.හෙලෝ........මචන්.....උබේ බෑග් එකේ පොඩි සාක්කුවේ ඇති කොන්ඩම් පැකට් එකක් මට එදා හදිසියට කියන්න අමතක වුණානේ. මං අරහේ ගියේ උබේ බෑග් එක අරගෙන නේ දැනුයි මතක් වුණේ....... ඒක පරිස්සම් කරලා මට ගෙනත් දියන්

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටි කතාවක්❤️❤️❤️
".......ඇග රත් වෙලා......"
".....හ්ම්ම්........"
".......පැනඩෝල් දෙකක් දෙන්නද......"
".......එපා ඇරිලා යාවි........."
"......පියුමි..............ඔයා මොකක් හරි ප්රශ්නෙක නේද ඉන්නේ .......මට තේරෙනවා........"
".......නෑ.........අනේ........ඔලුව රිදෙනවා.........."
".......ඇත්ත කියන්න.............. ඔයා ප්රශ්නෙක නේද ඉන්නේ.........."
"..........නෑ..............."
".......එහෙනම් ඔලුව හොදට තෙමෙන්න නාගන්න ගිහින්........."
".........බෑ............අනේ............"
"........කෝ.........එන්න........මං ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නම්........."
"..........එපා පැත්තකට වෙන්න ..........."
"..........ඇයි.........මේ..........."
".......මුකුත් නෑ............."
"..........කියන්න............."
"........මට පාඩුවේ ඉන්න දෙන්න.........සුපුන්.............."
එයා අද ගොඩක් වෙනස් වෙලා මට හිතාගන්න බෑ ඇයි මේ වෙනස් වෙලා තියෙන්නේ කියලා.
".......කෝ.......මං ......සිද්ධාලේප ගාලා දෙන්නම්............."
"..........අනේ සුපුන් වදයක් නොවී යන්නකෝ.........මෙතනින්..........."
"........එහෙනම් මම යන්නද............"
"..........හා..........."
එයාට කරදර නොකර මම පැත්තකට වෙලා හිටියා. මගේ පාඩුවේ මම ටීවී බලන්න ගත්තා. ටික වෙලාවක් යද්දී කාමරෙන් අඩන ශබ්දයක් ඇහුනා. මම ආයෙත් ගියා බලන්න.
"........පියුමී............මොකෝ මේ අඩන්නේ..........."
"........මුකුත් නෑ............"
".......හේතුව කියන්නකෝ..........."
"......මම යනවා ගෙදර........."
"......කොහේ ගෙදරද.........."
"........අම්මලාගේ ගෙදර........."
"......ඇයි ඒ.........."
".......මට ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ..........."
".......මොනවද ඔයාට වෙලා තියෙන්නේ........."
එක පැත්තකට හැරිලා නිදාගෙන හිටපු ඇය ඇද උඩ ඉදෙගෙන මගේ කොලර් එකෙන් ඇදලා ගත්තා.
"......මම හිතුවේ නෑ සුපුන් මට ඔයා මෙහෙම කරයි කියලා........."
ඇයගේ මුහුන දිහාවෙම බලාගෙන මම ඇයගේ ඇස්වල කදුලු පිහින්න ගත්තා.
"........අත ගන්න........සුපුන්........"
එකවරම මගේ අත ඇය වීසි කරා. ප්රෂ්ණය මොකකද කියලා කියන්නෙත් නෑ. මගේ ඉවසීමේ සීමාව පැන්නා.
"........නැගිටපං..........."
එකපාරම මගේ මුහුන දිහාවේ බැලූවා.
".......මම දැන් වතාවක් කිව්වා නැගිටපන් කියලා......."
බයටම නැගිට්ටා.
"........ප්රශ්නේ කියපන්........"
බිම බලාගෙනම කට වහගෙන හිටියා.
"......කෝ.......ඉතින්........ප්රශ්නේ කියපන්........."
ගැස්සෙලා ගිහින් මගේ දිහාවේ බලාගෙන හිටියා. ආව කේන්තියට කම්බුලට මම වැරෙන් පහරක් ගැහුවා. වරු නැතිව ඇදට වැටුනා. කම්බුල එක අතකින් අල්ලගෙන මගේ දිහාවෙම බලන් හිටියා. මට තේරුනා ඇය වෙව්ලනවා කියන්න.
".....සොරි.....පියුපි.........මේ.....අහන්න.....මට ප්රශ්නේ කියන්නකෝ......"
ඇය බිම බලාගත්තා.
නිකටෙන් අල්ලගෙන ඇයගේ මුහුන මගේ දිහාට හැරෙව්වා.
"........මට සමාවෙන්න පියුමි......කෝ එන්න මගේ කෙල්ල ......රිදුනද ඔයාට ...ආය මං එහෙම කරන්නේ නෑ.........ප්ලීස්........ප්රෂ්ණේ කියන්න......"
මගේ මූන දිහාවෙම බලාගෙන ඉන්නවා මිසක් කිසිම වචනයක් කතා කරන්නේ නෑ. රතු වෙච්ච කම්බුල දිහාවේ දකිනකොට මට දුක හිතුනා. ශික් මම මටම චෝදනා කරා ඇයි උබ ගැහුවේ කියලා.
".......කෝ........එන්න......මං ඔයාට තේ එකක් හදාගෙන එන්නම්.........එන්නකෝ.........ප්ලීස් බබා.........."
ඇයගේ අවදානය ගන්න මට කිසිම විදිහක් නෑ. ඉන්නකො හොද වැඩක් කරන්නම් කියලා. ගබඩා කාමරේ තිබුන කෙමිකල් බෝතලයක් අරගෙන බෝතලේ කටට ඇගිල්ල තියලා බොරුවට ඒක බිව්ව විදිහට රගපෑවා. බිමත් ටිකක් හැලුවා.
"........අනේ........මගේ .....මහත්තයෝ.......මොනවද මේ කරගත්තේ........"
"........තමුසෙට ඕනි වෙලා තිබුනේ මේකනේ....... තව ටිකකින් මං මැරිලා යාවි......එතකොට තේරෙයි මං නැති අඩුව ........"
"........අනේ මගේ මහත්තයෝ........මං ඔයාට ගොඩාක් ආදරෙයි......ඇයි මෙමෙහෙම දෙයක් කරගතේ.."
දැන් ප්ලෑන් එක වැඩ කරනවා වගේ .නැති ආදරේ ඔය එන්නේ දැන්. මම තව ටිකක් රගපෑවා. ඇස් දෙක පුන්චි කරගත්තා. මැරෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ රගපෑවා.
මේකී මුලු ගමටම ඇහෙන්න කෑ ගැහුවා. ගමේ අයත් එතනට ආවා. දැන් බොරුවක් කරේ කියන්නත් බෑ. එහෙම උනොත් මිනිසු මට ගහලා මරනවා . ඇස්දෙක ඇරලා පොඩ්ඩක් බැලුවා වාතාවරනය මොකක්ද කියලා.
බුදු අම්මේ ගමේ සීසීටීවී ඇන්ටිලා හතර වටේ අඩනවා. ශික් කරගත්ත මෝඩ වැඩක්. ඔය කියනකොටත් 1990 ගිලන් රතය ආවා. මේකිත් අඩනවා ගොඩාක්.
ඉස්පිරිතාලෙට ගියාට පස්සේ ඇදුම් සේරම ගැලෙව්වා. එක පැත්තකින් සබන් පොවනවා . තව සෙට් එකක් කලුපාට කුඩු වර්ගයක් පොවනවා. එපා කිව්වට අහන්නේ නෑ.
".........අනේ........ඩොක්ටර් .......මම වස බිව්වේ.....නෑ....මට ඕවා පොවන්න එපා............." මම ඩොක්ටර් අතින් එහෙම කියද්දි. මේකි ලග ඉදලා අඩ අඩා කිව්වා. "......නෑ.....ඩොක්ටර් බෝතලෙන් බාගයක් බිව්වා ඩොක්ටර් .......මං ඇස් දෙකටම දැක්කා බිව්වා මට කොහොම හරි මගේ මහත්තයා බේරලා දෙන්න මම තව සබන් බකට් එකක් දිය කරා මේකත් පොවලා කොහොම හරි මගේ කොල්ලා මට බේරලා දෙන්න.........."
අනේ ඉතින් මට කේන්තියක් ආවා ඒ වෙලාවෙනම්.
"......මගේ කොල්ලා මාව දාලා යන්න නේද ගියේ ඔයාට මං කවදාවත් මාව දාලා යන්න දෙන්නේ නැ.......මගේ රත්තරන් මං කොහොම හරි බේරගන්නවා..........."
"........සුදාම්මී......මම.......වස බිව්වේ නෑ.......බං.............මට පාඩුවේ ඉන්න දීපියකෝ.............වදින්නම් .......උබට......."
"........නෑ......නැ........මගේ රත්තරන් මාව දාලා කොහෙවත් යන්නේ.........නෑ..........මං කොහොම හරි මගේ වස්තුව බේරගන්නවා........"
".......අනේ ඩොක්ට මම වස බිව්වේ නෑ........ තේරුම් ගන්න මට වද දෙන්න එපා........ ප්ලීස් ඩොක්ටර්........."
".......නර්ස් කෙමිකල් නිසා මෙයාගේ මනස පොඩ්ඩක් විකුර්ති වෙලා තියෙන්නේ. සාන්ද්රනය වැඩි කරාලා දෙන්න..... මේ ලියල තියන ඉන්ජෙක්ෂන් ටිකත් දෙන්න.........."
".......හොදයි ඩොක්ටර්........."
"............යකෝ............මාව අත ඇරපියව්.......මම වස බිව්වේ නෑ.........." මම ඉන්න අයව තල්ලු කරා.
"......මෙයා පැනලා යයි.......මේයාව ගැටගහන්න ඉක්මනින් අර ඉන්ජෙක්ෂන් ටික ගහන්න........."
"........ඇයි මහත්තොයෝ මෙච්චර මුරන්ඩු වෙන්නේ.........මං ඔයාව කොහොම හරි බේරගන්නවා වස්තුවේ......."
".......පලයන් යන්න #ත්ති.... තෝ තමයි මේ සේරම කරේ........"
"........ඉක්මනින් මෙයාව ගැට ගහන්න......."
අත් දෙකයි කකුල් දෙකයි ගැටගහලා මාරුවෙන් මාරුව සබං පෙනයි කලු කුඩුයි පොවනවා. ඒ අස්සේ ඉන්ජෙක්ෂනුත් ගහනවා. වමනේ යනවා හෝ ගලා ඒවා උඩම මම දගලනවා. අනේ මෙහෙම දුකක්.
".......අනේ මිස් තේරුම් ගන්න මම වස බිව්වේ නෑ............."
වස බිව්වේ නෑ කියන වාරයක් පාසා සබන් පෙන පොවනවා කට ඇරලා.
හරක් රංචුවකට පෑගුනු රුපියල් දාහේ කොලේක මොනරෙක් වගේ මං දැන් හෙම්බත් වෙලා.
සතියකින් විතර ටිකට් කපලා ගෙදර යැව්වා.
"........සුපුන් ඔයාට මගේ පොඩි වෙනසක් වත් දරාගන්න බෑ නේද......ඒකනේ මැරෙන්න හැදුවේ.....ඔයා මට කොච්චර ආදරෙයිද....කියලා....මට තේරුනේ එදා......."
".......මම වස බිව්වේ නෑ..........."
".......බොරු කියන්න එපා.......ඔයා අදරේ පෙන්නනේ නෑ නේද........"
මමයි උඩ ඉන්න දෙවියෝයි විතරයි දන්නේ මම වස බිව්වේ නෑ කියලා.
"........දැන් තමුසේ එදා මොකටද මාත් එක්ක තරහා වෙලා අම්මලා ගෙදර යනවා කිව්වේ............"
".......ආය ඒ ගැන කතා නොකර ඉමු........ මම ආය ඒක මතක් නොකර ඉන්නම්..........."
ඔය අතරතුරේ යාලුවාගෙන් කෝල් එකක් ආවා.
".........හෙලෝ........මචන්.....උබේ බෑග් එකේ පොඩි සාක්කුවේ ඇති කොන්ඩම් පැකට් එකක් මට එදා හදිසියට කියන්න අමතක වුණානේ. මං අරහේ ගියේ උබේ බෑග් එක අරගෙන නේ දැනුයි මතක් වුණේ....... ඒක පරිස්සම් කරලා මට ගෙනත් දියන්..........."
නිම්........
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI