#සිහිනෙන්_පවා_ඔබ_අමතන්නෙමී👇👇👇❤️
#කෙටි_කතාව...
"රංග ප්ලීස් ...ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද ඇත්තටම ...මං කී දවසක් ඔයාට කියලා තියෙනවද මෙහෙම මට කරදර කරන්න එපා කියලා ..."
"අක්කි ප්ලීස් ..මට ඔයා නැතුව බෑ ...ඔයාගෙන් මොකුත් එපා..ඔයාට ආදරේ කරන්න විතරයි ඕනි..."
"තමුසෙට පිස්සුද ...මං අක්කා කෙනෙක් ...මට මෙහෙම කෝල් කරලා වද දෙන්න එපා...වදින්නම් ..."
"අක්කි මං කියන එක අහන්න..."
මං ෆෝන් එක කට් කලේ කේන්තියෙන් ...මේ රංගේෂ්..මං දන්නවා ...රංග මට ආදරෙයි කියලා ...
ඒත් මං එයාට වඩා අවුරුද්දක් වැඩිමල්...එයාට ඒක නිසා ඇතිවන ප්රශ්න ගැන කොච්චර තේරුම් කලත් තේරුම් ගන්නෙ නෑ ...
මට දැන් ඇතිවෙලා..මං මැරි කරන්න ඉන්නෙ..රංගේෂ් ඒක දන්නවා...
ඒ වගේම මං බදින්න යන්නෙ ප්රපෝසල් එකකින්...
මගේ අප්පච්චි කියන දේකට පිටින් මමවත් අක්කවත් කවදාවත් ගිහින් නෑ ...
මගේ අප්පච්චි කියන දේකට පිටින් මමවත් අක්කවත් කවදාවත් ගිහින් නෑ ...
අක්කා බැන්දෙත් අප්පච්චි ගෙනාපු යෝජනාවකින් ...
අද අක්කා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා...
මං දන්නවා ..මටත් එහෙම පුලුවන් වෙයි කියලා ...
මං බදින්න ඉන්න කෙනා ගොඩක් නිහඩ කෙනෙක්...
කතා කරන්නෙම නැති ගානයි ...ඒත් එයාගේ මොකක්ද සාර්ථක දෙයක් තියෙනවා ...
ඒක කියන්න තේරෙන්නේ නෑ ...එයාගෙ තැම්පත් කමත් එක්ක එන දෙයක් ...
රංගේෂ් මගේ නම්බර් එක කොහොම හොයා ගත්තද කියන්න මං අදටත් දන්නෙ නෑ ...
මට කෝල් කරලා කෑවද බිව්වද...සනීපෙන්ද ඔක්කොම අහනවා...
මං බය උනේ මේක අප්පච්චි දැනගත්තොත් මාව මරනවාම තමයි ...
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
"අක්කි මොකක්ද අර ඉන්ස්ටග්රෑම් දාලා තියෙන ෆොටෝ එක.."
"මොකක්ද.."
"අර කොන්ඩෙ එක පැත්තක් මූනට දාලා එක ඇහැක් වහගෙන ඉන්න ෆොටෝ එක..."
" ආඅ...ඒකද..ඉතින් ...මොකද ..."
" ඒක අයින් කරන්න ..."
"ඇයි.."
" කියන දේ කරන්න ...ඒක අයින් කරන්න ..."
"මං මොකටද ඒක අයින් කරන්නේ ...ආහ්හ්.."
"ඒක ඔයාට ගැලපෙන්නේ නෑ ...දෙයක් කිව්වම කියන එක අහන්න පුරුදු වෙන්න..."
"හ..හ..කියනකම්ම තමයි හිටියේ ..."
"අක්කි..."
"ආහ්හ්..හරි අයින් කරන්නම්...තමුසෙ මහ වදයක් ..."
"මොකද තමුසෙ තමුසෙ ගාන්නෙ..."
"හෑහ්හ්.."
"ඔහොම කතා කරන්න පුරුදු වෙන්න එපා..."
"හා...කියනකම් තමයි හිටියේ ..."
මං දන්නවා ...මගේ එක වැරදි දෙයක් වත් පිටට යන්න දෙන්නෙ නෑ ...
වෙලාවකට අයියා කෙනෙක් වගේ...මගේ හැමදේම හොයනවා...
මගේ යටි හිත ඒකට ආස කරාද....????
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
දවසක් මං ලොකු අවුලක හිටපු වෙලාවක රංගේෂ්ගෙන් කෝල් එකක් ආවා...
"මොකද යකෝ..."
"යකෝ??"
"ඔව්...මොකද .."
"මොකද යකෝ..යකෝ...ගාන්නෙ.."
"ආහ්හ්..වැරදුනා ...මොකද...!
"ඔයා මහ නපුරුයි අක්කි..."
"මේ ඕයි...මං හොද හරි නපුරු හරි..ඒකෙන් ඔහේට වැඩක් නෑනේ ...වද නොදී ඉන්නවා..."
මං ෆෝන් එක කට් කලේ කේන්තියෙන් ...
විනාඩි දෙකක් ගියේ නෑ ...ආයෙමත් කෝල් එකක්...
විනාඩි දෙකක් ගියේ නෑ ...ආයෙමත් කෝල් එකක්...
"කියන්න..."
"අක්කි මොකක් හරි අවුලක් ද..."
ඇත්තමයි මං ගැස්සෙනවා...එහෙම අහද්දි...
කොහොම තේරෙනවද මංදා මෙයාට...මං කොහොමද හිටියත් මෙයා ඒක හරි ඉක්මනට තේරුම් ගන්නවා....
කොහොම තේරෙනවද මංදා මෙයාට...මං කොහොමද හිටියත් මෙයා ඒක හරි ඉක්මනට තේරුම් ගන්නවා....
"හ්ම්ම්ම්.."
"මොකක්ද අවුල..."
"මට බඩගිනියි..."
මං කියන්නේ ප්රශ්නය මග හරින්න...
"මං ඔයාලගෙ ගෙවල් ලග ඉන්නෙ..මොනව හරි ගෙනත් දෙන්නද..."
"අනේ මට බඩගිනි නෑ ...මං දැන් නිදා ගන්නවා..ගුඩ් නයිට්..."
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
ඔහොම කාලේ ගෙවිලා ගියා..මගේ වෙඩින් එකත් ලං උනා...
රංගේෂ් මට කතා කරන එක අඩු උනා..මං දැන ගත්තා...
එයා ඇත්ත තේරුම් ගනී කියලා ...ඉතින් ...
මට සතුටක් දැනුනද...
මට සතුටක් දැනුනද...
මගේ අවංක හැගීම ....නෑ ...වේදනාවක් දැනුනෙ ...
මට මැසේජ් කරලා...කෝල් කරලා...මං ගැන දවස ගානේ හොයලා ඒක හෙමිහිට නතර උනාම හදවත වේදනාවෙන් මිරිකෙන්න ගත්තෙ..
මංම තමයි එයාව ඒ තැනට ගෙනාවෙ...දුකයි ...දරාගන්න බැරි තරමට ...
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
මගේ වෙඩින් එකට තව එක දවසයි..මං ගෙදරට වෙලා හිටියේ පාලුවෙන්...
මට රංගේෂ්ව මතක් වෙනවා...මං දන්නවා ...හෙට මගේ වෙඩින් එක කියලා එයා දන්නවා කියලා ...
නොතේරෙන දුකක් තියෙන්නේ මට...මං දෙපාරක් හිතන්නෙ නැතුව ඩයල් කලේ රංගේෂ්ගෙ නම්බර් එක...
තුන් පාරක් ගත්තා..ෆෝන් එක අවුට් ඔෆ් සර්විස් ඒරියා...
ඇස් වලට ආපු කදුලක් මගේ කම්මුල් දිගේ ගලාගෙන ගියේ මටත් නොදැනිම ...
මං ඇදේ නිදා ගෙන ෆෝන් එක පපුව උඩින් තියා ගත්තා...
එකපාරටම මගේ ෆෝන් එක රිංග් උනේ මගේ හාර්ට් බීට් එකත් වැඩි වෙද්දි...
කෝල් එක දන්නෙ නැති නම්බර් එකකින් ...
මං ටික වෙලාවක් බලාගෙන ඉදලා ඇමතුම සම්බන්ධ කර ගත්තා...
"හෙලොව්.."
"කෙනුලි අක්කි නේද..."
මං ජීවිතේට අහලා නැති වොයිස් එකක්...
"ඔව්..කව්ද ඔයා.."
"අක්කි මං රංගේෂ්ගෙ යාලුවෙක් ..."
මගේ හාර්ට් එක ගැහෙන සද්දේ මටම ඇහෙනවා වගේ...
"ඔව්..ඉතින් ..."
"අක්කි රංගට අමාරුයි ...ඔයාව අහනවා...අපිට කරන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ ..."
මං බය උනු පාර මගේ ෆෝන් එකත් බිමට වැටුනා..
මගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි මං ෆෝන් එක කනේ තියා ගත්තෙ හදවත වේගයෙන් ගැහෙද්දි ....
මගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි මං ෆෝන් එක කනේ තියා ගත්තෙ හදවත වේගයෙන් ගැහෙද්දි ....
"රංගට....මොකද...එයා...."
"අක්කි අපේ කොල්ලෙක් ඔයාලගේ ගෙවල් ලගට එයි..ප්ලීස් මොකුත් හිතන්නෙ නැතුව එයත් එක්ක එක විනාඩි දහයකට එන්න..ඔයාගෙ ප්රශ්න ඔක්කොටම උත්තර එතකොට ලැබෙයි ...ප්ලීස් අක්කි ..."
මං හොල්මන් වෙලා සුදුමැලි උනේ මං කොහොමද ගෙදරින් එලියට යන්නෙ කියලා හිතෙද්දි....
මං දෙපාරක් හිතන්නෙ නැතුවම හා කියලා ෆෝන් එක කට් කලා...
මගේ රූම් එක පිටතින් ලොක් කරලා ගෙදර කාටවත් නොපෙනෙන්න ගෙදරින් එලියට ආවා...
කිව්වා වගේම කාර් එකක් ඇවිත් තිබුනා ...
මං වාහනේට ලං වෙද්දි ඒකෙන් බැහැලා එලියට ආවෙ මං දන්න රංගේෂ්ගෙ යාලුවෙක් ...
" නිමේෂ්...රංග...???"
"එන්න අක්කි...ඔයා හිතුව තරම් නපුරු නෑ ...අපි හිතුවෙ නෑ ඔයා එයි කියලා...ඉක්මනට යමු...එන්න.."
මං ගිහින් කාර් එකට නැග්ගට පස්සෙ නිමේෂ් වාහනේ ස්පීඩ් කරලා අරගෙන ගියා...
" එන්න අක්කි මේ අපේ ගෙදර ..."
නිමේෂ් මගේ සයිඩ් එකෙන් දොර ඇරලා කියද්දි මං බැස්සෙ අමුතුම බයක් හිතට දැනෙද්දි ....
නිමේෂ් එක්ක ගියේ නිමේෂ්ගෙ ක්ලොසෙට් එකට...
මගේ අත පපුවට ගියේ මගේ ඇස් වලින් කදුලු එද්දි...
මං වචනයක්වත් කතා කර ගන්න බැරුව බලාගෙන හිටියේ රංග දිහා..
රංග කිසිම ගානක් නැතුව ඩ්රින්ක්ස් ගන්නවා...
මට බයක් එක්ක ආවෙ පුදුම කේන්තියක් ....
මං එතනට ගිහින් රංගගෙ කනට ගැහුවෙ ඒ තරම්ම කේන්තියක් මට ආපු නිසා....
රංග විතරක් නෙවෙයි එයාගෙ යාලුවොත් බය උනා...
"මොනවද මේ කරන පිස්සු වැඩ...ආහ්හ්...ඇයි මෙහෙම කරන්නේ ..."
"ඔයා යනවද....මගෙන් අයින් වෙලාම යනවද..."
මට කතා කරගන්න බැරි තරමට මගේ මුව ගොලු උනා..
මගේ ඇස් වලින් කදුලු වැටෙද්දි රංග මගේ මූන දෝතටම ගත්තේ කදුලු පිහදාන ගමන්...
" ඔයා දන්නවා ..මං කැමති නෑ ...මේ ඇස් වලින් කදුලු එනවට..මං ආසම ඔයාගෙ ඇස් වලට..."
රංග මගේ ඇස් මතට හාදුවක් දුන්නා...මං ගැස්සිලා ගියා සත්තයි....
රංගගේ යාලුවො එතනින් ගියේ අපිට කතා කරන්න ඉඩ දීලා ...
මං එතනම බිම ඉදගත්තෙ මගේ දෙපා පන නෑ කියලා තේරුන නිසා...
"ඔයා නැතුව බෑ අක්කි...ඔයා වැඩිමල් තමයි
...ඒත් ඔයාට ආදරෙයි මං...මාත් එක්ක එන්න...අපි කොහේහරි යමු...ඔයාව දුකක් නොදී බලාගන්නම්...ප්ලීස් ..."
...ඒත් ඔයාට ආදරෙයි මං...මාත් එක්ක එන්න...අපි කොහේහරි යමු...ඔයාව දුකක් නොදී බලාගන්නම්...ප්ලීස් ..."
මං අත් දෙකෙන් මූන වහගෙන හයියෙන් ඇඩුවා...
ඔව් මං දන්නවා...මං රංගට ආදරෙයි තමයි....
ඔව් මං දන්නවා...මං රංගට ආදරෙයි තමයි....
"ඔයා දන්නවා රංග....මට එහෙම ..."
"අපි මොනවා හරි කරලා ජීවත් වෙමු...අදම මේ...දැන්ම යමු..."
මං ගොලුවෙලා වචනයක්වත් කතා කර ගන්න බැරුව බලාගෙන ඉද්දි රංග මගේ ලගට ඇවිත් මාව ඒ පපුවට තදින් තුරුලු කර ගත්තා....
මං මොනවද කියන්නේ ...මට කරන්න බෑ ...රංග කියන දේ කරන්න බෑ ...
ඒ මගේ අවංක හැගීම නෙවෙයි ...මං දන්නවා මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නෙ රංග....මගේ අප්පච්චිට ඇරුනම ....
ඒත්..මං දැන් පරක්කු වැඩියි...මට ආයිත් හැරෙන්න බෑ ...
මං ඉකිගගහා අඩද්දි රංග බර උනේ මගේ දෙතොල් වලට....
දුකයි....මං රංගව බදාගෙන ඇඩුවා ....
"නිමේෂයා..."
රංග කතා කලේ එයාගෙ යාලුවට....
"මචං..."
"අක්කිව ගෙදරට ඇරලවන්න...ගොඩක් රෑ වෙලා..."
රංග මගෙන් අයින් වෙලා නැගිට්ටා...රංගගේ මේ පිරිමි කමට මං පැලෙන්න ලෝබයි..
කවදාවත් මට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ ...
අදින් පස්සෙ මට ඒ ආදරේ නැති වෙලාම යනවා...
නිමේෂ් මාව එක්කගෙන ඇවිත් වාහනේට නැග්ගුවා...
රංග එකපාරක්වත් මං දිහා බැලුවේ නෑ ...
රංග එකපාරක්වත් මං දිහා බැලුවේ නෑ ...
මං ගෙදර ආවෙ මලමිනියක් ගානට...
ගෙදර ඇවිත් මං ඇඩුවෙ නෑ ...ඇස් දෙක පියාගෙන ඒ වේදනාව විදෙව්වා විතරයි ...
උදේ වෙද්දි මගේ ඇස් රතු වෙලා ඉදිමිලා...
මාව ලෑස්ති කරලා එක්කගෙන එද්දි මං මැරුනු කෙනෙක් වගේ හිටියේ ...
මාව ලෑස්ති කරලා එක්කගෙන එද්දි මං මැරුනු කෙනෙක් වගේ හිටියේ ...
මගේ මූනේ එකම හිනාවක්වත් නෑ ...මට හිනා වෙන්න ඕනකමකුත් නෑ ...
මං දන්නවා මගේ ඇස්වල කිසිම හැගීමක් නෑ කියලා ...
හැමදේම ඉවර උනා මං මගේ හිතේවත් නැති කෙනෙක්ගෙ බිරිඳ වෙලා...
දවසක මට බලන්න වෙයි...රංග එයාගෙ වයිෆ් එක්ක ඉන්නවා...
ඒක මට දරා ගන්නම වෙනවා...තාමත් රංග දන්නෙ නෑ මං එයාට ආදරෙයි කියලවත්...
කවදාවත් මං එහෙම අගවලාවත් නෑ ...ඒත් මගේ හිතේ හැමදාම එයා ඉන්නවා...
එයාගෙ ආදරේට මං දවස ගානෙම ලෝබකමකින් පැලෙනවා...
කවදාවත් ආයිත් එන්නෙත් නැති කවදාවත් ආයිත් ලැබෙන්නෙත් නැති ඒ ආදරේට මං අදටත් පැලෙන්න ආදරෙයි රංග....
නිමී
Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.