අපි මැරි කරලා දැන් අවුරුදු 3ක් අපිට තාම බබාලා නෑ.නෑ නෙවේ දැන්ම හදා ගත්තෙ නෑ.ඒත් දැන් නම් කාලෙ හරි වගේ.

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
❤️ආදරේ සුන්දරයි ❤️
කෙටි කතාවක්
ඔයා මට ආදරේ නෑනෙ අයියෙ ඒකනෙ මං කියන කිසි දෙයක් අහන්නෙ නැත්තෙ.මං කොච්චර කියල තියෙනවද මං කියන දේ අහන්න කියලා .ඒත් නෑනෙ.😡😡😡
මං සුරාජ් නිමන්ත . මං බෑන්ක් මැනේජර් කෙනෙක් .මාත් එක්ක රන්ඩු කරන්නෙ මගේ රෝස මල මගෙ මැණික මගෙ මැට්ටි මගෙ ජීවිතේම එයා. එයා සුරම්මි අයේශා දැන් මාත් එක්ක මේ වලි දාගන්නෙ මං වෙලාවට බෙහෙත් බිව්වෙ නෑ කියලා . මට තියෙන වැඩත් එක්ක මට බෙහෙත් ටික බොන්න අමතක වුණා .
ඔයාලා හිතනව ඇති මං බෙහෙත් බොන්නෙ මොකටද කියලා මට චුටි කැස්සක් හැදිලා මේ දවස් වල වැස්සට තෙමිලා.මං බෙහෙත් ගන්න ගියෙත් මගෙ රෝස මලගෙ බල කිරීමට.දැන් රන්ඩු කරන්නෙත් වෙලාවට බෙහෙත් ටික බිව්වෙ නෑ කියලා .මේ කිල්ලට නම් පිස්සු.
මං අද මගෙ රෝස මලත් එක්ක ඇවිදින්න ආවා.ඒ වෙලාවෙ තමයි කෙල්ල බෙහෙත් ගැන ඇදලා ගත්තෙ.දැන් ඉතින් වසල හමාරයි.මගෙ පණ මාත් එක්ක තරහ වෙලා අහක බලන් ඉන්නවා.මං දන්නවා මේ කෙල්ල මාත් එක්ක බොරුවට තරහ වෙලා ඉන්නෙ කියලා .
"සුදු නෝනා" ❤️❤️
"මොකෝ😡😡😡"
"තරහයිද මගෙ පණ "
"ඉතින් මැණික මට තියෙන වැඩත් එක්ක අමතක වුණා බෙහෙත් ටික බොන්න.දැන් බිව්වනෙ ඉතින් මං "
"දැන් නෙවෙයිනේ බොන්න තියෙන්නෙ වෙලාවට බෙහෙත් ටිකවත් බොන්න බැරිද ඔයාට"😡😡😡
අද නම් මට බේරිල්ලක් නෑ මේ කෙල්ලගෙන් මොනව කරන්නද මේකි ගොඩාක් කැමතියි මගෙ අතේ එල්ලිලා ඇවිදින්න යන්න .
"සුදු නෝනා"
"ඇයි"
"යමුද ඇවිදින්න කොහෙ හරි"
මෙන්න යකෝ තරහින් හිටිය කෙල්ල එකපාරටම ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලුනා තව පොඩ්ඩෙන් දෙන්නම බිම.
" මං දන්නවනෙ මගෙ කෙල්ල මාත් එක්ක කොච්චර තරහින් හිටියත් මාත් එක්ක ඇවිදින්න යන්න ආසයි කියලා "
"අම්මෝ කපටි කොල්ලා"
"ඒම තමයි සුදු මැණික තරහ වුණාම යාළු කර ගන්න ඕනෙත් මං නේ"
"පිස්සු කොල්ලා මගෙ කොහොමද තරහ වෙලා ඉන්න මගෙ සුදු මහත්තයො ඔයා එක්ක මං "
"මට ආදරෙයි ද මගෙ කෙල්ල"
"ඔව් ගොඩාක් ආදරෙයි මගෙ සුදු මහත්තයො "
"මාත් ආදරෙයි මැණික "
"හරි හරි හුරතල් වුණා ඇති අපි කොහෙද යන්නෙ ඇවිදින්න "
"කොහෙවත් නෑ "😂😂😂
මෙන්න මේකි ආයෙ මූණ එල්ල ගත්තා.
"සුදු නෝනා"
"හ්ම්ම්"
"මොකෝ මේ මූණ එල්ලගෙන"
"නිකං"
"හරි හරි පිස්සියෙ මං විහිලුවක් කරේ මගෙ මැට්ටිව තරහ ගස්සන්න .ඉක්මනට ඇදුමක් ඇදගන්න අපි දියතට ගිහින් බීච් ගිහින් ශොපින් කරලා එමු"
කෙල්ලගෙ මූණ සතුටින් පිරිලා ඊට වඩා සතුටක් කොහෙන්ද මට.
"අයියෙ අපි කපල් ටී ශාර්ට් ගමු"
"හා හා ගමු සුදූ "
අපි දෙන්නා දියතට ඇවිත් අතා කර කර හිටියා මේකි එක පාරම මගෙ කන හැපුවා .රිදින්නෙ නැති වෙන්න.
"මොකෝ මැට්ටියේ"
"ටිපිටිප් ඕනේ"
අරන් දුන්නා එකට දෙකක්ම
"කෝ මට නැද්ද සුදු නෝනා "
එහෙම කියද්දි මේකි චූටි ටිපිටිප් කෑල්ලක් මගෙ කටෙන් තිබ්බා.මොනව කරන්න ද මගෙ රෝස මලනෙ ඉතින්.
" මගෙ පිස්සි"
" මගෙ පිස්සු කොල්ලා"
අපි දෙන්නා බෙන්ච් එකක වාඩි වෙලා කියව කියව හිටියා එතනම අයිස්ක්රීම් ලොරියක් නවත්තලා තිබ්බා මේකි මූණ එල්ලන් ඉන්නවා .මං කැමති නෑ මගෙ රෝස මල එහෙම ඉන්නවට.
"මොකෝ මගෙ පණ මූණ දික් කරන් ඉන්නෙ"
"අයිස්ක්රීම් ඕනේ"
" ඈ... මේ දැන් නේද ටිපිටිප් කෑවේ"
"හා හා බැරි නම් කමක්නෑ"
" එන්නකො මගෙ මැණික දුකින් ඉන්නවට මං කැමති නෑනේ"
"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..."
මෙන්න මට දිග කිස් එකක් දුන්නා
"මොනවද ඕනෙ සුදු නෝනා ".
"මැජික් කෝන්"
"හ්ම්ම්".
අපි අයිස්ක්රීම් කාලා බීච් එකට ආවා බීච් එකෙන් ඉස්සො වඩේ කාලා ආයෙ අයිස්ක්රීම් කාලා ශොපින් කරලා අපි ගෙදර ගියා.ඒ දවස නම් අමතක කරන්න අමාරුයි .එදා අපි ගොඩාක් විනෝද වුණා .
අපි මැරි කරලා දැන් අවුරුදු 3ක් අපිට තාම බබාලා නෑ.නෑ නෙවේ දැන්ම හදා ගත්තෙ නෑ.ඒත් දැන් නම් කාලෙ හරි වගේ.
"සුදු නෝනා"
"ඇයි මහත්තයො "
"බබෙක් එහෙම ඕනි නැද්ද දැන්ම"
"දැන්ම හදිස්සියක් නෑ"
"හපෝ"
මාර පල් එක මට පොලව පලන් යන්න හිතුනා . ඕන දවසක් කියයි නෙ එතකන් බලන් ඉන්නව මොනව කරන්න ද ගෑණුනේ.
නිමි...
---------------------------Pawana.....Hettiarachchi----------------------------------------
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI