බල්ලෙක් නිසා කෙල්ලෙක් නැති කරගත් කොල්ලෙක්
__________________________ ______________
මේ තරුණයා ජීවත් වුණේ ලංකාවෙනම් නෙවෙයි. ඔහු තායිලන්තයේ ජීවත් වූ තරුණයෙක්. ඔහු නමිත් තාජි.විශාල සල්ලිකාරයෙක් නොවුනත්, හොඳින් ජීවත් වීමට ප්‍රමාණවත් තරම් ධනයක් ඉපයූ අයෙක්.. ඔහුට තල්ලු කරන් යන හෝටලයක් තිබුණා. ඒ කියන්නේ රෝද සවි කරපු පුංචි කරත්ත කඩයක්.ඒකේ ගොඩක් රස කෑම ජාති බොහෝමයක් තිබුණා. මිනිස්සු ඔහුගේ තල්ලු කරන් යන හෝටලයට ගොඩක් කැමති වුණා. විශාල ඉල්ලුමකුත් තිබුනා.
ඔහුට තමන්ගේ පෙම්වතිය මුලින්ම මුණගැසෙන්නෙත් මෙම තල්ලු කරන් යන හෝටලයෙන් කෑම ගන්න ආපු දවසක. ඇය දිනපතා ඔහුගෙන් ආහාර මිලදී ගන්නවා. ඇය නමින් ටයිසි.
ඒත් මේ ආදරය ඇති වෙන්නේ විශේෂ හේතුවක් නිසා..
දිනක් ඇය, මෙම තරුණයාගේ කඩයෙන් කෑම පාර්සල් එකත් අරගෙන යනකොට වාහනයකින් ආපු පිරිසක් ඇයව පැහැරගෙන ගියා.. ඇයගේ පියා සමඟ වූ ආරවුලක් නිසා තමයි ඇයව පැහැරගෙන තියෙන්නේ. මෙම හෝටලය හිමි තරුණයා මේක දකිනවා. ඔහු ඒ වාහනය පසුපස පන්නනවා. කොහොමහරි ඔහු මේ ගැහැණු ළමයාව බේර ගන්නවා.. මේ සිද්ධිය තමයි ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වෙන්න හේතුව වෙන්නේ..
මෙහෙම කාලය ගෙවිලා යනවා..ඔහුගේ හෝටලය ගොඩක් දියුණු වෙනවා.පසු කාලීනව ඔහු නගරයේ විශාලම හෝටලයේ අයිතිකාරයා වෙනවා.. මේ සමඟම ඔහුගේ විවාහයත් සිදු වෙනවා. ටයිසි හා ඔහුට ගොඩක් අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන නිසා ඔවුන්ගේ ජීවිත වල සතුට පිරිලා තිබුණා.
දැන් ඔවුන්ගේ ජීවිත ගොඩක් වෙනස්. ආශ්‍රය කරන්නේ ඉහළ පැලැන්තියේ මිනිස්සු. හැමදාම වගේ බිස්නස් කන්ෆරන්ස් තියෙනවා.. නගරයේ ලොකුම ව්‍යාපාරිකයන් ඔවුන්ගේ හිත මිතුරන් වෙනවා. කෑම රටාව වෙනස් වෙනවා. අඳින පළඳින විදිහ, කතා බහ පවා ඉහළ පැලැන්තියට ගැලපෙන විදියට වෙනස් වෙනවා..
නමුත් එක ගැටළුවක් තිබුණා. තාජිගේ හොඳම යාළුවා වුණේ බල්ලෙක්. ඌට තාජි කතා කලේ "ටොමී"කියලා. බල්ලෙක් කිව්වට උගේ ඉස්සරහ පාද දෙකම නෑ. පස්සේ ගාත වලින් හොම්බ තිය තිය තමයි ඒ බල්ලා එහාට මෙහාට යන්නේ.. ගොඩක් පාටි වලදි ටයිසිගේ යාළුවෝ මේ බල්ලා ගැන කිය කිය විහිළු කලා.
"මොකක්ද අනේ ඔයාගේ මහත්තයට හොඳ බල්ලෙක් ගෙනත් දෙන්නකෝ.. අබ්බගාත බල්ලෙක් තියන් නලවන්නේ"
මේ වගේ නොසෑහෙන කතා ඇයට අසන්නට වුණා.
ටයිසිට මේක විශාල ගැටළුවක් වුණා. ඇය තාජිට බල කලා මේ බල්ලා ගෙදරින් යවන්න. ඒත් තාජි ඒවා කනකටවත් ගත්තෙ නෑ.
දවසක් බැරිම තැන ටයිසි ඇයගේ සැමියාට මෙහෙම කිව්වා.
"ඔයා අද එකක් තෝරගන්න.බල්ලද මාවද"
"බල්ලා ඉන්නවනම් මම මේ ගෙදර තව මොහොතක්වත් ඉන්නේ නෑ. මම ඉන්නවනම් බල්ලට මේ ගෙදර ඉන්නත් බෑ"
තාජි ගත් කටටම කිව්වා " මගේ ටොමියා මේ ගෙදර ඉන්නම ඕන"
ටයිසිගේ ඇස් වලින් කඳුළු බේරුණා. ඇය ඇඳුම් ටිකත් බෑග් එකකට දාගෙන නිවසින් පිටවී යන්න ආවා. තාජි ලඟට ඇවිත් "මම යන්නම් මහත්තයෝ" කියලා කිව්වා..
තාජි වාඩි වෙලා හිටියේ. ඔහු එතනින් නැගිටලා මේකත් අහලා යන්න ටයිසි කියලා ඇයව එතන පුටුවෙන් වාඩි කරගත්තා..
ඔහු ඇයට මෙහෙම කිව්වා..
" ඔයා දන්නවාද ටයිසි, මගේ ටොමියා තමයි පොඩිකාලේ ඉඳලා මගේ දුකට සැපට හිටියේ. මම අව්වේ ඉන්නවනම් ඌත් අව්වේ ඉන්නවා. මම තෙමෙනවනම් ඌත් තෙමෙනවා.. ඌට ඉස්සර කකුල් හතරම තිබුණා. ඒ දවස්වල ටොමියා හරි දඟයි. මට කරදර කර කර නැට්ට වනනවා. මගේ පස්සෙන්මයි. ඔයා දන්නවද ටයිසි, ටොමියගේ ඉස්සරහ කකුල් දෙක නැතිවුණේ කොහොමද කියලා.. මතකද ඔයාව දවසක් මිනිස්සු කට්ටියක් පැහැරගෙන ගියා? එදා මම ඒ වාහනය පස්සෙන් පැන්නුවා. ටොමියත් ආවා මම එක්ක. උන් වාහනය ග්‍රිට්සන් මාවතේ තියෙන ගරාජ් එකකට දැම්මේ. මම ගරාජ් එකට ඇතුල් වෙනකොටම උන් මාව අල්ලගත්තා. උන් ඔයාගේ අතේ චුට්ටක් කපලා කිව්වා ලඟට ආවොත් ඔයාගේ බෙල්ල කපනවා කියලා.. මතකයි නේද? උන් මාවත් හිරකරලා අල්ලගෙන.මටත් කරගන්න දෙයක් තිබුණේ නෑ.ඒත් මගේ ටොමියා මටත් කලින් ඔයාව බේරගන්න පැන්නා මතකද ඔයාට..
ටොමියා ඔයා නිදහස් කරපු ගමන් ඔයා එළියට පැනලා දිව්වා..ඒත් උගේ කකුලක් කැපුවා ඒ පව්කාරයෝ.. ඔයා ඒක දැක්කේ නෑ.ඌ ලේ පෙරාගෙනම මාවත් බේරගත්තා.. කොහොමහරි උගේ ඉස්සරහ කකුල් දෙකම කැපිලා තිබුනා. අද මේ ටොමියා නොහිටින්න මම අබ්බගාතයෙක් වෙන්න තිබුණා. එක්කෝ ඔයාව රේප් වෙන්න තිබුණා. නැතිනම් ඔයාව උන් මරන්න උනත් ඉඩ තිබුනා..
ඒ ඔක්කොම අවස්ථා නැති කරලා අද මේ අසරණයා කකුල් දෙකත් නැතුව දුක් විඳිනවා.. තව ඌව ගෙදරින් එළියට දාන්නත් කියනවද?"
ටයිසිගේ ඇස් කඳුළු වලින් පිරිලා..
"ඇයි මෝඩයෝ මට කලින් මේවා කිව්වේ නැත්තේ..මට ඔයාගෙන් සමාව ගන්න ඕන නෑ. ඒත් මහත්තයෝ මට කියලා දෙන්න කොහොමද මම ටොමීගෙන් සමාව ගන්න ඕන කියලා?"
(කරුණාකර සටහනේ අයිතිය සුරකින්න)
__________________________

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.