ඇය මා දමා ගොස් අවසන්‍ ය. මට අදටත් විශ්වාස නැත.. ඇය මට අවංකවම ආදරය නොකලේද..... මගේ දෙමවුපියන් හා ඇගේ විවාහය අතර සම්බන්ධයක් ඇත්ද?.. මේ සියලුම ගැටලු වලට පිලිතුරු අදටත් මම් සොයමි.. මම තවමත් ලියානාට ආදරය කරමි.... ❤ ❤

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

#කිඳුරැ

"බණ්ඩාරවෙලින් බහින අය බැහැගන්න..."
කොන්දොස්තර අයියාගේ කෑගැහිල්ලට මම් උඩ ගිහින් අවදි උනා.උකුලෙ තියාගෙන හිටපු බෑග් එක කරට දාගෙන මම ඉක්මනින්ම බැහැගත්තා.
මේ මම් බණ්ඩාරවෙල ට ආපු දෙවෙනි වතාව.පලවෙනි වතාවෙ ආවෙ පොඩි අක්කාගෙ වෙඩින් එක දවසෙ.මගේ පොඩි අක්කා විහඟි බැදලා ඉන්න සමරෙ අයියගෙ ගම බණ්ඩාරවෙල .
ඒලෙවල් එක්සෑම් එක ඉවරවෙලා ගෙදර ඉන්න කම්මැලි නිසා වෙනසකටත් එක්ක මෙහෙ එන්න මට හිතුනා.ස්ටෑන්ඩ් එකේ ඉදගෙනම මම් පොඩි අක්කට කෝල් එකක් ගත්තා.
"හෙලෝ මල්ලා...ඔයා ආවද?"
"ඔව් පොඩි අක්කා.මම් මේ දැන් බස් එකෙන් බැස්සෙ."
"හා..ඔතනම ඉන්න.මම් අයියව එවන්නම්."
"හා..බුදුසරණයි"
"බුදුසරණයි.."
විනාඩි 20ක් විතර යනකොට සමරෙ අයියා ආවෙ එයාගෙ බයික් එකෙන්.
"ආ...ඉලන්දාරියා..දැක්ක කල්.."
"හ්ම් ..ඒකනෙ.අයියා මහත්වෙලා."
"පවුල් බර කරට ගත්තම බඩ බහිනවලුනෙ කකුල් දෙකට...ඒකයි බං මේ...😉😁හා හා නගිනවා නගිනවා.."
මමත් හෙල්මට් එක දාගෙන පිටිපස්සෙන් නැග්ගා..

ගෙදරට ගිහින් බහිනකොටම අක්කාගෙ හුරතලා දුවගෙන ආපු වේගෙට මම් නැවතුනේ බයික් එක උඩ.😨😨😱😱කලුම කලු මහ දඩාර දඩෝරියෙක්🐕🐶.. මගේ ජීවිතේ මම් අකමැතිම සතා...
"බ්ලැකී...මෙහෙ එන්න.."
අක්කා දුවගෙන ඇවිත් ඌව කූඩුවට දැම්මෙ බඩ අල්ලගෙන හිනා වෙවී....😂😂😂😂😂
"මොකෝ ඕයි තමුසෙ හිනාවෙන්නෙ.."
ලැජ්ජාව වැඩිකමට මම් ඇහුවා.
"අ..ම්..මෝ...තමුසෙ මේ කුක්කාටත් බයයිද ..අයියෝ..😂😂😂😂😂"
"කුක්කා..හොද කුක්කා.මට වඩා අගලයි කොට..හම්මෝ.."
මම් තාමත් බයික් එක උඩය.
"දැං ඉතින් බහිනවා ඕකෙන්."
අයියාටත් සිනහාය.
මා බිමට බැස්සේ බ්ලැකියාටත් ඔරවමිනි.
"එන්න ඇතුලට.".
අක්කා කදුලු පිහිදමින් කීය.සිනහවී වැඩිකමට ඇයට කදුලුත් ඇවිත්‍ ය.
නිවස තුලට ගිය පසු අක්කා පෙන්වූ කාමරයට ගිය මම එහි ඇදෙහි ඇලවිය.
"මහන්සිද?"
අක්කා ඇසුවේ මාගේ කොන්ඩයද අවුල් කරමිනි.
"හ්ම්...ටිකක්.."
"ආ මේ තේ එක බොන්න.වොශ් එකක් දාගන්නකෝ.හොට් වෝටර් ඇති.මෙහෙ වතුර අයිස් වගේ.."
"හා පොඩි අක්කා.."
ඇය යන්නට ගියාය.තේ එක බී මා නාගත්තේ තෙහෙට්ටු ගතිය අඩුවීමටය.

ශෝටක් හැද සැහැල්ලු ටීශර්ට් එකක් උඩින් දමාගත් මා සාලයට යනවිය අක්කාගේ දුව බිනුරී පන්ති ඇරී පැමින සිටියාය.
"මාමි දැන්ද ආවෙ?"
"දැන් ටිකක් වෙලා දෝණි"
"අම්මි කිව්වා මාමි අද එනවා කියලා."
"අද මොනාද ක්ලාස් ?"
"ටැමිල්.."
"දැන් කීය වසරෙද?"
"ග්‍රේඩ් ෆෝ මාමි.."
"හ්ම්.."
"මාමි මම් වොශ් දාගෙන එන්නම්.."
"හා.."
ඇය පිටව ගිය පසු මා සෙමෙන් මිදුලට බැස්සෙමි.වෙලාව සවස 6ට පමණ ඇත.අවට සෙමෙන් සෙමෙන් අදුරද සමගින් සොයුම් මීදුමක් ගලාගෙන යමින් පැවතුනේ පරිසරයේ සිසිලස තවත් දෙගුන කරමිනි.
මිදුලෙහි ඇවිදින විට පාරෙන් එහා පැත්තේ වතුසුද්ද ගසක මල් කඩමින් සිටි ගැහැණු ළමයෙකු මගේ නෙත ගැටුනි.ඇය සිටියේ මට පිටුපාය.කැරලි ගැසුනු කොන්ඩය ඉණ දක්වා දිගය.එය එක කරලය ගොතා තිබුනි.පෙනුමෙන් ඈ පැහැපත්‍ ය.
"බොලාටත් චීත්තයක් සායක් පේන්න බෑ නේ?"
මා ගැස්සී ගියේ අක්කාගේ කටහඩිනි.
"නෑ ම..ම්...මේ ... නිකම්..
"හරි හරි ...කොල්ලොනෙ බං..දැං එනවා ඇතුලය.සීතල නැද්ද අයියෝ..."
"නෑ...සනීපයි.ඔයා මොකෝ මේ එස්කිමෝ කෙනෙක් වගේ සේරම පොරවගෙන."
"සීතලයි මල්ලෝ...අ..ම්ම්..මෝ...."
අක්කා සීතලෙන් වෙවුලයි.
මම අක්කාද සමග කුස්සියට ගියෙමි.
"පොඩ්ඩා මොනාද රෑට කන්න ආස?"
අයියාද සිටියේ කුස්සියෙහිය.
"ඔයාලය ලේසි දෙයක් හදන්න අයියා.මට කියලා විශේශයක් ඕනි නෑ.."
මා වංගෙඩිය මතින් වාඩිවිය.
"හෝව් හෝව්...වංගෙඩිය උඩ වාඩිවෙන්න හොදනෑ කොල්ලොන්ට.
මම් විදුලි වේගයෙන් නැගිට්ටෙමි.
"ඒ මොකෝ අයියෙ"?
"එතකොට එයාලට හම්බෙන්නෙත් වංගෙඩි වගේ කෙල්ලොලු.මේ පේන්නැද්ද මට වෙලා තියෙන දේ.."
අයියා ඇසක් ගසා අක්කා දෙස හැරී පැවසීය.
"මොකක්ද කිව්වේ"?
අක්කා අයියාගේ කන මිරිකා ඇසීය.අයියා අක්කාව තුරුල් කරගත්තේය.
"හෝව් හෝව්...පොඩි එවුන් ඉදිද්දි ඇඩල්ස් ඔන්ලි සීන්ස් පෙන්නන්න එපෝ...."
මා ඇස් වසාගනිමින් කීය.
දෙදෙනාම සිනහවිය.😃😃
විවාහා වී වසර 10ක් වුවද ඔවුන්ගේ ආදරය තවමත් එසේමය....."මටත් මේ වගේ ආදරයක් තිබුනානම්..."මට සිතිනි.

රාත්‍රියට පිට්ටු කිරිහොදි හා කට්ටසම්බෝල බඩ පැලෙන්නම කෑ මම කලින් නින්දට ගියෙමි.පසුදා පහන්විය.

""අක්කෙ..කෝ දෝනි?"
"ස්කූල් ගියා මල්ලා..ඉන්න මම් කිරි එක හදන්නම්.උදේට මම් කැද හැදුවා.කිරි එක බීලා ටිකකින් කැද බොන්න."
"හා..මම්.වොශ් දාගෙන එන්නම්.."
මා නාගෙන අලුත් ඇදුමක් හැද පැමිනියෙමි.අක්කා ජොග්ගුවක් අතේ තියාගෙන සාලයට ආවාය.
"කොල්ලො..වරෙන් මාත් එක්ක ගමනක් යන්න"
"කොහෙද?"
"ඉතින් කිව්වම එනවකෝ"
ඇය මාවත් ඇදගෙන පාරෙන් එහාට පැන නිවසක් වෙන ගියාය.ඒ නිවසේ ගේට්ටුව ලග සිට ඇතුලට යන තෙක්ම ඇත්තේ වතුසුද්ද ගස් යායකි.
"ලියානා..."
මා පසෙකට වී බලා සිටියෙමි.
"ලියානා......"
ඇය පැමිනියාය.මා බලා සිටියෙමි.නිල් වන් දෙනෙතක් හිමි ඇය ඉතාමත් ලස්සනය.
ඇස් අහකට ගන්නට සිත් නොදෙයි.ඉදින් මා බලා සිටියෙමි.
"අක්කි..එන්න ඇතුලට."
"බෑ නංගා.මම් මේ කැද එක දීලා යන්න ආවෙ.."
"අනේ...කැද හැදුවද..තැන්කූ ආ..මේ කවුද."
ඇය මා දෙස බැලීය...
"මේ ඉන්නෙ මගේ එකම මල්ලි පැටියා.මම් අර කිව්වෙ.."
"ආ...කොහොමද මල්ලි..."
"මල්ලී..."
*හුටා....මේ අක්කා කෙනෙකි...අයියෝ මාගේ යෞවන කාලේ.....සිහින මාලිගා ගඩොලින් ගඩොල ගැලවී බිමටම වැටුනි.
"හො..ද..යි..."
"අපි යන්නම් කෙල්ලෙ එහෙනම්.ම්ම්.."
"හා අක්කේ..තෑන්ක්ස් හොදේ.."
"හා හා...හවසට එනවනෙ?"
"ඔව් 3ට එන්නම්..."
අපි නැවත නිවසට ආවෙමු.අම්මා දුරකතන ඇමතුමක් ගත්තේ මේ වේලාවේදීය.
"අම්මා..."
"පැටියා මොකෝ කරන්නෙ..?"
"මුකුත් නෑ අම්මා..ටිකකට කලින් නැගිට්ටෙ."
"පරිස්සමෙන් ඉන්න හොදේ.."
"හා අම්මා .."
"කෝ පොඩ්ඩිට ටිකක් දෙන්න"
"ඉන්න..පොඩි අක්කා ... අම්මා..."
මා පොඩි අක්කාට දුරකතනය දී කාමරයට ගියෙමි.ලියානා මගේ හදවතට කුමක් කර ඇතිද....මට සිහිවන්නේම ඇයවය..
දවල්ට කා මා ටිකක් ඇලවුනේ කිරීමට දෙයක් නොමැති හෙයිනි.ඇහැරෙනවිට සවස 4පසුවී ඇත..

ලියානා...මට ඇයව මතක්විය.
"3ට මෙහෙ එනව කිව්වනෙ..."
මතක් උනේ දැන්‍ ය.මම කන්නාඩියෙන් බලා කොණ්ඩයද සකසාගෙන සාලයට ගියෙමි .ඇය දෝණීට පාඩම් කියාදෙමින් සිටියාය.මා සෙමෙන් සෙමෙන් ගොස් සාලයේ පුටුවකින් වාඩිවිය.ඇය මා දෙස බලා සිනාසීය.
මාද ඇය හා සිනාසීය.
"දෙවගනක් වගේ..."
සිත දෙඩවීය..
මා සෙමින් දුරකතනය අතට ගෙන ඔබන්නට විය...(බොරුවට)
"කිඳුරැ නේද නම?"
"අහ් ඔව් ..කොහොමද දන්නෙ?"
"අක්කා නිතරම කියනවා ඔයා ගැන?"
"මොනාද අනේ මම් ගැන ඔච්චරම එයා කියන්නෙ?"
"😃ඔයා හොදයිලු,අහිංසකයිලු..ඒවගේ ඒවා තමයි.."
"ඔයා අපේ අක්කගෙ වයසෙද?"
"අපෝ නෑ..මට තාම 22යි."
"එහෙමද.."
*අවුරුදු 3යි වැඩි..අව්ලක්නෑ පුතා...හිත මිමිණීය ..
"දැන් මල්ලි මොනාද කරන්න හිතගෙන ඉන්නෙ ඉස්සරහට?"
"ම්ම්..තාම අයිඩියා එකක් නෑ.බලමු.."
*අනේ මල්ලි කියනවනෙ...😟😞
"ඔයා මොනවද එතකොට කරන්නෙ?"
මම්..මුකුත් නෑ..ගෙදරට වෙලා ඉන්නවා.නිකම් ඉන්න නිසා අක්කි මට එන්න කිව්වා දෝණීට ඉන්ග්ලිශ් ටිකක් කියලදෙන්න."
"හ්ම්...."
"මොනාද අපේ එකා කියන්නෙ?"
"මුකුත් නෑ අක්කා.මේ.නිකම් විස්තර කතාකලා."
"මම් කිරිටොපි හැදුවා.මල්ලා ආසයිනෙ.ඔයත් ආසයි කියලා මතක් උනු නිසා මම් මේ තේත් එක්කම අරගෙන ආවා..
*එහෙනම් එයත් කිරිටොපි වල ආසයි.
විහඟි දෙදෙනාටම කිරිටොපි ඇල්ලුවාය.
"රසයි අක්කා .."
කොල්ලා කිව්වේ තවත් කෑල්ලක් කටේ දමාගනිමිනි.

දින කිහිපයක් ගතවිය.දැන් ලියානා හා කිඳුරැ හොද යහලුවන්‍ ය.
"හෙලෝ..අනේ කෙල්ලෙ..දෝනි එක්ක පන්සලට ටිකක් ගිහින් එනවද.හෙට දහම් පාසලේ තරග වගයක් තියෙනවනෙ.ලොකු හාමුදුරුවෝ අද රෑට එන්න කිව්වා පිරිත් නූල් ගැටගහන්න.මගේ මේ දණහිස් කැක්කුම ආයෙත් ඇවිත් ඇවිදගන්න ටිකක් අමාරුයි."
"අනේ මම් යන්නම් අක්කෙ.ගිහින් ඇවිත් මම් තවලා තෙල් ගාන්නම්කෝ."
"අනේ හා කෙල්ලේ.ඔයාගෙ අත්ගුණය හරි හොදයි.."
"හා..මම් එන්නම්.දෝනිට කියන්න 6 වෙනකොට ලේස්තිවෙන්න කියලා."
"හා.."
දුරකතන සංවාදයෙන් පසු විහඟි ගියේ දෝනීගේ කාමරයටය.
"දෝනියො.අන්න ලියානා අක්කි එන්නම් කිව්වා.ඔයා එයා එක්ක පන්සලට ගිහින් එන්න එහෙනම්.."
මෙතෙක් වේලා අම්මා සමග තරහෙන් මුහුන පුරවා සිටි බිනුරී ඇදෙන් බිමට පැන්නේ සිනහව පුරවාගෙනය.
"අම්මි..මාමිවත් එක්කයන්නද.."
"හා..මම් එයාටත් කියන්න තමා හිටියෙ කොහොමත්"
විහඟි කොල්ලා සොයාගෙන යනවිට ඔහු දුරකතනයෙන් ගේම් එකක් ගසමින් සිටියේය.
"තාමත් පොඩි එකා වගේ ..".ඇය කිව්වේ ඔහුගේ මුහුණ අතගාමිනි.
"මේ..ලේස්තිවෙලා පොඩ්ඩක් අපේ කෙල්ලයි ලියානයි එක්ක පන්සලට ගිහින් එනෝකෝ."
"හා..මම් යන්නම්.."
* 🐺ට ඔන්න බාරදුන්නලු 🐓 කොටුව..😃😁😂😉
කිදුරු හා බිනුරී ලේස්තිවී නිවසින් එලියට යනවිටම ලියානාද පැමිනියාය .සුදු දිග සායක් හා අත් බෝරිච්චි හැට්ටයක් ඇද සිටි ඇය ඇත්තටම දෙව් දුවක් වාගේය.ඔහුට ඇස් අහකට ගන්නට පවා ලෝබ හිතුනි.
"මේ..මාව ගිලින්නද හදන්නෙ ඇස් වලින්"
ඇය කියනා විට ඔහුට ලැජ්ජා සිතුනි.
"සොරි..."
"පිස්සෙක්.මොකටද සොරි කියන්නෙ.."
"ලස්සනයි.."
ඔහු පැවසුවේ රහසිනි.ඇය සිනාසෙයි.
පන්සලට යන අතුරුමාවත දෙපස දිගටම ඇත්තේ ඇහැල ගස්‍ ය.කහපාට පුන්චි මල් පෙති බිම වැටී මුලු පාරටම කලාලයක් එලා ඇත.බිනුරී ඉදිරියෙන්ද කොල්ලා හා කෙල්ල එක සමාන්තරව පිටුපසින්ද ගමන් කලහ.
"දෙයක් අහන්නද.."
"අහන්න.."
"බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"
"නෑ.."
"ඇයි නැත්තෙ?"
"හිතට හරියන කෙනා හම්බ උනේ නෑ.."
"එහෙමද.."
"ඔයාට.?"
"ඕලෙවල් කාලෙ එක්කෙනෙක් හිටියා.එයා මාව දාල ගියා.ඒට පස්සෙ ආදරේ ගැන හිතුවෙම නෑ..ඒත් දැන්.."
"ඇයි දැන් මක්වෙලාද.."
"එක්කෙනෙක් කොයිවෙලෙත් මගේ පපුව උඩ ඇවිදිනවා..මට ඉන්න දෙන්නෙම නෑ.."
ඇය කිසිවක් පැවසුවේ නැත.
"කන්න දෙන්නෙ නෑ,බොන්න දෙන්නෙ නෑ,නිදාගන්න දෙන්නෙ නෑ..හරි කරදරේ.."
"එහෙමද.."
"හ්ම්...වෙලාවකට හිතෙනවා දුවලා දුවලා ගිහින් එයාව බදාගන්න..ඒත් බෑනෙ.."
"ඇයි.."
"නිකම්..."
තිදෙනාම පන්සලට පැමින ඇත.
පන්සලේ කටයුතු අවසන් වන විට රාත්‍රි 8පමණ විය.පන්සලෙන් එලියට එනවිට සමරෙ අයියා බයිසිකලයෙන් පැමිණ සිටියේය.
"අයියත් ආවද?"
"ඔව් මල්ලි.පරක්කු නිසා බලන්න ආවෙ."
"ටිකක් වෙලා ගියා අයියා.ඔයා එහෙනම් දෝණිව එක්කගෙන යන්න.අපි එන්නම්."
"කමක්නැද්ද නංගි ?"
"කමක්නෑ අයියේ.."
"බයවෙන්න දෙයක් නෑ.මගේ කොල්ලාව මටත් වඩා ශුවර්.."
"එයා හොදයි අයියේ.ඔයා දෝනිව එක්කගෙන යන්න.ගොඩක්දුර පයින් යන්න වෙනවනෙ නැත්තම්"
"ඔයාලා පාරට ඇවිත් වීල් එකක එන්න.."
"හා අයියේ.."
"අපි යනවා එහෙනම්.."
සමරෙ අයියා බිනුරී ද රැගෙන පිටව ගියේය .
*නියමයි...ඒ හිත් කී කතාවයි..
පන්සලේ සිට ප්‍රධාන පාරට යනතුරු මාවත අදුරුය.ඇහැල ගස්වල අතු උඩු වියන් බැද ඇති නිසා හද එලියද වැටෙන්නේ අඩුවෙනි.දෙදෙනාම කතාවක් නැතිව ඔහේ ඇවිදගෙන ගියහ.
*කතාකරපන් පුතා මොනවාහරී..
දෙදෙනා ඇවිද යන්නේ ඉතාමත් ලගිනි.මේ නිසා දෙදෙනාගේම අත් එකට ගෑවෙයි.කිදුරු එක්වරම ඇගේ අත තදකොට අල්වාගත්තේය.
"ඇයි මේ.."
"වැටෙයි කියලා අල්ලගත්තෙ.පාරත් කලුවරයිනෙ.."
"කපටි කොල්ලා"
ඇය අත හරින පාටක් නැත.
"මොනවාහරි කියන්න.."
"තාත්තත් නැතුව මගේ අම්මා මාව හදාගන්න දහ දුක් වින්දා.මම් මේ විදියටහරි ඔලුව උස්සගෙන ඉන්නෙ එයා නිසා.මට කවදාවත් එයාගෙ හිත රිද්දන්න බැහැ "
ඇය කියන්නට යන්නේ කුමක්දැයි ඔහුට වැටහෙයි.
"මොකටද ඉතින් අම්මගෙ හිත රිද්දන්නෙ."
"නෑ මම් මේ කිව්වේ.."
"ඔයා කියපු දේ මට තේරුනා ලියානා.."
"මම් අක්කා කෙනෙක්.."
"ඉතින්..ඔයා අක්කෙක් කියලා පිටේ ගහලා තියනවයෑ.."
"තේරුම්ගන්න.."
"මොනවා තේරුම්ගන්නද..මිනිස්සුන්ගෙ මනස්ගාත.අපි ජීවත්වෙන්න ඕන අපිට ඕන විදියට."
"අක්කා මට කවදාවත් කියලා නෑනෙ ඔයා මෙච්චර මුරන්ඩුයි කියලා.."
"මට තරහයි.."
"කෝ බලන්න මූණු.."
ඇය ඔහු ඉදිරිපිටය විත් මුහුණට එබිනි..
"ඇයි.."
"යකෙක් වගේ..."
ඇය කීවේ ඔහුගේ කම්මුලකට ඇගිල්ලෙන් තට්ටුකරමිනි.
"මම් ඔයාට ආදරෙයි..."
ඇය ගැස්සිනි.
"ඉතින් කියන්න.ඔයත් මට ආදරෙයිද?"
"මෙච්චරවෙලා මම් කිව්ව දේවල් තේරුනේ නැද්ද ?"
"ඔයාට ප්‍රශ්නෙ ඔයාගෙ අම්මා දුක්වෙයි කියලානෙ.හරි...මම් ඇවිත් කෙලින්ම අම්මගෙන් අහලා ඔයාව ඉල්ලුවොත්?"
"අම්මා කැමතිවෙන්නෙ නෑ..."
"කැමති උනොත්?"
"එතකොට ඔයාලගෙ අම්මා?"
"එයාලා මගේ කැමැත්තට පිටින් යන්නැහැ.."
"මේක ලොකු ප්‍රශ්නයක් වේවි.."
"ඉතින් මට ඔයාව ඕනිනෙ..මට මේ වගේ හැගීමක් කවදාවත් දැනිලා නැහැ.මට දැන් ඔයා නැති ජීවිතයක් ගැන හිතාගන්නවත් බෑ.."
"මම් කොහොමද අක්කිගෙ මූන බලන්නෙ"
"එහෙනම් නොබලා ඉන්න."
"අම්මිට පස්සෙ මට මේලෝකෙ ආදරේ කරන කෙනෙක් ඉන්නවනම් ඒ ඔයාගෙ අක්කි."
"මම් එයාව ශේප්කරගන්නම්"
"මුරණ්ඩු වෙන්නෙපා රත්තරනේ .."
"ආයෙත් කියන්න.."
ඔහු කියන්නේ දෑස් පියාගෙනය..
"මොකක්ද.."
"රත්තරං කියලා.."
"පිස්සු.."
"මම් ආදරෙයි.."
ඔහු ඇයව ඇද ලයට තුරුලුකරගත්තේය.
"අපිට කවදාවත් එකතුවෙන්න බැරිවෙවිද මැණික ?"
"හ්ම්.."
"ඉතින් මට ඔයාව ඕනිනෙ.."
ඇය කිසිවක් නොපවසයි.
"කියන්නකෝ මොනවාහරි.."
"අපි දැන් ගෙදර යමු."
ඔහු ඇයව අත හැර තනිවම ඉදිරියෙන් යන්නට විය.
"ඉන්නකෝ චුට්ටක්.."
ඇය දුවගොස් ඔහුගේ අතෙහි එල්ලිනි.
"නපුරා.."
ඔහුට තරහාගොස්‍ ය
"මමත් ආදරෙයි.."
ඔහු නැවතුනි.
"ආයෙත් කියන්න.."
ඇගේ මුහුණ දෝතින්ම ගෙන ඔහු කීහ.
"මමත් මගෙ නපුරට ගොඩාක් ආදරෙයි.."
උණුසුම් හාදුවක් ලියානාගේ දෙතොලෙහි තැවරුනි.
😘😘😘😘😘😘😘😘😘
"යමු.."
ඇයගේ අතින් අල්ලාගෙන දෙදෙනාම ඉදිරියට ඇදුනි.

අදට කිදුරු බණ්ඩාරවෙලට පැමින සති 2කි.අද ඔහු නැවතත් නිවස බලා යන දිනයය.
"අක්කියෝ..මම් ගිහින් එන්නම්."
"හා..පරිස්සමින්.."
පොඩි අක්කා හඩයි.
"මම් ආයෙත් එනවනේ.."
අක්කාගෙ දෙපාවැද අයියාටද වැන්ද කිදුරු හැරුනේ ලියානාගේ නිවස දෙසටය.
"ගිහින් එයාටත් කියලා එන්න."
"හා.."
ඔහු දිවගියේය.කවුරුත් නිවස තුල පෙනෙන්නට නොසිටිය නිසා ඔහු ඇගේ කාමරයට ගියාය.ඇය සිටියේ හඩමිනි.
"ලියානා.."ඇදවිට්ටමට ඔලුව ගසාගෙන ඇය හඩයි..
"මම් ගිහින් ඉක්මන්ටම එන්නම්.."
"හා.."
"කෝ ඉතින් එන්නකෝ ලගට"
ඇය දුවවිත් ඔහුට තුරුලුවිය.
"මම් ඊලගපාර එන්නෙ අම්මලාටත් ඔයා ගැන කියලා ඔයාව කැන්දගෙන යන්නමයි.
"හා..."
"උම්මක්වත් දෙන්නැද්ද මට?"
ඇය ඉස්සී ඔහුගේ නලලත සිපගත්තාය .
"පරිස්සමෙන් ගිහින් එන්න මහත්තයෝ.."
ඔහු පිටවීගියේද ඉතාමත් දුකෙනි..

ලියානා ගැන නිවසේ අය දැනගත් විට සිදුවූයේ සිතාගත නොහැකි තත්වයකි.මෙම සම්බන්ධයට අම්මා හා තාත්තා තදින්ම විරුද්ධ වූඅතර පොඩි අක්කාද මෙයට වරදකාරිය විය.පොඩිඅක්කා සමගද සියලු නෑදෑකම් අත් හල අම්මා කිදුරු ටද නිවසින් පිටවීම තහනම් කලාය.
දින කිහිපයක් පිස්සෙකු සේ කාමරය තුල ගතකල කිදුරු කෙසේ හෝ ලියානා හමුවීමට යාමට තීරනය කලේය.පසුව සියල්ලන්ම නින්දට යනතුරු සිටි ඔහු බණ්ඩාරවෙල බලා රහසේම පිටත්විය.
"ලියානා....ලියානා...."
ගෙදර දොරගුලු ලා තිබෙනු ඔහු දුටුවේ පසුවය..
පොඩි අක්කාගේ නිවසට දුවගිය කිදුරු ඇයගෙන් ලියානා පිලිඹදව විමසීය..
"එයා බැදලා ගියා දැන් දවස් 3කට උඩදි.."
"මොකක්.වෙන්න බෑ....."
"තමුසෙගෙ මේ හුටපටේ මම් වත් දැනගෙන හිටියෙ නෑනෙ.දැනගත්තානම් ඕක ඔච්චර දුරදිග යන්න මම් ඉඩතියන්නෑ."
"මට ලියානාව ඕනෙ අක්කේ..."
"ඒකි දැන් වෙන මිනිහෙක්ගෙ වෙලා ඉවරයි මෝඩයෝ.තමුසෙ හිත හදාගන්නවා.."

ඇය මා දමා ගොස් අවසන්‍ ය.
මට අදටත් විශ්වාස නැත..
ඇය මට අවංකවම ආදරය නොකලේද.....
මගේ දෙමවුපියන් හා ඇගේ විවාහය අතර සම්බන්ධයක් ඇත්ද?..
මේ සියලුම ගැටලු වලට පිලිතුරු අදටත් මම් සොයමි..
මම තවමත් ලියානාට ආදරය කරමි.... ❤ ❤

❤️ ඒෂානි ❤️
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI