කදුළු කැටයම්💘💘💘 හිරිකඩ හීතල කවියකි නුඹ මට...

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
💘💘💘කදුළු කැටයම්💘💘💘
හිරිකඩ හීතල කවියකි නුඹ මට...
💘💘💘කෙටි කතාව💘💘💘
💗💗💗💗💗💗💗💗💗💗💗💗
චූටි මැණික..මොකෝ මේ අැස්වල කදුළු රත්තරන්..අනේ කතා කරන්න මැණික මොකෝ මේ
ම...ම. .මම ...
මොකෝ මැණික..කෝ කියන්න අැයි මේ
ම..ම..ම..මම...බ...බදින්න කෙනෙක් හොයල තාත්ත
මොකක්...
අ..අනේ මහත්තයෝ...ම..ම..මම මොකද කරන්නෙ..දැන් මට කියන්න
බයවෙන්න එපා චූටි මැණික ...ඔයාගෙ මේ මහත්තය ඉන්නකල් වෙන කිසි කෙනෙකුට මගෙ චූටි මැණික අයිති වෙන්න දෙන්නෑ
............................
එදා මගෙ මහත්තය මගෙ ඔලුවෙ අත තියල පොරොන්දු වුනාට එ් පොරොන්දුව ඉටු නොකර අද මගෙන් දුර ගිහින්
කොච්චර අමාරුවෙන් වුනත් අැස්වලින් වැටෙන කදුළු නවත්තගන්න හැදුවත් එ් කදුළු නවත්ත ගන්න මට බෑ
ඔවු අවුරුදු හතක අාදරේ ....
අද වගේ මතකයි මට එදා එ් දවස..
.............................
චූටි දූ ඉක්මනට ඔයාට ලෑස්තිවෙන්න කිව්වට අහන්නෙම නෑනෙ ඔයා....හැමදාම පරක්කුයි....බලන්න ඉතින් අද ස්කූල් වෑන් එකත් ගියා...දැන් මොකේද ඔයා ස්කූල් යන්නෙ..තාත්තත් නෑ ගෙදර..ඩ්රයිවර් අන්කලුත් නිවාඩු..එ් මදිවට මමත් අද පරක්කු වෙලා බෑ..
අයියෝ අම්ම අහන්නකො...තාත්ත නැතිවුනාට ඩ්රයිවර් අන්කල් නැති වුනාට මම ස්කූල් නොයා ඉන්නවද නෑනෙ...මගෙ සුදු අම්මටත් පරක්කු නොවී මම පාරෙ බස් එකේ නැගල හරියට 7.35 වෙද්දි ස්කෝලෙ යනවනෙ..එතකොට කිසි ප්රශ්නයක් නෑනෙ
හරි ලේසියට කියන ලස්සන...අැත්තටම මේ කෙල්ල...7.35 ට ස්කූල් ගියාම හරියනවද මම අහන්නෙ අා දරුවො
අයියෝ අම්ම ...මට හොදටම පරක්කුයි..ඔයාගෙ ඔය බැනුම් අහන්න තවත්නම් වෙලා නෑ ඔන්න..මම යනෝ හොදේ
එහෙම කියන ගමන් තම දෙපා ළග දණ නමන කෙල්ලගෙ හිස සමාලි අත ගෑවෙ හරිම අාදරෙන්....
පරිස්සමින් දරුවො.. කරන්නම දෙයක් නැති නිසා මම ඔයාව යවනව අැරෙන්න වෙන වෙලාවකනම් කීයටවත් මම ඔයාව මේම යවන්නෑ දූ...
අයියෝ අම්ම බය වෙන්න එපා මම පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්නම්කො..මම අම්මගෙ චණ්ඩි දූනෙ
කියන ගමන් කෙල්ල එකම පිම්මට දුවල යද්දිම හෝල්ඩ් එකේ නවත්තල තිබ්බ බස් එකට නැග ගත්තෙ කලාතුරකින් ලැබුන අවස්ථාවට පිං දිදී
ඔව් මම හිමදි විහංසා වීරබාහු...
වීර් ඉන්ඩ්රටීස් නමින් දිවයින පුරා විහිදි ව්යාපාර ගනනාවක අනාගත උරුමකාරිය..කොච්චර මුදල් සැප සම්පත් තිබුනත් වැඩක් නෑ මම අාස විදියට ජීවත් වෙන්න නැතුව...නිදහස නැතුව..මම කැමති නිදහසේ අනෙක් ළමයි වගේ සතුටින් ජීවත් වෙන්න..බස් එකේ යන්න..පාර අයිනෙ සයිවර් කඩේකින් කන්න..යාළුවන්ගෙ අත් අල්ලන් අැවිදින්න යන්න..එ්ත් එ් නිදහස මට නෑ...එ් තාත්තගෙ ව්යාපාරවල හතුරො වැඩි නිසා එයාල මගෙ ජීවිතයට කරදරයක් කරයි කියල හිතල...එ්ත් මම පහු බහිනවද නෑ...ලැබුන අවස්ථාවෙදිම එ් නිදහස උපරිමේටම බුක්ති විදිනව...
තනියම හිනාවෙවී බර කල්පනාවෙ හිටපු කෙල්ල මේ ලෝකෙට අාවෙ අැගට දැනුන හිරිකඩ හීතල නිසා...
ඔව් එ් ටිකට අහස කලු වලාවන්ගෙ වැහිලා....හීනි පොද වැස්සක් හෙමිහිට මහ තද වැස්සක් වෙමිනුයි තිබුනෙ...කෙල්ල පුංචි වෙලාවක් එ් මොහොත විදගනිද්දින් පහුවුන සාරා අාපනශාලවත් එක්ක තිබ්බ මාර ගහ දකිද්දිනුයි කෙල්ලට දෙයියො සිහිවුනෙ...
අැයි ඉතින් කෙල්ල කුඩයක් ගෙනවායැ වැස්සකට තියා අව්වකටවත් ඉහලන්න..මොකද කෙල්ලට මීට කලින් කුඩයක් ගෙනිහින් පුරුද්දකුත් නෑ...යන තැනක යන්නෙ ගෙදර වාහනයකින් නිසා කුඩයක් ගෙනියන්න ඔ්නි වුනේ නැහැ
කෙල්ල කෝකටත් බස් එක පුරා බැල්මක් හෙලුවෙ අදුරන කෙනෙක්වත් ඉන්නවද බලන්න..එ්ත් අදුරන කිසි කෙනෙකු බස් එකේ නැතිවෙද්දි අසරණ වුන කෙල්ල හිදගෙන හිටපු අසුනින් නැගිට්ටෙ ස්කූල් එක ළග නැවතුමෙන් දැන් බැසගන්න ඔ්නි නිසා...
කෙල්ල හරියටම හෝල්ට් එක ළගින් බැස ගද්දි අර හීනි පොද වැස්ස වෙනුවට ධාරානිපාත මහ වැස්සක් අැදහැලෙමිනුයි තිබ්බෙ...ඔ්නි එකක් වෙන්න කියල කෙල්ල පිම්මෙ දුවන්න අඩිය ඔසවද්දිම එ් සියුමැලි අත අැදල ගත්තෙ රළු සවිමත් අතකින්..
කෙල්ලව කොච්චර ඉක්මනට අැදල ගත්තද කිව්වොත් කෙල්ල නැවතුනේ එ් පුදුගලයගෙ පපුවක
කෙල්ල බයවුන පාරට හෙමිහිට එ් පපුව මතින් අෑත් වෙලා බිමට බරවෙලා තිබ්බ දෑස් ඉහලට එසෙව්වෙ අැයව අල්ලගෙන ඉන්න එ් පුද්ගලයගෙ මූණ බලන්න...
ඔව් එ් හිටියෙ වෙන කවුරුවත්නම් නෙමේ..ගෙදර වැඩ කරන දිසා අම්මගෙ පුතා ගගුල අයිය...
පිස්සුද නැත්තන් හැටිද...තමුසෙ මේ වැස්සෙ තෙමෙන්නෙ අා...මෙහෙ එනව යන්න මම ස්කූල් ගේට් එක ළගට අැරලවන්නම්
කියනගමන්ම ගගුල් කෙල්ලගෙ පිළිතුරක් බලාපොරොත්තු නොවීම පිටුපසින් අත යවල උරහිසින් අල්ලල කෙල්ලව තමන් ළගට කිට්ටු කරගෙන ඉස්සරහට යන්න වුනා...
කෙල්ලත් ඔහු සමගම යන්න වුනේ
කතා කරන්න වචන නැතුව මුව ගොලු වෙදින්..
ඔව් එ් හිරිකඩ පොද වැස්සෙන් අැරඹුන එ් මොහොත අවුරුදු ගණනින් දුර ගියෙ හරි අපූරු අාදර කතාවක් වෙලා....
රණ්ඩු වීම් කදුළු සතුට මැදින් ගෙවී ගිය එ් අපූරු අාදර කතාවට යාළුවො හැමෝම උදව් කලත් කෙල්ලගෙ ගෙදරින් දැක්වූවේ අයහපත් ප්රතිචාර පමණයි.
කොල්ලව අතහරින්න යැයි පවසමින් ගෙදරින් කොපමණ බලපෑම් කලත් මංගල යෝජනා ගෙනාවත් කදුළු හෙලා නොසැලුනු අැය එදා ඔහු ළග හැඩුවෙ තම පියාගෙ ව්යාපාර මිතුරකුගේ පුතුට අැය තීන්දු කර අවසන් බව අැසීමෙනි.
නමුද එදින් මසකට පමණ රහසින් එළඹි මංගල දිනට පෙර රාත්රියෙදී අැය සැමට රහසින් ගගුල් හා පලා ගොස් පසුදින ඔවුන්ගෙ මිතුරන් දෙදෙනෙකුගෙ සාක්ෂිප්රකාරව විවාහ විය.එදින රාත්රිය අැයට මෙන්ම ඔහුටද විශේෂ වෙමින් බණ්ඩාරවෙල සොදුරු ගම්පියසකදී ඔවුන් ඔවුන්ගෙ නව දිවිමගට පා තැබුවාය...
දෙෙවය කොතරම් සරදම් කරයිද...ජීවිතය ළග හිමිදි සහ අම්මා හැරුනකොට තවත් හිමිකරුවක නොසිටි ගගුල්ගේ ප්රාණය මිහිමව් හැරගියේ මාරයාගේ දරුණුතම සරදමක් මෙනි....
අදටත් හේතුව රහසක් වෙමින් ගගුල්ගේ නරක්වී ගිය නිසල දේහය ප්රපාතයක පාමුලෙන් සොයා ගත්තේ ඔහු අතුරුදන්යැයි පොලිස් පොතේ ලියවී ඉකුවූ තෙදිනකට පසුවයි.
වැලහින්නක සේ පොලොවේ හැපී හඩාවැටුනද මිය ගිය ගගුල් කෙසේනම් යලි ජීවය ලබන්නද
ගගුල්ගේ දේහය අවසන් වතාවටද දැක ගන්නට වරම් නොලද හිමදිගේ කදුළු පොලෝ තලය සිපගනිද්දී ඔහුගේ නිසල දේහය අඩි හයක් පොලොව යට වැලලී ගියේ,කුරිරු මහා අපරාධයක සලකුනකුද ඉතිරි නොවී මුදලට බලයට නීතියේ සහ සත්යයේ දෑස් වැසී යමින් වග අද හිමදිට සේම ලෝකයාටද රහසකි.
................................
අම්මි...අම්මි...අද අාත්ති බාන්න නන්නෑද අනී...කීන්නකො...අම්මි
ඔව් එ් හිමදිගෙත් ගගුල්ගෙත් අාදරේ ඉතිරිව අැති එකම සලකුණ හිමදිගේ පණ ටික....සිනුකි ගගුල්්යා ....පුංචි දුවනිය...ගගුල් මෙලොව හැරයන විටද හිමදිගෙ කුස පිරවූ ගගුල්ගෙ අාදරය...හිමදි අැය ගගුල්ගෙ අහිමි වීම සමග ජීවත් වීමට හිත ගත්තානම් එ් අැය වෙනුවෙන්ම පමණි.
..................
දුර අෑත හීනයක අතරමංවෙලා හිටුපු හිමදි තම සාරි පොටෙන් අදින කෙල්ලගෙ හඩට පියවි සිහියට අාවත් දෑස් අග රැදුන පුංචි කදුළු කීවෙ හරි අපූරු කතාවක්
එ් හිමදි ගගුල් අාදර කතාව කිසිදිනක නොමියන වග...
එදා ගගුල්ගෙ පණ ටික වෙච්චි හිමදි ගෙවුන වසර තුනකදි සාර්ථක මල් අපනයන ව්යාපාරයක හිමි කාරිනියක්..
නමුදු අැය කෙතරම් ඉහලට ගියත් ගගුල් අැගේ හදවත පුරා නොමියන මතකයක් ලෙස සදා ජීවත් වේවි...එ් අැය අවසන් හුස්ම පොද හෙලන තුරු....
යලිත් ඔවුන් හමුවේවි...පෙර භවයක කල පවට මේ භවයේ වෙන් වන්නට වුවත් එළඹෙන මීළග අාත්මයේ ඔවුන් ඔවුන්ගේම වේවි..යලි වෙන් නොවනා ලෙසින්..
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
නිමි.√
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
පුංචි කෙටි කතාවක් ලිව්වෙ ගොඩක් කාලෙකට පස්සෙ.ලියන්න අාස වුනත් ලියන්නට තරම් එකග මනසක් නැතුව ලියන්න අමාරුයිනෙ.

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI