මඩ සර් ගේ.ආදරේ තමයි ආදරේ

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net


...මඩ සර්....

පුන්චි කෙටිකතාවක්...

හැමදාමත් වගේ හැල්මෙ දුවන් ගියේ බස් එක අල්ල ගන්න..මෙ බස් එක මග ඇරුනොත් ආයෙ බස් එකක් තියෙන්නෙ අටට..ඉතින් අම්මා උයලා දුන්නු බත් එකත් බාගෙට ඔබන් මන් දිව්වා..

අහ්..

චරාස් ගාගෙන මඩ විසික් කරන් ගියෙ එතනින් ගිය කාර් එකයි..

අද මම ඇඳන් උන්නෙ කලු බෝල වැටුනු සුදු සායක්..ඉතින් උදෙ පාන්දරම..මඩ නෑවා

මට පුදුම තරහක්..මෙ පෝසත් මිනිස්සු හිතන් ඉන්නෙ මහ පාරම එයාලගෙ කියලා..

වැස්ස දවසක බැරිද පාරෙ යන මිනිස්සු ගැනත් චුට්ටක් බලන්න..

හුම්..මම තරහට අත දික් කරලා බැන්නා..

ලේන්සුවෙන් බේරෙන මඩ වතුර පිහිදාන ගමන් බස් එක එන දිහා බලන් උන්නා

පීප් පී

හෑ..මාව නාවලා ගිය කා එක නෙද..මොකටද දන්නෑ ඉස්සරහා මදිවට පිටිපස්සත් තෙමන්න වෙන්න ඇති..කවුරු උනත් අද මගෙන් හොඳැවැයින් අහගන්නවා..ඔව් සත්තයි..

කා එක හෝන් ගගහා ඉන්නෙ ..ඒ පාර ශටර් එක පහත් උනා..

මම ඒ වෙලෙ බනින්න කියලා කට හදද්දිම කා එක දොර ඇරන් කෙනෙක් එලියට ආවා..

රෝසපාට ශර්ට් එක වැලමිට ගාවින් නවලා..කලු කලිසමට දුඹුරු පාට බෙල්ට් එකයි..පැත්තට පීරපු කොන්ඩෙයි..තලඑලලු කොල්ලෙක්..වැදගත් පාටයි..

ඒත් ඉතින් වැඩක් නෑ මාව නෑව්වනි

මම මූන බලලාකට ඇද කරලා රැව්වා..ඒ මූනට හඳ පායලා වගෙ ලස්සන හිනාවක් ආවා..

මඩත් ඉහලා තව හිනාත් වෙනවා

අනෙ සොරි..

ඔව් ඔව් මට හොරි හොඳටම..මම හිතින් මැතිරුවා

ආ මෙන්න මේකෙන් පිහිදගන්න

කොල්ලො පාවිච්චි කරන ලොකු හැන්කි එකක් එයා මට දික් කලා..

වචන වල පවා සංවර කමක්..ඒත් නෑ නෑ මාව තෙමුවා

මට එපා

සොරි අයිඇම්.රියලි සොරි

ඔයා කොහි යන ගමන්ද

ඒ ගමන මගෙ විස්තර අහන්නත් එනවා..මං කොහෙ ගියත් මෙයාට මොකො

ඇයි මොකටද

මන් තරහින් කතාකරද්දි ඒ මූණ තවත් එලිය වැටෙනවා..පිස්සු

කොච්චි කරලක්..ම්ම්..සොරි තෙමුවට..හිතලා කරෙ නෑ..පාරෙ බල්ලෙක් මාරු උනා....ඌ ව බේරන්න මඩ ගොඩෙන් දාන්න උනෙ

ම්ම්ම්ම්

ඒ ඇස් අවංකයි හුම්ම් බොරුවක් නෙවෙ වගෙ..

ඔයාට ඔහොම යන්න බෑනි..එන්න මම දාන් යන්නම්

මම වෙලාව බැලුවා..දැනටමත් හොඳටම පරක්කුයි..අද කෙමිස්ට්‍රි ක්ලාස් පටන් ගන්න පලවෙනි දවස...මුල් සිය දෙනාට ගියොත් කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් පොතක් හම්බෙමවා ..ඉතින් වෙනදටත් වඩා වෙලාසනින් ආවෙ ඒ නිසා

මම බස් එකෙ යන්නම්

ඔහොම බස් එකෙ යන්න බෑනි දරුවො..එන්න මං ගිහින් දාන්නම්

මන් කාගෙවත් දරුවෙක් නෙවෙ

ම්ම්ම්..හී හාකො..එන්න..යන්..

ම්ම් ටිකක් කල්පනා කර කර ඉඳලා මම ඉතින් නැග්ගා කොහෙටද යන්නෙ..

පැති කන්නාඩියෙන් පාර බලන ගමන් එයා මන් දිහාත් බැලුවා..කොල්ලෙක් එක්ක තනියෙන් යනවමයි.මේ..ඒත් හිතට ඇයි බයක් හිතෙන් නැත්තෙ..

කන්චුක සාරනාත් සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකට

ආයෙමත් ඒ මූනෙ හිනාවක්..කලින්ටත් වඩා..මොනවදො කියන්න ගිහින් ගිල ගත්තා..

කංචුක සර්ව දැකලා තියේද

නෑහ්

එහෙනම්

පිස්සු..දකලා මන් මොනා කරන්නද ..ඒ සර් උගන්නනවා හොඳයි..මම්.ගිය අවුරුද්දෙ ක්ලාස් ගිය අක්කලාගෙ පොත් බලලා අනික සර් හරියට දුප්පත් ලමයිට උදව් කරනවා..හරි හොදයිලු..සර්ත් ඉස්සර හරි දුප්පත්ලු..ඒ හින්දා සර් ඉගෙන ගන්න දක්ශ ලමයින්ට උදව් කරනවා..

ඔයා ඔච්චර විස්වාසෙන් කියන්නෙ..දැක්කද

දකින්නම ඕනිද..ඔක්කොමල්ලා කියන්නෙබොරු නෙවෙ නේ

හරි හරි..ඔන්න ආවා..සොරි ඔයාගෙ ඇඳුම තෙමුනට..ඒ වගේම සර්ට වැරදි කීවට

මන් කට ඇදකරලා කා එකින් බැස්සා..තැනින් තැන වේලුන මඩ පැල්ලම්..මොනා කරන්නද ඉතින්

මන් හරි අමාරුවෙන් දෙව්මි ඉන්න තැන හොයා ගත්තෙ..

හප්පෙ වෙලවට ආවෙ..මන් හිතුවෙ එන් නැති වෙයි කියලා

එන්නැතුව ඉන්න තමයි වැඩ සිද්ද උනෙ..ඉතිම්

ඉතුරු ටික කියාගන්න හම්බුන් නෑ සර් ක්ලාස් එකට ආවා...

හැමෝම නැගිටලා ආයුබෝවන් කීවා

සර් හැන්ඩියනි

සර්ලගෙ ලස්සන කන්නද දෙව්මියො

නිකමට බලහන්කො ඔලුව උස්සලා

දෙව්මියා කියන නිසා මාත් උවමනාවෙන් බැලුවා..

අහ්..මඩ කා..එක...මෙයාද එතකොට..ශෙ..මම් බහිද්දිත් රැව්වා..මගෙ නම හොයන් බනිවිද මට..

කවුද දන්නෙ දෙයියනෙ
මම බැන්නෙ මගෙම සර්ට කියලා..සර්ට මාව නොපෙනෙන්න මම ඔලුව බිම ඔබන් මයි උන්නෙ...

කොහොමහරි පැය හතරෙ ක්ලාස් එක ඉවර උනා..අන්තිම සීයට මාත් ඇවිත්..ඉතිම් දෙව්මි එක්ක ටික්කා ලඟට ගියෙ ටියුට් ඉල්ල ගන්න

ජනිත් තව ටියුට් කීයක් මදිද

මගෙ කරුමෙට මම ටියුට් එක ගද්දිම සර් ආවා..දැන් ඉතින් මාව එලවයි...

මන් අහක බලා ගත්තා..සර් මාව දැක්කෙ නෑ වගෙ..මගෙ වෙලාව..

ටියුටුත් අරන් දෙව්මි එක්ක හෝල්ට් එකට ආවා..දෙව්මි
යක්කල..මම මාදෙල්ගමුවෙ ඉතින් දෙපැත්තට යන්න ඕනි

බස් එකක් එනවද කියලා ජිරාෆ් වගෙ බෙල්ල දික් කරන් බලද්දි සර් ගෙ කා එක නැවැත්තුවා

දෙයියමෙ මට බනින්නද..පපුව ගිඩි ගිඩි ගානවා

උදෙ වගේම ශටර් එක පාත් කරලා මට කතා කරා..

නගින්න ලමයො

හැමෝම බලන් ඉන්න නිසා මම ඉතින් නැග්ගා..

මම හොර පූසා වගෙ ඇස් බිමට හරවන් උන්නා..

ඉතින් කෝ උදෙ කට

අනෙ සොරි සර්..මම මම දැනන් උන් නෑ

උදෙ මන් සර් නෙවෙ නෙ ..දැන් අනික මෙ ක්ලාස් එකත්නෙවෙ..

ඒත්

ඒත් මේත් නෑ..උදෙ වගෙ රවන්න.

සර්

ඔය ආයෙමත්

ඒත්

ඒත් මේත් නෙවෙ..මට කෙල්ලෙක් රැව්වමයි ඔය...

සර්

අපො මැට්ටියෙක්..මම දැන් ඔයාගෙ සර් නෙවෙයි..සාමනය කොල්ලෙක්..ඕනි නම් ඔයාට වඩා අවුරුදු හයක් වැඩි ඇති..

ම්ම්ම්ම්

ඒ ඇස් මොනාටදො ආරධනා කරනවා...මගෙ හිතත් මොනාදො වෙලා

එදායින් පටන් ගත්තු ඒ හමුවීම ඊට අවුරුදු පහකට පස්සෙ සදාතනික බැඳීමක් උනා..

අද අපෙ වෙඩින් එක..කා එක යන ගමන් මඩ වලක නෑවුනා

මොකො මගෙ කෙල්ල හිනා වෙන්නෙ

මගෙ මඩ සර්...

මොකක් කීවෙ

මඩ සර්

...

ඉන්නවකො මන් පෙන්නන්නම් රෑට මඩ සර්ව

...නිමි.....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI