අතපසු උනා මට ඔබ.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
අතපසු උනා මට ඔබ.....

සහන් අහසේ මෝදු වූ පුරා සද දෙස බලාගෙන ඇහින් ගිලිහුන කදුල පිසදැමීය...... මේ හද දෙසම බලන්නට .... මේ රෑ මිදුලට වෙලා හිදින්නට පෙරුම් පිරූ හිත අද සතුටින් ඉන්නවාදැයි ඔහුම නොදත්තේය. එහෙත් ඒ වචන ඒ ආදරය සිත තුලට ඈ ඇතුල් කර තිබුනේ තවකෙකුට ජීවිතයට ඇතුක් වෙන්නට ඉඩක් නොතබමිනි... වරද කාගෙදැයි අදටත් තේරුම් ගත නොහැක. එහෙත්........ තමා තීරනයක් ගත්තානම්..... ඈ මෙන්ම තමන්ද සතුටින් ය .......
සුදු මහත්තයෝ ........
කියන්න බබා...
අපි බැන්දාම.....
හා කියන්නකො...
මිදුලේ ඔන්චිල්ලයක් බැදලා ඕන.....
ආ ඒ මොකද මැට්ටී. බබෙක් වෙන්නද හදන්නේ.....
නෑ නෑ අනේ... රෑට ඔයාගෙ ඔඩොක්කුවට වෙලා හද බලන්න අනේ.......
හාකො මැට්ටී......අම්මෝ මෙයා හිතන දුර.........
අනේ එහෙම තමා ඉතීන් මැට්ටෝ.............
ම්ම් කාලා නිදාගන්නකො එහෙනම්....... බායී. වැඩ බබා
අනේ තව ටිකක් මැසේජ් කරන්නකො.........
අනේ මේ නිදාගන්නකො බබා. වැඩ මන් වස්තුවේ . බායී
ම්ම්ම් බායි මහත්තයෝ .
සාරා හිතට ආ සිතුවිලි එලෙසින්ම සගවාගෙන දුරකතනය ක්රියා විරහිත කලේය...... හිතට දැනුන පාලුවත් එක්කම නිදන්නට සැරසුනු ඇයගේ දෑස් අගින් කදුලු ගලා ගියේ තම ජීවිතය පිලිබදවම උපන් කලකිරීමකිනි...
අද සාරා විදි දුක සහන්ට තේරෙමින් පැවතුනි. එහෙත් ඔහු පරක්කු වැඩිය. ඈ මේ වන විටත් තවකෙකුගේ පතිනිය වී හමාරය....... දෑස් කෙවෙනි අග රැදුන කදුලක් ඔහු පිස දැමුවේ හොරෙන් ය...... තමා තම හිත ගැන පමනක් නොසිතා ඈ ගැනත් සිතුවා නම් .... ඈ අද තමා ලගය...... ඇගේ එක කදුලකට තමා මෙල්ල උනා නම් ඒ අතීතයේ ආදරය පටන් ගත් දිනවල පමනක් මය. ඉතිරි කාලයේ ඈ හැඩුවාමය. එහෙත් ඔහු ඒ කදුලු වලට මෙල්ල නොවුනේ සාරා අඩන එක ඔහුට අලුත් අත්දැකීමක් නොවුන බැවිනි. අද සියල්ල අවසන් ඌයේ ඒ කදුලු ඇස් ඉස්සරහා තමා තීරනයක් නොගත් නිසාමය......
අතීතයට දිව යන හිත නතර කර ගැනීමට ඔහු නොසිතුවේය.... හිත නුබේ නම් නුබත් එක්කම ජීවත් උනාවේ. ඔහු එලෙසින් සාරාගේ මතකය තුල ජීවත් වීය......
මහත්තයෝ ......
ම්ම්
බදිමු......
පිස්සුද ලමයෝ දැන්මම......
ම්ම්ම් ඔවු බදිමුකෝ.......
හරි හරි බදිමු ඉතින්. මන් බෑ කීවෙ නෑනෙ. ඒත් දැන්ම බෑ හාද......................
ඇයි ඒ.......
බෑ අනේ. දැන්ම බෑ....
හා.........
කතාව එතනින් නවත්තන්නේ සාරා ඇස් අග කදුලු පුරවාගෙන බව සහන් නොදත්තේය. දැන ගත්තත් ඔහුට ඒ ගැන දුකක් නැත....... තනියම කැඩුනු හිත සාරා තනියමම හදාගන්නට වෙහෙසුනේය.......
දිනක් දෙකක් පසු වී නැවතත් උත්සාහා කලේ සහන්ගේ ජීවිතය තුල තමාට ඉඩක් ගන්නටය.....
මහත්තයෝ ....
ඇයි මැනික......
මට ප්රපෝසල් එකක් ගෙනැල්ලා......
හ්ම්.....
අපි බදිමු....
බදිනවා කියන එක ලේසි වැඩක්ද ආ..
ඒත් තාත්තියෝ ..... මට වෙන කෙනෙක්ව බදින්න බෑ.....
මන්ද දැන් ඔයාව බන්දලා දෙන්නේ ආ. ඒකට වැරදි මමද.....
මහත්තයෝ ..... මන් කීවේ. ඔයාට මාව වෙන කෙනෙක්ට දෙන්න පුලුවන්ද.....
මන් එහෙම දෙන්නෙ නෑනෙ මැනික....... ඒත් අම්මලනෙ ඔයාලගෙ එහෙම කරන්නේ.
එයාලා එහෙම කරන්නේ වෙන දෙයක් කරන්න නැති නිසා. මාව ගෙදරම තියන් ඉන්න නෙමේනෙ......
හ්ම්. මට තේරෙන්නෙ නෑ අනේ.....
හ්....... හා තාත්ති ......
සුදූ.......
මාව දාලා යනවද.......
ඔයාට ඉන්න පුලුවන්ද එහෙම......
බෑ මහත්තයෝ බැරි නිසානෙ මන් බදිමු කීවේ....
ඒක කරන්න බෑ බබා. බදිනවා කියන්නේ ජීවිතේ ලොකූ තීරනයක් ගන්න ඕන දෙයක්......
හා .....
ඒ කියන්නේ මහත්තයෝ ඒ ලොකූ තීරනේ මාත් එක්ක ගන්න ඔයාට තව හිතන්න ඕනිද.... මන් ඒ තීරනේට ඔයාට ගැලපෙන කෙනා නෙමෙද... කමක් නෑ මහත්තයෝ .. හොදින් ඉන්න ආදරෙයි මම හැමදාම........
සහන් වෙනදා මෙන්ම තරහින් දුරකතනය පසෙකට කලේ හෙට උදේට කතා කරනවා මේ මැට්ටිට පිස්සු කියමින් සිතාය. එහෙත් යලිදු ඈ දැක ගන්නට නොලැබුනේය. දුරකතනය ක්රියා විරහිතය.....
සොල්දාදුවෙකු වූ සහන් නිමාඩුවට ගමට ආ පසුව දැනගන්නට ලැබුනේ සාරා විවාහ වූ බවය.... ජීවිතේ තමා අතින් වූ වැරදි සහන්ට තේරෙන්නට ගත්තේ ඉන් පසුවටය....
ඔවු මැනික .. මගෙ හිත දුර්වල තියෙන්න ඇති. ඒ කාලේ උබව මගෙ කරාගන්න බැරි උනේ ඒකයි. ඒත් දැන් උබ එනවනම්........
සහන් සද දෙස බලාගෙන කල්පනා කලේ එහෙම. ඒත් ඔහු තවමත් නොදන්නේ ගිය දෙයක් ආපසු ගන්නට බැරි බවයි..... අතපසු වුන තීරන යලි ගන්නට කාලයක් නොඑන බව නම් ඔහුට තේරී තිබුනා.....
එකම අහස යට එකම සද දෙස බලාගෙන සාරාත් සහන්ගේ මතකයේ ගිලී කදුලු හෙලුවත් ඇය සාම්ප්රදායික බිරිදක් බවට පත් වී තිබුනා. ආදරේ හිත යට හංගාන සාරා නම් පෙම්වතිය මියැදෙමින් සාරා නම් බිරිද යුතුකම්.මැද තනි උනා...... ඒ කාගේ වරදින්ද හිතීම ඔබට බාරයි....
ආදරේ කරනකොට තීරන ගන්න ඉක්මන් වෙන්නත් එපා..... තීරන ගැනීම අතපසු කරන්නත් එපා.................
තමන්ගෙ ආදරේ රැක ගන්න ඕන තමන්ම මිස වෙන කෙනෙකු නොවෙයි....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI