වදයක් වෙන්න දෙයක් නෑ..ඔයා දැනටමත් මට වදයක් වෙලා තියෙන්නෙ..ප්ලීස් මගේ පස්සෙන් එන්නෙපා.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

-- #පැතුවෙ_ඔබමයි_සදා--
"අඩෝ අද මැත්ස් සර් දෙමලද බන් ඉගැන්නූවේ..මට මෙලෝ හසරක් තේරුනේ නෑනේ.."
"දෙමල හොදයි...හම්මෝහ්හ්..පටන් ගත්ත වෙලාවෙ ඉදලා #මැතා කියපු ඒවගෙන් මටනම් මතක තියෙන්නෙ අර අන්තිමට #ආයුබෝවන් කියපු එක විතරයි..චරියා මම හිතුවෙ උබට තෙරෙන්න ඇති කියලා..ගොබ්බයා වගේ හිටියට උබ ඉතින් මීටරේනෙ "😆😆
"""මීටර් නෙවෙයි මිලි මීටර්...මොන පිස්සුද. මට ඔය සර් කාරයා පේන්න බෑ බන්..මම පාඩම අහන් හිටියේ නෑ""
..
"ඒ මොකද චරියො..මොනා උනත් ඒ උබේ ආදරනීය වෙන්ඩ මාමන්ඩිනේ..""
"මම ටෝක් කරන්නෙ මැතාගෙ දුවට මිසක් මැතාට නෙවෙයිනෙ.""
""හරි හරි ඉතින් මාමන්ඩිටත් ලව් කරපන්..නැත්තම් බොට දෑවැද්ද හම්බවෙන්නෙ නැති වෙයි..උබ දැන් අවුරුදු දෙකක් තිස්සෙ දිසිනිට ටෝක් කරනවනෙ..දැනට තුන් පාරක්ම අහලා චාටර් උනා..මම එහෙමනම් තවත් ඒකි පස්සෙ යන්නැතුව වෙන කෙල්ලෙක්ව දාගන්නව ඒකිට පේන්නම.""
""ඒකි අකමැති වගේ හිටියට යද්දි එද්දි මගේ දිහා බලනවා බන්..ඒ බැල්ම මට අමතක කරන්න බෑ..කොච්චර ලස්ස්න කෙල්ලො දැක්කත් දිසිනි තරම් මගේ හිතට අල්ලන්නෙ නෑ බන්.""
""මමනම් උබට කියන්නෙ ඒකි අකමැතිනම් තවත් ඒකි පස්සෙ ගිහින් චාටර් වෙන්නැතුව අර මලිතිව දාගනින් කියලා..මලිති පිස්සුවෙන් වගේ උබේ පස්සෙන් එනව උබ ඒකිව ගනන් ගන්නෙ නැති උනාට.""
""මම තව එක පාරක් දිසිනිගෙන් අහනව බන්..මේ පාර එපා කිව්වොත් මට ආයෙ කෙල්ලො ඕන නෑ..පාඩුවෙ ඉන්නවා..""
""ඔන්න ඕකයි චරියෝ කිව්වෙ උබට මේ නදුන්ව ආදර්ශෙට අරන් තනිකඩව ඉදපන් කියලා.. කිසි ප්රශ්නයක් නෑනෙ පුතේ එහෙනම්..""
"පල පල නදුනෝ උබ අර හන්දියේ ඩිස්පෙන්සරියේ බෙහෙත් දෙන අක්කට ටෝක් කරෙ එහෙනම්..උබව ආදර්ශෙට අරන් වැඩ කරානම් මම අද තෙදරු පියෙක් වෙන්නත් තිබ්බා.""
"" ඕවා ප්රසිද්ධියේ කියන්න එපා ගෙම්බො. ඕක දන්නෙ උබ විතරයි..""
""නෑ නෑ ඒක කතාවට කිව්වෙ..මේ අහපංකො..හෙට බ්රහස්පතින්දා නිසා දිසිනි ඉස්කෝලෙ එනවා..මැතා ඉන්න නිසා මට ඉස්කෝලෙදි ඕක දෙන්න බෑනෙ බං.මැතාගෙ සීසිටීවි ඇස් දෙක මගේ දිහාට හරවගෙන ඉන්නෙ මුලු දවසෙම ම...ඕක දිසිනිගෙන් අහන්න විදිහක් කියපංකො ..""
"" සිම්පල් නේ..ඉස්කෝලෙදි දෙන්න බැරිනම් ඉස්කෝලෙන් පිටදි අහපන්...එක්කො ඒකි උදේ එද්දි හරි ඉස්කෝලෙ ඇරලා යද්දි හරි..""
""බෑනේ බන්..දිසිනි මැතත් එක්ක කාරෙකෙනෙ එන්නෙ..""
""හම්මට ....ඔව්නේ අමතක උනා..මොකක් හරි ප්ලෑනක් ගහපන් එහෙනම්.මගේ ටිකිරි මොලේට මොනාවත් මතක් වෙන්නෙ නෑ අෆ්ෆාහ්හ්..""
"" මේ හෙට මැතාගෙ කාරෙකෙ හුලන් අරිමු..එතකොට ඌ කාරෙක හදාගන්න පරක්කු වෙන නිසා දිසිනිව බස් එකේ යවයි..""
හම්මෝ උබේ මොලේ නම්..
.........................................................
""දිසිනි නංගි..මම ඔයාගෙන් අහපු දේට ඔයා හරි උත්තරයක් දුන්නෙ නෑනෙ.."
"චරිත් අයියේ..මගෙ පස්සෙන් එන්නෙපා..ක්රිකට්ම ජීවිතේ කරගත්තු ඔයා වගෙ රස්තියාදු කාරයෙක්ට මම වත් අපේ ගෙදර අයවත් කැමති වෙන්නෙ නෑ.ප්ලීස් තේරුම් ගන්න. "
""හ්ම්ම්ම්ම්ම්..සොරි නංගි..මම ආයෙ ඔයාට වදයක් වෙන්නෙ නෑ..""
""වදයක් වෙන්න දෙයක් නෑ..ඔයා දැනටමත් මට වදයක් වෙලා තියෙන්නෙ..ප්ලීස් මගේ පස්සෙන් එන්නෙපා..""
""හ්ම්ම්ම්ම් සොරි නංගි..
..............................
"" චරිත් අන්න උබටයි නදුනටයි පිනා ඔෆිස් එකට එන්න කියන්න කිව්වා..එන පොට නම් හොද නෑ වගේ ගිහින් බලපන් ඇයිද කියලා.."
""හම්මට.
මේ මොකක්ද වෙන්නෙ නදුනෝ ...එන පොට නම් හොද නෑ..ඊයේ හුලන් ඇරපු සිද්දිය මැතා ප්රින්සිපල්ට කියලද දන්නෙ නෑ..එහෙම උනොත් අද අපිට අස්වීම දෙනවා ශුවර්.."
""වෙන්න බෑ බන්..මේ නදුන් වැඩක් කරොත් ඉතින්. ""
""ඔව් ඔව් හත් පොලේ ගාගන්නවා..දැන් යමන් ඔෆිස් එකට..ගිහින් මුකුත් දන්නෙ නෑ වගේ ඉමු..""
""එස්කියුස්මි සර්..සර් අපට කතා කරාද?? ""
""ආආ ඔව් ඔව් කතා කරා තාමයි..මෙහෙ එනවා ඩබලම..""
නදුන් බියෙන් මෙන් මගේ මුහුන දෙස බැලුවෙ දැන් ඉතින් ගැලවිල්ලක් නැතැයි කියන්නාක් මෙනි..මටද බියක් නොදැනුනා කිවහොත් එය අමූලික බොරුවකි.මම අමාරුවෙන් වචන ගැට ගැසුවෙමි..
""ස්..ස...සර්...අපට..""
""ආආ ඉලංදාරි දෙන්නා...... මට බොහොම සන්තෝසයි..ගිය මාසෙ ස්කූල් බිග් මැච් එකේදි ඔය දෙන්න හොදටම වැඩ පෙන්නුවනෙ..ඔන්න දෙන්නට ඉංදියාවෙ ගිහින් ක්රිකට් ඉගෙන ගන්න ශිශ්යත්ව හම්බවෙලා තියෙනවා..මොකද කියන්නෙ ඉලංදාරි..යනවද..""
"ස...ස..සර්ර්ර්..""
"" හරි හරි තමුසෙලා ගෙදර ගිහින් ගෙදර අයත් එක්ක කතා කරලා සිකුරාදට කලින් කියනවලකො..""
.........................................................
""නදුනා උබ කැමැත්තෙන්ද ඉන්දියා යන්නෙ..මටනම් බෑ බන්.""
""ඔව් මම කැමැත්තෙන් යන්නෙ බන්.ඇයි උබට යන්න බැරි..උබලගෙ පියාත් කැමති උනානෙ යනවට.""
""ඔව්..ඒ උනාට මට දිසිනිව අමතක කරන්න බෑ බන්.ඒකිව දාලා යන්න මට බෑ""
""මොන හු&$$%# බන්...දැන් තෝ කී පාරක් ඕකට චාටර් උනාද..දාල යන්න බැරි මහලොකු කෑල්ල...ඒකි හිතන් ඉන්නෙ ඒකි මිස් ශ්රී ලංකා කියලා..තෝ තමයි ඒකිව මුරුංගා අත්තෙ තිබ්බෙ බෑ බෑ කියද්දි පස්සෙන් ගිහින්..""
""දිසිනිට බනින්න එපා බන්..එයා කිව්ව දේ හරි..මම ක්රිකට් ගහනවයි රස්තියාදු ගහනවයි හැර දෙයක් ඉගෙනගත්තෙ නෑනෙ..දිසිනි ඉගෙනගන්නත් දක්ශයි..ඒ වගේ කෙල්ලෙක් මට අකමැති වෙන එක සාදාරනයි බන්..""
""උබ ඒකි ගැන තවත් හිතන්න එපා චරියො..අපි ක්රිකට් වලින් අපේ ජීවිතෙ හදාගමු..කවදහරි දවසක අපි ජාතික කන්ඩායමෙ සෙල්ලම් කරමු.
එදාට අපිට අපි කැමති අය ආදරය කරයි..""
""හ්ම්ම්ම්..අද මේ ඉස්කෝලෙ එන අන්තිම දවස..මට අද දිසිනිත් එක්ක වචනයක් හරි කතා කරන්න ඕනෙ..""
""ඕන නෑ බන්..උබට ලොකු ලයින් දාන එකී පස්සෙ උබ නැවි නැවී යන්න ඕනෙ නෑ..මම කිව්වනෙ උබට කලින්..""
"""නෑ බන් මම මේ අවසාන වතාවට කතා කරන්නෙ.මම උබට පොරොන්දු වෙනවා ආයෙ දිසිනි ගැන හිතන්නෙවත් දිසිනි ගැන කියන්නෙ වත් නෑ කියලා.""
"""හ්ම්ම්ම්ම්...යමු එහෙනම්..දිසිනි ග්රවුන්ඩ් එකේ අඹ ගහ ලග හිටියා දැන්..ගිහින් කතා කරපන්.""
...........................................................
""දිසිනි නංගි ....අපි යන්න හදන්නෙ..මීට පස්සෙ ඔයාට අපෙන් කරදරයක් වෙන්නෙ නෑ..මෙතෙක් කල් මගෙන් කරදරයක් උනානම් සමාවෙන්න..""
""සමාව ඉල්ලන්න එපා චරිත් අයියෙ..සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කරේ නෑ..හ්ම්ම්ම්ම්...
යන තැනකට ගිහින් හොදට වැඩ ටික කරගන්න..ඔයා කවදහරි ජාතික කන්ඩායමෙ සෙල්ලම් කරනවා දකින්න මම ආසයි..මේ තියෙන්නෙ අපේ ගෙදර නම්බර් එක..ඔයාට පුලුවන් වෙලාවක් උනොත් මේකට කතා කරන්න..""
""හරි නංගි.තෑන්ක්ස් ..අපි ගිහින් එන්නම්..පරිස්සමෙන් ඉන්න ඔයාලා..බුදුසරණයි ..!!! ""
""ඔයාලා දෙන්නත් පරිස්සමෙන් ගිහින් එන්න..බුදුසරණයි ..!!""
............................................................
ඉන්දියාවට පැමින මාසයක් ගත වූයේ නොදැනෙන අයුරිනි...දෛනික පුහුනුවීම් කටයුතු වලට කාර්යබහුල වීම් නිසා දිසිනිව මතකයෙන් ඈත්වී ගියේ නිතැතිනි ..නමුත් ගමන් බෑගයේ තිබි හමු වූ ඈ දුන් දුරකථන අංකය ලියූ කොල කැබැල්ල දැක මතකය
අලුත් විය
"" නදුනෝ එදා අපි ඉස්කෝලෙන් එද්දි දිසිනි මට එයාලගෙ පෝන් නම්බර් එකක් දුන්නා..අපි ඒකට කෝල් එකක් අරන් බලමුද..""
"!ආයෙ පටන් ගත්තද දිසිනියෙක් ගැන කියවන්න්..යකෝ දිසිනි පස්සෙන් යන එක නවත්තනවා කිව්වනෙ..අනික ඒ හාල් කෑල්ල වගේද බලපන්කො මෙහේ හින්දි කෙල්ලො..මට දකින කෙල්ලට හිත යනවා බන්..""
""තොගේ වල් හිත..ඉදපන්කො මේ මං වගේ..ආදර්ශෙට ගනින් චරියගෙ චරිතෙ.""
""උබව ආදර්ශෙට අරන් තමයි එහා ගෙදර එකා දෙවෙනි කසාදෙත් කරගත්තෙ..""
.............................................................
ඉන්දියාවේ වසර හතරක පුහුනු කාලයකින් පසුව ලංකාවෙ ජාතික කන්ඩායමට සෙල්ලම් කිරීමට අප දෙදෙනාට අවස්තාව ලැබුනි..අද අප දෙදෙනාගෙ මංගල තරගවාරයයි..මුල් පෙල පිතිකරුවන් නොවුනත් ලැබුනු අවස්තාව ඉහටත් උඩින් විය
විරුද්ධ පිල මුලින් පන්දුවට පහර දුන් අතර අපට ජයග්රහණය කිරීමට ලකුනු 321ක් අවශ්ය විය.අප කන්ඩායමේ මුල් පිතිකරුවන් 4දෙනා දැව් යද්දී ජයග්රහණය සදහා පන්දු 54ක දී ලකුනු 132ක් අවශ්යව තිබුනි..පිටියේ පන්දුවට පහර දීමට සිටින්නේ දැනටමත් අර්ධ ශතකයක් රැස් කර සිටි මාගේ මිතුරා හා මායි..
අසීරු අවස්ථාවකට මුහුන දී සිටි ලංකා කන්ඩායම ගොඩ දැමීම මාගේ අදිටන විය..එම අධිශ්ඨානයෙන් යුතුව පිටියට බට මාගේ හයේ පහරවල් සහ හතරෙ පහරවල් වලින් පිටිය වර්නවත් වූයේ ප්රේක්ශක ප්රතිචාර මැදයී
................................................................
ජයග්රහනය සදහා තවත් පන්දු තුනකදී ලකුනු 6ක් අවශ්යව ඇත.මාගේ ශතකය සදහා අවශ්යව ඇත්තේ ලකුනු 5කි
...හිතට ධෛර්යය ගෙන ඊලග පන්දුවට දුන් පහරත් සමග බෝලය 6 සීමාව දක්වා ඇදී ගිය අතර ශතකය මෙන්ම තරගයද ජයග්රහනය කලේ උනුසුම් ප්රේක්ශක ප්රතිචාර මධ්යයේ ය
.
තරගය අවසාන්කර ක්රීඩාගාරය වෙත යමින් සිටියදී ඝෝෂාවන් මධ්යයේ එක්වරම ඇසුනේ සුපුරුදු කටහඩකි.මම නැවතී නැවත ඒ දෙස හැරී බැලුවේ සැක හැර දැනගැනීම සදහායී
ඔව් ඒ ඇයයි...ඇය මාගේ ප්රථම තරගය නැරැඹීමට ඇවිත් සිටියි..කිසිදිනක ක්රීඩාවට උනන්දුවක් නොදැක්වූ ඇය අද ක්රීඩාංගනයටම පැමින ඇත.
""දිසිනි නංගී..ඔයා මෙහේ..??""
""ඕ.. ඕ..ඔව් අයියේ..""
ඈව දූටු පමනින්ම පැරනි මතකයන් නැවත අලුත් විය..ඒ ආදර හැගීම් නැවත මතු වූයේ අලු යට ගිනි පුපුරු මෙනි.
මම ඈව කැදවාගෙන අවභලක් වෙත ගියෙමි..
කතා කිරිමට බොහෝ දේ ඇත
.දැනගැනීමට බොහෝ දේ ඇත..නමුත් ඈ තාමත් නිහඩය.
""දිසිනි නංගී ..."
" ම්ම්ම්ම් අයියේ..""
""කවදාවත් ස්පෝර්ට්ස් වලට කැමති නැති කෙනා අද මැච් බලන්න කොලඹට ඇව්ත්..මොකෝ ඒ..""
""හ්ම්ම්ම්ම්ම්..
අද මගේ යාලුවෙක් සෙල්ලම් කරානෙ..ඒකයි ආවෙ..""
""ම්ම්ම්ම්..තනියමද ආවෙ කොලඹට ???
හී..නෑ මගේ හස්බන්ගෙ අම්මයි තාත්තයි එක්ක..
පපුවට එක්වරම දැනුන හැගීම වචනයට පෙරලිය නොහැක..මම කතා කිරීමට නොහැකිව ගොලු වී ඈ දෙස බලාසිටියෙමි.
මොකෝ මෙතෙක් වෙලා කතුර වගේ තිබ්බ කට වැහිලා මේ..ඉතින් කියන්නකො අයියේ..ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් එන්නැතිනේ අද මැච් එක බලන්න..
ඔව්ව් ංආ න්න්නෑ නංගි..ඔයා බැද්දද??
අයියා ඒ දවස්වල මගෙන් යාලුවෙන්න අහද්දි මම බෑ කිව්වට අයියට කැමැත්තෙන් හිටියෙ..මම බෑ කියලා කිව්වෙ අයියාව රස්තියාදු ජීවිතෙන් ගලවගෙන ඉගෙනගන්න උනන්දු කරවන්න..එදා අයියට රට යන්න වෙනවා කියලා දැනගත්තම මම ගොඩක් දුක් උනා වගේම සතුටු උනා
මම දුක් උනේ මට අයියව ලබා ගන්න බැරිවෙයි කියලයි..ඒත් අයියගෙ අනාගතෙ හැදෙන නිසා මම සතුටු උනා..ඔයා එදා අන්තිම දවසෙ යන්නම් කියද්දි මට උහුලගන්න බැරි උනා ..මම ගොඩක් වෙලා ඇඩුවා..මම නොකා නොබී දුකින් ඉන්නවා දැකලා තාත්තා මගේ හිත හැදුවා.ඊට පස්සෙ තාත්තා තමයි එයාගෙ යාලුවෙක්ගෙ පුතෙක් වුනු මගේ හස්බන්ගෙ ගෙදරට කතා කරලා මට එයාව ප්රොපොස් කරෙ..
""ම්ම්ම්ම්ම්..අපි දැන් යමුද නංගි""
""හ්ම්ම්ම්ම්ම් යමු අයියෙ..හස්බන් ගෙ අම්මා එහෙම බලාගෙන ඇති මම එනකන්..""
..................................................................
ඈ සමග නැවත ක්රීඩාංගනයට එන තෙක්ම මා කිසිවක් නොකීවෙමි..නොකීවා නොව කියන්න ශක්තියක් නැතිය..මට මාව පාලනය කරගැනීමට අපහසු වන තරමටම මා
තැවුලෙන් සිටියෙමි.
""අයියෙ හස්බන්ගෙ අම්මා එහෙම අතන ඉන්නෙ..එන්නකො මම ඔයාට අදුන්නලා දෙන්නම්..""
""දැන් බෑ නංගි. වෙන දවසක අදුනගමුකො..""
""ආයෙ වෙන දවසක් මොකටද අනේ එන්නකො යන්න.""
"මා ඇය කිව් තැනට ගියත් හිස ඔසවා නොබැලුවේ දෑසට උනා තිබූ කදුලු අන් අයට පෙනේවි යැයි බයෙනි..ඒ සමගම ඇසුනේ අම්මාගේ කටහඩයි...
""චූටිපුතේ.......""
""අම්මේ ඔයාලත් ආවද මැච් එක බලන්න""
"" ඔව් ඉතින් ඉලන්දාරියා ක්රිකට් ක්රිකට් කිය කියා කොලඹට ම වෙලා ඉන්නවා ගෙදර එන්නෙ නැනෙ..අපි ආවා බලන්න..""
""එතකොට අම්මලයි දිසිනිගෙ හස්බන්ගෙ අම්මලයි එකටද ආවෙ..
ඇයි අම්මෙ හිනාවෙන්නෙ??? ""
""මැට්ටෝ..මේ ඉන්නෙ මගේ නැන්දම්මයි මාමන්ඩි තමයි...""
"" මැට්ටි එතකොට මෙතෙක් වෙලා හස්බන්ගෙ අම්මයි තාත්තයි කිව්වෙ අපේ අම්මටයි තාත්තටයිද.."
එතකොට ඔයාගෙ හස්බන්..............""
"" ඔය පිස්සු කොල්ලම තමයි. කියමින් ඈ පොඩි ලමයෙකු මෙන් මහ හඩින් සිනාසෙද්දි මම ඈගෙ අත තදින් අල්ලා ගත්තෙමි..""
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI