ආටානාටිය සුත්‍රය හුගක් අය කියනවා බුදු වදන සිදුවන දේ මෙලෙස විස්තර කරයි.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


ආටානාටිය සුත්‍රය

හුගක් අය කියනවා බුදු වදන නිවන් මගට යන පාර පමණක් කියන දර්ශණයක් කියලා. මේ අය කියන දෙයක් තමා බුදු දහමේ යක්ශයන් එලවන්න , එ අමනුශ්‍ය කරදර වලින් බේරෙන්න විදි කියලා නැහැයි කියලා. ඉතිං එහෙම නැත්නම් බුදු වදන අසම්පූර්ණ දෙයක් නේද ? හුගක් අය දන්නේ නැති වුනත් බුදු වදන නිර්වාණය මුලික කොට ගෙන එදිනෙදා සියලු දේට මග පෙන්වන දහමක්. අපි නිර්මාණවාදයක් විශ්වාස කරන අය නෙමෙයි. අපි රූකඩ නෙමෙයි. අපි හේතු ඵල දහම අනුව කටයුතු කරන පිරිසක්. එ වගේම හුගක් අය අහලා තිබ්බා මගෙන් ආටානාටිය සුත්‍රය කියන්නේ මොකක්ද කියලා කියන්න කියලා. මම පැහැදිලි කිරිම් එක්ක මේ උපුටා ගන්නේ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක රත්නයෙන්.

හුගක් අය අහනවා ත්‍රිපිටකයේ තියෙන සුත්‍රයක්ද මේ ආටානාටිය කියන්නේ කියලා.

ඔව්..

කොහේද තියෙන්නේ ?

ත්‍රිපිටකය > සුත්‍ර පිටකය > දිඝ නිකාය > පාථික වර්ගය > ආටානාටිය සුත්‍රය
............................................................................................

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකලු කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹැ ඔබ ආදරයෙන් වැඳ එකත් පස් වැ හුන්හ. (ඔවුන් පිරිවර වූ) ඒ යක්කු ද ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක උන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථාව නිමවා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එක් පසෙක හුන්හ.

එක් පසෙක හුන් ම වෙසවුණු මහරජ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය:

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහ තෙදැති යක්කු වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ හීන තෙ ඇති යක්කු ද වෙත් ම ය, වහන්ස භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙද ඇති යක්කු ද වෙත් ම ය.

වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළැක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි (කීයේ ය). භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.

### මෙ කොටසින් කිය වෙනවා ඇයි බොහෝ යක්ශයන් බුදුන් වහන්සේට අකමැති කියලා.
මොකද බුදු රදුන් පංච සිලයේ තම පිරිස මෙහෙයවන නිසා. ඉතිං හුගක් විස්තර කරන්න ඔන නෑ. පංච සිලයේ නැති අයට යක්කු කැමති.. මොකද එ අයගේ අඩිපාරේ යන අයනේ. එ අයට යක්කුන්ගෙන් කරදර නැති තරං.

ඉන් පසුව වෙසමුණි රජ සියලු බුදු වරුන්ටද පසේ බුදු වරුන්ටද රහතන් වහන්සේලා හා ධර්මය දකින සිව්වනක් පිරිසටද නමස්කාර කොට අටානාටිය සුත්‍රය වදාරන්නට විය.
එසේම තමන් ඇතුළු සතරවරම් දෙවිවරුන් ද ඔවුන්ගේ පිරිවරද විස්තර කරයි.###

එසේම යම් අමනුශ්‍යයෙක් සිව්වනක් පිරිසට පිඩා කරනවානං තම රාජධානි වල ඔවුන්ට සිදුවන දේ මෙලෙස විස්තර කරයි.

යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපෝතකයෙක් හෝ යක්ෂපෝතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍රයෙක් හෝ යක්ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්ෂපරිවාරකයෙක් හෝ, ගන්ධර්වයෙක් හෝ ගන්ධර්වියක් හෝ ගන්ධර්ව පෝතකයෙක් හෝ ගන්ධර්වපෝතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍රයෙක් හෝ ගන්ධර්ව පාරිෂද්‍යයෙක් හෝ ගන්ධර්ව පරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපොතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කටහැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලොහපාත්‍රයක් යැටිකුරු කොට ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට පළන්නාහු ද වෙත්.

...................................................................................

නිදුකාණන් වහන්ස, නපුරු වූ, සතුරු වූ, කළ දැයට වැඩියක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහරජදරුවන් ගේ බස් නො ම පිළිගනිත්. වරම්රජුන් අයත් සෙනෙවියන් ගේ බස් ද නො ම පිළිගනිත්. වරම්රජුන් යටතැ සිටිනා යක් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් ගේ බස දු නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්.

නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපතී රජු ගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජු ගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් වචනත් නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරු මගධාධිපති රජුහු ගේ සතුරෝ නමැ යි කියනු ලැබෙත් ද, එසේ ම නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො ම පිළිගනිත්, වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්, වරම් මහරජුන් අයත් සෙනෙවියන්ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුනගේ සතුරෝ යැ යි කියනු ලබත්.

### මේ කොටසින් සතර වරම් දෙවියන්ට පවා අවනත නොවෙන අමනුශ්‍ය කොටස් වන බව මගධ රජු උපමාවට ගෙන වෙසමුණි රජ පෙන්වා දෙයි.###

යකෙක් හෝ යකින්නක් හෝ යක් දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩයෙක් හෝ කුම්භණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පර්ෂත්හි වූයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ, නාගයෙක් හෝ නැයිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝ නේ වී නම් හෝ, මේ යකුනට, මහයකුනට, යක් සෙනෙවියනට, යක්මහ සෙනෙවියනට, “මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මේ යක් තෙමේ මා නො මුදා (අත් නො හරී) යැ” යි දැනවියැ යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.

### අමනුශ්‍ය ග්‍රහණයකදි " මේ යක්ශයා මා හිංසාවට පත් කරන බව හයියෙන් , මහත් වු ශබ්ධයෙන් කියන්න ඔනලු..###

මේ හයියෙන් කියන්න ඔන කාටද කියලා ඊට පස්සේ දක්වලා තියෙනවා.
1.මහා යකුන් හෙවත් යක් සෙනවියන්
2.යක්ශ සේනාධිපතියන්ට

දැන් කවුද මේ මහා යකුන් ,යක්ශ සේනාධිපතිවරු ආටානාටිය සුත්‍රයට අනුව

ඉන්ද්‍ර
සෝම
වරුණ
භාරද්වාජ
ප්‍රජාපති
චන්දන
කාමශ්‍රෙෂ්ඨ
කින්නිඝණ්ඩු
නිඝණ්ඩු
ප්‍රණාද
ඔපමඤ්ඤ
දෙව් සැරි මාතලී
චිත්‍රසේන
ගන්ධර්ව
නළ
රාජ
ජනර්ෂ්භ
සාතාගිර
හෙමවත
පූර්ණක
කරතිය (කාර්තීකෙය ය)
ගුඩ
ගොපාල
සුප්පගෙධ
හිරිනෙත්ති
මන්දිය
පඤ්චාල චණ්ඩ
ආළවක
පර්ජන්‍ය
සුමන
සුමුඛ
දධිමුඛ
මණි
මානී
වර
දීර්ඝ
සෙරීසක

මේ මහා යකුන්ටද සේනාධිපති වරුන්ටද හඩ නගා කිව යුතුයි කියා වදාරා සතර වරම් දෙවිවරු තමන් ටිකක් කාර්‍යබහුල බැවින් වැද නමස්කාර කරලා තමන්ගේ කාර්‍යයන් සදහා පිටව යනවා....

දැන් ආටානාටිය සුත්‍රයේ දෙවන කොටස

ඊලග දවසේ බුදු රජාණන් වහන්සේ සිව් පිරිස රැස් කොට සතරවරම් රජවරු පැමිණ වෙසමුණි යක්ශ රජ පැවසු ආටානාටිය සුත්‍රය දේශණා කරන ලදි.

මහණෙනි, ආටානාටිය පිරිත උගනිවු. මහණෙනි, ආටානාටිය පිරිත පුහුණු කරවු. මහණෙනි, ආටානාටිය පිරිත සිතැ දරවු. මහණෙනි, ආටානාටිය පිරිත වැඩ ඇසුරු කෙළේ වේ. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රකවරණ පිණිස, නොවෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූහු ආරාධිත සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.

ඉතිං ඔබත් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විශ්වාස කරන්නේ නම් යක්ශයන් අමනුශ්‍ය කොටස් සිටි යන්න විශ්වාස කල යුතුමය. ඔවුන්ගෙන් හානි උපද්‍රව සිදුවන විට ආටානාටිය සුත්‍රය භාවිතා කල යුතුමය.

දැන් කවුරු හරි කියයි ඔක හරි දිගයි නේ කියලා. ඔව් දිගයි තමා. එත් ඔයා නියම විදියට පංච සීලයේ හැසිරෙන සිල්වතෙක් නම් කල යුත්තේ පෙර කී මහා යක්ශයන් සිහි කොට මහා හඩින් ඔවුනට මෙය පැවසිමයි.. එහෙමත් කරලා ගියේ නැත්නම් සම්පුර්ණ ආටානාටිය සුත්‍රය කියන්න වෙනවා. ඔනම යක්ශ වුවදුරකට බෞද්ධයා ට 100% ගැලවිය හැකි එකම මාර්ගය ආටානාටිය සුත්‍රයයි. නමට බෞද්ධ නෙමෙයි ..
ඉතිං මේ ගෘප් එකේ ඉන්න බෞද්ධ අයට ආටානාටිය සුත්‍රය දැන් කොච්චර වටිනවද කියලා තේරෙනවා ඇති....

 
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI