මම දැන් යන්නම්. ගිහින් වෙන වෙලාවක එන්නම්කෝ.. හරිද.." කියලා රශ් යන්න හද්දිම මම දුවලා ගිහින් ඒ පපුවට ගුලි වුනේ පුංචි හා පැටවෙකු වගේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


 ආදර වියරුව 

#කෙටි #කතාවකි#
***** සම්පූර්ණ කතාවම ඇත. *****
"අනේ මට එහෙම කරන්න එපා... මාව බේරගන්න දෙවියනේ.."
එහෙම කෑගහද්දී දොස්තර ඇවිත් මට සිහිය නැතිවෙලා යන්න බේතක් විදලා ගියා. පැය ගානක් සිහිය නැතුව හිටිය මම දෑස් ඇරියේ හරි අමාරුවෙන්.. හරියට මගේ ඇස් දෙකේම දැලක් බැදලා වගේ... ඇස් ඇරපු ගමන්ම මම ඒමේ අත හෙව්වේ මගේ පුංචි බෝනික්කාව.. මගේ බෝනික්කාව.. ඒ බෝනික්කා කාමරේ මුල්ලක වැටිලා ඉන්නවා මම දැක්කා.. මට ඇවිදගන ගිහින් ඒක අරගන්න තරම් ඇගට පණක් තිබුනේ නෑ.. ඒත් ඒ දිහා බලාගන හිටපු මම දිහා දොර ලගට වී බලා සිටියේ මට ප්රතිකාර කරන වෛද්යවරයා.. කලබල කරන මා දෙස බලා සිටි ඔහු කාමරය තුලට පැමින කෙලින්ම ගියේ මගේ බෝනික්කා ලගටයි.
"අල්ලන්න එපා මගේ බෝනික්කාව....."
කියා මම කෑගසද්දීත් දොස්තර ඒ කිසිවක් ගනන් නොගෙන බිම තිබූ බෝනික්කා රැගෙන මගේ ලගට ඇවිත් මගේ ඇදේ පැත්තකින් තබා..
"ඔයාගේ තමා මේ බෝනික්කා..."
කියා යන්තමට සිනා සී.. ලග සිටි හෙදියට බේත් වගයක් දෙන්නටද පවසමින් නැගිට ගියා.. බෝනික්කාව මගේ ලගට තුරුලු කරගනිමින් දොස්තර යන දිහා බලා සිටියේ බලාපොරොත්තු විරහිත සිතකිනි.
මම මාසයක්ද දෙකක්ද නැතිනම් අවුරුද්දක් දෙකක් මෙහෙ කොටුවී සිටියාද යන්න මමවත් නොදනිමි.. මාව භාරව සිටි ඩොක්ට නිතර නිතරම මට මෙසේ සිදූ වීමට මූලය සොයමින් මාවත් රැගෙන අතීතයට යාමට පටන් ගත්තේය....
"රූබි.... ඔයා කොහෙද අනෙ.. අද එන්නෙ නැද්ද.. "
"අනේ එන්න විදියක් නෑ ප්රියා මට හොදටම අද උණ. පුලුවන්නම් මටත් එක්ක සයින් එක ගහන්න"
කියලා ප්රියාට කිව්වේ එහෙම නොවුනොත් අවසන් විභාගයට පැමිණීම් අඩුවන නිසාවෙනි. කෙසේ වුනත් ප්රියාට කියූ පරිදි මගේ අත්සන දමා දේශන අවන් වූ පසු ඇය මා බැලීමට ආවාය.
"උඹට මොකද බන් මේ එකපාරටම උණක් ආවෙ.. උඹ ආච්චිට එහෙම කිව්වාද? අද බේත් ටිකක් ගන්න යමු හොදේ"
කියා... මම ලග ඇවිත් ඉදගත්තා.. මගේ හොදම යාලුවා වුනේ ප්රියා. අපි හැමදේම කරේ එකට. මුලින් නොදැන හිටියත් අපි දෙන්නා හොදම හොද යාලුවෝ වුනා.. අපි සතිඅන්තයේදී සමහර වෙලාවට ගෙදර ගියත් හැම සති අන්තෙකම යන්න බැරි වුනා.. වැඩ වැඩි දවස් තිබුනොත් ගෙදර නොයා සිටියා.. මෙහෙම කාලය ගලාගන යද්දී එක සෙනසුරාදවක උදේ මමයි ප්රියයි අනිත් යාලුවෝ හැමෝමයි ගෙදර යන්න පිටත් වුනේ නිවාඩු ලැබුන නිසාවෙනි. ගෙදරටත් කිසිත් නොපවසා මම බසයට නැගුනේ මගේ ආච්චිව පුදුම කිරීමේ අරමුණිනි. මෙලෙසින් ගොස් කුරුනෑගලින් බැස්සේ අනිත් බසයට ගොඩවීමටයි.. එහෙත් හිතාගත නොහැකි දෙයක් සිදුවිය.
"අනේ මාව බේරගන්න... කවුරුත් නැද්ද... මාව බේරගන්න"
කියන ටිකටත් කවිදෝ මන්දා මගේ බඩට පිහියෙන් ඇන, මගේ කරේ තිබුනු මාලය සොරා ගියේ ඊගහක වේගයෙනි. මම කොයිතරම් හයියෙන් කෑගැහැව්වත් පාරෙ මිනිස්සු වට වෙලා බලාගන සිටියා මිසක් කිසිකෙනෙක් මට උදව් කිරීමට පොඩි හෝ වෑයමක් නොදැක්වූවේ නෑ...
"එහාට වෙන්න... හැමොඉම අයින් වෙන්න.."
ඈතින් ගැඹුරු කට හඩක් ඇසුනා.. ඒ සැනින් ලගට ආවේ කලුඇදුමකින් සැරසී සිටි පුද්ගලයෙක් බව දැනුනත් හරියට මාහට නොපෙනුනා.. ඇස් නිලංකාර වී කෙමෙන් කෙමෙන් අදුරු වුවත් මම හැකි උපරිමෙන් දෑස් විවර කිරීමට උත්සාහ කලා.. ඒ ඔහු කවුදැයි බැලීමට. නමුත් මා අසාර්තක විය.
"මට මතක නෑ.. මට මතක නෑ.... මගෙන් අයින් වෙන්න හැමෝම.. මට පාඩුවෙ ඉන්න දෙන්න"
කියා මම මුලූ වාට්ටුවම දෙවනත් වෙන්න කෑගැහුව්වා... ඒ වෙලාවේ නර්ස්ලා දේන්නෙක් ඇවිත් මාව දෙපැත්තෙන් අල්ලගන මට ආයෙත් සිහිය නැති වෙන්න බේතක් විද්දා.. සිහිසුන් වීමෙන් බිමට ඇදවැටීමට ගිය මා නොවැටී බේරුනේ.... ශක්තිමත් බාහුවක් මතයි.. ඒ වෙන කිසිම කෙනෙක් නෙමෙ.. මම දැක්කේ මගේ රශ්... මගේ රශ්.. 
නැවතත් මා දෑස් විවර කරන විට මා දෙස බලා සිටියේ මගේ දොස්තර. ඩොක්ට ප්රසාද්..තමා එයාගෙ නම.මට ඒ නම යාන්තමට ඇහිලා තියෙනවා මතකයි. සම්පූර්ණ සුදු ඇදුමකින් සැරසී සිටි ඔහු උස හැඩිදැඩි පුද්ගලයෙක්. මුහුණ පුරා ඝණව රැවුල වැවී තිබූ අතර, කොන්ඩය මැදින් දෙකට බෙදා ඇලෙන තරම් තෙල් ගා තිබුණි. ලොකූ රවුම් කණ්නාඩි දෙකක් දාගන සිටි ඔහුට තිබුනේ ගොඩේ පෙනුමකි. ටික වෙලාවක් මම එයා දිහා බලාගන ඉදලා අනිත් පැත්ත හැරුනා... ඒත් එක්කම වගේ මට දැනුනේ මගේ ඔලුව කවුරුහරි අතගානවා වගේ.. මම අනිත් පැත්ත හැරිලා බලද්දී ඒ වෙන කවුරුත් නෙමේ.. ඩොක්ට ප්රසාද්..
"ඔයාට දැන් කොහොමද?? ආ මේ ඉන්නේ ඔයාගෙ බෝනික්කා. මෙයාට නමක් එහෙම දැම්මෙ නැද්ද? මම ඔලුව අතගාන්නම්.... ඔයා නිදාගන්න"
එහෙම්මම මට නින්ද ගියා.. ආයෙත් ඇහැරිලා බලද්දී මගේ ලග හිටියේ නර්ස්ලා දෙන්නෙක්. එයාලා මොනාදෝ මම ගැන කතා වුනා.
"මේ 245 ඇදේ ඉන්න ලෙඩා ගොඩාක් කලබල කරනවා.. "
"අනේ ඔව් මිසී.. හැබැයි අපේ ඩොක්ට ප්රසාද්ටනම් එහෙම නෑ"
කියනවා මට යන්තමට ඇසුනා.
පහුවෙනිදා උදෙන්ම ඩොක්ට මගේ ලගට ආවා කතා කරන්න..
"ඉතින් මට මුලින්ම කියන්නකෝ ඔයාට මතකද ඔයාගෙ නම??"
"මට මතක නෑ"
"හරි. අපි එහෙනම් ලස්සන නමක් දාමු. ඔයාගෙ නම අද ඉදන් රූබි. තේරුනාද"
"තේරුනා ඩොක්ට. රූබි.... ලස්සනයි ඒ නම."
"ඉතින් රූබි කියන්නකෝ බලන්න ඔයාගෙ කතාව.. "
"මගෙ දෙමව්පියෝ ඉන්නෙ රට. මට හරියටම මතක නෑ.. කොහෙද ඉන්නෙ කියලා. මාව බලාගත්තේ මගේ ආච්චි. එයාටත් හුගක් අසනීප එහෙම තිබ්බා. එතකොට ආච්චිව ගෙදර තියලා මම තමා කඩේක වැඩට ගියේ. පස්සෙ කාලෙක මම ගෙදර හිටියා. හවස් වරුවේ ආච්චිට බේත් වගයක් ගෙන්න ගිහින් ගෙදර එද්දී ටිකක් රෑ වුනා. ඒ එන පාරේ පාලමක් හරි බෝක්කුවක් හරි තිබ්බා. මට ඒක හරියටම මතක නෑ... එතන කවුදෝ කෑගහන සද්දයක් ඇහුනා. ටිකක් බය වුනත් මම ටිකෙන් ටික ලගට ගියා. මම ඒ කිසිම කෙනෙක්ව අදුනන්නෙ නෑ.. හැබැයි එතන කවුරු හරි කෙනෙක්ට පිහියෙන් ඇන්නා. ඒක මම මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරා.. මම එහෙම කරලා යන්න හදද්දී ලග තිබුණ කුණු කූඩේ කකුල හැප්පිලා වැටුනා. ඒත් එක්කම ආපු සද්දෙ නිසා අර මිනිස්සු මාව දැක්කා. මම නැගිටලා හයියෙන් දිව්වා.. "
"රූබි.. රූබී.... කලබල වෙන්න එපා.. දරුවෝ.. ටිකක් හයියෙන් හුස්මගන්න. මට විස්තරේ හිමීට කියන්නකෝ.. කලබලයක් නෑ..."
"මම පස්සේ එන්නම්.. ඔයා දැන් ටිකක් විවේක ගන්න."
කියලා නැගිටලා යන්න හද්දීම රූබි ඩොක්ටගේ අත අල්ලගන...
"යන්න එපා රශ්.. මට මේක දැන් කියන්න බැරි වුනොත් කවදාවත් බෑ. කවුරුත් මාව විස්වාස කරන්නෙ නෑ. හැමෝම හිතන්නෙ මට පිස්සු කියලා.. "
"රශ්... කවුද ඒ රශ් කියන්නේ"
ඩොක්ට ප්රසාද් දෑසුත් ලොකු කරන්... රූබි දෙස බැලුවේ හොල්මනක් දිහා බය වෙලා බලනවා වගේ.. ඒත් ඩොක්ට ප්රසාද් රූබිට කිසිදු වෙනසක් නොපෙන්වා නැවතත් ඇය ලග හිදගත්තේ යලිත් වරක් අතීතයට මංපෙත් විවර කිරීමටය.
"ඉතින් කියන්නකෝ රූබී.. මම අහගන ඉන්නෙ.."
"මම එදා ඒ මනුස්සයාව මරනවා මගේ ඇස් දෙකටම දැක්කා.. උන් මාව දැක්ක නිසා.. මම නැගිටලා දුවන්න ගත්තා.. ඒත් දෙන්නෙක් තුන්දෙනෙක් මාව එලවගන ආවේ මගේ ලග ඒ මිනීමැරුමෙ සාක්ශි තිබුන නිසයි.. ඒත් එක්කම මම කොහොමහරි දුවගන ගිහින් ගෙදර දොර වහගන, ජනේලෙන් පාර දිහා බැලුවා.. එදා උන්ට මාව හොයාගන්න බැරි වුනා. මන් වාසනාවන්ත වුනා ඩොක්ට.. මන් එදා බේරුනා....."
ටික දවසක් යන්නත් කලින් ඒ මම දැකපු දේ පොලීසියෙන් හොයන්න පටන් ගත්තා.. කිහිප වතාවක් අපේ ගෙවල් පැත්තෙත් එහෙ මෙහෙ ගියත් කවමදාවත් මගෙන්වත් ආච්චිඅම්මාගෙන්වත් මුකුත් ඇහැව්වෙ නෑ. මම ලග සාක්ෂි තිබුනත් ඉදිරියට ගෙනයන්න මම හුගාක් බය වුනා..
දවසක් අපේ ගෙදරට අමුත්තෙක් ආවා.. ඒ කෙනාව මට දැකලා පුරුදු ගතියක් තිබ්බත්, ඒ තරම් මතකයක් මට තිබ්බෙ නෑ.. මතක් කරන්න ගියත් මතකෙට ආවෙ නෑත්තේ මොකද කියලා මම හිතුවා
"ඔයා කවුද?"
"මිස්ට මාව මතකද... එත් මම හිතන්නෙ නෑ.. මිස්ට මාව මතක ඇති කියලා.. කොහෙ මතක් වෙන්නද... එදා මිස්ට ගොඩක් තුවාල වෙලා තිබුනේ.. සිහියක් තිබුනෙත් නෑ.. දැන් කොහොමද මිස්ට??"
"එහෙම කියද්දි මතක් වුනේ මට එදා කුරුණෑගලදි කවුදෝ මන්දා පිහියෙන් ඇනලා මගේ මාලෙ කඩාගන ගිය වෙලාවේ එතනට ආපු කෙනා... "
"මට ඒ හැටි මූනක්නම් මතක නෑ.. ඒත් ඔයා මට ඒ කරපු උදව්වට ගොඩාක් ස්තූති කරන්න ඕනේ"
"ආ... ඒක ඒහැටි දෙයක් නෙමෙයි. මම ඒ වෙලේ එතනින් යද්දී දැක්කෙ.."
කියලා හිනා වෙලා ලොකු දෙයක් කියන්නට මුලපුරනවා මෙන් දිගු හුස්මක් හෙලුවා..
"මම රශ්.. රශින්ත සමරවික්රම. හැමෝම කියන්නෙ ඒ වුනාට රශ් කියලා..😊😊"
"රශ්.. අමුතු ලස්සන නමක්. ඒ නම ගැන හිතද්දී මම ඔහු දිහායි බැලුවෙ. උසට සරිලන සිරුරකින් පරිපූර්ණ වූ ඔහු, මුලු මූනෙම රැවුල ඉතා ඝනව වවා තිබුනේය. කොන්ඩේ කැරලි කොන්ඩයකි. තලෙලු ස්වාභාවයකින් යුක්ත ඔහු ඇද සිටියේ සම්පූර්ණෙන් කලු ඇදුමකි. මම මගේ හිතින්ම සිතුවෙමි.."
"මම මේ ලොකු වැඩකට යන ගමන්.. මට ආරංචියක් ලැබුනා.. පොඩි දෙයක් සම්බන්ධයෙන්... මට ඒකට මිස්ගෙ උදව්ව ඕනෙ. මම තමයි මේ පැත්තේ පොලිසිය භාරව ඉන්න ප්රධානියා.. "
එහෙම කියද්දිම මගේ කල්පනාව නැවත් පැමින.. මම තිගැස්සුනා..
"මොකද්ද.. ඔයා පොලීසියෙද.. ඇයි මෙහෙ ආවේ.. මොකද්ද හේතුව.."
"මිස් කලබල වෙන්න එපා.. මම ආවේ පොඩි උදව්වක් ඉල්ලන්නයි. මම දන්නවා එදා අර මිනීමැරුම උන වෙලාවෙ මිස් එතන හිටියා කියලා. මට මේකට උදව් කරන්න. ඔයා තමා අපේ එකම සාක්ෂිකාරිය."
"ඒත් එක්කම යලිත් රූබි කෑගහන්නට වුනේ.. මුලු වාට්ටුවම දෙවනත් වෙන්නයි... අනේ මගේ රශ්... මාව දාලා ගියේ ඇයි.. මාව දාලා යන්න එපා... රශ්......."
එකපාරටම යලිත් වරක් සිදුවූ කම්පනය නිසා, ඇය නැවතත් සිහිසුන් විය... දොස්තර ප්රසාද් සෑහෙන්න වෙලාවක් ඇය ලග රැදී සිටියේ සිහිය එන තෙක්ය. නමුත් බොහෝ රෑ වී තිබූ නිසා, ඩොක්ට යන්න හැරෙද්දිම දැක්කේ අර බෝනික්කා දිහා. ඒ දිහා ටික වේලාවක් බලාගන ඉදලා දිග සුසුමක් හෙලා එය රූබි ලගින්ම තියලා ඇගේ ඔලුවත් මදක් අතගා වාට්ටුවෙන් පිටවී ගියා..
මේවන තෙක්ම, ඇගේ නිවසින් කිසිදු කෙනෙක් පැමිනියේ නෑ. ඒත් ඩොක්ට ප්රසන්න අනිත් මානසික රෝගීන් හා බලන කල රූබිට විශේශ සැලකිල්ලක් දැක්වූවේය.
අනිත් දවසේ උදෙන්ම යලිත් ඩොක්ට ප්රසාද් රූබිව බැලීමට යද්දී, අර බෝනික්කාවත් තුරුලු කරන් ඒ කෙල්ල අඩනවා.. ඒක දැක්කාම ඩොක්ටට බලාගන ඉන්න බැරි වුනා. පස්සෙ රූබි ලගට දුවගන ගිය ඩොක්ට, රූබිගේ නිකටින් අල්ලලා.
"ඇයි මේ අඩන්නේ.. හොද ලමයි අඩන්නෙ නෑ.. කෝ කදුලු පිහදාගන්න."
කියද්දිම.. රූබි ඩොක්ට ප්රසාද්ව බදාගත්තා..
"අනේ රශ්.. මාව දාලා යන්න එපා රශ්.. මම පව් නැද්ද.... බලන්න මම දිහා.. ඔයා නැති වුනාම මට මොකද වුනෙ කියලා.."
රූබි අඩන්න ගත්තා.
"ඒයි.. කෙල්ලෙ.. මොකද මේ අඩන්නෙ ආහ්.. පිස්සී.. කෝ.. දැන් අඩන්න බෑ... හරිද.."
"මම දෙයක් අහන්නද.. රශ් ගැන මට කියන්න පුලුවන්ද??"
"රශ්...?"
"ඔව්.. රශ් ගැන.."
"හරි මම කියන්න. එයා මුලින් මට ලොකු උදව්වක් කරා.. පස්සෙ දවසක එයා මගෙන් ඒකට ප්රති උපකාරයක් වගේ, මගෙනුත් උදව්වක් ඉල්ලුවා.. ඒත් මුලින් මුලින් අකමැති වුනත්.. මම කැමති වුනා.. මිනීමැරුමෙ විස්තර හොයද්දී අපේ ගෙදර නොඑන්නත් එයා අමතක කරෙ නෑ.. එහෙම කාලය යද්දී අපි අපිට හුගාක් ආදරේ කරන්න පටන් ගත්තා.. හුගාක්... පස්සේ, එයා මාව හුගාක් පරිස්සම් කරා.. අන්තිමට ඒ දවසත් ආවා ඩොක්ට"
"මොන දවසද?"
එදා රශ් මාවත් එක්කගන ගියේ උසාවියට. ඒ වෙන දේකට නෙමෙයි..අර මිනීමැරුමෙ නඩුව අද..
"ඔයා බය වෙන්න එපා.. තේරුනාද. මම ඉන්නවා ඔයාට ඕනන දේකට හැමදාමත් පරිස්සම් කරනවා මගෙ මැණිකව මන්..."
රශ් එහෙම කියන ගමන් උසාවිය ඇතුලට ගියා.. ඒ මොහොත පැමිනුනා. මම සාක්කි දුන්නා.. එදා උසාවියේදී ඒ මිනීමැරුම කරපු කෙනාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හම්බුනා.. කවුද කියලත් නොදැන සාක්ෂි දුන්න එක වරදක්ද කියලා සිතුනත් මම මගේ රශ් වෙනුවෙන් ඒ උදව්ව කරේ කියලා මගේ හිතටම කියාගත්තා..
"මැනික.. අද අපි කොහේ හරි යමු. මේ ටිකේම වැඩ ගොඩක් තිබ්බානෙ. ඔයාට කියන්න දේවලුත් හුගාක් තියෙනවා.."
"හරී.. කොහෙද ඉතින් යන්නෙ.."
එදාම හවස ගෙදර යන්නත් කලින් මම රශ් එක්ක පාක් එකේ ඇවිදින්න ගියා. ඒ වෙලේ රශ් මට පුංචි තෑග්ගක් 🎁 ගෙනත් තිබ්බා.. ඒක දුන්නාම මම ඒ වෙලේම දිගෑරලා බැලුවා.. බෝනික්කෙක්. ලස්සනම ලස්සන බෝනික්කෙක්.. මම මර තුරුලු කරන් රශ්ගේ ඇගේ එල්ලුනා..
"ගොඩාක් ස්තූතී මහත්තයෝ.."
" ලමයෝ.. මට ආදරෙයිද?"
"ඔව්... හුගාක් ආදරේයි මම හුගක් ආදරෙයි රශ්"
"මට පොඩි දෙයක් කියන්න තියෙනව.. මම මොන දේ කිව්වත් ඔයා මාව දාලා යන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න..."
"මොකද්ද රශ් කියන්න හදන්නේ.. දෙවියනේ මාව බය නොකර කියන්න මට"
"මම ඔයාට එදා කිව්වෙ මම පොලිස් නිලධාරියෙක් කියලානෙ.. ඒත් ඇත්තටම මම CID එකේ.. ප්රධාන පෙලේ නිලධාරියෙක්.. මේ නඩුව ඉවර වෙනකන් මන් ඔයාටවත් මේ ගැන කිව්වෙ නැති එකට මට සමාවෙන්න ලමයෝ.. මම ආයෙත් කිසිම දෙයක් නොකියා ඉන්නෙ නෑ.."
"මගේ ලගම ඉන්න.. ඉස්සර හිටියා වගේම....... අහ්හ්.. ඉන්නවා නේද.. ඔයාට ඒක නොකිව්වට මම ඔයාට හුගාක් ආදරෙයිනෙ මැනික.. දන්නවා නේද..."
"කතා කරන්න එපා රශ්..😔😔😔 තරහයි මම ඔයා එක්ක. මේතරම් දෙයක් තිබිලත් ඔයා මට කිව්වෙ නෑනෙ"
"ඒකනෙ මැණික මම දැන් කිව්වෙ.."
"කෝ.. ඉතින්.. මගේ පුංචි කෙල්ල මම එක්ක තරහා නෑනෙ... ද?"
"තරහා වෙන්නෙ කොහොමද රශ්.. ඔයා දැන් මගේ පණ ටිකනේ.."
"මගෙ පිස්සු කෙල්ල. ආදරෙයි මම හැමදාමත්."
කියලා රශ් මගේ නලලට හාදුවක් දුන්නා... ඒ ආදරේ ඒ ස්පර්ෂෙ මට මහ ලොකූ අදරයක් ආරක්ෂාවක් කියාපෑවේ.....
එදා දවස හරී ලස්සනට ගෙවුනේ කියාගන්න බැරි හැගීම් සමූදායක් එක්කමයි.
"යමු නේද මැණික... දැන් හවස් වෙලත් එක්කනෙ"
එහෙම කියපු රශ් මාවත් ගෙදරින් ගිහින් දාලා එයත් යන්න ගියා.. රාත්රී ආහාරය ගත් මම ඇදට වී කල්පනා කරමින් සිටියේ වෙන කවුරුත් ගැන නොවෙයි.. ඒ රශ් ගැනයි. CID එකේ ලොකු මහත්තෙයෙක්නේ මගෙ රශ්.. ඒත් ඒ රස්සාවත් එක්ක මට හිතේ කොනක බයක් උපදුනේ නැතිවාම නොවේ..
කාලය ටික ටික ගලාගන ගියේ අපේ ආදරේ තව තවත් ශක්තිමත් කරමිනි. දිනක් මම ගෙදර සිටිනා විට අපේ මිදුලේ වාහනයක් ඇවිත් නතර කරන හඩක් ඇසුනා.. ගෙදර කිසිවෙකුත් සිටියෙ නැති නිසා දොර ඇරීමට පැකිලුනෙමි. ජනේල් රෙද්ද මදක් ඉවත් කර බලන විට දැක්කේ ඒ වෙන කවුරුත් නොව රශ්.. මගේ රශ්.
දොර අරිනවාද නැද්ද කල්පනා කල මම දෙවරක් තුන්වරක්ම සිතා දොර විවර කලේ මා තුල ඔහු කෙරෙහි මහත් විශ්වාසයක් තිබුණ නිසාවෙනි.
" ආ මගේ මැණික.. දොරවලුත් වහගෙන මොකද කරන්නෙ"
"අහ්.. ආච්චි අම්මා ගෙදර නෑ.. ඒකයි. බේත් වගයක් ගන්න කියලා මේ ලග තියෙන ඉස්පිරිතාලෙට ගියා"
"ආ එහෙනම් අද මට මගෙ කෙල්ල එක්ක ටිකක් හුරතල් වෙන්න පුලුවන් නේ.. වෙනදටනම් ආච්චි ඉන්න නිසා කොහෙද අතින්වත් අල්ලන්න බෑනේ 😘😘😘.."
කියමින් රශ් පවසන විට, මම කලේ සිනහ වෙමින් බිම බලාගත්තු එකය.
"ඔන්න මම අදනම් මේ කෙල්ලව අතාරින්නෙ නෑමයි"
කියූ රශ් පුටුවෙන් නැගිට මා වෙත ඇවිත්.......
"බය වෙන්න එපා මැණික.. මම කරදරයක් කරන්නෙ නෑ.. මගේ මේ හා පැටික්කිට පොඩි උම්මා එකක් දෙන්න විතරයි ලගට ආවේ.. උම්ම්මා.. මගේ පිස්සී"
රශ් මගේ නලලට හාදුවකින් මා ස්පර්ෂ කලේ හරි පරිස්සමටය.
"මැණික.... ඔයාට මතකද?? අදට අපි යාලු වෙලා හරියටම මාස 6යි. කාලෙ යන ඉක්මන නේද?"
"ඔව් මගෙ පණ.. මාර ඉක්මනින් කාලෙ යන්නෙ. ආදරෙයි හැමදාමත්"
කියා මම රශ්ගේ බෙල්ලේ එල්ලුනෙමි.
"කෝ අර බෝනික්කා"
"ආ ඒ මගෙ පුංචි රශ්. එයා ඉන්නෝ මගෙ තුලුලේ හැමදාම"
"මගේ කෙල්ල.... ආදරෙයි.. "
"ආච්චිඅම්මත් නෑනෙ මැණික. මම දැන් යන්නම්. ගිහින් වෙන වෙලාවක එන්නම්කෝ.. හරිද.."
කියලා රශ් යන්න හද්දිම මම දුවලා ගිහින් ඒ පපුවට ගුලි වුනේ පුංචි හා පැටවෙකු වගේ.
"පරිස්සමින් ඉන්න මගෙ මැණික"
"ඔයත් පරිස්සමින් රශ්😘😘😘"
රශ් නොපෙනී යනකන් මම පාර දිහා බලා සිටියෙමි.
රශ් ගිය පසු නැවතත් ගේ ඇතුලට පැමිණී මම දොර වහනවාත් සමගම තවත් වාහනයක් මිදුලේ නවත්වන සද්දයක් ඇසුනි..
"ගෙදර කවුරු හරි ඉන්නවාද...?"
අසමින් දොරට තට්ටු කරන්නට විය. එහෙත් කිසිවෙක් ගෙදර නැති ලෙසම සිටි මම ජනේලයෙන් සියලුම දේ බලා සිටියෙමි.
"අපි පොලීසියෙන්.. ගෙදර කවුරුහරි ඉන්නවාද..."
පොලීසියෙන් කියූ නිසා.. බියකින් තොරව මම දොර විවර කලෙමි.
"මිස්.. ඔයාද අර එදා මිනීමැරුමට සාක්ෂි දුන්නේ?"
"ඔව් සර්.. ඇයි..? දැන් ඒක ඉවරයි නේද??"
"ආ ඔව්.. ඒක ඉවරයි. අපි මේ ආවේ ඔය මිස්ට ඒ කරපු උදව්වට පොඩි තෑග්ගක් දෙන්නයි.. අපෙ ලොකු සර් තමා කිව්වේ"
එහෙම කියද්දී රශ් මට තෑගිත් දෙන්න හදනවාද කියලා සිතුනි..
"මිස්.. අනෙ පුලුවන්නම් වතුර වීදුරුවක් දෙන්න පුලුවන්ද"
"ආ ඉන්න සර්.. මම අරගන එන්නම්.."
කියලා කුස්සියට ගිහින් වීදුරු 2ක් සෝදලා වතුර ගන්න හදද්දී කවුදෝ මන්දා මගේ පිටුපසින් හිටගන ඉන්නවා වගෙ දැනුනා.. ඒත් එක්කම හැරුණු මම දැක්කේ ලොකු පිහියකුයි තුවක්කුවකුයි අතේ තියාගන ඉන්න පිරිමි දෙන්නා..ඒ අර මම එක්ක ඉස්සරහා කතා කරපු දෙන්නා..
"ඇයි මේ... ඇයි.. කි.. යන්න.. 🙁😲😲"
"😅😅😅 උඹ හිතාන් ඉන්නේ සාක්ෂි දුන්නා කියලා උබ වීරයෙක් කියලාද අහ්හ්.. උඹට ඒකට තෑග්ගක් දෙන්න තමා අපි ආවේ.. උබ මහා උජාරුවට අරූගෙ අතේ එල්ලිලා උසාවියට ආවේ.. අපි කරපු මිනී මැරුමේ සාක්කිය දෙන්න නේ..😅😅 අද උඹ මැරුනාම කවුද සාක්ශි දෙන්නේ.. කියපන්"
වෙවුලන දෑතින් පස්සෙන් පස්සට ගිය මා අවට තිබූ බඩු භාහිර ආදිය විසික් කරමින් පැනගැනීමට තැත් කරන විට එක් අයෙකුගේ තුවක්කුව පත්තු විය...
"ආ.... අනේ... මාව මරන්න එපා.. මට පාඩුවෙ ඉන්න දෙන්න.. "
ඊලග උන්ඩය ඇවිත් වැදුනේ මගේ බඩටයි. එහෙම්ම ඇදවැටුනු මා හට පිහියක් හම්බුනේ මගේ වාසනාවකට මෙනි. වෙඩි තියපු එකා මම මැරී ඇත්දැයි ලගට ඇවිත් බලන විටම මම ඔහුගේ පපුව පසාරු කරගන යන්නම මගේ අතෙහි තිබුනේ පිහිය බැස්සුවෙමි.
ඒත් එක්කම වටේ පිටේ මිනිස්සුන්ට කෑ ගැසීම ඇසී දුව ආ නිසා, අනෙකා පැන ගත්තෙය.. ඔහු පැන ගැනීමට මත්තෙන්
"මම උඹව ඉවරයක් කරනවාම තමා.. මතක තියාගනින්. අර උඹේ ආදරවන්තයත් මගේ අතින්ම තමා මැරුම් කන්නේ.. 😅😅😅"
කියමින් ආ වහනයේම පලා යන්නට විය. වැදුණු උණ්ඩය නිසා ලේ විලක් මැද වැටී සිටි මා දෑස් හැර බලන විට සිටියේ රෝහලේ ඇදක් මතය. ඒ ලගම වාඩි වී මගේ අතින් අල්ලගන හිටියේ වෙන කවුරුත් නෙමේ මගේ රශ් ය..
"මොකද්ද මැණික මේ වුනෙ.. ? මගේ රත්තරන්ට මෙහෙම කරපු උන්ව මම ලේසියෙන් අතාරින්නෙ නෑ.. මම එදා ආච්චිඅම්මා එනකන් ඉදලා ගියානම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑනෙ"
කියලා රශ් තමන් පිට වරද පටවා ගත්තා.
"රශ්... එහෙම කියන්න එපා. අනෙ මට හරි බයයි රශ්. මට බය මම ගැන නෙමෙයි රශ් ඔයා ගැනයි. ඌ ඔයාටත් මොනා හරි කරයි. මට හරි බයයි.. අනික මම මිනිහෙක්ව මැරුවා රශ්.. මම මැරුවා..😔😔😔🙁"
"මැණික.. ඔයා එහෙම කරේ ඔයාට කරදරයක් කරපු නිසානෙ. ඔයා වැරදි දෙයක් කරේ නෑ.. තේරුනාද"
පවසමින් රශ් මගේ ඔලුව අත ගෑවේය.
📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞
" මොනවා...! හරි මම දැන්ම එන්නම්.."
"ඇයි රශ් මොකද්ද ප්රශ්නය?"
"මම පස්සෙ කියන්නම්කෝ.. මගෙ කෙල්ල පරිස්සමින් ඉන්නකො... තේරුනාද.. ආදරෙයි මගේ මැට්ටිට...."
"මමත් එහෙමයි.. පරිස්සමින් මගේ මහත්තයෝ.."
රශ් මගේ නලල මතහාදුවක් 💋 තබා.. ලොකු කලබලයකින් පිටව ගියේය.. ඒ දෙස බලා සිටි මම මගේ රශ්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්රාර්ථනා කලෙමි.
රශ් දොරත් ඇරගන යන දිහා මම බලා සිටියේ බලාපොරොත්තු විරහිත සොභාවයකිනි....
"මොනවා වුනත් පරිස්සමින් ඉන්න.. "
මම මගේ හිතින් කියාගත්තෙමි.
දින දෙකක් පමන රොහලේ සිටි අතර, ඉන්පසුව නිවස බලා ගියේ ආච්චිඅම්මා සමගයි. ගෙදර රැගෙන ගිය රශ් හදිසි වැඩක් තිබෙනා යැයි පවසා වහා ඉක්මනින් ගියේය. මමත් ආච්චි අම්මාත් නැවතත් නිවසේ සිටියදී.... එකවරම ආච්චිඅම්මා කාමරයට දුව ආවේ මගේ බෙරිහන්දීම නිසාවෙනි..
"අතෑරපන්........ මාව අතෑරපන්.. මට පාඩුවෙ ඉන්න දීපන්. මම මැරුවෙ නෑ කාවවත්... අනේ මට මගෙ පාඩුවෙ ඉන්න දීලා යන්න"
"දුවේ දුවෙ....! මොකො බන් මේ කෑමොර දෙන්නෙ.. "
"ආච්චිඅම්මා.. අනේ මම කාවවත් මැරුවෙ නෑ.. ඌ ආවා"
"කවුද අවේ... අහ් ලමයො"
"අනේ එදා මම මැරුවෙ.. ඒ මිනිහා අනෙ ආච්චිඅම්මා මට බයයි"
"බය වෙන්න එපා කෙල්ලේ. මේහෙ වෙන කවුරුත් නෑ.. මම රශ් පුතාට කෝල් කරන්නද? එයා ඉතින් පොලෝසියේ මහත්තයානේ.."
"අනේ එපා අච්චයේ... රශ්ට කරදර කරන්න එපා. මම නරක හීනයක් දකින්න ඇත්තේ.."
 පසුගිය දින කිහිපය තුලදී සිදු වූ මිනීමැරුමට සාක්ෂි දීම හේතුකොට ගෙන, සුදු වූ ප්රහාරයෙන් මියගිය මිනීමරුවා, 👻 👻 මියගියේ තමාගේ වරදින් යැයි සිතීම කරණ කොට ගෙන ඇති වු... මානසික ව්යාකූලතාවය හේතුවෙන් මදක් බියට පත් වී, සිතින් නොසන්සුන්කාරී තත්ත්වයකින් සිටී. ඇය සිතා සිටින්නේ මිය ගිය මීනීමරුවාගේ අවතාරය තාමගෙන් පලිගැනීම සදහා තමා පසුපස හඹා එන බවයි. එහෙත් සත්ය වශයෙන් එලෙස සිදු නොවෙ. එය ඇයගෙ සිතේ හටගත් බියජනක සිතුවිල්ලක් පමණි. 
(සතියකට පසු)
සිදු වූ හදිසි අනතුර හේතුවෙන් රෝහල් ගතව සිටි ඇය හට වෛද්යවරයා පවසා තිබුනේ, රෝහලෙන් පිටවූ පසුවත්, සති කිහිපයක් නිවසේ රැදී සිට විවේක ගන්නා ලෙසයි.එම උපදෙස් අකමැත්තෙන් වුවත් පිළිපැද්දේ ආච්චිඅම්මාගේ කරදරය නිසවෙනි. සතියක් ගතවූවත් රශ්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුනේ නැති නිසා ඇය සිටියේ විවේක ගැනීමට වුවමනාවකින් නොව, තමාගේ පෙම්වතාට කරදරයක් සිදුවී ඇත්දැයි යන බියෙන් ඔහු බැලීමට යෑමට වුවමනාවෙනි. එහෙත් එය සති දෙකතුනකටවත් සාර්තක නොවන අදහසක් බැව් ඇය තේරුම් ගත්තාය. දිනක් ඇය රශ්ගේ දුරකතනයට ඇමතුමක් ලබාදුන්නත්, එයට ප්රතිචාර දෙනු ලැබුවේ රශ් නොව වෙනත් පුද්ගලයෙක් විසිනි.
"හලෝ...... රශ්.."
"මට දැනගන්න පුලුවන්ද කව්ද මේ කතාකරන්නේ කියල...?"
"මම මේ ෆෝන් එකේ අයිතිකාරයාව දන්න කෙනෙක්.කව්ද ඔයා? කෝ රශ්...මොකද්ද ඔය සද්දේ? ඔය පොලිස් වාහනයක සයිරන් එකේ සද්දේ.....? මොකද්ද ඔතන වෙන්නේ? අනේ කතාකරන්නකෝ..."
ඇය හැඩුවේ අනිවාර්යයෙන්ම රශ්ට අනතුරක් කියා ඉවෙන් මෙන් දැනුන නිසාවෙනි.
"මිස්... මම මේ පලාතේ පොලීසියේ සාජන් කෙනෙක්. අපි දැන් මේ ඉන්නේ මේ දුරකථනයේ අයිතිකාරයාගේ ගෙදර. දැන් සතියක වගේ ඉදලා එයා ගෙදරින් එලියට බැහැලා නෑ. වටේ පිටේ මිනිස්සු එයා ගෙදරට එනවා දැක්කත් ගෙදරින් එලියට එනවා දැකලා නෑ. ගේ ඇතුලේ කිසිම සද්දයක් නැති නිසා අහල පහල මිනිස්සු පොලීසියට කතා කලා. ඒක නිසා තමයි අපි මෙහෙට ආවේ. අපි ගෙදර දොරට තට්ටු කලත් කවුරුත්ම දොර ඇරියේ නෑ. ඉතින් අපි දොර කඩාගෙන ඇතුලට ගියා. ගේ හැමතනම ලේ පැල්ලම්. මුලු ගෙදරම අවුල් ජාලාවක්. හරියට කවුරුහරි රන්ඩුකරලා වගේ. මේසේ උඩ තිබිලා අපිට පොඩි කොලකෑල්ලක් හම්බ වුනා. ඒකෙ ලියලා තිබුනේ ලේ වලින්. වෙන කවුරුතම ගේ ඇතුලේ හිටියේ නෑ."
පොලිස් නිලධාරියා සිදු උන සියල්ලම ඇයට පැවසීය.එයට ඇයගෙන් ලැබුනේ එක් ප්රතිචාරයක් පමනි. ඒ ඉකිබිඳීම හා හැඩීම පමනි. විනාඩි කිහිපයකට පසු හැඩීම නතර කරගත් ඇය,
"මොකද්ද..? මොකද්ද ඒ කොලේ ලියලා තිබුනේ....?"
යනුවෙන් පොලිස් නිලධාරියාගෙන් ඇසුවේය. එහෙත් පොලිස් නිලධාරියා පැවසුවේ එවැනි දෑ පිට කිසිවෙකුටවත් හෙලි කිරීමට නොහැකි බවයි. ඇමතුම අවසන් කල ඇයට දැනුනේ, ඇයගේ හදවතට කටු සිය දහස්ගනනින් අනින බවයි. මුලු දවසම කාමරයේ මුල්ලකට වී හැඩුවත් ඇයගේ දුක අඩු නොවිනි. ආච්චිඅම්මාගේ කීමටවත් ඇය කාමරයේ දොර ඇරියේ නැත. අවසානයේ අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් ඇගේ කාමරයේ දොර කඩා කාමරයට ඇතුලු වූවත් ඔවුන් ප්රමාද වැඩීය. ඒවන විටත්, ඇගේ කාමරය මුළුමනින්ම මිහිපිට අපායක් වැනිය. බිත්ති මත සෑම තැනකම පාහේ "රශ්" යනුවෙන් ලියා තිබිනි. එය ලියා තිබුනේද ලේ වලිනි. තම ආච්චිඅම්මා හා අසල්වාසී කොලුගැටයන් කිහිප දෙනා දුටු ඇය යක්ශාවේශයෙන් මෙන්
"මෙතනින් යනවලා යන්න.... මටයි මගේ රශ්ටයි පාඩුවේ ඉන්න දීලා. මම කිව්වා නේද... යනවලා යන්න මෙතනින්.."
මෙලෙස දින මාස ගෙවී ගියේය. අවසානයේ ඇයගේ මානසික තත්වය ඉතාමත් පහල තත්වයකට පත් වුන බැවින් ඇයගේ ආච්චිඅම්මාට ඇයව මානසික රෝහලකට පවා ඇතුලත් කිරීමට සිදු විය.
"ඩොක්ට.. මට මගේ රශ්ව ඕනේ. මට එයා නැතුව ඉන්න බෑ. මට එයාව ගෙනත් දෙන්න... කරුනාකරලා.. මට එයාව ඕනේ... මම මේ පිස්සො එක්ක තව කොච්චර කල් ඉන්නද.. මට බැ..මට මගේ රශ් එක්ක ජීවත් වෙන්න ඕනේ... යන්න දෙන්නකෝ..."
ඇය කිව්වේ තමාගේ කදුලු කැට කඩා හැලෙන දෑසින්, තමාගේ ඇද අසල පුටුවක් තබා වාඩිවී, මෙතෙක් වේලා ඇයගේ කතාව අසා සිටි ඩොක්ට ප්රසාද්ගේ අතෙහි එල්ලීගෙනය. ඇය ඩොක්ට ප්රසාද්ට රශ් යයි අමතන අවස්තාද නැතුවම නොවේ.
"හරි..හරි..ලමයෝ.. මම රශ්ට කෝල් එකක් දීලා කතාකරලා කියන්නම්.... ඔයාට එයාව බලන්න ඕනේ කියලා. හරිද? එයත් මට ගොඩක් කරදර කරනවා ඔයාව බලන්න ඕනේ කියලා. ඒත් මම රශ්ට කිව්වා වෙන වෙලාවක එන්න ඔයා විවේක ගන්නවා කියලා. දැන් ඉතින් ඔයාට ටිකක් සනීපයිනේ.. 😊😊😊 ඒනිසා මම රශ්ට කතාකරලා හෙට එන්න කියලා කියන්නම්.. දැන් ටිකක් නිදාගන්නකෝ... හොද ලමයා වගේ."
යනුවෙන් ඩොක්ට ප්රසාද් ඇය සනසා වාට්ටුවෙන් පිට වී ගියා. ඩොක්ට ප්රසාද්, ඇයට රශ් ගැන පවස්ද්දී ඇයගේ මුහුනේ ඇදුනේ දගකාර හිනාවකි. කෙමෙන් කෙමෙන් කාලය ගතවිය. ඇය රශ් හෙට දිනයේ පැමිනෙනෙ ආකාරය සිහින මවමින් සිටියාය. රෝහලේ ඔරලෝසුවෙ රෑ 12:30 සීනුව නාද වන ආකාරය ඇයට ඇසිනි. එහෙත් ඇය එය නෑසුනු ගානට සිහින මවමින් සිටියාය. එකපාරම ඇයට වාට්ටුවේ අනිත් පසින් අඩි ශබ්දයක් ඇසුනි. එයින් ඇය තිගැස්සී ගියාය. ඇය ඇද උඩ සිටම වාට්ටුවේ අනිත් පස තිබූ ඝන කැලෑව දෙස බියෙන් දෑස් යොමු කලාය. ඇය දුටු දෙයින් ඇගේ මුලු ඇඟම කිලිපොළා ගියේය. ඇය දුටුවේ ඇය විසින් මරාදමනු ලද මිනීමරුවා තමාගෙන් පලිගැනීමට පැමිනෙන ආකාරයයි.
"මාව බේරගන්න..මාව බේරගන්න...හොල්මනක්...හොල්මනාක්...."
ඇය යටිගිරියෙන් කෑ ගැසීය. එම ශබ්දයන් මුලු වාට්ටුවේම සිටි රෝගීන් ඇහැරී, කලබල වී ඒමේ අත දුවන්නට විය. එමෙන්ම වාට්ටුව බලාගැනීම සදහා සිටි හෙදියන් දෙදෙනෙක්ද, ඩොක්ට ප්රසාද් ද, වාට්ටුව තුලට දුව ආවේය. අනෙකුත් රෝගීන් සියල්ල සන්සුන් වුවද ඇය සන්සුන් වූයේ නැත. එම නිසා හෙදියන් දෙදෙනා සැරසුනේ ඇයට සිහි නැතිවීමට බෙහෙතක් එන්නත් කිරීමටය. එහෙත් ඩොක්ට ප්රසාද් පැමින ඔවුන්ව නැවැත්වීය. එමෙන්ම ඩොක්ට ප්රසාද් දුටු පමණින් ඇය සන්සුන් විය.
හෙදියන් දෙදෙනා තමතමන්ගේ මුහුණු දෙස බලමින් විශ්මයෙන් වාට්ටුවෙන් පිටව ගියේ, ඩොක්ට ප්රසාද්ගේ සංඥාවකට අනුවය.
"මොකද මේ උනේ කෙල්ලේ.. ඇයි මේ කෑගහන්නේ?"
"රශ්.. රශ්.. ඔයා මාව බලන්න ආවාද..?"
"රශ්.. නෑ.. නෑ.. මම රශ් නෙමේ.. මම ඩොක්ට ප්රසාද්."
"නෑ..නෑ..ඔයා රශ්ම තමා. මේ..මේ.. මාලේ රශ්ගේ. මේ මාලේ මමමයි හදලා දුන්නේ."
"මේවගේ ඒවා හැම කඩේකම වගේ තියෙනවා."
"නෑ.. නෑ.. මේ බලන්න.. මේකෙ ඇතුලේ මගෙයි, රශ්ගෙයි නම් ලියලා තියෙනවා. මේ බලන්නකෝ. ඔයා තමයි මගේ රශ්.."
ඇය සතුටින් ඩොක්ට ප්රසාද්ගේ දෑතේ එල්ලෙන විට ඩොක්ට ප්රසාද් සුදුමැලි විය.
"මේ අහන්නකෝ.. දැන් ගොඩක් රෑවෙලානේ. මේබලන්න. රෑ දොලහත් පැනලා. මම දැන් ගිහින් හෙට එන්නම්."
කියා තම අතේ බැද තිබූ අත් ඔරලෝසුව ඇය වෙතට හරවමින් ඩොක්ට ප්රසාද් පිටවී යාමට සූදානම් විය. ඇය ඔහුගේ දෑත් අත්හල පසු ඔහු වාට්ටුවේ දොර වසාගෙනම පිටවී ගියේය. එදින ඇයට හොද සුවදායක නින්දක් ලැබිනි. කෙමෙන් කෙමෙන් උදේ විය. ඇය උදේ ආහරයද ගෙන පැයකට පමණ පසු හෙදියක් කියා සිටියේ ඇය බැලීමට කෙනෙකු පැමින සිටින බවයි. ඇය සිතුවේ ඇය බැලීමට ඩොක්ට ප්රසාද්ගේ ඇරයුමෙන් රශ් පැමිණ සිටින බවයි. එහෙත් එය එසේ නොවීය. පැමිණ සිටියේ අලුතෙන් පත්වූ පොලිස් පරීක්ශක වරයාය. පොලිස් පරීක්ශකවරයා ඇගේ ඇද අසලට පැමින,
"මට ඔයාගෙන් අහන්න පොඩි ප්රශ්න වගයක් තියෙනවා. රශ් ගැන. ඔයාට පුලුවන්ද මට උදව් කරන්න?"
කියා විමසුවත් එම ප්රශ්නයට ඇයට උත්තර දීමට හැකියාවක් ලැබුනේ නැත. ඒ එතනට ඩොක්ට ප්රසාද් පැමිණි නිසාවෙනි.
"මම හිතන්නේ ඔයා අහන්නේ මේ මං ගැන.."
මෙවර කතාකලේ ඩොක්ට ප්රසාද් ය. ඔහු තමාගේ මුහුනේ තිබුනු විශාල කන්ණාඩි කුට්ටම ඉවත් කලේය. එදින ඔහු කොණ්ඩයට තෙල් ගා නොතිබුණි. එහෙත් කොණ්ඩය දෙකට බෙදා තිබුණි. දෙකට බෙදා තිබූ කොණ්ඩය දෑතින්ම උඩට පීරූ ඔහු රැගෙන ආ වතුර බෝතලයකින් වතුර ටිකක් තම අත් ලේන්සුවට ගෙන මුහුණේ ආලේප කර තිබූ ආලේපන ඉවත් කලේය. තම කරේ තිබූ වෙද නලාවද පැත්තකින් තබා, වෛද්යවරු පලදින සුදු කබායද ගලවා පැත්තකින් තැබීය. වෙනදාට සම්පූර්නයෙන්ම සුදු ඇදුම් වලින් සැරසී සිටින ඔහු අද පාට ඇදුමකින් සැරසී සිටියේය. ඇයගේ ඇස්, ඇයටම අදහා ගැනීමට නොහැකි වුනි. ඇයගෙ සිතට ක්ෂනිකයෙන් ගලා ආවේ තරහව, දුක හා සතුට මිශ්ර හැගීමකි. කුමක් කිරීමටද කියා නොදත් ඇය නිසලව, ඇද මත ගල් ගැහී බලාසිටියාය. පොලිස් පරීක්ශකද පුදුමයෙන් කට ඇරගෙන බලා සිටියේය. ඉන් පසු පොලිස් පරීක්ශක කතාවට මුල පිරුවේය.
"ඩොක්ට ප්රසාද්.."
"හෝව්ව්.. හෝව්ව්.. ඩොක්ට ප්රසාද් නෙමෙයි. CID පරීක්ශක රශින්ත.... එහෙම නැත්තම් රශ්. හරි දැන් ඔයාගෙ කතාව පටන්ගන්න."
"හරි.. මිස්ට රශින්ත. මට මුලින්ම මේක කියන්න. ඔයා ට මොකද උනේ? මෙච්චර කාලයක් කොහෙද හිටියේ?ඔයා මෙච්චර කාලයක් මොනවාද කලේ? ඔයා මැරිලා කියලා අනිත් අය හිතන්න පටන් අරං දැන් අවුරුද්දකටත් කිට්ටු වෙනවා."
"හරි මං කතාව මුලඉදන්ම පටන් ගන්නම්. මේකට සම්බන්ද පලවෙනි සිද්දිය උනේ මේකයි.. රූබිව මරන්න දෙන්නෙක් එයාගේ ගෙදරට ආපු වෙලාවේ එයාට වෙඩි වැදුනානේ. ඉතින් එයාව රෝහල්ගත කලා. මට ඒවෙලාවේ කෝල් එකක් ආවා.📞📞📞📞📞 ඒක ආවේ මගේ අම්මාගෙන්. එයා කිව්වා මේදැන්ම ගෙදර එන්න කියලා. ලොකු ප්රශ්නයක් කියලාත් කිව්වා. ඉතින් මම පුලුවන් තරම් ඉක්මනට ගෙදර ගියා. මම ගෙදර දොර ඇරපු ගමන් දැක්කේ මගේ අම්මා ලේ පෙරාගෙන පුටුවක් උඩ ඉදගෙන ඉන්නවා. මම එයා ලගට දුවලා ගියා. මම ඊට ඉස්සරහ තියෙන කන්ණාඩියකින් දැක්කේ මූන පේන්නේ නැතිවෙන්න මූන වහගත්ත මිනිහෙක් මට ගහන්න පොල්ලක් උස්සන් එනවා. අපි දෙන්නා එතනදි පොරබැදුවා. මට හොදටම තුවාල උනා. මට සිහි නැති උනා. මම ආයෙමත් ඇස් ඇරියෙ හොස්පිට්ල් එකක. ඒගොල්ලෝ කිව්වේ මාව ගඟක් ලග ඉදලා තමයි හොයාගත්තේ කියලා. මට හොදටම මතක තිබුනා කවුරුහරි මාව මරන්න හැදුවා කියලා. මම මැරිලා කියලා හිතපු වැරදි කාරයා මාව ගඟක් අයිනේ දාලා ගිහින්. ඒවෙන කොටත් මම මැරිලා කියලා ගොඩක් අය හිතලා ඉවරයි. දින කිහිපයකින් මම ගියා අපේ මූලස්ථානයට. එයාලා නම් කිව්වේ මට ආයෙමත් ගෙදර යන්න කියලා. ඒත් මම කැමති නෑ කිසිම නඩුවක් බාගෙට ඉතුරු කරන්න. මම නැති නිසා ඔයාගේ නඩුවත් එකතැන නතරවෙලා තිබුනේ. මම එයාලගෙන් ඇහුවාම ඔයා කෝ කියලා, එයාලා මට කිව්වා ඔයාගේ මතකේ හොදටම හොද නෑ කියලා. ඉතින් මම ඩොක්ට ප්රසාද්ගේ වෛදය මතය අනුව එයාගෙන් උදව් අරගෙන, එයාගේ නමින් ඔයා ලගට විතරක් ආවා. දැන් ඉතින් ඔයාට හොදටම හොදයිනේ. එහෙනම් ඉතින් දැන් අපි ගෙදර යමු. ඔයා එනකං මගේ ගෙදර ඔයාගේ අම්මයි තාත්තයි, මගේ තාත්තයි බලාගෙන ඉන්නවා. ඒත් මගේ අම්මානම් දැන් ජීවතුන් අතර නෑ. කමක් නැ... අපි යමුකෝ...."
මේ ආකාරයෙන් රූබිට ඇගේ ප්රේමවන්තයාව හමුවුණි.. රූබීගේ සාක්ශි මත රශ් මෙහෙය වූ නඩුවෙන් මිනීමරුවාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුණි. දෙමව්පියන්ගේ කැමැත්ත හා ආශිර්වාදය මත රශ් ගිය අවුරුද්දේ අද වැනි දිනක රූබිගේ අත ගත්තේය. දැන් ඒ පුංචි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එන්නත් හදන්නෙ.. 🤭🤭 ඔව් ඔව්... ඔයාලා හරි. රශ් දැන් තාත්තා කෙනෙක්
 ඉතින් යාලුවනෙ.. කතාව ඉවරයි. හැමොම කියවලා අදහස කියන�
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI