හුදකලාවත් එක්ක තනිවෙලා හිටිය මන් පියවි සිහියට ආවෙ සකුණිගෙ කෑගැහිල්ලෙන්,

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
කෙටි කතාවක්..🎵🎵

🎶 කවියකි නුඹ 🎶
"හුදකලා පාළුවට...හිනැහෙන්න වෙර දරන...
උණ පදුර යටට වී...තනිකමට අඩ ගසන...
සදකි මම...."
"පොඩ්ඩී....පොඩ්ඩියෝ...."
හුදකලාවත් එක්ක තනිවෙලා හිටිය මන් පියවි සිහියට ආවෙ සකුණිගෙ කෑගැහිල්ලෙන්,
"මොකද බන් සකුණියෝ.."
"අන්න කිරි අම්මා කතා කරනෝ...විගහින් වරෝ."
කියාගෙනම වෙල මැද්දෙන් පිම්මට දුවන දගකාර සකූ දිහා මන් බලන් උන්නෙ හිස් බැල්මෙන්..
"මොකද අම්මෙ අඩගැහුවෙ..
"උඹ හිටපු ගමන් කොහේ අතුරුදහන් වෙනවද පොඩ්ඩියෝ...හා හා ලෑස්ති වෙයන්කො මන් එක්කම නාගන්ඩ යන්ඩ...උඹව ඉතින් තනිපංගලමෙ කොහෙවත් යවන්ඩ පුළුවනැයි..මොකෙක්ගෙ හරි කට කැඩිච්ච කතාවකට නහයෙන් අඩාගෙනනෙ එන්නෙ"
"හ්ම්ම්,හොදයි මයෙ අම්ම,"
මේ කියන්න යන්නෙ ලස්සන ගමක හැදුන දුප්පත් කෙල්ලෙක්ගෙ කතාවක්..ඔව්,ඒ මම තමයි,
මගේ නම කාන්තිමාලා,මන් වගේම මගෙ අක්කයි අයියයි පොඩි කාලෙ ඉදන් හැදුනෙ තාත්තෙක්ගෙ හෙවනක් නැතුව.මගෙ අම්මා පැදුරු වියනවා..අයිය එලවළු කොටුවක් දාගෙන ඉන්නෙ ඉගෙන ගත්ත දෙයින් වැඩක් කරගන්න බැරි උන හින්ද,අක්කගෙ දූ තමයි සකුණි..මගේ පණ ඩිංග..අම්මගෙ හිතේ නැති තරම් ආදරයක් මගේ හිතේ තිබුන කෙල්ලට...
මේ ගමෙන් ආදරයක් කියල ලැබුනෙ මට මගෙම ගෙදරින් විතරයි.ඒත් එක කුස උපන් මගෙ අක්කත් මාව පිට එකියක් ගානට දාලයි ඉන්නෙ..මට දැන් ඒවා පුරුදුයි..
මන් ගැන කියන්න ඕනම දේ තාම මන් කිව්වෙ නෑ..ඉස්සල්ල මගෙ අම්ම කිව්ව වගේ ගමේ තනිපංගලමෙ කොහෙවත් යන්ඩ බැරි මන් ගොඩක් ලස්සන නිසා නෙවෙයි..කාටවත් ලේසියෙන් උරුම වෙන් නැති කැතක් මට තියන හින්ද,ඔව්..ගමේ කව්රුත් මට අකමැති ඒ හින්ද..මාව මූනට මුලිච්චි උනොත් දවසම කාළකන්නි වෙනවලු..ඒ වචන දැන් මට කටපාඩම්.ඒ මොන දේ උනත් මට වැරදිලා පිහිටපු දෙයක්ද මන්ද...හොදටම කවි සින්දු කියන්න පුලුවන්..කොහෙ හරි මුල්ලකට වෙලා කවි අමුණන එක තමයි මගේ සැනසීම...
බුදුන් වැදලා,සකූට බත් ඩින්ගක් කවල ඉස්කෝලෙට ඇරලපු මන් බෙලෙක් පිගානෙට බත් ඩින්ගක් අම්මට බෙදල දීල,හිස් බඩින්ම වෙනද වගේ අයියට බත් මුල බැදන් කොටුවට ගියේ වෙල මැද්දෙන්..ඒ යද්දි හැමදාම වගේ මගේ දිහා බලන ඒ රකුසු ඇස් අදත් මන් ලග..මගේ පස්සෙන්මයි..විමල් අයිය,ඒ වෙන කව්රුත් නෙවෙයි..මගෙම අක්කගෙ කසාද මිනිහ..අපේ පව්ලෙ සතුට නැත්තටම නැති කරපු මිනිහ..අක්ක සකූවත් තනි කරල මෙහෙකාරකමට රට ගියේ මේ මනුස්සයත් එක්ක වසන්න බැරි හින්දමයි..ඒත් ඒකෙන් උනේ මගේ පස්සෙ මේ මනුස්සයා වැටුන එක.මගෙ අක්ක උනත් හිතුවෙ මන් මේ මිනිහට මනාපයි කියල..ඒකයි අක්ක මගෙත් එක්ක තරහ.මගේ මොන ලස්සනකටද..ඒ ඇස් වල තනිකරම තියන්නෙ රාගික බැල්මක් විතරමයි..ඒ වෙද්දිත් කෙලින් හිටගෙන ඉන්න බැරි තරම් බීගෙන හිටිය විමල් අයිය ලගින් අඩියට දෙකට වෙල මැද්දෙන් මන් දුවන් ආවෙ පිලිකුලයි අප්පිරියාවයි දරාගෙන ඉන්න බැරි හින්ද..
එදා බත් මුල දීල ගෙදර එද්දි තමයි ඉස් ඉස්සෙල්ලාම මන් උඹව දැක්කෙ..ඔහේ ගෙවිල ගිය අව්රුදු 23 ටම හම්බ වෙලා නැති හරි ලස්සන ඇස් දෙකක් උඹට තිබුනෙ,නතර උනා වගේ මොහොතකට මේ හිත..
ඒ තමයි නිසල් මහත්තයා..සකුණිලාට දහම් පාසලේ උගන්නන අළුත් මහත්තයා..පිරිවෙනේ ඉගෙනගන්නව කියලයි සකූ කිව්වෙ.නැවතිලා ඉන්නෙත් පන්සලේලු..මේ මට, හීනෙකින් වත් අයිති වෙන් නැති උඹ ගැන කොච්චර නම් හිතන්න ඇද්ද මේ අසරණ හිත...
මිදුලෙ කොනක තියන බංකුවේ වාඩි වෙලා කවියක් කිකිය හිටිය මට කවදාවත් අහල නැති උනත් හරී හුරු පුරුදු වගේ උන උඹේ කටහඩ ඇහුනා..ඒ ඇහුනෙත් මගෙම නම..කාන්ති,මට වචන දෙක තුනක් වත් ගැටගහගන්න බැරුවයි හිටියෙ විනාඩි ගානක් යනකල්ම.අම්ම ආවෙ මගෙ වෙලාවට..
"මේ අපේ පන්සලේ නැවතිලා ඉන්න මහත්තයා නේද..කාව හම්බ වෙන්නද මහත්තයෝ.."
"මට කාන්තිට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද අම්මෙ"
"අපෝ මොකෝ බැරි..මේ ඉන්නෙ අපෙ කාන්ති..ඒත්,...මොකටද මහත්තයෝ,"
"සකුණි දහම් පාසලේදි නිතරම මට කියනව එයාගෙ පුන්චිට ලස්සනට කවි කියන්න පුලුවන් කියල..මන් දැන් එද්දි,ඇහුන කාන්ති කියන ලස්සන කවියක්.. සකුණිගෙ කතාව හරියටම හරි කියල දැන ගත්තා මන් අම්මෙ.."
"අනේ ඔව් ඉතින් මහත්තයෝ,මේකිට මොන අඩුව තිබ්බත් කටහඩ නම් හරි අගේට පිහිටලා තියනව මොන පිනකට හරි..මන් තේ කහට ඩින්ගක් හදන් එන්නම්..කාන්තියෝ මහත්තයාට ඈදිගන්ඩ කිව්ව නං."
එහෙම කියපු අම්ම කුස්සියට රිංග ගත්තෙ මගේ පපුව ගිඩි ගිගියෙ ගැහෙද්දි..බිම බලාගෙන හිටිය මන් ඔලුව ඉස්සුවේ මහත්තයා කතා කරපු නිසා..
"කාන්තිට හරි ලස්සනට කවි කියන්න පුලුවන් නේද.."
"ඔ..ඔව් මහත්තයා..පුලුවනි,"
අමාරුවෙන් කියාගත්ත වචන දෙකක්..දාඩියත් දාල මේ ඩින්ගට..
"කාන්ති බය වෙලාද..මට බය වෙන්න එපා ළමයො..අනික මට මහත්තයා කියන්නත් එපා.නිසල් කියන්නකො..හොදද,හ්ම්ම්..ඔයා කියන කවි ලියල එහෙම තියාගෙන නැද්ද..කාන්ති"
"මන් පොතක ලියාගෙන ඉන්නෙ මහත්තයා..ඒත් මොකටද ඉතින්.."
"ඔන්න ඉතින් ආයෙත් මහත්තයාලු..හරි කමක් නෑ..ඒක නෙවෙයි කාන්ති, මගේ හොදම යාලුවෙක් ඉන්නව කොළඹ පහන් කියල..එයා ඔයාට ගොඩක් උදව් කරයි..ඔයාගෙ කවි ලියපු පොත මට කැමති නම් දෙන්න..මන් පහන්ට ගිහින් දෙන්නම්.."
මහත්තයා,අම්ම ගෙනාව තේ ටික බොන අතරෙ ලෝබ කමක් නැතුවම ඒ පොත මන් දුන්න මහත්තයා අතට..ඒක අරන් මහත්තයා යන්න ගියා..
සතියකට පස්සෙ හිතාගන්න බැරි ආරන්චියක් අරගෙනමයි මහත්තයා දෙවනි පාරට මේ ගෙට ගොඩ වැදුනෙ..එදා අයියයි සකුණි දෙන්නත් ගෙදර හිටියා..
"කාන්තිට සුභ ආරන්චියක් කියන්නයි මන් ආවෙ..අද හැමෝම ඉන්න එකත් හොදයි..මගේ යාලුවා පහන්ට,කාන්ති ලියපු පොත මන් ගිහින් දුන්න.මිනිහ කැමති උනා ලොකු උත්සවයක් මේ ගමේම තියල ඒ පොත කාන්තිගෙ නමින්ම එලි දක්වන්න..ටීවි චැනල් එකකිනුත් එනව කියල තමයි පහන් මට කිව්වෙ..ලංකාවෙ හැම ඉස්කෝලෙකටම මේ පොතෙන් පහ ගානෙ යවනව කියලත් පහන් මට කිව්ව..කාන්ති,ඒ උත්සවේ තියන්නෙ අනිද්ද..ලෑස්ති වෙලා ඉන්න හැමෝම එක්ක.. "
තවත් මොන මොනවදෝ කියපු මහත්තයා ගියේ අපි හැමෝවම කොහෙදෝ ලෝකෙක අතරමන් කරල..නිසල් මහත්තයා දැන් කිව්වෙ වෙන්න පුලුවන් දෙයක්ද..ගෙදරට අදින්න විතරක් වැරහැලි උන ඇදුම් දෙකක් තිබුන මට,එපා කියද්දිම ටව්මට ගිහින් සාරියක් ගෙනාව අයිය මගේ ඔළුවෙ අත තියල,මාව තුරුළු කරන් කිව්වෙ, "
"උඹට වරදින් නෑ පොඩ්ඩි.."
කියල විතරමයි..තාත්තෙක් නැති මට ඒ උනුහුම මහ මෙරක් තරම් දැනුන..ඒ හින්දමයි ඇස් වලට කදුලු ඉනුවෙ..
අද තමයි ඒ දවස..මගේ ජීවිතේ වැදගත්ම කියල මට හිතුන එකම දවස..අහම්බෙන් හම්බ උන නිසල් මහත්තයා ගෙනල්ල දුන්න මගේම කියල හිතෙන දවස..මගේ ලස්සනක් ඇත්තෙම නැති උනත් සාරිය පටලවගෙන කවදාවත් නැතුව අද කන්නාඩි කෑල්ලෙනුත් හැඩ බලනව..මගෙ අම්මටත් හරි හිනා...අයියත් කියනව මගෙ පොඩ්ඩිගෙ හැඩලු..සකුණි නම් මගේ ඇගේ එල්ලිච්ච ගමන්..බලන් උන්න වගේම බයිසිකලෙත් අරන් මහත්තයා ආව මාව එක්ක යන්න.මහත්තයත් බලන් උන්න මගේ දිහා ටික වෙලාවක්.ලැජ්ජාවෙන් බිම බලාගත්ත මන්..
"කාන්ති අද හරි හැඩයිනෙ..අපි යමු නේද..උත්සවේ පටන් ගන්න නැකතත් ලගයි..හාමුදුරුවොත් වැඩියා..."
එහෙම කියද්දි මහත්තයාට යන්තම් හිනා උන මන් අම්මටයි අයියටයි දන ගහල වැන්ද...
"සකූ දෝණි,ඉක්මනට එන්න ඕන ඔයාලා..මට බයයි.."
"නිසල් මහත්තයා ඉද්දි පොඩ්ඩි මොකටද බය වෙන්නෙ..."
මගේ කටකාරි එහෙම කියද්දි පුරුදු විදිහටම හිනාඋන මන් නිසල් මහත්තයා එක්ක ගියේ උත්සවේ තියන,ගමේ ඉස්කෝලෙට..මාව වෙව්ලනව මටම දැනෙනව..ගමේ හැමෝම පාරෙ දෙපැත්තකට වෙලා..මගේ පැත්තටම කැමරා අල්ලගත්ත මිනිස්සු හතර දෙනෙක් විතර..කොළඹින් ආව කියල හිතන්න පුලුවන් මිනිස්සු දහයක් පහළොවක් විතර..පන්සලේ හාමුදුරුවෝ අසුන් ගෙන ඉන්නව ශාලාවෙ.මේ හැමෝම බලන් ඉදල තියන්නෙ මේ මන් එනකල්ද..මේක හීනයක් වෙන්න එපා දෙවියනේ..
ඉස්කෝලෙ සංගීත කණ්ඩායම මාව ගීතයකින් පිළිගත්ත..ඊට පස්සෙ හැමෝගෙම අත්පොලසන් මැද්දෙන් මන් ශාලාවට ගියා..හාමුදුරුවෝ පිරිත් දේශනා කරලා මගේ අතේ පිරිත් නූලකුත් බැදලයි උත්සවේ පටන් ගත්තෙ..තාම මට හිතා ගන්න බෑ මේ ඇත්තක්ද කියල..
ඉස්කෝලෙ විදුහල්පතිතුමා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කලාට පස්සෙ,පුන පුනා බලන් හිටිය මගේ වාරෙ ආවා..ඒ වෙද්දි අම්මලත් ඇවිල්ලයි හිටියෙ..නිසල් මහත්තයා දිහා බැලුව මන් ඒ ඇස් වල දිරි ගැන්වීම හිතේ තියාගෙනම වේදිකාවට ගියා..ඔව්,හැම ඇස් දෙකක්ම,හැම හදවතක්ම මගේ ලග කියල මට දැනුනෙ මීක් සද්දයක් වත් නැති නිසා..ඇහෙන්නෙ මගේ පපුව ගැහෙන හඩ විතරයි..
මයික් එක අතට ගත්ත මන් ඉස්සල්ලම ස්තූති කලේ නිසල් මහත්තයාට..ඊට පස්සෙ, කවි කරල ගෙතුව මගේ ජීවිත කතාව මේ විදිහට කියන්න පටන් ගත්තා..
"හුදකලා පාළුවට..හිනැහෙන්න වෙර දරන,
උණ පදුර යටට වී..තනිකමට අඩ ගසන,
සදකි මම...අමාවකට හිනැහෙන....
සීතලෙන් ගල් ගැසී..
හිම කැටයක් ලගට වී..
පාළුවට කවි කියන..
සදකි මම..අමාවකට හිනැහෙන..
ගණදුරට සමුදෙන්න..
තරු රෑන සනසන්න..
පුර දාට හිනැහෙන්න..
සදවතක්....සදවතක්......
මට දෙන්න.....මට දෙන්න....."
ඒ වෙද්දි හැම ඇහැකම මන් වෙනුවෙන් උපන් කදුලක් දිලිහුනා..මගෙ අම්ම අයියට තුරුල් වෙලා අඩනව මට පේනවා..නිසල් මහත්තයා..මගේ දිහාම බලන් ඉන්නවා...ඒත් එකම එක ඇස් දෙකක් ඈත ඉදන් බලන් හිටියෙ පුදුම තරම් ඉරිසියාවකින්,නපුරුකමකින්....මොනා උනත් එදා තමයි මගේ ජීවිතේ වෙනස් උන අසිරිමත් දවස..ඒ ගැන හිතල මන් හිත පුරව ගත්ත සතුටෙන්..
ගමේ හැමෝම පුදුම විදිහට දැන් මට සලකන්නෙ...ආදරේ කරන්නෙ.මන් ගැන කතා නොව්න කෙනෙක් නැති තරම්..ටීවි චැනල් වලත් මගේ කවි පෙන්නනව කියල ඉස්කෝලෙ ලොකු මහත්තයා අම්මට කියනව මන් අහගෙන.මට මන් ගැනම පුදුම ආඩම්බර කමක් දැනුනෙ..
එදා රෑ මන් අමුතුම හීනයක් දැක්ක..මායි නිසල් මහත්තයයි වෙලේ ඇවිදන් යනව අත් පටලගෙන.ඒත් මන් හිටියෙ මේ විදිහට නම් නෙවෙයි..පුදුම ලස්සන රූපයක් තිබුනෙ මට..සුදු පාට දිග සායට ගැලපෙන තනි සුදු හැට්ටෙයක්..මහත්තයත් අත් දිග සුදු ෂර්ට් එකයි සුදු සරමයි...හීනෙ නම් හරි ලස්සනයි...ඒත් හැමදාම වගේ ඒක හීනයක්ම තමයි..
එදා පහුවදා නිසල් මහත්තයා අපේ ගෙදර ඇවිත් කිව්වා මා එක්ක තනියම කතා කරන්න දෙයක් තියනව කියල..මට හිතුන කුමාරයෙක් වගේ ලස්සනට ඉන්න මහත්තයාට මේ මන් එක්ක තනියෙන් මොන කතාද කියල..ඒත් පොරොන්දු උන විදිහටම රෑ 7ට විතර ගෙදර කාටත් හොරෙන් මන් පන්සල ලගට ගියා මහත්තයා මුණ ගැහෙන්න..
ටික දුරක් එද්දි මට දැනුනා මගේ පස්සෙන් කව්රු හරි එනව කියල..ඒත් හැරිල බලද්දි කව්රුත් පේන්න නෑ..බයෙන් බයෙන් පන්සල පේන මානෙට එද්දි කව්දෝ මගේ උරහිසට අත තිව්වා..ගැස්සුන පාරට වැටෙන්න ගිය මන් අල්ලගත්තෙ වෙන කව්රුත් නෙවෙයි...නිසල් මහත්තයා..ඒ ඇස් අස්සෙ මොහොතකට මන් හිර උනා..වරදක් කලා වගේ කලබලෙන් මන් අහක බලාගත්තත් මහත්තයා නම් තාමත් මන් දිහා බලාගෙනමයි...ඒ දිහා නොබලා මන් ඇහුවා,
"මොනාද මහත්තයා මට කියන්ඩ තියන්නෙ..විගහින් මන් යන්ඩත් ඕන.."
කියලා.
මොහොතක් නිහඩව හිටිය මහත්තයා ඊට පස්සෙ කිව්ව දේ.....ජීවිතේ මන් ඇහුව ලස්සනම වචන ටික වෙන්න ඇති..ඒ තප්පර ගානට මගේ ඇස් බොද වෙලා..
"කාන්ති...මන් ඔයාට ගොඩක් ආදරෙයි..."
එහෙම කියපු මහත්තයා මාව තුරුල් කරගත්ත..දෙයියනේ මට පණත් නෑ කෙලින් හිටගෙන ඉන්න තරම් වත්..මේක නම් වෙන්න බැරි දෙයක්..මහත්තයාට කියන්න දෙයක් මට තේරෙන්නෙත් නෑ..
"මො...මොනාද මහත්තයෝ මේ මේ කියන්නෙ,ඔයා මට..මේ මට..කොහොමද,..."
"කාන්ති මේ අහන්න,ඔයා කියන්න යන දේ මට තේරෙනවා..ඔයාගෙ රූපෙ ගැන මන් හිතන් නෑ පොඩ්ඩක් වත්..ඔය හිත කොච්චර ලස්සනද පිරිසිදුද කියල මන් දන්නව..මට ඒ ඇති..ජීවිත කාලෙම මන් දුකක් දෙන්නෙ නැතුව ඔයාව බලාගන්නව..කාන්ති...මට ආදරෙයි නේද.."
ඉවසගන්න බැරි උන,හිතේ තෙරපිලා තිබුන ආදරේ හින්දම ඒ පපුවට මන් ගුලි උනේ ආත්ම ගානක හුරු පුරුදු සුවදක් දැනෙද්දි...හිතේ උතුරන සතුටත් එක්ක ගෙදර එන්න පිටත් උනේ මන් මහත්තයාගෙන් ඈත් වෙන්න ගොඩක්ම අකමැත්තෙන්.තාමත් දැනෙනව මහත්තයා මගේ නළලට දුන්න හාදුවේ උණුහුම..ඒ ගැනම හිත හිත මන් එද්දි හිතාගන්න බැරි තරම් ඉක්මනින් මහ පුදුම දෙයක් මට සිද්ද උනේ...කව්දෝ ඇවිත් කෑ ගහන්න බැරි විදිහට මගේ කට වැහුවා..මන් පන බේරගන්න පුදුම විදිහට දගලව්වෙ..මගේ නියපොතු වලින් ඒ මූන හීරුවා...ඒත් වැඩක් උනේ නෑ..මගේ ඇස් බැදපු ඒ මනුස්සයා කැලේට මාව ඇදගෙන ගියා..ඒ අරන් ගිහින් මගේ ආත්මෙම,මගේ ජීවිතේම උදුරගත්ත..විනාස කරල දැම්ම...ජීවිතේ ලස්සනම දවස කියල හිතුව මට අද මේ මොකක්ද දෙයියනේ සිද්ද උනේ...
"පොඩ්ඩියේ....අනේ මගෙ රත්තරනේ ඇස් ඇරපන්..උඹ මේ අම්මට නොකියා කොහෙද ගියේ..කව්ද දෙයියනේ මේ අහින්සකීට මේ වගේ අපරාදයක් කලේ...කව්ද....ඕකට නම් හොදක් සිද්ද වෙන්න එපා...අනේ මගෙ කෙල්ල..."
මගෙ අම්මා අඩනව මට ඇහෙනවා...
"මේ ගෑනු ළමය rape කරලා තියනවා.ඒ වගේම ගොඩක් කරදර කරල තියනව..ඇගේ තුවාල කැලැල් ගොඩක් තියනවා..ම්ම්ම්..තව දවස් දෙක තුනකින් ටිකට් කපන්න පුලුවන්..ළමයව තනි නොකර හොදින් බලා ගන්න.."
දොස්තර මහත්තයා එහෙම කියද්දි මුලු ඉස්පිරිතාලෙටම ඇහෙන තරම් හයියෙන් කෑ ගහලා ඇඩුවෙ මට කරන්න පුලුවන් වෙන දෙයක් නැති හින්ද...මටත් වඩා මගෙ අම්ම අඩන්න ඇති..අයිය බලාගත්ත අත බලන් ඉන්නව..ඒ ඇස් වල තරහ බේරෙනව මට පේනව...අනේ,මගේ දග මල්ලගෙ ඇස් වලත් කදුලු..කව්ද දෙයියනේ මට මෙහෙම කලේ..
පොලීසියෙන් ඇවිත් මගෙන් වෙච්ච හැමදේම දැනගෙන ලියාගත්ත..ඒ මනුස්සයාව හොයාගන්න තියන එකම සාක්ෂිය තමයි මගේ නියපොතු පාරවල් ඒ මූනෙ තියන එක.."
මන් ගෙදර ආවා..නිසල් මහත්තයා මාව බලන්න ආවෙත් නෑ..ආරන්චි වෙන්න නැතුව ඇති..එහෙම කියල මගේ හිත මන්ම හදාගත්ත..එතකොටම තමයි පොලීසියෙන් අපේ ගෙදරට ආවෙ..ඒ මහත්තුරු කියපු දෙයින් සිහි නැතුව ඇදගෙන වැටුනෙ මගෙ අම්මගෙ ඇගට..
"පන්සලේ බණ මඩුවෙ ඉදල නිසල් කියල මනුස්සයෙක්ව අපි හොයාගත්තා..ඒ මනුස්සයාගෙ මූනෙ නියපොතු පාරවල් තියනව ගොඩක් පැහැදිලිව..එහෙම දෙයක් කාන්තිට කලේ නෑ කියල අඩ අඩ කිව්ව හාමුදුරුවෝ ඉස්සරහම..ඒත් අපි අපේ රාජකාරිය කලා..නිසල්ව අපි අත්අඩංගුවට ගත්ත..මිස් යමු පොලිසියට මේ දැන්ම අපි එක්ක.."
මැරිච්ච එකියක් ගානට අම්මට වාරු වෙලා මන් පොලිස් ජිප් එකේම පොලිසියට ගියා..කූඩුවක් ඇතුලට වෙලා හිටිය නිසල් මහත්තයා මාව දැක්ක ගමන් කිසිම කලබලයක් නැතුව මට හිනා උනා කලින් වගේම..මන් හෙමින් කිට්ටු උනා ඒ ඇස් ලගට..නෑ...මේ දේ මහත්තයා කලා වෙන්න බෑ..මගේ හිත කිව්වෙම එහෙමයි..මෙච්චර දෙයක් වෙලා තියද්දිත් මහත්තයාගෙ මූනෙ තිබුන හිනාව අඩු වෙලා නෑ..ආදරේ පිරුන ඇස් ඒ විදිහටම තිබුනා..මහත්තයා වචනයක් වත් කතා නොකරපු හින්දම මගේ හිත පුදුම විදිහට බර වෙලයි තිබුනෙ..
සතියක් දෙකක් ඔහේ ගෙවිල ගියා..කල්පනා කර කර ඉදලම මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනව..හෙම්බත් වෙලා හිටිය මන් අම්මලා එක්ක පන්සල් ගියා..අම්මලා බුදුන් වදිද්දි මන් මළුව අමදින්න කියල හිතාගෙන ඉදලක් හොයාගෙන ගියේ මඩුව දිහාවට..මඩුව ඇතුලට ගියපු මන් දැක්ක දෙයින් උන් හිටි තැන් අමතක උනා මට.මඩුවෙ මුල්ලකට වෙලා ගුලි ගැහිල නිදාගෙන හිටියෙ විමල් අයිය..මන් තවත් ලන් වෙලා බැලුවා..දෙයියනේ..ඒ මූනෙ හැම තැනකම තුවාල කැලැල් ගොඩක්...මන් සිහියක් නැතුව අඩියට දෙකට දුවගෙන ගියේ පන්සලේ හාමුදුරුවෝ හොයාගෙන.හැමදේම මන් අකුරක් නෑර හාමුදුරුවන්ට කිව්ව..මොහොතක් කල්පනා කරපු හාමුදුරුවෝ පොලිසියට කෝල් කරල පන්සලට ගෙන්නගත්ත..සිද්ද උන කිසි දෙයක් නොදන්න විමල් අයියට හිතා ගන්න බැරි තරම් ඉක්මනට අත් දෙකට මාංචු දාලා ඇදගෙන ආව පොලිසියේ මහත්තුරු දෙන්නෙක් පොලිස් ජිප් එකට දාගත්තෙ වට වෙලා හිටිය මිනිස්සුන්ගෙ කසු කුසුව මැද්දෙන්මයි...
සතියකට පස්සෙ උසාවියට නියම උන මේ නඩුවෙන් ඔප්පු උනා විමල් කියන මනුස්සයා තමයි වැරදිකාරයා කියල..එදා මායි නිසල් මහත්තයයි කතා කරන හැම දේම විමල් කියන මනුස්සයා අහගෙන ඉදල.මාව විනාස කරල මේ මනුස්සයා නිසල් මහත්තයාටත් හොදටම ගහලා,මන් මූන හීරුවා වගේම නිසල් මහත්තයාගෙත් මූන හූරලා දාල..පන්සලට අමාරුවෙන් ගිහින් හැමදේම හාමුදුරුවන්ට කියල..බෙහෙත් කරල තියන්නෙත් හාමුදුරුවෝ..පොලීසියෙන් ඇවිත් මහත්තයාව එක්ක යද්දි හාමුදුරුවෝ මුකුත්ම නොකියා ඉදල තියන්නෙ කවදාවත් බොරුව ජය ගන්නෙ නෑ කියල හිතල.. ඒකයි එදා වෙලා තියන්නෙ.
විමල් කියන මනුස්සයාට වසර දහයක බරපතල වැඩ සහිතව සිරගත කරන්න නියම උනා..හිතට ලැබුන සැනසීමත් එක්ක මන් බැලුවෙ නිසල් මහත්තයා දිහා..ඔව්,ඒ ඇස් වල එදා වගේම..ආදරේ විතරයි...
ඊට පහුවෙනිද බිනර පුන් පෝය දවස..මගේ උපන් දිනෙත් අද..මහත්තයා මට අරන් දුන්නු ඉස්සල්ලම තෑග්ග..මගේ උපන්දින තෑග්ග. සුදු දිග සායයි සුදු හැට්ටෙයි.මායි නිසල් මහත්තයයි පන්සල් ගියා..දවසෙන් බාගෙකට වඩා එදා අපි ගත කලේ පන්සලේ..මන් ඉල්ලුවෙ බුදුන්ගෙන් මගේ රූපෙ නිසා මහත්තයාට කාගෙන් වත් අවමන් විදින්න සිද්ද වෙන්න එපා කියලා..මන් කියන දේවල් බුදු හාමුදුරුවෝ අහගෙන ඉන්නව ඇති කියල මගේ හිතට ගොඩක් දැනුනා...
පන්සල් ගිහින් අපි ඇවිදන් ආවෙ වෙල මැද්දෙන්..ටික දුරක් යද්දි මහත්තයා මගේ අත අල්ලගත්ත..මට මතක් උනේ දවසක් රෑ මන් දැකපු හීනෙ. මගේ හිතට මහ අමුත්තක් දැනුන.ඒ හැගීමෙන්ම ගග ලගට ගිහින් අයිනක වාඩි වෙලා කතා කර කර හිටිය අපි දෙන්නට එක පාරටම ඇහුනෙ කව්දෝ උදව් ඉල්ලලා කෑ ගහන හඩක්..ඔව්,දෙයියනේ ඒ මගෙ දෝණි...සකුණි..දුවගෙන ගියේ මන් ලග හිටිය මහත්තයාවත් අමතක කරලා..මගෙ කෙල්ල වතුරත් එක්ක පොර බදිනව ගොඩට එන්න බැරුව..ගොඩට වෙලා අම්මත් කෑ ගහනව...මට හිත හිත ඉන්න වෙලාවක් තිබුනෙ නෑ..පැන්නා දෙපාරක් නොහිතම ගගට...ගියා මගෙ කෙල්ල ලගට..දෝණිවත් අරන් එන්න ලේසි උනේ නෑ..ටිකක් ඈතට ගිහින් තිබුන නිසා මන් හෙම්බත් වෙලා හිටියෙ..ඒත් එක්කමයි මගෙ අයියා ඇවිත් දෝණිවත් අරන් ගොඩට ගියේ..මගේ ඇගේ ශක්තිය අඩු වෙනව කියල මට දැනුන..මාව ගිලුනා..හුස්ම ගන්න අමාරුයි..වතුරත් පෙව්න ගොඩක්..'මැණික'කියාගෙන නිසල් මහත්තයා ඇවිත් මාව වතුරෙන් උඩට ගන්නව විතරයි මතක...
මන් හිටියෙ ඇදක් උඩ ඉස්පිරිතාලෙ..අම්මා,අයියා,සකූ දෝණි වගේම නිසල් මහත්තයත් මන් ලග...මන් ඇස් ඇරල හෙමින් හිනා උනා..ඒත් හැමෝම පුදුම වෙලා මන් දිහාවෙම බලාගෙන..මට හිතාගන්න බෑ ඒ ඇයිද කියල...
"අනේ පොඩ්ඩි බලන්නකො ඔයාගෙ.........."
සකූ බබා හරි සතුටෙන් මොකක්දෝ කියන්න යද්දි,
"සකුණි,කට කට..."
කියල අම්මා දෝණි කියන්න ගිය දේ නතර කරා..මට මහ අමුත්තක් දැනුනා..මන් කොච්චර ඇහුවත් කව්රුත් මුකුත්ම කිව්වෙ නෑ..
ටිකට් කපලා ඉස්පිරිතාලෙ ඉදන් මාව එක්කන් ආවෙ පන්සලට..හැමෝම ඉන්නෙ කියාගන්න බැරි සතුටකින් කියල නම් මට තේරුනා...හාමුදුරුවෝ වැඩියා..මන් වැන්දම හාමුදුරුවෝ බලාගෙන ඉදල මොහොතක් මගේ දිහා ගාථා වගයක් කියල පිරිත් නූලක් බැන්ද..
"කාන්ති ළමයට ලොකූ අපලයක් තිබුන..වයස 23 ඉවර වෙනකල්..ඔන්න අදින් ඒ අපල කාලෙ ඉවරයි...ඔය ළමයට වරදින් නෑ දරුවො..නිසල් මහත්තයත් එක්ක දුකක් කරදරයක් නැතිව හොද පව්ල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕන...බුදු සරණයි! "
මට තාම හිතාගන්න බෑ මොකක්ද සිද්ද වෙලා තියන්නෙ කියලා..
ගෙදර ඇවිත් හැමෝම ඉස්සරහ අම්මා වතුර භාජනයක් මගෙ ලගට දීල කිව්ව,
"බලපන් මගෙ රත්තරනේ උඹේ මූන.."
කියල..
මාත් බැලුව මොකක්ද මගේ මූනට වෙලා තියන්නෙ කියල..ඒ වතුරෙන් බොද වෙලා පෙනුන මගේ මූන දිහා මන් බලන් හිටියෙ මේ මන්මද කියල මගේ ඇස් විශ්වාස නොකර වගේ....හීනයක් කියල හිතුව දේ හැබෑවක් වෙලා..දෙයියනේ...මන් වෙව්ලන අත් දෙකෙන් මගෙ මූන අල්ලලා බැලුව...පුදුමයි...පුදුම ලස්සනයි..මේ මන්මද...හිතාගන්න වත් බෑ...මට දැනෙන සතුටට තනියම අඩන්න ඉඩ දුන් නෑ කව්රුත්...හැමෝම මාව තුරුල් කරන් ඇඩුවා..ඒ සතුටු කදුලු.....
ඉතින්.....මේ මගේ කතාව.තවත් මට මොනාද ඉතින් ඕන...මීට වඩා....
....සමාප්තයි....
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI