නෙතක ආදරය දකින්නට සිතෙහි ආදරය මෝදු විය යුතුය.. වැටුණු මල් පා ගමනින් ඇවිද යන ජීවිතය උයන් තෙර අභියස නතර කරන වසන්තයේ මායිම ආදරයයි... දකින්න ජීවිතය හදවතට ලංව ඇගේ දෑසින් ලද ප්‍රේමය එපා කිසි දිනෙක කිලුටු කරන්න. ඔබේ ආදරය ලොව හොදම ආදරෙයි එය ඔබේ උරුමයයි. රැක ගන්න ඒ ආදරය. ආදරයට ආදරයෙන් ගෞරව කරන්න. එය ඔබව ආදරයෙන් බලා ගනීවි.....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
****😍#ලස්සන_ආදරය😍****
#කියවලා_බලන්න_ඔයාල_පතන_ආදරය_මේකද_කියලා
"මගේ මෝඩයා තාම නිදි"
"රත්තරනේ.....නැගිටින්නෙ නැද්ද....?"
හංසි තේ එක හදාගෙන ආවේ දනුක නැගිටලා ඇති කියලා හිතාගෙන. තාමත් නිදියන් ඉන්නවා දැක්කම හංසිට ගොඩක් ආදරෙත් හිතුනා ඒ වගේම පාරක් දෙන්නමයි හිතුනේ. කෝප්පේ මේසෙ උඩින් තියලා හංසි ගියේ දනුක ගාවට.
"ස්ස්..... ස්ස්......
ගුඩ් මෝර්නින් මගේ සුදු මහත්තයෝ
නැගිටින්නෙ නැද්ද අද...?"
"ගුඩ් මෝර්නින් මගේ මැණික
තව ටිකක් නිදා ගමුකෝ."
"හා හා දැන් ඇති නිදිය ගත්තා. වැඩට යන්න ඔනීනේ මගේ මහත්තයා
නැගිටින්න නැගිටින්න"
"ආපෝ මල වදේ. නිදා ගන්නවත් දෙන්නේ නෑ"
"මොකක්ද කිව්වේ ආයෙත් කියනවා බලන්න"
"ආව්ව්ව්ව්.... රිදෙනවා මැට්ටියේ." හංසි කන මිරිකුවේ ටිකක් රිදෙන්නමයි.
"මං මල වදයකනෙ. ඕන වෙලාවක නැගිටල යන එකයි ඇත්තේ...."
හංසි යන්න හදද්දිම දනුක අතින් ඇදපු පාරට හංසිව ඇදේම ඉන්දුනා..
"ආපෝ පොඩ්ඩ බැරි වෙන්න බෑ...
මහ මෝඩ කෙල්ලෙක්..."
දනුක එහෙම කිව්වේ හංසිව තව ටිකක් අවුස්සන්න හිතාගෙන.
"අර... ආයෙත් කිව්වා අතාරිනවා මාව...."

"බෑ අතඅරින් නෑ..."

"අතාරින්න...."

"උම්මා එකක් දුන්නොත් අතාරිනවා"
"ඕං නෑ අතාරින්න."
"බෑ මට එකක් ඕනෙමයි."
"බෑ මං දෙන්නෙ නෑ.."
"එහෙනම් මං අත අතාරින්නෙත් නෑ..."
"අනේ අයියේ මගේ අත අතාරින්න."
"බෑ මං කිව්වනෙ...."
"හරි හරි උම්මා හරිද දැන්? "
"මං දන්නවනෙ මගේ මැණික මට ආදරෙයි කියලා..."
"ඒකද මාව හැම තිස්සෙම තරහා ගස්සන්නේ...?"
"ඔව්. ඇයි හොඳ නැද්ද ?"
"හා හා. ඉන්නවකො මං අල්ල ගන්න පස්සෙ වෙලාවක...මැට්ටා... දැන් නැගිටලා, අර තේක බීලා වැඩට යන්න ලෑස්ති වෙන්න.මං යනවා කෑම ලෑස්ති කරන්න."
"හ්ම්ම්ම්... හරි සුදු බෝලේ...."
දෙන්න මැරි කරලා අවුරුදු දෙකක් ගෙවුනත් කලින් තිබ්බ චූටි චූටි බොරු රණ්ඩු නම් තාම එහෙම්මයි..
මහගෙදර තියෙද්දිත් දනුක හංසිව ගෙනාවේ තමන්ගේ ගෙදරටමයි...
පිස්සු නට නට හිටපු දනුකගේ ජීවිතය වෙනස් කලේ හංසි. ඒ නිසා තමයි මේ ගත වෙච්ච අවුරුදු ගානට දනුක තමන්ටම කියලා ගේකුත් හදන් කාර් එකකුත් අරගෙන තිබ්බේ.
හංසිව හම්බ වෙච්ච දවසෙ ඉදලා දනුකට හොද කාලයක් ලැබුනේ. අවුරුදු 28ක් වෙද්දි ජීවිතයෙන් විතරක් නෙමෙයි, රස්සාවෙනුත් දනුක ඉස්සරහට ගිහිල්ලයි හිටියේ.. දනුකගේ මුලු ලෝකෙම වෙලා හිටියේ හංසි.. පිස්සු නටපු තමන්ගෙ පුතන්ඩියව ආදරෙන් බලා ගත්තු හින්දා දනුකගේ අම්මත් හංසිට සැලකුවේ තමන්ගෙ දරුවෙකුට වගේ...
දනුක තේක බොන ගමන් කල්පනා කරේ හංසි ගැන.
මූණ හෝදගෙන ආව ගමන් ට්රවල් එක පිටින් දනුක කුස්සියට ගියේ හංසි බලන්න.හංසි හිටියේ කෑම හදන ගමන්. පිටිපස්සෙන් ගිහින් හොරෙන්ම හංසිව බදා ගත්තේ පොඩ්ඩක් ආදරෙන් බය කරන්න.
"අහ්හ්හ්...
ඒයී මැට්ටෝ.... මං බය උනා..
තව පොඩ්ඩෙන් තෙල් තාච්චිය.."
"මං ඔයාට ආදරෙයි. මගේ මුලු ජීවිතයම ඔයා වස්තු.."
"අයියේ මොකද මේ එක පාරටම..."
"එක පාරටම නෙමෙයි සුදූ... ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා.."
"මං දන්නවා මගෙ අයියේ.. මගෙත් මුලු ලෝකෙම ඔයා.."
හංසි එහෙම කිව්වෙ ගෑස් ලිප ඕෆ් කරල දනුකගේ පැත්තට හැරිල දනුකගේ ඔලුව අල්ලලා ඉබින ගමන්..
"ඔයාට මෙහෙ මොනවත් අඩු පාඩුවක් නෑ නේද සුදූ? එහෙම මොනවා හරි තියෙන්වා නම් කියන්න මට. හංගන් ඉන්න එපා.."
"අනේ.... අයියේ මොනවාද ඔයා මේ අහන්නේ.?
මට මෙහෙ මාළිගාවක් මගේ රාජ කුමාරයෝ......."
"හ්ම්ම්ම්ම්ම්"
ඒ වෙලාවෙ දනුක හංසිව සිප ගත්තේ වෙනදටත් වැඩිය ආදරෙන්..
"දැන් ගිහින් ලැහැස්ති වෙන්න. මං බත් එක බෙදාගෙන ගෙන එන්න්ම්...."
දනුක එතනින් ගියේ ආයෙත් වරක් හංසිගෙ තොල් සිප ගෙනයි....
"මොනවද ඔයා මේ අල්මාරිය ඇරගෙන හොයන්නෙ....?"
"ආ... ඔයා ආවද ?? හොද වෙලාවට ආවේ....
කෝ මැණික මගේ ටයි එක. ?"
"ආහ් ඒක මං ශර්ට් එක අයන් කර්පු තැනම තිබ්බා...ඉන්න මං අරගෙන එන්නම්.එතකං මේක කන්නකෝ.."
"කෝ එන්න මං ටයි එක දාන්න."
"කෝ කෝ ඊට කලින් ආ කියන්න. ඔයත් මේකෙන් ටිකක් කන්න."
"ඔයා කන්නකෝ මං පස්සෙ කන්නම්.!"
"බෑ එක කටක් හරි කන්න ඕනේ."
"ඔයා කන්නකෝ අයියේ.. කුස්සියේ තියෙනවා, මං පස්සෙ කන්නම්..."
"කුස්සියේ තියෙනවා කියලා මං දන්නවා.
ඒ උනාට මේකෙන් ටිකක් කන්නකෝ.."
"ආ කියන්න. "
"හ්ම්ම්ම්ම් ඇති ඇති..."
"මේක අන්තිම එක. මේකත් කන්න"
"ඇතිති..... අර මගෙ කට වටේම ගෑවා..හරිම කපටී මෙයාට වැඩි ටික මට කවනවා..."
"හි හි මගේ මැටි අච්චිනේ ඔයා.."
"අනේ........අම්මෝ.....මැට්ටා...බුරුවා..මිරිස් කරලකුත් දාලා......"
"හූ හූ....."
"කෝ කෝ ගිහින් පිගාන තියලා අත සොදලා එන්න"
"මැණික මේක දාන්නකෝ..."
"කෝ බෙල්ල උස්සන්න....
ටයි එක දාන්න දන්නෙත් නෑ මෝඩයා.."
"මැණික"
"ම්ම්ම්ම්ම්ම්"
"ඔයා දැන් තනියෙන් හිටියා ඇති නේද...?"
"ආ.... මොකක්ද.... ?"
"මං කිව්වේ, මං වැඩට ගියාම ඔයා තනියමනේ..."
"ම්ම්ම්ම්ම්ම්ම්
මොකක්ද ඔයා කියන්න හදන්නෙ ???"
"ආපෝ ඒකවත් තේරෙන් නෑ. පණ්ඩිතකම නම් තියෙනවා..."
"අහ් හරි හරි "
"ම්ම්ම්ම්ම්
දැන් යන්න නැත්නම් ඔයාට පරක්කු වෙයි...පරිස්සමින් ගිහින් එන්න මගේ අයියේ....
හංසි දනුකගේ නළලට කම්මුලට කිස් එකක් දීලා චුට්ටක් තුරුල් වෙලා ඉන්න එක හංසිගේ පුරුද්දක් වෙලා තිබ්බේ..
ඒ වගේම දනුකත් හංසිගේ නළලට කිස් එකක් දීල මිසක් කවදාවත් ගෙදරින් යන් නෑ....
"ඔයත් පරිස්සමින් ඉන්න පැටියෝ."
"ෆෝන් එක අන්ස්වර් කරන ගමන් කාර් එක ඩ්රයිව් කරන්න එපා.... හොදද....? "
"ම්ම්ම්...... මොනවද ඔයාට ගේන්න ඕනා... ???"
"අයියේ....ඔයා මට ආදරෙයි නේද පණ"
"නැතුව"
"එහෙනම් කලින් අද කලින් ගෙදර එන්න....
මං බලන් ඉන්නවා..."
"හ්ම්ම්ම්... හරි වස්තු .... මං ගිහින් එන්නම්......"
""
"හ්ම්"
නෙතක ආදරය දකින්නට සිතෙහි ආදරය මෝදු විය යුතුය..
වැටුණු මල් පා ගමනින් ඇවිද යන ජීවිතය උයන් තෙර අභියස නතර කරන වසන්තයේ මායිම ආදරයයි...
දකින්න ජීවිතය හදවතට ලංව ඇගේ දෑසින්
ලද ප්රේමය එපා කිසි දිනෙක කිලුටු කරන්න.
ඔබේ ආදරය ලොව හොදම ආදරෙයි
එය ඔබේ උරුමයයි. රැක ගන්න ඒ ආදරය.
ආදරයට ආදරයෙන් ගෞරව කරන්න.
එය ඔබව ආදරයෙන් බලා ගනීවි.....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI