ආදරේ කියන්නෙ මොකද්ද කියලා දැනගත්තෙ ඔයාගෙන් පන....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

❤️ love u  ❤️ ( ආදරණීය කෙටි කතාවක් )

" ගැටේ රඹේ මා එළිය මඩයාල මඩයාල මඩයාල...... ගැට්ටෙන් එහා ඉදගන්න.... 👊😅 ඔය මල්ලි මොකද ෆුඩ් බෝඩ් එකට වෙලා ඉන්නෙ,නගින්න නගින්න... තෙරෙන් නැද්ද දැන් එක පාරක් කිව්වනෙ ඔයාට " නිෂූ කොන්දගෙ පාර්ට් එක නියමෙට කරද්දි පවන්ට හිනාව නවත්තගන්න බැරිතරම්.

" අනේ පැටියෝ .... "

" ඇයි දෙයියෝ?"

" ඔයා ෂෝක් පැටියො, ෆෝන් එකෙන් නෙමෙයිනම් මෙලහකට බදාගෙන කිස් එකක් දීලා, ඇත්තමයි... ම්ම්ම්..... " පවන්ට නිෂූ කරන පිස්සු වැඩ නිසා ෆෝන් එක තියන්න හිතෙන්නෙම නෑ.

" ආ.... හොඳ වෙලාවට එහෙනම් ලග හිටියෙ නැත්තෙ "

" මැට්ටි "

" ම්ම්ම්...... මගෙ සන් කැටේ.... දැන් හොඳ ළමය වගේ ගිහින් නාගෙන එන්නකෝ... ආ.... පළවෙනි වතුර එක තීතලයිනම් දෙවෙනි එක දාගන්නෝ.... " නිෂූ හැන්ඩ්ෆ්‍රී දෙක ගහන් ඇදේ මුනින් අතට හැරිල නිදාගත්තෙ ඇස් දෙක පියන්, එහෙම ඉන්නකොට පවන්ගෙ රූපෙ මැවෙන නිසා නිෂූගෙ මූණ හිනාවෙන් පිරිලා.

" තව ටිකකින්.... හාද?"

" හා "

" ඇත්තමයි පැටියො ජීවිතේ කියන්නෙ මාරම දෙයක් " පවන් ෆුල් සීරියස් මූඩ් එකට මාරුවුනේ එකපාරටම.

" ඇයි?" නිෂූගෙ හිනාව අතුරුදහන් වෙලා ඇහිබැමි එක්වුනා.

" ජීවිතේ ගොඩාක් දේවල් නැතිවෙච්ච කෙනෙක් මං, කොල්ලෙක් උනත් අඩපු වාර ගාන අනන්තයි, ආදරේ කරන්න පටන් ගත්තෙ ඉස්කෝලෙ යන කාලෙ, මගෙම වරදක් නිසා අවුරුදු ගානක් තිබ්බ ආදරේ නැතිවුනාම මං පිස්සෙක් වගේ දැගලුවා... "

" අනේහ්: " පවන් කියාගෙන යද්දි නිෂූගෙ පපුව පිච්චිලා ගියා.යාලුවෙලා ටිකක් කල් උනත් පවන් මෙච්චර සීරියස් වුන පළවෙනි පාර.

" ඊටපස්සෙත් ගොඩාක් කල් ඉදල ඉදල ආදරයක් ලැබුණා, ගොඩාක් ආදරේ කලා, හදවතින්ම, මොකද මට ඕනිවුනේ නෑ පැටියො බොරුවක් කරල කෙල්ලෙක්ව අමාරුවේ දාන්න , ඒත් ඒ හැමදෙයක්ම හිතපු නැති විදිහට මගෙන් කවුදෝ උදුරගෙන ගියා. කොල්ලෙක් විදිහට මගෙත් වැරදි තිබුණ ,ඒත් ඒ පුංචි පුංචි දේවල්, කොහොමහරි ඒවත් හදාගෙන මං ඉස්සරහට යන්න පාර හදාගත්තෙ තනියම, කාටවත් අත නොපා පුංචිවට බිස්නස් එකක් පටන් ගත්තෙ ලොකු හීනයක් හිතේ තියාගෙන,ඒක තාමත් එහෙමයි " නිෂූගෙ ඇස් දෙකේ කදුලු පිරිලා, උතුරන්න ඔන්න මෙන්න,හුස්ම ඉහල පහල යන වේගෙත් එන්න එන්න වැඩිවුනා.

" ඉතින් .... මං ඉන්නවනෙ ඔයාට " නිෂූ කටහඩේ වෙනස පවන්ට දැනෙන්න දෙන්නෙ නැතුව කතාකලේ ගොඩාක් අමාරුවෙන්.

" ඒක තමයි පැටියො මට තියන ශක්තිය, අවංකවම කරපු ආදර නැතිවෙලා ජීවිතේ හැමදාමත් තනියෙන් ඉන්න හිතපු මට ඔයාව හම්බවුනේ හිතාගන්නවත් බැරි විදිහට නංගි,මෙච්චරකල් කාටවත් දෙන්නෙ නැතුව ඉතුරු කරන් හිටපු ආදරේ ගොඩයි පැටියො "

" හ්ම්.... " පවන් කියන විදිහට නිෂූගෙ හිතේ තියන ආදරේ දරාගන්න බැරිවුනා වගේම ඇස් වලින් ආපු උණු කදුලු රැකගන්න ඇහි පිල්ලම් වලටත් ශක්තියක් නැතිවුනා.ඇස් වලින් නිදහස ලැබුණු ඒ කදුලු කඩා බිදගෙන පහලට ගියේ පිටිපස්සෙන් එන කදුලු වලට පාරක් හදන්.

" ඇත්තටම මං හැමදාමත් කියෙව්වට
' හැමදේම වෙන්නෙ හොඳට ' කියලා ඒක දැනගත්තෙ ඔයා හම්බුනාට පස්සෙ නංගි ,සත්තකින්ම " පවන් දිග හුස්මක් පිටකලේ කදුලු ඇස් අගිසි වල දරාගෙන.

" ඇත්තටම අයියෙ , අපිට ජීවිතේ ගොඩාක් දේවල් නැතිවුනාම ඒ වෙලාවෙ දැනෙන දුකට මැරෙන්න හිතෙනව තමයි, ඒත් පස්සෙ හිතෙනවා ඒ දේ වුනේ කොච්චර හොඳටද කියලා " නිෂූ ඇස් දෙක පිහදාගත්තත් ආයෙමත් මතුවුනු කදුලු සුදු මූණ දිගේ ගලාගෙන ගියේ හිතට දැනුන හැගීම තාමත් එහෙමම නිසා.

" ඔව් රන්,එදා ඒ ආදරේ මොනදෙයක් වෙලා හරි නැතිවුනේ නැත්තන් සමහරවිට මගෙ ජීවිතේ මීට වඩා වෙනස් වෙයි, කොහොම වුනත් කෙල්ලෙක් කොල්ලෙක් නැතිවුන ගමන් කෝච්චියට පනින,බෙල්ලෙ වැල දාගන්න අය අතරෙ අපි ගොඩාක් වාසනාවන්තයි, ඒ මැරුණ අය අඩල හරි,වේලක් දෙකක් නොකා හරි ඉදල ජීවත් වුනානම් .... අඩුම අම්ම තාත්ත ගැන හිතලවත්... " පවනුත් ඇදට ගොඩවුනේ හිතට ආපු හැගීම් වලට නාල නෑ කියලත් අමතක වෙලා.

" එහෙනම් ඒ අයට ඊට වඩා හොඳ කෙනෙක් හම්බවෙන්නත් තිබුණ " මූණට වැටුණු කදුලු සිහිල් හුලගට වේලිලා යද්දී නිෂූගෙ හිතට ආයෙමත් පවන් ගැන කියාගන්න බැරිතරමේ ආදරයක් දැනුනා.

" ම්ම්...... මේ මට වගේ... " පවන්ගේ දිග හුස්ම නිෂූට හැන්ඩ්ෆ්‍රී එකෙන් කන් දෙකට හොඳටම දැනුනා.

" ම්ම්ම්..... ආදරෙයි පන.... "

" ලබන සතියෙ සදුදා.... " පවන්ට එන්ගේජ්මන්ට් එක ගැන මතක් වුනේ නිෂූව ලගට ගන්න තියන ආසාව නිසා. කෙල්ල කරන පිස්සු වැඩ වලටයි වචනයෙන් කියාගන්න බැරිතරම් හිතට දැනෙන ආදරයයි පවන්ව ඇත්තටම පිස්සු වැට්ටුවා.

" අනේ අයියේ.... මට හීනයක් වගේ.... " නිෂූගෙ ඇස් ආයෙමත් කදුලු වලින් පිරුණා.

" හ්ම්ම්...... ආදරේ කියන්නෙ මොකද්ද කියලා දැනගත්තෙ ඔයාගෙන් පන.... කවමදාකවත් මගෙ මැණික් කැටේට මං පුංචිම වරදක්වත් කරන්නෙ නෑ .. සත්තකින්ම "

නංගියේ මල්ලියේ.... අයියේ අක්කේ.....ආදරයට ආදරේ කරන්න , විශ්වාසය රැකගන්න , ලැබෙන දේ සතුටින් බාරගන්න, ලබාගත්ත දේ පන වගේ රැකගන්න. ජීවිතේ ලස්සනට සුන්දරව ගතකරන්න.... නීති වලින් යටත් නොවුනු සැබෑම ආදරයක හිමිකරුවෙක් වන්න.

බුදුසරණයි !

-----------------------------හෙට්ටිආරච්චි---------------------------------
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI