මාත් කසාදයක් කරගත්තා.ඒත් ඒකි උබ තරම් ලස්සන නෑ. දවසක් ආවා උබෙත් මගෙත් ඇස් ආපහු එකතු කරපු. දළදා මාළිගාවට උබ ඇවිත් හිටියා කරඩුව වඩම්මන දවසක. උබ මාව දැක්කෙ නෑ..උබගෙ අතේ හිටියේ අවුරුදු එක හමාරක විතර චූටි පුතෙක්. උබ වගේම චීස් බෝලයක්.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
පේජ් එකටත් ලයික් එකක් දාලා කියවන්න ....
"අනේ ප්ලීස් දේව්...මාව දාලා යන්න එපා...ප්ලීස්...මං ඔයාට වදින්නම් දේව්..."
"මොන මගුලක්ද ගෑනියෙ මේ වදේ... මට උබව එපා. උබ පලයං මගෙන් ඈත් වෙලා. "
"අනේ දෙයියනේ එහෙම කියන්න එපා... ඔයා මාව දාලා ගියොත් මට මොකද වෙන්නෙ? මෙ මගෙ බඩේ ඉන්න දරුවට මොකද වෙන්නෙ..? ප්ලීස් දේව්...ප්ලීස්."
"උබ කොහේ ගිහින් ඔය බඩ හදාගත්තද කවුද දන්නෙ.. උබ මා එක්ක ආවා වගේ කීයක් එක්ක ගිහින් ඇත්ද. දැන් උබ එනවද මගෙ කරේ එල්ලෙන්න? උබට මම...."
මං උබට ගහපු පාරට උබ ටයිල් පොලවෙ ලිස්සලා ගිහින් ඇදේ කකුලක ඔලුව වැදිලා ලේ ගලන්න ගත්තා.ඒත් මට දුක නෑ.මට ඕනෙ උබෙ වදෙන් ගැලවෙන්න.තව එකියක් එක්ක නිදාගන්න.. උබ දැන් මට අවලංගු කාසියක් ගානයි.
"දේව්...මේ බඩේ වැඩෙන්නෙ ඔයාගෙ දරුවා..මං ඔයා එක්ක විතරයි ගියෙ.ඔයාගෙ බල කිරීමට..
බෑ කියද්දිත් ඔයාගෙ බොරු පොරොන්දුවලට මං ගොඩක් රැවටිලා ඔයාගෙ පස්සෙන් ආවෙ වහ වැටිලා.
දැන් තමුසෙ කියන්නෙ මේ දරුවා තමුසෙගෙ නෙමේ කියලද?"
උබ අඩ අඩා ලේ ගලන ඔලුවත් අතකින් වහගෙන මගෙන් අහද්දි මං උබේ පිටට වැරැද්ද දාලා මං හොද මිනිහා වුනා.කවදත් දිනන්නෙ පිරිමි. මොන දේ වුනත් නාලා ගෙට ගත්තම සුද්දයි..ඒත් උබලට එහෙම වෙන්න බෑ..ඔව්.උබේ බඩේ ඉන්නෙ මගෙ දරුවා.මං ඒක දැන දැනත් උබට බොරුවට වරද පටෝනවා.මොකද මට දැන් උබේ රහ ඇති වෙලා නිසා.
මං දේව් සේනාදීර..
කොලු ගැටයා කාලෙ ඉදන් කෙල්ලො මට සෙල්ලමක් වුනා.සුදුම සුදුවට හමේ පාට නැති වුනාට දැක්ක ගමන් එක වචනෙන් කෙල්ලො මට රෑන් පිටින් වහ වැටෙන්න ගත්තෙ මං ඉස්කෝලෙ යන කාලෙදි ඉදන්මයි.අද අවුරුදු 23 ක් වුනත් කිසිම වෙනසක් නැතුව කෙල්ලෙක්ට හායි කිවුවත් මගෙ දැලේ..
අද මං ඉස්සරහා හඩා වැලපෙන උබ මට හම්බුනේ ෆේස්බුක් චැට් කරද්දි..මගෙ වටේම ඉදපු කෙල්ලො මං ගැන දැන දැනත් මගෙ ආදර දැලේ තොණ්ඩුව දාගනිද්දි මං ගැන මුකුත් නොදැන යාලු වුන උබව මට මහ ලොකු කජ්ජක් වුනේ නෑ...ඉස්කෝලෙ කාලෙ ඉදන් මට කෙල්ලො සෙල්ලම් බඩු වෙද්දි මගෙ ජීවිතෙත් ගෙවුනෙ සෙල්ලක්කාර විදිහටමයි.
අද මේ හෝටල් කාමරේ ගෙවුනෙ උබෙත් මගෙත් පස්වෙනි දවස.
උබනම් මගෙ ලග නොඉදුල්.
අද උබට මගෙන් වෙන් වෙන්න වෙන්නෙ පනුවො කාපු අඹයක් විදිහට.
මේ මගෙ හැටි.මට ඕනි ජීවිතේ විදින්න මිසක් විදවන්න නෙමෙයි.මේ මං ඒ ජිවිතේ විදින්න හොයාගත්තු මාර්ගයයි.
"උබ ඕන තූත්තක්ඩියක පලයං.හැබැයි උබ ආපහු මාව හොයාගෙන ඇවිත් මට කරදර කලොත් උබට පේනවනෙ මේ වීඩියෝ එක.උබ මා එක්ක ඇදේ දාපු සෙල්ලම් හැමෝටම පේන්න ලීක් කරනවා.උබට තේරුනානෙ මං කියපු දේ..දැන් පලයං."
උබ හරිම ලස්සනයි.සුදුවට තිබුනු උබේ හම, නිල් පාට බෝල ඇස්, නා දල්ලක් වගේ මං සිප ගත්ත උබේ තොල් පෙති, උබේ පස්සෙන් පහලට කඩා හැලුනු දිග කොන්ඩෙ, චීස් බෝලයක් වගේ උබේ ඇග මුල ඉදන්ම මාව උබට වශී කලා.ඒත් මට උබව බැදගෙන හිර වෙන්න ආස නැති නිසාම මං උබව අතරමං කරන්න හිතුවා.
උබ අඩ අඩා ලේ ගලන ඔලුවත් බදාගෙන දෙතුන් පාරකට වඩා ඉස්සරහට යන්න තියපු කකුල පිටිපස්සට අරන් මං දිහා අනේක වාරයක් හැරිලා බැලුවා.
අනතිමට මං උබව දැක්කෙ ත්රීවිල් එකක නැගල යනවා.
----------------------
අවුරුදු දෙක තුනක් ගෙවුනා.
මාත් කසාදයක් කරගත්තා.ඒත් ඒකි උබ තරම් ලස්සන නෑ.
දවසක් ආවා උබෙත් මගෙත් ඇස් ආපහු එකතු කරපු.
දළදා මාළිගාවට උබ ඇවිත් හිටියා කරඩුව වඩම්මන දවසක.
උබ මාව දැක්කෙ නෑ..උබගෙ අතේ හිටියේ අවුරුදු එක හමාරක විතර චූටි පුතෙක්.
උබ වගේම චීස් බෝලයක්.
එදා උබේ හැඩකාර දගකාර රෝස මූන අදත් ඒ වගේම එළියයි.
මං හිටියෙ මගෙ වයිෆ් එක්ක, අපේ චූටි දෝනිවත් අතේ තියන්.
උබ හිටියෙ පාර එහා පැත්තෙ.මම මෙහා පැත්තෙ.උබ මිනිස්සු අතරින් එබි එබි කාවදෝ හොයනවා.
එක පාරටම සුදු උස හොදට ඇග කද වැඩුනු වැදගත් පෙනුමක් තියෙන හාදයෙක් උබ ලගට ඇවිත් උබේ අතේ හිටපු කොලු පැටියා අතට ගත්තෙ හිනා වෙලා කොලු පැටියගෙ කම්මුල් ඉබගෙන.
මං දැක්ක ගමන් අදුරගත්තා ඒ උබේ ස්වාමිපුරුශයා බව.උබලගෙ අත්වලට මාරු වුනේ එදා මං උබට දීපු මගෙ ලෙයින් උපන් දරුවා බව.
සත්තයි මට උබ ලගට දුවගෙන ඇවිත් මගෙ කොලු පැටියා ඉබින්න හිතුනා.
උබේ කකුල් අල්ලලා සමාව ගන්න හිතුනා.
එදා මං උබට දීපු දුක අද මට දහ ගුණයක් වෙලා ලැබෙනවා.
උබ වගේම ෆේස්බුක් එකෙන් මං කෙල්ලෙක් දැලේ දාගත්තා උබට පස්සෙ.
ඒකි එක්ක රූම් ගියා.
ඒත් උබෙන් මං දැකපු පිරිසිදු ලේ බිංදුව ඒකිගෙන් ලැබුන් නෑ.
වටේ ගිහින් සල්ලි වලට විකුනුනු කුණු ගොඩක්.මං උබව වගේම ඒකිවත් විසික් කලා.
උන්ගෙ හිටියා මැර චන්ඩියෙක්..ඒකිගෙ අයියණ්ඩි.මට නඩු දාලා ඒකිට බැන්දෙවුවා.
කොහෙවත් යන කුණු ගෑනියෙක් එක්ක අද මං විදවන්නෙ උබට දීපු ගින්දර.
අද උබ හොද දෙවියෙක් එක්ක පවුල් කනවා.
මං එදා විසික් කල උබ දේවතාවියක්.
රජකම් කලත් කලකම් මටත් පල දුන්නා.
කෙල්ලෙක් වුන උබව, උබ වගේ තව කීදෙනෙක් එවුන් මගෙ අතින් විනාස වුනාද.
පිරිමියෙක්ගෙ හැසිරීමෙන් ගති ගුනෙන් ඔහු ගෑනියෙක්ට සලකන විදිහෙන් තමයි ඌ මොන වගේ අම්මා කෙනෙක්ටද ඉපදුනේ කියලා චරිත සහතික දෙන්න පුලුවන්.උබ එදා ඒ කියපු වචන ටිකේ තේරුම අදයි මට තේරෙන්නෙ.
කර්මය විසින් හැමදේම මට උගන්නද්දි මං ගොඩක් පරක්කුයි.ඒත් මට සතුටුයි.
අද උබ ඒ මහා පුරුශයත් එක්ක සැනසීමෙන්.සතුටින්....!
..* නිමි *..
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI