---සිහින කුමරී--
(කෙටි කතාවක්)
"රිෂ් අඩෝ උඹ අද යන්නේ නැද්ද..."
"අඩෝ හතට කොන්සට් එක....බලපන් දැන් වෙලාව කීයද කියලා"
"නැගිටපන් යකෝ"
"තම හයයි තිහයිනේ බන්...වද නොදී පලයන් මෙතනින්"
"මෙන්න උබේ කොස්ටියුම් එක.."
එහෙම කියලා දේව් කොස්ටියුම් එක රිෂ් ලගට වීසි කරලා දේව් යන්න හැදුවා
"ඔහොම කේන්ති ගන්න එපා දේව්...බලපන්කෝ ඔය මූනෙ හැටි...රටම හොල්ලන මේ රිෂාද් දිසාසේකරගෙ සෙකට්‍රි ඔහොම හිටියම හරිද යකෝ"
"මන් කොහොම හිටියම උඹට මොකද...පලයන් අඩෝ යන්න...උඹ ඔය අයිෂු කියන සක්කරවට්ටම නිසා දවසක ලොකු අමාරුවක වැටෙනවා"
"ඕකට කියන්නේ ජෙල්ස් කියලා බන්"
"අනික මචන් අයිෂු කියන්නේත් මට එක කෙල්ලක් විතරයි ....තේරුම් ගනින් ඒක"
"උඹටම දවසක එපා වෙයි උඹේ ඔය සෙල්ලක්කාර ජීවිතේ"
රිෂීටනම් දේව්ගෙ කතාවලට හොදටම හිනා.ඊට පස්සේ රිෂී ලෑස්ති වෙලා එලියට බහිද්දි හතට දහයයි.
"දැන් ඉතින් උඹේ හුස්ම ටික පරිස්සම් කරගනින්"
"ඔව් ඉතින් උඹ විනාඩි දහයට යන හැටි මන් දන්නවා"
රිෂ් කිව්වා වගේම ඉගිල්ලුනා...ඒත් එක්කම ඉස්සරහි ආව කෙනෙක් රිෂ්ගෙ කාර් එකට හැප්පුනා..රිෂ් කාර් එක ස්ලෝ කරලා බලලා ආයේම වේගෙන් ඩ්‍රයිව් කරා.
"අනේ රිෂ් නතර කරපන්...අර හැප්පුන කෙනා..පව් මචන්...පාරේ වාහනයක්වත් නෑ"
"මට අනුකම්පාවට වඩා කොන්සට් එකයි වටින්නෙ දේව්....කටවහගෙන හිටපන්...තාත්තිගෙ කනේ තියලා අහුවුනොත් උඹටත් මන් හොද වැඩක් කරනවා."
ඊට පස්සේ රිෂ්ට බයේ දේව් නිශ්ශබ්ද උනා.වෙලාවට කොන්සට් එක ලගට ගියා.
#########################
රිෂාද් කියන්නේ රටම පිලිගත් තරුන පෙලේ ගායකයෙක්...තාත්තා තේනූක දිසාසේකරගෙ රටේ නම ගිය වියාපාරිකයෙක්.අම්මා නිර්මා දිසාසේකර.
රිෂ් ගතකරේ සෙල්ලක්කාර ජීවිතයක් කිව්වොත් හරි.වයස අවුරුදු විසිඅටක් උනත් තාමත් රිෂ් වෙනස් වෙලා නෑ.
ඒ අතරේ තේවිදු රිෂ්ට ප්‍රපොසල් එකක් ගෙනත් ගෙදරින්.
"අම්මි මට දැන්ම මැරි කරන්න බෑ....ප්ලීස්"
"දැන්ම බෑ කියන්නේ..දැන් වයස විසි අටයි..අපිට මැරෙන්න කලින් මුනුබුරෙකුගෙ හුරතල් බලන්න ඕනී."
"අනේ අම්මී"
"කිසිම කතාවක් නෑ...හෙට යන්න ඕනි...වෙන වැඩ දාගන්න එපා"
ඊට පස්සේ රිෂ්ට තවත් මොකුත් කියන්න අම්මා ඉඩ තිබුනේ නෑ.ඊලග දවසේ උදේම රිෂ් අම්මයි තාත්තායි දේව්‍ත් එක්ක ප්‍රපෝසල් කරපු කෙල්ලව බලන්න ගියා..
"අද තමයි උඹේ වැදගත්කමක් පේන්නේ රිෂ්"
"හ්ම්ම්ම්"
"මොකද උඹ කතා නැත්තේ"
"දැන් ඉතින් උඹලා හැමෝටම මේකනේ ඕන උනේ...දැන් සතුටු වෙනිල්ලා"
ඒත් එක්කම කාර් එක සුවිසල් වත්තක් මැද තිබුනු ලස්සන ගෙදරක නතර කරා.කට්ටියම ඒකෙන් බැහැලා ගියාම ඒ ගෙදර අය අපිව හොදින් පිලි ගත්තා.
ටික වෙලාවකට පස්සේ වතුර වීදුරුවක් අරන් ආව යුවතිය දැක්කම රිෂ් එකවරම නැගිට්ටා.ඊට පස්සේ යුවතියත් රිෂ්ට එහායින් වාඩි උනා.
"මිස්ට සමරසේකර ...මේ පොඩි දුවද එතකොට"
"ඔව්...පොඩි දුව තමයි මේ...ගිය මාසේ ලංකාවට ආවේ..ස්ටඩිස් කරේ ඕස්ට්‍රේලියාවල."
"අපි කතා කරන එකේ තේරුමක් නෑනේ...මේ දෙන්නට කතා කරන්න අවස්තාවක් දෙමු නේද තේනුක මහත්තයා ."
"හ්ම්ම්...එහෙනම් දූ මේ අපේ පුතත එක්ක එලියට ගිහින් ටිකක් කතා කරන්න"ඊට පස්සේ රිෂ් යුවතියත් එක්ක එලියට ගියා.
"ඔයාගෙ නම මොකද්ද"
"මම විහගි"
"මාව දන්නවද ඔයා"
"ඔව් රිෂාද් සමරසේකර....ලෝකෙම දන්න සින්ගර් කෙනෙක්නේ...ඔයාට මගෙ යාලුවෝ පිස්සු වැටිලයි ඉන්නේ...ඕස්ට්‍රේලියාවලත් එහෙමයි"
"හ්ම්ම් ඒක නෙමෙයි විහගි...මට දෙයක් කියන්න ඕනි ඔයාට"
"කියන්න රිෂාද්"
"මන් කෙල්ලෝ ගොඩාක් ආශ්‍රය කරලා තියනවා...ඒ හැමෝම මගෙ පස්සෙන් ආවේ මගෙ ලස්සනටයි...මන් සින්ගර් කෙනෙක් නිසයි...මගෙ සල්ලිවලටයි කෑදර වෙලා.....මන් සෙල්ලක්කාරයෙක් වගේ හැසිරුනාට මන් කවදාහරි මැරි කරන්නේ මගේ ඒ හැමදේටම අකමැති කෙනෙකෙව"
"හ්ම්ම්ම් එහෙනම් ඉතින් ඔයාට අපෙ අක්කිව තමා හරියන්නේ"
"ඇයි ඒ මොකෝ....එහෙම කියන්නේ"
"අක්කි ඔයා වගේ සින්ගර්ස්ලට පොඩ්ඩක්වත් කැමති නෑ."
"එන්නකෝ ඔයාට අක්කව මීට් කරන්න"
ගාඩ්න් එකේ කෙලවරක ගල් බංකුවේ වාඩි වෙලා හිටපු ඒ රුව දැක්කම රිෂ්ගෙ හිතට අමුත්තක් දැනුනා.
"රිෂ් මේ මගේ අක්කා...නිකිනි සදකිනි සමරසේකර "
එහෙම කියද්දි නිකිනි රිෂ් දිහා බලලා හිනා වුනා.
"අක්කිව තමයි රිෂ් ඔයාට ප්‍රපෝස් කරේ ඩැඩී කලින්...ඒත් අක්කි හදිස්සියේ දවසක් ඇක්සිඩන්ට් උනා.දැන් අක්කිගෙ ඉනෙන් පහල කොටස පන නැහැ...ඊට පස්සේ තමයි ඩැඩි මාව ගෙන්න ගත්තේ...මොකද ඔයාලගේ තාත්තිට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනි නිසා."
"නිකිනි කොහොමද ඇක්සිඩන්ට් උනේ"
"අක්කි එක දවසක් අක්කිගෙ යාලුවා එක්ක ටිකක් හවස් වෙලා කැම්පස් එක කිට්ටුව පයින් ඇවිදන් එද්දි කාර් එකක් වේගෙන් ඇවිත් අක්කිව කහ ඉරේදිම ඇක්සිඩන්ට් කරගෙන නවත්තන්නෙත් නැතුව ගිහින්.."
විහගි රිෂ්ට විස්තරේ කියද්දි රිෂ්‍ට මතක් උනේ එදා රිෂ් අතින් උන ඇක්සිඩන්ට් එක"
"කවද්ද විහගි ඔය ඇක්සිඩන්ට් එක උනේ"
"රිෂ් ඔයාගේ කැලනියේ කොන්සන්ට් එක
තිබුනෙ...මතකද අන්න එදා තමයි මේක උනේ..කැම්පස් එකට එහායින් බස් කිව් එක ලග තිබුනු කහ ඉරේදි...රෑ හත කිට්ටු වෙන්න ඇවිත් එතකොට"
"ඒ හිතක් පපුවක් නැති මිනිස්සු නිසා...අද මගෙ අක්කි විදවනවා..අබ්බග්ගාත කෙල්ලෙක් වෙලා"
රිෂ් ඒ කතාව ඇහුවට පස්සේ හොදටම කලබල උනා .රිෂ් අතිනුයි එදා ලිහිනිට මේ අපරාදේ උනේ කියලා හොදටම පැහැදිලි උනා.
"අපි යමු රිෂ් අම්මිලා කතා කරනවා"
ඊට පස්සේ රිෂ් ආයේම නිකිනි දිහා හොරෙන් බලලා විහගි එක්ක ගේ ඇතුලට ගියා.
කට්ටියම කතා බහ කරලා යන්න ලෑස්ති උනා.
"මට ඔයාලට මගෙ තීරනේ දැන්ම කියන්න කැමතියි"
"අංකල් මන් කැමතියි අංකල්ගේ දුව මැරි කරන්න.."
"කොයි තරම් සතුටු ආරංචියක්ද නේද සමරේ"
"මන් තාත්ති තාම කියලා ඉවර නෑ.....මන් නිකිනිවයි මැරි කරන්න කැමති...නිකිනි දුක් විදින්නේ මන් අතින් උන වැරැද්ද නිසයි....ඔයාලා කවුරුත් මට සමාව දෙන එකක් නෑ...ඒත් මට ඒ වැරැද්ද හදා ගන්න ඉඩ දෙන්න ...ප්ලීස්"
"උඹ මොනාද මේ කලේ....උඹ මගෙ පුතා කියන්නත් ලැජ්ජයි"
"තේනුක සංසුන් වෙන්න ...පුතා වැරැද්ද පිලි ගත්තනේ....එයා කැමති දේට අපි ඉඩ දෙමු"
"ඔව් තේනුක....මගෙ දුවව බාරගන්න....ඒක තමයි දැන් කරන්න තියන හොදම වැඩේ"
"යන්න පුතා..දුවට කතා කරන්න"
රිෂ් දුවගෙන ගියේ නිකිනි ලගට...ගිහින් නිකිනි ලගින් දනගහලා වාඩි උනා...නිකිනිට මේ කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.
"නිකිනි මමයි එදා ඔයාට මේ වැරැද්ද කරේ......මට සමාව දෙනවද....මන් ඔයාව හොද කර ගන්නවා කොහොම හරි...ප්ලීස් මට සමාව දෙන්න"
"ඇයි නිකිනි මේ අඩන්නේ....."
නිකිනි මොකුත්ම කිව්වේ නෑ....රිෂ් නිකිනිගේ හිස අත ගෑවා.
වසර දෙකකට පසු........
"රිෂ් "
"ම්ම්ම්"
"මන් ඔයාගේ හිත ගොඩාක් රිද්දුවා නේද ඉස්සර..."
"නෑ නිකිනි....සෙල්ලක්කාරයෙක් වෙලා හිටිය මන් ඔයා නිසයි මිනිහෙක් උනේ..
"ආදරෙයි මහත්තයෝ ගොඩාක්"
රිෂ් ආදරෙන් නිකිනිව තුරුල් කර ගත්තා.
නිමි

Post a Comment
THANK FOR U
Note: Only a member of this blog may post a comment.