මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති,කවදාවත් තවත් කෙනෙක්ට කෙනෙක්ව සසදන්න එපා,හැමෝම එකවගේ කියලා හිතන්නත් එපා...මොකද එහෙම වුනොත් ජීවිතේට කවදාවත් සතුටක් ලැබෙන්නෙ නෑ ....

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net
වැටහුනි වරද මගේ
අහකට වෙනවාකො මල වදේ,,වටේ ගිහින් හදන් ආපු ළමයි මට එපා යනවා යන්න ...
තමුසෙට කිවුවම තේරෙන්නෙ නැද්ද මට ළමයෙක් එපා,කිවුවම අහලා ළමයව නැති කරනවා,කවුද දන්නෙ කොහෙන් හදාගෙන ඇවිත්ද කියලා ,මට ඕනි නෑ එක එකාගෙ ළමයිට තාත්තා වෙන්න ,තමුසෙට මේ කසාදෙ වටිනවනම් ඔය දරුවා නැති කරගන්නවා,නැත්නම් මේ ගෙදරින් පලයන්,

ඒ තමයි දේවක සමරදිවාකර ,එයා බිස්නස්මන් කෙනෙක් ,ආදරෙ කරපු කෙල්ල එයාව දාලා ගියාට පස්සෙ කුෂී තමයි දේවින්ද මැරි කරේ,මේ දෙන්නගෙ අතර ආදරයක් තිබුනේ නෑ ,,කුෂී අහිංසක කෙල්ලෙක්,දේවක එයා දිහාත් බැලුවේ එයාගෙ කලින් පෙම්වතිය වගේ කෙනෙක් ගානට,,විවාහ වෙලා අඹුසැමියන් ලෙස කිසිදු සම්බන්ධයක් මේ දෙන්නා අතරෙ තිබුනේ නෑ ,,ඒත් දවසක් දේවින්ද හොදටම බීලා ඇවිත් කුෂීව එයාගෙම කරගත්තා,,ඒත් දේවක ඒ කිසි දෙයක් පිලිගත්තෙ නෑ ,
ඔහොම ටික කාලයක් යනකොට කුෂී ප්රෙග්නන්ට් වුනා,දේවක කිවුවෙම ඒ ළමයා වටේ ගිහින් හදාගත්තු එකෙක් කියලයි....
බෑ මේ ඉන්නෙ මගෙයි ඔයාගෙයි ළමයා,මම කවදාවත් එයාව නැති කරගන්නෙ නෑ 
එහෙනම් මෙහෙන් මේ දැන්ම පලයන්,,මට තෝත් එපා තොගෙ ළමයත් එපා,,
හරි දේව් මම යන්නම් හැබැයි මම ඔප්පු කරනවා මේ ඉන්නෙ මගෙයි ඔයාගෙයි දරුවා කියලා ,,මේකත් මතක තියාගන්නකො දේව් මට බැරි වුනොත් මේ ළමයා ඔයාගෙ නෙවෙයි කියලා ඔප්පු කරගන්න එදාට මම යන්නම්,ඊට කලින් මම කොහේවත් යන්නෙ නෑ ,මොකද මේ මගෙයි ළමයගෙත් ගෙදර ,,
පුතේ මොකද මේ,ඔයාට මේ දරුවව විශ්වාස නැද්ද ,අපිට මේවා බලන් ඉන්න බෑ ,,දුව එහෙම දෙයක් කරයි කියලා අපි හිතන්නෙ නෑ ,මේ ඉන්නෙ ඔයාගෙයි එයාගෙයි දරුවා,,
අනේ අම්මා අම්මා මොනවද දන්නෙ මම මෙයා එක්ක ඉන්න එපැයි ළමයි හැදෙන්න,මම එහෙම කරලා නෑ ,,
මොනවද පුතේ ඔයා මේ කියන්නෙ ,එදා ඔයා බීලා ඇවිත් මේ ළමයට කරදර කරලා උදේ කාමරේට ආවම මම සේරම දැනගත්තා ,අඩුම තරමේ ළමයා හම්බෙනකන් මේ ළමයට මෙහෙම ඉන්න දෙන්න ,ඊට පස්සෙ එයා ළමයා අරන් යයිනෙ,,
කුෂී අඩ අඩම රූම් එකට ගියා,,කෙල්ල අඩ අඩම නිදාගත්තා ,ඔහොම මාස හතක් ගෙවුනා ඒ මාස හත ඇතුලට කුෂී දේව් එක්ක කතා කරේම නැති තරම්,,දේව්ට තමන් කරපු දේවල් තේරුනත් ඔහු පිලිගත්තෙම නෑ මේ දේව්ගෙ ළමයා කියලා ,,
ඒත් දවසක් කුෂී ට හොදටම අමාරු වුනා,එදානම් දේව් හොදටම බය වුනා,කොල්ල කෙල්ලව අරගෙන ප්රයිවට් හොස්පිටල් එකකට ගියා ,කෙල්ල ඩිලිවරි එකට ගිය ගමන්ම සූදනම් කරා,,කොල්ල මොනවා වුනත් හිටියේ හොදටම බය වෙලා,දේව් වෙව්ලනවත් එක්ක,,
පැයකින් විතර පස්සෙ කුෂී කෑ ගහන සද්දෙ නැති වුනා ,එකපාරටම චූටි පැටියෙක්ගෙ අඩන සද්දයක් ඇහුනා,,
නර්ස් කෙනෙක් ඇවිත් බබාව දුන්නේ දේව්ගෙ අම්මගෙ අතට,,
දැක්කද මහත්තයො අපේ දේව් පොඩි කාලෙත් මේ වගේමයි,කෙල්ලෙක් වුනාට තනිකරම තාත්තා වගේම ඉන්නවා ,දැන්වත් තේරෙන්නැතැ පුතණ්ඩියට,,
දේව් ඇවිත් ළමයව අරන් ගියේ කුෂී හිටපු රූම් එකට ,කොල්ලට හොදටම ඇඩිලා,,
කුෂී මේ බලන්න අපේ දරුවා,මේ බලන්න ඔයා වගේම ලස්සන දුවෙක්,,
මම වගේ තමයි මේ මගේ දරුවනෙ දේව් ,කොහොමත් මම වගේ තමයි ,,
අනේ කුෂී මට සමාවදෙන්න,,මම එදා කියපු දේවල් වලට,මේ දරුවා ඔයාගෙ විතරක් නෙවෙයි මේ ඉන්නෙ මගෙයි ඔයාගෙයි දෙන්නගෙම දරුවා,අනේ මට සමාව දෙන්න,,
නෑ දේව් ඉස්සෙල්ලාම මේ රිපෝට් එක බලල ඉන්න ,කාගෙ දරුවද කියලා බලන්න පුලුවන්නෙ,,
අනේ මේවා ඕනි නෑ මට සමාවෙන්න ,මම ඒ දෙවල් කරේ ඔයත් මගේ කලින් කෙල්ල වගේ කියලා හිත්ලා,,ආයෙ මගෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ ,මට සමාවෙන්න ප්ලීස් ,,
ඔහොම ඉතින් කාලය ගෙවිලා ගියේ දේව්ට කුෂීගෙන් සමාවත් ලැබිලයි,,
💑💑💑💑💑💑💑💑💑💑💑
කොහෙද හැංගුනෙ මේ හොර ගෙඩියා ,,,බත් කවන්න හදනකොටම අතුරුදහන් වෙනවා,,ශේනු බබා එන්න හොද බබා වගේ බාබු කන්න ...
💑💑💑💑💑💑💑💑💑💑💑
අනේ තාත්ති මත බාබු කන්න බෑ කීලා අම්මත කින්නකො..බබා ආත නෑ බාබු කන්න...මත ඕනි චොකො න..අම්මි මට ඒවා දෙන්නෙ නෑනෙ තාත්ති...
ඒ තමයි කුෂීගෙ හුරතලී දැන් කෙල්ලට අවුරුදු එක හමාරක්,ශෙනුල්යා සහස්මි සමරදිවාකර ,
දැන් මොකද අපි කරන්නෙ මගේ චූටි පැටියො,,අම්මි ආවොත් අපි දෙන්නටම ගහයි,,ඒ හින්දා අපි ගිහින් බාබු කමුද,,
තාත්ති අම්මිත බයයි නේද,,බබාගේ තාත්ති අම්මිත බයයි,,හූ අයියෝ තාත්ති ...
යකෝ කෙල්ලත් අම්මා වගේමනෙ,,
දේව් ශේනුව දැක්කද මේ කෙල්ල දිව්වනෙ බත් කවන්න හදනකොටම ,,හැමදාම වද කරලා කරලා බත් ටික කවන්නෙ,,
අනේ මගේ ලස්සන වයිෆ්ට කේන්ති ගිහින් ,බලන්නකො ශේනු අන්න අතන හැංගිලා ,මට කියනවා බත් කන්න බෑ මට චොකෝ ඕනි කියලා ,ඔයා ඒවා දෙන්නෙ නෑලු,,,අනේ කෙල්ල අඩයි ඒ හින්දා බත් කවලා චොක්ලට් එකක් දෙන්න ,,බත් කන්නැත්තම් නූඩ්ල්ස් එකක්වත් හදලා දෙන්න
ඔයත් එයාටම හරියන තාත්තා,එයා කියන දේම කරාම හරි ,නූල්ඩ්ස් එක දවසක් නම් කමක් නෑ ඔයා තමයි ඉල්ලන ඉල්ලන දේවල් දීලා මේ ළමයව මුරණ්ඩු කරේ,,
යකෝ ඉතින් ඒ මගේ ළමයනේ,තාත්තා වගේ තමයි කොහොමත් ...
දේව් ඔයා ලෑස්ති වෙන්නෙ නැද්ද ඔෆිස් යන්න ,මම ඇදුම් අයන් කරලා ඇත්තෙ ,
අනේ ඉතින් මගේ නෝනා දැන් බබා ගැනමයි බලන්නෙ,බබාගේ තාත්තා ගැන ගානක්වත් නෑ දැන් ,තාත්ති එන්න එන්නම කෙට්ටු වෙනවා,ඉස්සෙල්ලා කොහොමද තාත්ති හිටියේ ඒකට දැන් ,,බබාව දුන්නෙ කවුද කියලවත් මතක නෑනෙ ,මගේ වටිනාකම දැනෙන්නේ තව කෙනෙක් ඕනි වුනාම තමයි ,,
අනේ දේව් ඔයත් පොඩි ළමයෙක් වගේනෙ,පිස්සුද කොහෙද මේ කොල්ලට,,,
දේව් එකපාරටම කුෂී ඇදලා ළගට ගත්තා,,,
දේව් මොනවද කරන්නේ ,ඔය ශේනු බබාගේ බත් එකත් වැටෙනවා තව පොඩ්ඩෙන්,
පොඩ්ඩක් ඔහොම ඉන්නකො,සුමනා අම්මා මේ ශේනු බබාව එක්කන් ගිහින් නූඩ්ල්ස් එකක් හදලා දෙන්න ,,මගේ චූටි දෝනි ගිහින් සුමනා අම්මා එක්ක නූල්ඩ්ස් කන්න ,,
තාත්ති ගොඩාලියක් හොදයි ,තාත්ති අම්මිත ඉන්න දෙන්න එපා,,අම්මි නලතයි,,
හරි දෝනි ඔයා කිවුවා වගේම කරන්නම්කො,,ඒක නෙවෙයි දෝනිට මල්ලි බබෙක් එපාද සෙල්ලම් කරන්න 
බෑ මත එපා,එතකොට මත අම්මි කුක්කු දෙන එතතුක් නෑ ,මත එපා මල්ලි බබාලා,,මල්ලියෙක් ගෙනාවොත් මම තලහයි උවාලා එක්ක,,
එහෙම කියලා ශේනු දිව්වෙ නූල්ඩ්ස් කන්න ...
ඇත්ද මහත්තයො දැන් ගිහින් ලෑස්ති වෙන්න ඔෆිස් යන්න ,,
ඒක නෙවෙයි බන් ශේනු බබා දන්නවනම් එයාගෙ අම්මිගෙ කුක්කු බබා දොයියගත්තම තාත්තිගෙ කියලා ,මට ගහලා මෙලහකට,,ඕනි දෙයක් බෙදා ගනියි අම්මි කුක්කු නැතුව ,,
එහෙම තමයි ඉතින් බබාගෙනෙ ඒවා,,
බබා එන්න කලින් ඒවා මගේ ,බබානේ මගේ ඒවා අයිති කරගත්තෙ ඇවිත් ,අනේ සජානා අද ඔෆිස් යන්න බෑ ,අද මට මගේ නෝනා ගාව ටිකක් හුරතල් වෙන්න ඕනි ,,
අනේ විකාර අයින් වෙන්න දේව්,,,ශේනු ආවොත් එහෙම,,
අනේ බන් උබ මගේ වයිෆ් මට දැන් අයිති නැද්ද බන් උබ ගාව හුරතල් වෙන්නවත්,,,
එහෙම කියලා දේව් කුෂීව තම දෑතට අරන් ගියේ ඔවුන්ගේ යහනට,,දේව්ට රූම් එකේ දොර ලොක් කරන්න අමතක වුනා,,
කුෂීගෙ මුහුන සිපගත්තු ඔහු ක්ෂණයෙන් ඇගේ දෙතොල් ඔහුගේ දෙතොල් වලින් අල්ලාගත්තා,,විනාඩි ගානක් ඇගේ දෙතොල් මත දගකෙරූ ඔහු ඇගේ ගෙල මත දෙතොල් වැතිරුවා,,කුෂී ඇද සිටි ඇදුමේ බොත්තම් එකින් එක ගැලවුනේ දෙදෙනාගෙම තුරුනු හැගුමන් අවදි වෙමිනි,,
සජානගෙ ලැම මත දෙතොල් තැවරූ ඔහු ලැම මත දගකරේ පොඩි දරුවකු සේය,,
තාත්ති බබාගේ කුක්කු ,තාත්තිගෙ නෙවෙයි,,,මම තලහයි තාත්ති එක්ක,,
එකපාරටම එහෙම කියාගෙන රූම් එකට ආවෙ ශේනු ,,කෙල්ල අඩ අඩම පහලට දිව්වා,,
ඕ ෂිට් මට දොර ලොක් කරන්න අමතක වුනානේ,,
අනේ අයින් වෙන්න දේව් කෙල්ල අඩ අඩම ගියේ ,ඔයාට නම් විහිලු,,
කුෂීත් දේව්ට බැන බැනම ඇදුමත් හදන් පහලට ගියේ කෙල්ල අඩන්න ගත්තම නලවගන්න අමාරු නිසා,,
තලහයි අම්මි එක්ක,,මත එපා අම්මිගෙ කුක්කු,,හිහින් තාත්තිටම දෙන්න ,ශේනු බබා කන්නෙත් නෑ ,නාන්නෙත් නෑ ,,ඔවාලා ගාව දොයියන්නෙත් නෑ ,,
අම්මි අපි එහෙනම් ශේනු බබාව තියලා යන් නේද බීච් හවස,එයා අම්මියි තාත්තියි එක්ක තරහයිනෙ...
නෑ මම තාත්ති එක්ක තලහ නෑ ,,
දැක්කද දේව් ශේනු මටත් වඩා ආදරේ ඔයාට ,මේ ඔයාගෙ දරුවනෙ දේව්,,
ළමයටත් තේරෙනව ඇති තාත්තා කියලා ,පොඩි කාලෙ ඉදන්ම ශේනු මට වඩා ඔයා එක්කයි එකතු ,,
මේ ළමයා ඔයාගේ හැම ආත්මෙකම ළමයා වෙන්න ඇති දේව් ,,
මට සමාවෙන්න සජානා ,,මම තව පොඩ්ඩෙන් නැතිකරන්න කියන්නෙ මගේම ජීවිතෙයි...මට සමාවෙන්න ,කවදාවත් එහෙම දෙයක් මගෙන් වෙන්නෙ නෑ ,,,
....නිමි....

මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති,කවදාවත් තවත් කෙනෙක්ට කෙනෙක්ව සසදන්න එපා,හැමෝම එකවගේ කියලා හිතන්නත් එපා...මොකද එහෙම වුනොත් ජීවිතේට කවදාවත් සතුටක් ලැබෙන්නෙ නෑ ....
අනිත් එක තමයි කාවවත් සැක කරන්න හොද නෑ ,ඒ කෙනාටත් අවස්ථාවක් දෙන්න ඕනි ,,ආදරේදී සැකේ හින්දා සමහරවෙලාවට අපිට වටිනම දේවල් නැති වෙන්න පුළුවන් ,,කතාවෙ කෙල්ල වගෙ නෙවෙයි හැමෝම ,,,එහෙම ඉවසන අයත් අඩුයි ,ඉක්මනට සමාව දෙන අයත් අඩුයි...

Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI