අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරා, විශ්වාස කරා...ඩේටා බැඳීම් පමණක් නෙවෙයි රාගය මත පදනම් වන බැඳීමුත් නෙවෙයි මේ ෆේස්බුක් එක තුළත් හදවතම පුදන ලස්සන ආදර වන්තියෝ ආදර වන්තයෝ නැතුවම නෙවෙයි.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
ආදරය ගින්දරක්ද.....

( සත්‍ය කතාවක් )

ගමේ ගල්වලේ ගල් කඩලා මට ලැබුන දවසේ පඩිය ටික ටික එකතු කරලා මං ගත්ත හුරුබුහුටි 4න් එක අතට අරන් එහෙ මෙහෙ අත කරකවමින් මං හිටියා.
අපේ තාත්තිට සල්ලි ගොඩක් තිබුණට එයාට ඒවා පොදි බදින්න මිසක් වියදම් කරන්න ඕනේ දේකටවත් වියදම් කරන්න උවමනාවක් එයාට තිබුණේ නම් නෑ.
ගමේ ඉස්කෝලෙන් නගරේ ඉස්කෝලෙට ගිහින් උසස්පෙළත් පාස් වෙලා කැම්පස් සිලෙක්ට් උනත් මට තාත්තිට කියලා බයික් එකක් ගන්න මාසගානක් එයාගේ ශොප් එකේ වැඩ කරන්න උනා.
මොනවා උනත් ඉගෙනගෙන හොද තැනකට ඇවිත් මට ඕනේ උනේ හොද තාත්තෙක්වෙන්න.
කොහෙද ඉතිං තාත්තෙක් වෙන්න මට එතකොටත් කෙල්ලෙක් හිටියෙම නෑනේ. ගත්තූ 4න් එකෙන් කොල්ලෙක් මට ෆේස්බුක් අකවුන්ට් එකක් හදලා දුන්නේ ඒ අතරෙදි තමයි.
ෆේස්බුක් ඇවිත් දවසකින් විතර මේ ආදරයයි පේජ් එකේ පෝස්ට් එකකට කමෙන්ට් කරලා තිබුණ නංගි කෙනෙක්ට මං දාපු request එකක් එයා accept කරලා තිබුණා. ගොඩක් ලස්සනයි එයා ඇස් දෙක නම් හරිම ලස්සනයි. ටික ටික චැට් කරාම එයා ඇහුවා අයියා ළඟදිද ෆේස්බුක් ආවේ කියලා මං ඔව් කිව්වා මොකද එයා මගේ අකවුන්ට් එක බලලා ඒ වෙද්දිත්. මාත් එයා එක්ක චැට් කරන්න ගොඩක් ආස උනා. කන්න ගියත් ඉතිං 4න් එක දිහාම බලාගෙන හිටියා. එයා ගිහින් ආයෙමත් ෆේස්බුක් එනකල් මං බලන් හිටියා. හරිම අමාරුයි ඉතිං චැට් එකට අල්ලගන්න ඒත් කොහොම හරිම අල්ලගත්තා. එයා කලින් කෙනෙක්ට ආදරේ කරලා ඒ අෆයාර් එක නැති වෙලා තිබුණා. චැට් කරද්දි තේරුණා ගොඩක් හුරතල් කෙල්ලෙක් කියලා. කවදාවත් කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙලා නොතිබුණු මට එයා ගැන ආදරේ හිතුණා. මං එයාගෙන් නම්බර් ඉල්ලුවම එක පාරට දුන්නේ නෑ. ඒත් පස්සේ දුන්නා. අපි මුලින් මැසේජ් විතරයි කරේ. කෝල් ගන්නෙපා කිව්වා අයියා එහෙම ඉන්නවා කියලා. කතා කරන්න බෑ කිව්වා ගෙදර අය ඉන්න නිසා. ඒත් පස්සේ මට එයා දවසක් ආදරෙයි කිව්වා. ඒ 2015/03/19 වෙනිදා. අපි ගොඩක් ආදරෙන් හිටියා. දවසේ නිතරම කතා කරා මැසේජ් කරනවට වඩා කරේ කතා කරන එක. ඔහොම කාලේ ගෙවුනා එයත් ඉස්සර මං වගේම මං මැසේජ් දානකල්ලු බලන් හිටියේ. කතා කරන්න බය හිතුණලු ඒකලු මට ගෙදර අය ඉන්නවා කිව්වේ. ඔහොම කාලය ගෙවිලා ගියා අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරා, විශ්වාස කරා සතුටින් හිටියා ආදරෙන්.
ඒත් ඒ වෙද්දිත් මට ජොබ් එකක් තිබුණේ නෑ. තාත්තිගේ ශොප් එකේ වැඩ කරලා දෙන කීයකින් හරි 4න් එකට කාර්ඩ්ස් දාගෙන මං කතා කරේ. මං කනගමනුත් කතාකරා එයාට. එයාගේ අම්මා රට හිටියේ. පුංචි ( අම්මාගේ නංගි) එහෙම එයාට කියලා තිබුණේ ඔය කොල්ලට පාඩුවේ කන්නවත් දෙන්න කියලා. ඒත් ඉතිං මට එයා එක්ක ඉන්නවට වඩා සතුටක් තිබුණෙම නෑ. එයාව රෑට නැළවිලි කවි කියලා ගොඩක් ආදරෙන් මං නිදිකෙරෙව්වේ. ඔහොම කාලේ ගෙවිලා ගියා. එයා මට එයාව බලන්න එන්න කියලා කීප පාරක්ම කිව්වා. මං සල්ලි හොයන් යන්න හදද්දි ගෙදර මොකක්ම හරි ප්‍රශ්නයක් උනා. එහෙම නැත්නම් අතේ සල්ලි තිබුණේ නෑ. දිගින් දිගටම මං එක්ක එයා රංඩු කරා ඒ නිසා. ඒත් මට එයා ආදරේ නිසා මං එයාට ආදරේ නිසා ගොඩක් ඉවසුවා අපි. දිගින් දිගටම මාව තේරුම් නොගෙන එයා බනිද්දි මමත් බැන්නා. බැල්ලියෙක්ට වගේ බැරිම තැන මං බැන්නා. පස්සේ එයා මගේ ළඟ බැගෑපත් උනත් මං ලොකුකම් පෙන්නුවා. ඒ ආදරේ නැතුව නෙවෙයි ආදරේ වැඩි නිසාමයි එයාට මං එක්ක ඉදන් දුක් විඳින්න වෙයි කියලා බය හිතුණු නිසයි. ඒත් එයා හිටියේ නෑ පස්සේ ගියා මාව දාලා. සිම් පවා වෙනස් කරා. මට දීලා තිබුණ ෆේස්බුක් පාස්වර්ඩ් පවා වෙනස් කරා එයා. මොන දේ උනත් මං ෆේස්බුක් එකෙන් එයාට මැසේජ් කරා. මගේ නංගි කියලා මං එයාට මං මැරුණා කියලා චැට් කරා. එහෙම කරේ එයා මට තාමත් ආදරෙයි ද බලන්න ඔව් එයා එතකොටත් ආදරේ කරා මට. පස්සේ මං ම කිව්වම එහෙම දැනගන්න චැට් කරේ කියලා එයා මාව බ්ලොක් කරා. එයාගේ නංගිට සැරෙන් සැරේට මැසේජ් දදා එයා ගැන ඇහුවත් මං එයා ඒකටත් අකමැතියි කියලා පස්සෙ එයාලම කිව්වා. ඔහොම ඉදන් මං ආර්මි එකට ගියේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් ඉතුරු නොඋන නිසා. දවසක් එයාගේ හොදම යාලුවාගෙනුත් මං එයා ගැන චැට් කරලා ඇහුවම එදා එයා මට නංගිගේ අකවුන්ට් එකෙන් චැට් කරා.
එදා එයා මට කිව්වා මං දැන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා ඔයා මට දුන්නු දුක ඇති දැන් වත් මට එයා එක්ක සතුටින් ඉන්න දෙන්න අයියේ. මං ගොඩාක් සතුටින් දැන් ඉන්නේ කියලා.
ඔව් එදා ඉදන් මං කරදරයක් උනේ නෑ එයාට. මට ඕනේ උනේ එයාගේ සතුට. අනාගතේ ගැන අපි දෙන්නා ගොඩක් හීන මැව්වත් අද ඔයා වෙන කෙනෙක් ළඟ. මං තනියෙන්. ආයෙමත් ආදරේ කරලා දුක්විදින්න ඕනේ නෑ මං සදහටම තනියෙන් ඉන්නවා.
මේ අශිංකගේ කතාව. මේක දැම්මේ ෆේස්බුක් එකෙන් හම්බෙන කොල්ලෝ බොරු කාරයෝ කියලා කියන අයට තේරෙන්න. එහෙම අය අතර මේ වගේ අයත් ඉන්නවා. කවදාවත් නොදැකපු එයාට පණවගේ ආදරේ කරත් සදහටම නිහඬව ඉන්නේ එයා ඔහුට අවසානේ කිව්ව දේ නිසයි. ආදරෙයි නම් දෙන්නට දෙන්නා විශ්වාස කරන්න හිතට ආදරේ දැනෙනවා නම් ඒක විශ්වාස කරන්න පුරුදු වෙන්න. තමන්ගේ සතුට වෙනුවෙන් එයා හංගන දුක්ගොඩක් ඇති ඔයාට නොකියා දරාගෙන. ඒ වෙන දේකට නෙවෙයි ඔයාගේ ඇස් වලට කඳුළු දෙන්න අකමැති නිසා.
......................................................
ඩේටා බැඳීම් පමණක් නෙවෙයි රාගය මත පදනම් වන බැඳීමුත් නෙවෙයි මේ ෆේස්බුක් එක තුළත් හදවතම පුදන ලස්සන ආදර වන්තියෝ ආදර වන්තයෝ නැතුවම නෙවෙයි.

( කැමති අය ශෙයාර් කරන්න. මේ වගේ තව කෙනෙක් තනි නොවේවි එතකොට. කොපි කරනවා නම් මගේ නමත් කොටන්න අමතක කරන්නෙපා යාළු. )

මම   හෙට්ටිආරච්චි (   hettiarachchi )
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI