සත්‍ය දෙයක්.විශ්වාස කරන එකයි නැති එකයි ඔයාලගේ හිතටයි මොලේටයි භාරයි

Contact Website Owner - 9477 50 52 503 | Skype - milroy71 | Email in-vi-si-ble@att.net

මැනික් ගල 👇

කතාවක් දාන්න හිතුනා යාලූ..
මට උන 100% සත්‍ය දෙයක්.විශ්වාස කරන එකයි නැති එකයි ඔයාලගේ හිතටයි මොලේටයි භාරයි. 😀

මේක උනේ 1991 වගේ...
මම o/l කරලා ගුරුකම් කරන කෙනෙක් ලග වැඩ කරා...අදටත් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්...පත්තර වල පවා එයාගේ වැඩ ගැන පලවෙනවා...යකා මහත්තයා කියලා.

එතනට ගිය මුල් දවස් 2කේ මට කිසිම අමානුශය දේවල් දැනුනේ වත් පෙනුවත් නෑ..එයාට ඒ දේ කිව්වාම මගෙන් ඇහුව්වා
බලන්න ඕනද කියලා ඕන දෙයක් කියලා මන් හා කිව්වා..."පොඩ්ඩක් හිටහන් කොල්ලෝ"කියලා දේවාලේ ඇතුලට ගිහින් පැය කාලෙන් වගේ ඇවිල්ලා බුලත් කොලයක් දීලා විටක් කමුද ඇහුව්වා...දෙන්නත් එක්ක විටක් කන්න ලැහැස්ති වෙලා මට දුන්න බුලත් කොලේ හුනු ගාන්නේ නැතුව කන්න කිව්වා...එදා ඉදන් අද වෙනකල් ගෙදරක හරි පාලු තැනක හරි අමානුශය දෙවල් තියේ නම් මට පේනවා නැත්තම් සලකුනක් හරි දැනෙනවා.

ඒනම් කතාව...
දවසක් වැඩක් සෙට් උනා එක පුද්ගලයෙක්ගෙ ඇගට ආවේශ වෙලා ඉන්න පෙරේත ආත්මයක් එලවන්න...
මොන දේකරන්නත් ඉස්සෙල්ලාම අපි මහසොන් දේවතාවහන්සේගෙන් අවසර ගන්නවා...දන්නවා ඇති එයා යක්ශයන්ගේ අදිපති කියලා.ඒයාට පුජාව තියන්න මන් උයන්න ගියා වෙනමම කුස්සියක් තියෙන්වා එලියේ ඒකට...කඩවර පූජාවට උයනවා වගෙර් උයන්න තියෙන්නේ..දන්න අය දන්නවා ඇති..කඩල,මුං ඇට,බත්,හත් මාලුව,මස්,මාලු,බිත්තර,දියගොඩ මස් ඒවගේ ටිකක් තියෙනවා...ඒවා උයන්න ඕනිත් අමුතුම විදිහට.උයලා ගොට්ටක් ගහන්න ඕනී...

ගොට්ට ගහන්න ගන්නේ කෙහෙල් කොලෙන්.ඔක්කෝම උයලා ඉවර වෙනකොට 11.30ට විතර ඇති.ඒ ලගම කෙසෙල් පදුරක් තියෙනවා...කොච්චර මලවලා ගත්තත් සමහර කෙහෙල් කොල ඉරෙනවා...දන්න නිසා කෙහෙල් දල්ලක් කපන්න හිතාගෙන ලීයක් අරගෙන පිහියත් ඒකට බැදලා කෙසෙල් පදුර ලගට ගිහින් තිබ්බ ලයිට් එලියෙන් (ටිකක් අදුරුයි) කෙසෙල් කොලේ මීටර් කරන් කෙක්ක දාලා ඇද්දා එක පාරක්...කැපුනේ නෑ.2නි පාර දාලා අදින්න හදනකොට මම නිකමට වගේ බිම බැලුවා.කෙසෙල් පදුර ලග බිම සාමානය වයසක කොල්ලෙක් වගේ මඩ වගේ වැදුන සරමක් දනිස්ස ලගට වගේ ඇදගෙන එරමිනිය ගොතාගෙනවගේ වාඩි වෙලා ඉන්නවා බිම.හොදම දේ තමා හරියටම ඔලුව මැද හරියෙන් අත් පොරවක් වැදිලා ලේ ගලනවා..

කරන්ට් එක වැදුනා වගේ මුලු ඇගටම...කෙසෙල් පදුරේ ඉදන් අඩි 2ක් විතර විසී වෙලා මාව වැටුනා.මගේ වැලමිට තුවාල වෙලා.ඇත්තම කතාව මට උන දේ හිතාගන්න බෑ.හිටපු ගෙදර ආරක්ශාවට ගේ වටේ එක එක හොල්මන් දාලා හිටියා.(දැකලා තියෙන නිසා කිව්වේ) ඒත් මේක මොකක්ද..?

කරන්න දෙයක් නෑ දැන් කෙසෙල් කොලයක් කපා ගන්න ඕනී.කාව හරි එක්කන් ඇවිල්ලා කරොත් නෝන්ඩි.ආයේම නැගිටලා බිම නොබලම කොලෙත් කපාගෙන වැඩෙත් ඉවර කරලා පුජාවත් කරලා කට්ටියත් ගියාට පස්සේ පන්දර 4.30ට විතර ඇති.ඒ වෙලාවේ තමා මම මට උන දේ කිව්වේ...ඒම ආත්මයක් මහත්තයා දාලා නෑ කිව්වා..බයකට වඩා තිබ්බෙ කුතුහලයක්.

ඒක ඒම වෙලා සති 2ක් විතර ගියාට පස්සෙ තවත් වැඩක් කරන්න අදුන් බැලුවා.ඒකට වෙනමම එක්කෙනෙක් ඉන්නවා.පොඩි කොල්ලෙක්.එදත් ඒකට වැඩ කරලා මල් බුලත් තටුව ඒම හදලා මමත් වාඩි වෙලා ඉන්නවා.වැඩේ ගැන බලලා ඉවරයි.ඒ එක්කම මහත්තයා අර දේ ගැන ඇහුව්වා.මට උන සීන් එක.

අද මම ඉන්න ප්‍රදේශය ගොඩක් ජනාකීර්නයි.ඒත් දැනට අවු: 45/50කට කලින් මේක රබර් වත්තක්..(මලපාලු වත්ත)කියලත් කියලා තියෙනවාලු.මේකේ ඒ කාලේ පතල් කරලා තියෙනවා.පතලෙ මැනික් ගලක් හොරෙන් ගත්තා කියලා සැක කරලා එතන වැඩ කරපු කොල්ලෙක්ව.පතල අයිති කාරයා ඒක කොල්ලගෙන් අහපු වෙලේ බහින්බස් වීමෙන් පතලේ අයිතිකාරයා වාඩියේදිම ඒ කොල්ලව මරලා.මරලා තියෙන්නේ අත් පොරවෙන් ඔලුව මැදට කොටලා.පස්සේ එතන පතලත් වැහිලා.එතකොට තමා මට සීන් එක මීටර් උනේ...එදා ඒ වාඩිය තිබ්බ තැන තමයි අර කෙසෙල් පදුර තියෙන්නේ කියලත් කිව්වා...

හැබැයි එයාගෙන් මට කරදරයක් උනේ නෑ.සමහර විට ආරක්ශාවක් දා ගෙන හිටපු නිසාද දන්නේ නෑ.තව සීන් ගොඩක් තියෙයි.ආයෙත් කියන්නේ 100% මගේම අත්දැකීම්වලින් ලියන්නේ.බොරු කියලා මට පවු පුරව ගන්න ඕන නෑ.


#සැලකිය_යුතුය
මේකෙ ඉන්නවා හොල්මන් නෑ ඒවා බොරු මන්ස්ගාත කියන කට්ටියක්.ඒ අයට මේ...

ටිකක් හිතන්න මේ ලෝකේ හැම දේකම 2පැත්තක් තියෙනවා (උදා~ඔයාගේ 4න් එකේ උනත්)
අන්න ඒ වගේ තමා හොද දේවල් (දෙවියන්,බුදුන්,යෙසුස්)වගේ දේවල් තියෙනවා අපි ඒවා පිලිගන්නවා හොද ශක්තීන් කියලා.
ඒ වගේම නරකත් තියෙනවා (යක්ශ,ප්‍රේත,කුම්භාන්ඩ,පිසාච)කියලා කොට්ටාශයක් ඉන්නවා.මනෝ විද්‍යාව කරනවා කියන්නේ සිත දියුනු කර ගත්ත අය කියලා කියනවා..ඒ මේ හැම කෙනෙක්ටම වඩා බුදුරජානන් වහන්සේ සිත දියුනු කරපු කෙනෙක්.ඒ කාලෙත් යක්ශයන් දමනය කරා කියලා සදහන් වෙනවා.

ඉතින් කියන්න තියෙන්නේ thousand ටෝක් නොදී හොදට හොයල බලන්න කියලයි.මනෝ විද්‍යාව ට එහා ගියපු දේවල් අදටත් තියෙනවා.ඒ වගේම මැරෙන හැම කෙනාම යක්කු වෙන්නේ නෑ.මැරෙන මොහොතේ අපේ හිතේ තියෙන දේ බලපානවා.අන්තිම මොහොතෙ තරහින්,දුකින්,දැඩි ආශාවෙන්,පව් වැඩක් හිතන් මැරෙන අයයි සියදිවි හානි කරගන්න අයයි පහත් ලෝක වල උපදීනවා.ඉන්නේ ටික කාලයයිනේ බන් පිනක් පිහිටක් කරලා සසර ගමන කෙටි කරගමු.මම හිංදු ආගමකියෙක්.ඒත් මන් පොඩි කාලේ ඉදන් බුද්දාගම ඉගෙන ගත්ත කෙනෙක්.මටම තේරෙන දේ ඔයාලට තේරෙන්නේ නැති වෙන්නේ නෑනේ...

බුදු සරනයි ඔයාට..🙏
Share this post :
--------------------------
---------------------------------

Post a Comment

THANK FOR U

Note: Only a member of this blog may post a comment.

Hiru Tv Live

Derana tv Live

Swarnavahini TV - Live

---------------------------------------------------------- --------------------------------------------------------
 
Support : Creating Website | Pawana Template | Pawana Template
Copyright © 2011. sinhala novel - All Rights Reserved
Template Created by Creating Website Published by Pawana Template
Proudly powered by PAWANA HETTIARACHCHI