ඔබෙන් තොරවූ ලෝකයක්-සිතා ගන්නට බැ.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


ඔබෙන් තොරවූ ලෝකයක්-සිතා ගන්නට බැ....
===========================

ගතින් ඉන්නට නැතත් ලන්වී
සිතින් යන්නට එපා වෙන්වි
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ....//

රේඩියො එකෙ සද්දෙ ටිකක් අඩු කරලා කින්කිණි බැල්කනි එකට ආවා..මුලු ගමෙන්ම එකම තට්ටු දෙකෙ නිවසක හිමි කින්කිනිලාගෙ බැල්කනි එකට ආවම ගමෙන් බාගයක්ම බලන්න පුලුවන්...

කින්කිනි තාප්පෙන් එහා පැත්තෙ තියන තාරක අයියගෙ ගෙදර දිහා බැලුවා...තාරක අයියගෙ වයිෆ් ් එලියට ඇවිත් වේලුනු රෙදි අරන් ගියා...ටිකකින් තාරක අයියා එලියට ආවෙ පත්තරේකුත් අතට අරන්..තාරක අයියගෙ මිදුලෙ අඹ ගහ යට හෙවනෙ හදලා තියෙන බෙන්ච් එකෙ ඉද ගත්තා..ටිකකින් තාරක අයියගෙ වයිෆ් එයාට තේ එකක් අරන් ආවා..

කින්කිනිට හීල්ලුනා..හ්ම්ම් අම්මි තාත්ති කැමති උනානම් අද ඒ කුටුම්බයෙ සතුට විදින්නෙ තමන් නෙවේද...

හ්ම්ම්ම්...ඒ අතීතය මතක් වෙනවා...

තාරක අයියා..ඔහු ගැන මතකය කොහොම අමතක කරන්නද...

අයියා යැයි කීවද තාරකත් කින්කිනිත් අතර වෙනස මාස දෙකයි...බහ තේරු වියෙ පටන්ම කින්කිගෙ හොදම මිතුරා වුනෙ තාරකයි..දෙදෙනාම පෙරපාසල් ගියෙත් පාසල් ගියෙත් එකටයි...

තාරක ඉන්නෙ කොතනද කින්කිනිත් එතනය...දව්ස් ගනන් තරහ වී ඉද යලිත් දෙදෙනා යාලු වෙන්නෙ පෙර තිබුනාටත් වඩා සෙනෙහසෙනි..සමහර දිනවල තාරක හෝ කින්කිනි හොයාගන්නට ලැබෙන්නෙ එකිනෙකා බදාගෙන තුරුල් වි නිදනා ඇදෙනි....

කෙලිලොල් විය ඉවර වි යොවුන් වියට පා තැබුවද ඒ මිතුදම්,අලුත් බැදීමක් ලෙසින් දලු දැම්මා මිසක් වෙනසක් වත් අඩුවක් වත් වුයේ නැත...

තාරක කින්කිගෙ පෙමටද අනෙක් පෙම් පුවත් වලට මෙන්ම තටු ලැබි කණ කොකා හඩන්නට පටන් ගත්තෙය...තාරකලා යනු ගමෙ උන් අලුතින් පෝසත් වේගෙන එන පවුලකි...ගමෙම ජීවත් වු කින්කිනිගෙ පියා සමාජයෙත් ගමෙත් සල්ලිකාරයන් අතර ඉහලින්ම සිටි කෙනෙක්..

ඉතින් අනෙක් පෙම් කතාවලට මෙන්ම කින්කිනිගෙ පෙමටද බාදා ආවෙය

අවුරුදු ගානක පවුල් දෙක අතර තිබුනු බැදියාවන් ඉරි තැලි ගෙවල් දෙක හරහා තාප්පයක් බැදුනෙ එලෙසිනි

ගෙවල් වලින් නැගුනු විරෝදය ඔවුන්ට තවත් එක් දෙයක්ම පමනක් වි ඒ ආදරය තව තවත් දලු දමා වැඩුනෙ එක් පුන්චි වැහි මන්දාරමක කින්කිනි තාරුක
ට අයිති වීමෙනි..තාරුක කොච්චර පෙරැත්ත කලත් කින්කිනි මව්පියන්ගෙ සිත් රිදවීමට අකමැති වුයෙන් දෙදනා අකමැත්තෙන් වුවද වෙන් වීමට තීරනය කලේය

අදද තාරක තවත් යුවතියකගෙ පෙම්බර සැමියෙකි..සිතින් තවමත් කින්කිනිගෙ වූ ඔහුත් ඔහු වෙනුවෙන් බැදි සෙනෙහසින් ලතවුලෙන් කල් ගෙවන කින්කිනිත් තම ආදරය ලොවට රහසෙ තවමත් කරගෙන යන්නීය

කින්කිනිගෙන් ලැබුනු ආදරය අලුත් බිරිදගෙන් නොලැබුන කල තාරක කලෙ අරක්කු බෝතලයට ආදරය කිරීමට පටන් ගැනිමයි. කින්කිනි අදත් ඔහුට ඇවිටිලි කරන්නීය...හදා ගන්නට උත්සහා කරන්නීය...

තාරක ඔහුගෙ බිරිද හා ගෙවන තත්පරයක් පාසා කින්කිනි හදවතින් වැලපෙන්නීය..හූල්ලන්නීය..එහෙත් ආදරය තවමත් එසේමය..

දෙදෙනාම කාටවත් නොදැනෙන්නට තවමත් ආදරය කරන්නීය....

..කියන්න ඔබද මෙලෙසම වන්නට ඇත...ගතින් එක් වන්නට වරම් නැතිව සිතින් ලතවෙන පෙම්වතෙක් පෙම්වතියක් වන්නට ඇත....වරද ඔබේද..ආදරයේද නොදනිමි...

එහෙත්

සිතෙ ඇති වූ සදාතනික පෙමක් කිසිදා සිතින් මකාලිය නොහැක....

මේ අවසානයක් ද නොව..ඇරබුමක්ද නොව...බොහො දෙනෙකුගෙ සගවා ගත් ජීවිතයයි...

...නිමි....

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI