දික්කසාද පෙම්වතිය ජීවිතයේ පරාජය කියන්නේ නැවතීම නෙවෙයි තවත් සාර්ථක ජීවිතයක ආරම්භයයි. කෙටි කතාවකි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
දික්කසාද පෙම්වතිය
කෙටි කතාවකි
මිගාර දැන් ඔයාට සතුටු ඇති නේද?
කියලා වැඩක් නෑ මාර සතුටුයි හලෝ තමුසෙගෙ නිදහස් උනානේ මම මේ නඩුව ඉවර වෙනකන් ඇඟිලි ගැන ගැන හිටියෙ.
තමුසෙ මහ තිරිසනෙක් මිගාර මගේ ජීවිතය විනාස කරා කෑවා. අම්මල අකමැති වෙලා තියනකොට මම තමුසෙත් එක්ක ආවා තමුසේ මට කරපු දේ.
අනේ මේ තමුසෙගෙ බණ අහන්න මම තමුසෙගෙ මිනිහා නෙවෙයි දැන් තමුසේ ඕන මිනිහෙක්ට දැන් ගිහිල්ලා තමුසෙගෙ බණ කියනවා ඒවා අහන්න මට දැන් වෙලාවක් නෑ ඒ නිසා මට පාඩුවේ ඉන්න දීලා තමුසේ යනවද මෙතනින් පව් නොදී.
යනවා තමයි හලෝ උප උපන් ාත්මක තමුසේ නම් එපා. පිරිමි ජාතියම තමුසේ මට එපා කෙරෙව්වා.
අන්න පාර තියෙනවා අර යන්නෙ බස් එකක නැගලා පලයන් ගෙදර උඹගෙ අම්මයි තාත්තයි ළඟට.
යනවා තමයි යකෝ තමුසෙට හෙන ගහනව
මට නේ බං ගහන්නේ හෙන උඹට මල් වැහි වහී ඒ නිසා පරිස්සමට පලයන්.
දෙමාපියන්ගේ බලවත් අකමැත්ත මත සුලෝචනා මිගාරව කසාද බැන්දේ සුලෝචන ගේ පළවෙනි ආදරය මිගාර නිසා. මිගාර සෙල්ලක්කාර චරිතයක් වුණා නිතරම කෙල්ලෝ ොඩක් ආශ්රය කරපු කෙනෙක්. සුලෝචන අසීමිතව මිගාරට ආදරය කරපු නිසා කවදාක්වත් මිගාරගේ වරදක් දැක්කේ නෑ.
අනේ මගෙ අම්මේ මට සමාවෙන්න
මොකද මගේ දුවේ මේ අඬාගෙන.
අම්මට දුක් දීලා මම ගියාට කවදාවත් මට සතුටක් ලැබුණේ නෑ මගේ අම්මේ. අර මනුස්සය මාව දික්කසාද කරල දැම්මා අම්මේ.
දැන් වෙච්ච දේවල් ආයිත් කතා කරල වැඩක් නෑනෙ මගෙ දුවේ යමු ගෙට අපිට කවදාක්වත් උඹව බරක් නෙමෙයි මගෙ දුවේ.
අනේ මට සමාවෙන්න මගෙ අම්මේ.
දැන් කමක් නෑ ඇදිලා ගිහිල්ලා හොඳටම යමු හෙට කෑම ටිකක් කන්න.
මගෙ දුවේ ඇයි මේ අඬන්නේ
අනේ මගේ තාත්තේ මට සමාවෙන්න මම ආයිත් කවදාක්වත් ඔයාලට දුකක් දෙන්නේ නෑ.
දැන් අඬන්න එපා දුවේ ගෙට ගිහිල්ලා කෑම ටිකක් කන්න .
ටික දවසක් ගෙවිලා යනවා ...
දුවේ
අම්මේ
තාත්තයි මමයි තව කී දවසක් ජීවත් වෙයිද කියලා දන්නේ නෑ. මගෙ දුවේ අපිට තියෙන එකම දුක මගේ දුව හැමදාමත් තනිවෙන එක දුව කැමති නැද්ද ආයිත් කසාදයක් බඳින්න.
මට පිරිමි කියන ජාතියක්ම එපාම උනා මගෙ අම්මා. මට දැන් අම්මට තාත්තටයි සලකගෙන ඉන්න දෙන්න මගේ ජීවිතේ අන්තිම කාලේ මම පන්සලකට ගිහිල්ලා මහණ වෙනවා
ඔයාට තාම වයස එහෙම්පිටින්ම තියෙනවා මගෙ දුවේ.
අනේ අම්මේ ඒ දේවල් කතා කරන්න එපා දැන්.
දුවේ දොරට තට්ටු කරන සද්දයක් නේද ඇහෙන්නේ ගිහිල්ලා චුට්ටක් බලනවද?
හරි අම්මෙ ඉන්න මම බලන්නම්.
.......
හදිස්සියක්ද?
ඔව් මිස් මේ address එක කොහෙද දන්නෑ නේද?
ඔයා දැන් එනකොට තුන් මං හන්දියක් හම්බුනානේ එතනින් වම් පැත්තට හැරිලා දිගටම යන්න ගෙවල් හතරක් පහුවුනාම තියෙන ගෙදර.
බොහොම ස්තූතියි මම ගිහිල්ල එන්නම්.
කවුද දුවේ?
කවුද පිරිමි ළමයෙක් අම්මේ address එකක් හොයනවා. මම උයන්න යනවා අම්මේ.
...............
උඹගෙ address එක හොයාගන්න ගිහිල්ලා මම වටේ ගියා බං වෙලාවට ගෙදරකින් පාර අහගෙන ආවෙ.
උඹලට ඉතිං පාර කිවුවහම මතක නෑනේ.
හැබැයි ඒ පාර කියපු කෙල්ල මාර අහිංසක පාටයි බං.
මොකද්ද මොකද්ද ඒ කතාව.
ඒව ඉතින් උබට වැඩක් නෑනේ මම හිතන්නේ මගේ ජීවිතේ හරි කෙනා මට හම්බුනා කියලා.
address එක හොයා ගන්න බැරිවෙච්ච එකේ ඔබට පාඩුවක් වෙලා නෑ එහෙනම්.
හරි හරි ඉතිං බලමු හෙට ගිහිල්ලා බලනවා.
වරෙන් කෑම ටිකක් කාලෙම ඉමු අවුරුදු කීයකින් අඩෝ හම්බ වුනේ අපි.
යමං යමං උඹලා ගෙවල් මාරු කළාට පස්සේ උඹලගේ අම්මගේ අතින් උයන රස කෑම කෑවෙම නෑනේ.
උඹ ඇඳුම් අරගෙන නේද ආවෙ දවස් දෙක තුනක්වත් ඉඳලා පලයං .
අනිවා අනිවා යමු කන්න දැන්.
............
ගයාෂාන් කොහෙද බං උදෙන්ම යන්න හදන්නේ?
උඹට මම කිව්ව මතකද ලස්සන කෙල්ලෙක් අහිංසක ඊයෙ මට පාර කිවුවා කියලා ඊයේ රෑ එළි වෙනකම්ම මට ඒ කෙල්ලව මතක් වුනා බං මම යන්නේ උදෙන්ම ඒ කෙල්ලව හම්බවෙලා මගේ හිතේ තියෙන දේවල් කියන්න.
උඹට විකාර බං කවුද දන්නේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියලා. අනිත් එක් එකපාරම ඒ කෙල්ල හිතයි උඹට පිස්සු කියලා අනිත් එක වැරදියට හිතයි උඹ ගැන. අපිත් මේ ගමට අලුත් නිසා හරියටම විස්තරයක් දන්නෙත් නෑනේ බං.
කොල්ලෙක් ඉන්නව නම් වැඩේ අත ඇරලා දානවා. මම අද ගිහිල්ලා ගේ ඔලුවේ තියන ප්රශ්නෙට විසඳුමක් හොයාගෙන එන්නම් බං.
පොඩ්ඩක් ඉඳපන් මමත් එනකං
අකලංක උඹ ඉඳපන් මචං මම ඉක්මනට ගිහිල්ල එන්න
හරි එහෙනම් මගේ බයික් එකේ පලයන්.
ටැංකිව් සහෝදරයා.
බොක්කෙන්ම තමයි ඉතින්.
..................
දුවේ වාහනයක් ආවා වගේ සද්දයක් නේද ඇහුනේ?
මම ගිහිල්ලා බලන්නම් තාත්තේ.
ගුඩ් මෝනිං
ගුඩ් මෝනිං ඊයෙ අර පාර අහගෙන ආපු කෙනා නේද ඔයා?
(අප්පටසිරි කෙල්ලට මාව මතක තිබ්බනෙ මට වගේ එයාටත් නින්ද ගිය නැද්ද දන්නෑ ❤️❤️❤️)
මතකයි නේද මාව ඔව් මම එයා තමයි ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?
ඒ මොනව ගැනද මාත් එක්ක?
ඔයා මං ගැන කොහොම හිතයිද කියල නම් මම දන්නේ නෑ ඔයාව දැකපු වෙලේ ඉඳන් මට ඔයා ගැන ආදරයක් ඇති වුණා කවදාවත් එහෙම වෙලා නෑ. මං ගැන වැරදි හිතන්නත් එපා මම ඇත්තෙන්ම ඔයාට කැමති ඔයා කැමතිනම් මං ඔයාගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි අහන්නම්.
අනේ හලෝ මෙන්න වැන්දා මට පිරිමි කියන ජාතිය පිළිකුල්. අනිත් එක මම බැඳල ඩිවෝස් වෙච්ච ගෑනියෙක් මම කෙල්ලෙක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ හිතේ තියෙන අදහස අත් ඇර ගන්න කරුණාකරලා වදයක් වෙන් නැතුව යන්න හලෝ ඔය මම කසාද බඳින්නෙ නෑ කවදාක්වත්.
මං ගැන පොඩ්ඩක් හිතලා බලන්න . මට ඔයාගේ කිසිදෙයක් ්රශ්නයක් නෑ .
කවුද දුවේ ඔය
ඒ ඔයාගේ අම්මයි තාත්තයි නේද මම එයාලගෙම අහන්නම් ඉන්නකො පොඩ්ඩක්.
විකාර නම් කරන්න එපා හලෝ.
අම්මේ
පුතා කවුද දුවගේ යාලුවෙක් ද මේ පැත්තෙ නම් මම කලින් පුතාව දැකලා නෑ.
මම මේ පැත්තෙ නම් නෙවෙයි අම්මේ. ඒත් මම අම්මලාගේ දුව දැකලා අම්මලත් එක්ක කතා කරන්න ආවෙ. මම කැමති අම්මල ගෙ දුව කසාද බඳින්න යාගේ ප්රශ්නෙත් මම දන්නවා.
ඒ උනාට පුතේ
මට ඒ දේවල් ප්රශ්නයක් නෙමේ අම්මේ.
පුතාගේ ගෙදර අයට මේ දේවල් ප්රශ්නයක් වේවි.
මේ හැමදේම මං විතරක් දැනගත්තාම හොඳටම ඇති අම්මේ.
අනේ හලෝ විකාර නවත්තගන්න මම කැමති නෑ ඔයාට කොහොමත් දැන් ඔයා යන්න.
මම ගිහිල්ල එන්නම් අම්මේ බුදු සරණයි.
.............
දුවේ පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද?
අම්මේ මට ඔයාලත් එක්ක ඉන්න දෙන්න වදින්නම් ඔයාලගේ කකුල් අල්ලලා.
අපිට දුව කියන දේ තේරෙනවා හැම පිරිමියාම එකවගේ නෑ දුවේ
අනේ තාත්තේ එපා. උදේට තාම කෑවෙ නෑ නේද මම කෑම බෙදලා ඉන්නම්.
අනේ මන්දා මහත්තයෝ මට අපේ කෙල්ල ගැන ගොඩක් දුකයි.
මටත් එහෙම තමයි නෝනා. කෙල්ල කැමති නැත්නම් අපි මොනවා කරන්නද? හුස්ම ඩිංග යන්න කලින් මේ කෙල්ල සතුටින් ඉන්නවා බලන්න මට ඕනේ.
................
අඩෝ මොකෝ ගිය වැඩේ
මම කෙල්ලගේ අම්මයි තාත්තත් එක්ක කතා කරා බං.
උඹ යකාගේ පොරක් නේ බං.
මම ඒකිට සිරාවටම ආදරේ බං.
උඹ අර කෙල්ලගෙන් පස්සේ කාටවත් ආදරය කරලත් නෑනේ.
එයාගෙන් පස්සෙ මට කවුරුවත් හිතට වැදුනේ නෑ බං ඒත් මෙයා දැකපු ගමන් මගේ හිත මොනාව උනාද කියල මටවත් තේරෙන්නේ.
ගයාෂාන් හැමදාම සුලෝචන ගේ ගෙදර ළඟට වෙලා එයා දිහා බලාගෙන හිටියා ඒත් හැමදාමත්
සුලෝචන ගේ උත්තරේ උනේ අරකම විතරයි මොකද එයාට කිසිම පිරිමියෙක් විශ්වාස කරන්න බැරි නිසා .
අම්මා උදෙන්ම හැරියාද?
ඔව් දුවේ තාත්තා තාම ඇහැරුනේ නෑ තාම ඊයේ රෑ ඉඳන් කහිනවා ඉවරයක් නෑ.
මම ගිහිල්ලා බලල එන්නම් අම්මේ.
අම්මේ අම්මේ අම්මේ ඉක්මණට එන්නකෝ
අනේ ඇයි දුවේ
තාත්තට හොඳටම අමාරුයි අම්මේ ඉක්මනට හොස්පිට්ල් එකට එක්ක යමු
පාරටම යන්න ඕනේ දුවේ වාහනයක් කරගන්න
අම්මා තාත්තගේ ඕන කරන දේවල් ගන්න මම වාහනයක් කොහොම හරි හොයාගෙන එන්නම්.
(එදත් පුරුදු විදියට ගයාෂාන් ඇවිල්ලා පාර ගාවට)
ඇයි නංගි කලබලෙන් වගේ
අනේ අයියා අපේ තාත්තාට ගොඩක් අමාරුයි මම මේ වාහනයක් අරන් එන්න යන්නේ
ඔයා යන්න තාත්ත ළඟට මම වාහනයක් අරගෙන ඉක්මනටම එන්නම්.
අනේ පින් අයියේ.
අම්මේ ඉක්මණ තාත්තා ලෑස්ති කරගන්න
වාහනයක් හම්බවුනාද දුවේ.
හම්බ වුණා අම්මා ඔය එන්නෙ ඒක තමයි.
නංගී තාත්ත ලෑස්ති කර ද ?
ලෑස්ති කරා අයියේ තාත්තට නැගිටින්න අමාරුයි.
ගයාෂාන් සුලෝචන ගේ තාත්තව වඩාගෙන වාහනේට ගිහිල්ලා තිබ්බා. සුලෝචන ට හිතාගන්නවත් බැරි විදියට.
ඔයාලා කලබල වෙන්න එපා අම්මෙ අපි පුළුවන් ඉක්මනට තාත්තා හොස්පිට්ල් එකට අරං යමු.
........... ....
doctor තාත්තට කොහොමද දැන්?
ඉක්මනට හොස්පිට්ල් එකට එක්කගෙන ආපු නිසා දැන් හොඳයි ඒ උනාට වැඩිය මහන්සි කරන්න එපා.
අනේ ඔයාට පින් අයියේ ඔයා නිසයි අද මගේ තාත්තා බේරුණේ
ඔව් පුතේ ඔයා ඒ වෙලාවෙ දෙවියෙක් වගේ ආවෙ නැත්තං මගේ මහත්තයා අපිව දාලා ගිහිල්ලා.
එහෙම කතා කරන්න එපා අම්මේ. නංගි මට අකමැති උනත් ඔය දෙන්නා මට මගේ අම්මයි තාත්තයි වගේ තමයි ඒ නිසා මං මගේ පවුල වෙනුවෙන් ඕන දෙයක් කරනවා අම්මේ.
මට සමාවෙන්න අයියේ හැම පිරිමියාම එක වගේ කියල හිතුන නිසයි මම ඔයාට අර විදියට සැලකුවේ.
මට ඔයාගේ තත්වෙ තේරෙනවා නංගී . මම අදත් ඔයාගෙන් ප්රශ්නෙම ඇහැව්වොත්.
සුලෝචන ගයාෂාන් ගේ අත උඩින් එයාගෙ අත තිබ්බා ගයාෂාන් ගේ ඇස් දෙක දිහා බලාපොරොත්තු ගොඩක් පිරුන තමන්ගේ අලුත් ජීවිතය ගැන හිතමින්. ගයාෂාන් ට සුලෝචන ගේ උත්තරය ඒ අහිංසක ඇස් දෙකෙන් හොඳටම දැක්කා.
නිමි
වැරදි අඩුපාඩු ගොඩක් ඇති එකට සමාවෙන්න.
ජීවිතේ එක පාරක් වරදින්න පුළුවන් ඒත් ඒ වරදින හැම පාරකදිම ජීවිතය හදාගන්න ඕන විදිය අපි ඉස්සරහට එනවා ඒ විදිය අපි හරියට තේරුම් ගන්න ඕනේ . ප්රශ්න නැත්තන් ඒක ජීවිතයක් නෙවෙයි නිසා හැම ප්රශ්නෙකටම උත්තර තමන් ළඟම තියෙන නිසා කවදාක්වත් වැටෙන්න එපා අපේ ප්රශ්න වලට උත්තර තියෙන්නේ අපි ළඟම තමයි යාලුවනේ. කෙනෙක් කරපු වරදකට හැම කෙනාම දිහා ඒ විදියට බලන්න එපා ගැහැණු පිරිමි දෙකටම එකයි .
ජීවිතයේ පරාජය කියන්නේ නැවතීම නෙවෙයි තවත් සාර්ථක ජීවිතයක ආරම්භයයි.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI