි ගෑණී......"

"කාල කන්නි.....කාලකන්නී ගෑණී මම නෙමෙයි උඹ.සුදු කෙලලා රෑ මැදියම ගෙදර ඇවිත් සල්ලාට කමට මගේ පලවෙනි දරුවා නැති කලේ උඹ......ඒ මදිවට තොට පාඩු වුන දවසට ඒ වෙෙරේ පිරිමැහුවේ මට ගහලා .ඒ ගහන පාරවල් වැදුනේ මගේ බඩට යකො මගේ බඩට උබේ වෙෙරේ නිසා ඉයේ රෑ මගේ 3 වෙනි දරුවත් මාව දාල ගියේ.උබේන් ගුටිකකා මම හැමදේම ඉවසගෙන හිටියේ මම උඹට ආදරේ කරපු නිසා.උඹ කවදාහරි හැදෙයි කියලා හිතලා ඒත් ඒත් උඹට ඕන වුනේ වනචරකන් කරන්න.උඹට පණ ඇරගෙන ආදරේ කරපු මට දුන්න තෑග්ගතමා මේ කොහෙවත් යන වේ# ගැණීයක් මගේ ගෙදරට ගෙනල්ල මගේ ඇදේම තියාගෙන උඹේ වනචර කම පෙන්නපු එක .....තො තවත් මට එපා තෝ මැරියන්......"

එහෙම කිය කියා වියරුවෙන් කෑ ගහපු සදුනි.ඊයේ කාමරේ ඉදගෙන දවල් ආසාවට අඹ කපාගෙන කාපු පිහියෙන් පහන්ගේ බඩට ඇනගේන ඇනගේන ගියේ තරහින්.

ඒ එක්කම පහන් බිමට ඇදගෙන වැටෙද්දී සදුනී හැරුනේ පහන් ගෙදරට ගෙනාපු ගෑණී දිහට.

"අනේ අනේ සදුනි මට මුකුත් කරන්න එපා......"

"උඹ දැනගෙන හිටියද පහන් කසාද බැදලා කියලා......"

"ආහ්......"

"කියපිය......."

"ඔව් සදුනි මම දැනගෙන හිටියා..අනේ මට මුකුත් කරන්න එපා......"

"එහෙනම් තො මොකටද මුත් තෙක්ක පැටලුනේ......"

"අනේ මම නෙමෙයි පහන් තමා....."

"ඇයි පහන් මොකද....."

"පහන් පහන් තමා මාව ලන්කරගත්තේ ආදරෙයි කියලා....."

"උඹ වු කියනදේ අහලා මුට ලන්වුනා එහෙමද.... උඹට තේරුන් නැද්ද ඒක වරදක් කියලා.......

"අනේ සදුනි මට යන්න දෙන්න.....මම එයාට ලන්වුනේ මමත් එයාට ආදරේ කරපු නිසා......"

"එහෙනම් උඹට තිබුනනේ මුව බදින්න....."

"බෑ සදුනී මමත් බැදපු ගෑණීයක්....."

"උඹලා වගේ ගෑණු හින්දයි පවුල් ජීවිත විනාස වෙන්න.....දැන් තො මුට ආදරෙයි කිව්වනේ එහෙනම් පලයන් මු එක්කම......"වියරු හිනාවක් මුවේ ඇදගත් සදුනි.ඒ ගෑණීටත් පිහියෙන් ඇන්නේ දැනුන කොපයටමයි.

දවස් 03 කට පසු

අයින් වෙන්න අයින් වෙන්න ඔතනින්...ඔය බොඩීය අරගෙන එන්න..

"සාජන් ඔය ගෑණු කෙනාගේ සක්කුවේ මොනවද තියනවා එක ගන්න එලියට....."

"සර් මේ බොතලයක් ඒකේ ඇතුලේ කොල කෑල්ලකුත් තියනවා......"

"කො ගන්න මෙහාට....."බොතලේ ඇරපු පොලිස් මහත්තයා කොල කෑල්ල අතට ගත්තේ කුතුහලයෙන්.

......මම සදුනී.....
මගේ මහත්තයා පහන්වයි එතන හිටපු.ගෑණීව මැරුවෙත් මම.මොකද එයාලා වැරදි කලා .ඒකයි මම මගේ අතින්ම දඩුවම් කලේ...පහන් මගේ මුලු ජීවිතේම මම හැමදේම කැප කලේ එයාට.ඒත් එයාට ඕන වුනේ වෙන දේවල්...මම හැමදේම ඉවසුවත් මට ඒදා ඉවසුන් නැතුව ගියා .මට සමාවෙන්න.....ඔයා නැති ලෝකේක මම ඉදලා වැඩ කුත්නෑ.අනික මට රකින්න තිබුන එකම වස්තුවත් මට නැතිවුනා.ඉතින් මම ඔයාට දීපු දඩුවමම මම විදින්නම්.....මොකද අපි බදින දවසේ පොරොන්දුවුනා මැරෙනකන් අපි වෙන්වෙන් නෑ කියලා.ඔයා එ පොරොන්දුව කැඩුවත් මම එක රැක්කා........t."

.............නිමී...............
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI